ටිකක් පරක්කු උනා අලුත් කොටසට.බම්ප් කරපු,රෙප් දුන්න අයට ගොඩක් ස්තූතියි.මමත් පොඩි ප්ලෑන් ටිකක් අනාගතයට ගහගෙන වැඩ කරන ගමන් තමයි මේක ලියන්නෙ.
ඇත්තටම ජීවිතේ කෙටිද?වෙලාව නැද්ද?අපි හිරවෙලාද?1 කොටස
ගොඩක් උන්ට දියුනුවෙන ප්ලෑන් එකක් කිව්ව ගමන් කියන පලවෙනි දේ තමයි වෙලාවක් නෑ,දවසෙ වැඩ ටික කරගන්නෙත් බොහොම අමාරුවෙන් වගේ කතා ගොඩක්.ඔය වෙලාව නෑ කියන එකත් නිකන් අපේ පාරවල්වල ට්‍රැෆික් වගේ,වාහන යන ප්‍රධාන තීරුවට කොහෙන්හරි ත්‍රීවිල් පොරවල්,බයික් කාරයො සෙට් එකක් බැහැලා එහෙන් මෙහෙන් රින්ගවලා පාර හිරකරනවා.අපි කියනවා අපෝ පාරවල්වල ඉඩ නෑ,හිරවෙනවා,මේ වෙලාවට ට්‍රැෆික් කියලා.ඒත් ඇත්තටම බැලුවොත් පාරෙ ඉඩ තියෙනවා,ඒත් හරියට කලමනාකරනයක් නැති කමෙන් හිරකරගෙන තියෙන්නෙ.අපේ උන්ට ඔය තියෙන පාරවල් දෙගුනෙකින් ලොකු කරලා දීපල්ලා බලන්න,පාර ඒත් හිරකරගත්තෙ නැත්තන් මෙන්න කන.ඒ වගේ අපිත් වෙලාව නෑ වෙලාව නෑ කියනවා.දවසට පැය 48ක් දාලා බලපන් ඒත් වෙලාව නෑ තමයි.එතකොට ඇයි ඇත්තටම අපිට වෙලාව නැති වෙලා තියෙන්නෙ?මෙන්න මේකයි සීන් එක.උඹ උදේම නැගිටිනවා,ඉස්සෙල්ලම බලනවා ෆෝන් එක.ෆේස්බුක් එකේ නොටිෆිකේෂන් 20ක්වත් තියෙනවා.ඕකෙන් 10ක්වත් පෝස්ට් එකට ගිහින් බලන්න ඕනෙ ඒවා,ඔය 10ටම ගිහින් බලනවා,කමෙන්ට් දාන්න ඕනෙ ඒවට කමෙන්ට් දානවා,ලයික් දාන්න ඕනෙ ඒවට ලයික් දානවා.තව මෙන්ෂන් කරලා තියෙන ඒවට රිප්ලයි කරනවා ඔය ඔක්කොම ඉවර වෙනකොට විනාඩි 20කට එහා යනවා.ඊට පස්සෙ කිරි තේකක් තියෙනවනම් ඒක ගහනවා යනවා බාත් රූම් එකට.අපි කියමුකො දත් මැද මැද ටොයිලට් යන්නෙ කියලා,ගිහින් ඉඳගන්නවා බ්‍රශ් එක හොල්ල හොල්ල,ඊට පස්සෙ ගහනව මනෝ පාරක්,මනෝ පාර දිගේ සෑහෙන වෙලාවක් ගියාම තමයි මතක් වෙන්නෙ ඔෆිස් යන්න.ඊට පස්සෙ එනවා කාමරේට ඇඳගෙන බස් හෝල්ට් එකට එනවා.ඇවිත් ආයෙ ෆෝන් එක ඇදලා අරගෙන එක්කො යාලුවෙක්ට මැසේජ් කරනවා,එක්කො ආයෙ ෆේස්බුක් යනවා.බස් එකට නැගලා හෙඩ් සෙට් එක ගහගෙන සින්දුවක් අහනවා,ඔෆිස් එනවා.අද තියෙන වැඩ ටික බලනවා ඊට පස්සෙ ඔන්න ටිකක් වැඩ කරනවා,ප්‍රොජෙක්ට් එකක්නම් ඉස්සෙල්ලම බලන්නෙ ඩෙඩ් ලයින් එක.ඩෙඩ් ලයින් එක ඈතයිනම් බලන්නෙම තව අයිස් පාරක් ගහන්න.කැන්ටිමට යනවා,එනවා.කයිය ගහනවා,දේශපාලන සීන් ඇදලා ගන්නවා ඒවට වාද කරනවා.ආයෙ පොඩ්ඩක් වැඩ කරනවා,වැඩවල අමාරුව ගන කම්ප්ලේන් කරනවා,සෙල්ෆියක් ගහනවා.ඊට පස්සෙ හවස ගෙදර එනවා,ඇවිත් ආයෙත් ෆේස්බුක් යනවා ලයික් ගනන් කරනවා කාවහරි අල්ලගෙන වාද කරනවා.ස්ටේටස් එකක් දානවා එතන පැයක් ඉවරයි.ඊට පස්සෙ ගිහින් කනවා,කන ගමන් ටීවි බලනවා,ටෙලිනාට්‍ය බලනවා.ඊට පස්සෙ දෙශපාලකයො අපිට ආදරේට මරාගන්නවා බලනවා 11,12 වෙනකල්.ඊට පස්සෙ නිදාගන්නවා.ඕක තමයි ජීවිතේ.ඉතින් යකෝ වෙලාවක් නැති එක අහන්න දෙයක්ද?
කාටද පුලුවන් උදේ නැගිටලා තේක බීලා ලෑස්ති වෙලා උදේම වැඩට ගිහින් දවසෙ වැඩ ටික බලලා,ඒ ටික කරලා ඉතුරුවෙන වෙලාවෙ තමන්ගෙ අලුත් අදහසක් අනාගතයට ගත්තු එක පියවරක් වෙනුවෙන් පැයක් වෙන්කරන්න?හවස ඇවිත් පැයක් ඒකට වෙන් කරන්න(රෙද්දෙ ටීවි බලන වෙලාවෙ).එහෙම කරානම් දවසට පැය දෙකක් තමන්ගෙ අනාගතේට වෙන් වෙලා,මාසෙට පැය 60ක්,අවුරුද්දට පැය 720ක්.මේ වීකෙන්ඩ් වලත් පය දෙකක් විතරක් වෙන් කරලා.
අනිත් එක ෆේස්බුක් කියන්නෙ මහ වැඩක්ම නැති සීන් එකක්,මමත් කාලයක් ඕකෙන් එලියට ආවෙ නෑ,දැන් තේරෙනවා ඒකෙ තියෙන නොවැදගත්කම.සමහර ගෑනු ෆෝන් එකේ ඕක කොටනවා පය ගනන්,ගෙවල් අපායවල් වගේ.ෆේස්බුක් යන එක අනාගතේට වඩා ලොකුයිනම් ඒක කරපල්ලා නැත්තන් මොලේ කල්පනා කරලා අයින් වෙයල්ලා.