


wiki, මචං දැන් මේ thread එක සීමාවකට ඇවිල්ල තියෙන්නේ. ඒක හින්ද උඹට වෙලාව තියෙන වෙලාවක මේකේ වැදගත් ටික ඔක්කොම එකතුකරලා අලුත් thread එකක් දාපං
මේ thread එකේ පිටු 50ක් 60ක් කියවනවට වඩා අලුතෙන් මේක කියවන එකෙකුට තනි පොස්ට් එකක ඔක්කොම තියෙන එක වටිනවා
දැන් මේක update වෙන්නේ bump වෙන්නේ අඩුවෙන්. ගොඩ යන එකෙකුට දැනටත් මේකේ තියෙන කරුණු ටික ඇති. ජංගි threads bump වේවි තියෙන එළකිරියේ මෙහෙම thread එකක් වැළලෙන එක අපරාධයක්![]()
අඩෝ අද දාන්නම් ආ..,මට අමතක වෙනව බන්the thin this dude is saying is true.....start a new thread....we have to do some change in our boy's mind....Anyway umbata bohoma pin mewa api ekka bedagaththata wiki






පොහොසත් උන් ඇත්තටම නරකද?සූරා කනවද?සල්ලි අපිව නරක් කරනවද?
ගොඩක් උන් ගත්තු කටටම කියන්නෙ සල්ලි කාරයො හොරු,උන් ඔක්කොම නරකයි කියලා.සැකයක් තියෙනවනම් යට තියෙන ටැග්ස් කියපල්ලා.හැබැයි ඔය කියන එකෙක්වත් හොඳ ආර්ථික මට්ටමක නෑ කියලා සහතික වෙන්න පුලුවන් මට.හොඳයි අපි නිකමට හිතමු සල්ලි කාරයො නරකයි,උන් තමයි මේ රටේ ඉන්න ජරාම එවුන් කියලා.පොඩ්ඩක් සල්ලි නැති මධ්‍යම පන්තිය දිහා බලපන්,උන් ඔක්කොම හොඳයිද?පොලිස් කාරයොන්ගෙන් කීදෙනෙක් පගාගන්නවද කී දෙනෙක් නැද්ද?ගුරුවරු කී දෙනෙක් ඉස්කෝලෙ ඉගෙනගන්න තමන්ගෙ ක්ලාස් එන්නෙ නැති ළමයට කපනවද?රාජ්‍ය නිලධාරීන් කී දෙනෙක් ගොවීන්ට දෙනෙ පොහොර එක,ධීවරයොන්ට දෙන සහනාධාර,ඉස්පිරිතාලවල බෙහෙත් ටික හොරෙන් විකුනලා සල්ලි ගන්නවද?කොටින්ම ඔෆිස්වල ඉන්න් ක්ලාර්ක්ලා පවා ට්‍රයි කරන්නෙ හාෆ්ෂීට් බණ්ඩලයක් හරි ඔෆිස් එකෙන් උස්සන් ගෙදර ගෙනියන්න.මේ රටේ වැඩියෙන්ම හොරකම් කරන්න ගසාකන්න දඟලන්නෙ මේ මිනිස්සු.පොහොසත් මිනිස්සු මෙච්චර හොරකම් කරන්න දඟලන්නෙ නෑ මට සීයට දෙසීයක් ශුවර්.
එතකොට ඇයි මේ පොහොසත් එකාටම මේ දේවල් දික් වෙන්නෙ?ඇයි ඌම හැමදාම බැනුම් අහන්නෙ?ඒකට හේතුව ඌත් අපේ පන්තියෙ නොවෙන එකෙක්.අපි හොඳටම දන්නවා ඔය පගා ගහලා,සහනාධාරෙ ගහලා,පොඩි දෙයක් උස්සලා ඌට අපිව පාස් කරලා යන්න බැරි බව.
මට මතක නෑ කොහෙන්ද මේක කියෙව්වෙ කියලා,ඒත් මේ වාක්‍යය ඇති සුපිරියටම ඕක තේරුම් ගන්න.
"හැම එකාටම ඕනෙ අපි සන්තෝසෙන් ඉන්නවා දකින්න,හැබැයි උට වඩා පහලින්"
ඔන්න ඕක තමයි හේතුව මචන්ලා,අපේ උන්ට හොරෙන් පොල් ගෙඩිය ගෙනියන එකා පව් කියලා හිතෙන්නෙ ඌ අපිට වඩා දුප්පත් නිසා.හැබැයි කෝටිපතියෙක් ඔතනින් පොල් ගෙඩිය ගෙනිච්චන් අපි හිතන්නෙ "නොදකින් පරයා කෝටි ගානක් සල්ලි,ඒත් පොල් ගෙඩියෙනුත් කෙලින්න හදන්නෙ අපිටමයි" කියලා.අපි බයක් තව එකෙක් අපිව පාස් කරයි කියලා.ඒක නිසා අපිව පාස් කරපු උන්ට අපි වයිර කරනවා.අපිට පිටිපස්සෙන් එන උන්ට අපි අනුකම්පා කරනවා.
ඇත්තම බලුවොත් හොරු ඉන්නෙ පොහොසත් සමාජෙ විතරක් නෙවෙයි,එකම වෙනස අපි ඒක දිහා බලන විදිය.
බොහොම ස්තූතියි රෙප් දුන්න අයට සහ බම්ප් කරපු අයට,වැඩකුත් පාඩු කරගෙන මේ ටික දැම්මෙ බලන උන් ඉන්නවා කියලා දැක්ක නිසා.මම පස්සෙ දවසක මේ ඔක්කොම තනි ත්‍රෙඩ් එකකට ගන්නම්.Save
Save
ela ela
guys read rich dad and poor dad![]()
තෝ කියන්නෙ බොරු,අපේ අල්ලපු ගෙදර එකා කැම්පස් ගිහින් ජොබක් කරගෙන ආශික් එකේ ඉන්නෙ ඔය.මට තමා හි**විලා තියෙන්නෙ
ඇත්ත,ඌ දැන් ආශික් එකේ ඉන්නවා මොකද උට උගෙ පඩිය ඕනෙවටත් වඩා ඇති නිසා.ටිකක් හිතපන් උගෙ පඩිය ලක්ෂයක් කියලා,උට වියදම් යන්නෙ 50,000යි ඉතුරු ටික උට ඉතුරුයි.ඔන්න අවුරුදු 2,3කින් උට ගෑනියෙක් හොයනවා.ගෑනියෙක් හොයලා වැඩෙත් සෙට්.දැන් උට පරන බයික් එක පැදගෙන ගෑනිගෙ ගෙදර යන්න බෑ,ඒ වෙනකොට උගෙ පඩියත් ලක්ෂ 2ක් කියහන්කො.මූ ගන්නවා ඉතුරු කරගත්තු සල්ලි ලක්ෂ 30කුයි තව ලීස් එක ලක්ෂ 30කුයි දාලා ඉටිකිරිස් කාර් කෑල්ලක්.ලීස් එක 50000යි.දැන් උගෙ වියදමත් කලින් වගේ නෙවෙයිනෙ වෙඩිමකට ගියත් 1000ක් ඔබලා එන්න බෑ,5000ක්වත් දාන්න ඕනෙ,කාර් එකට පෙට්‍රල් ගහන්න ඕනෙ,පවුලෙ නංගිලා මල්ලිලා ඉන්නවනම් උන් ගැන බලන්න ඕනෙ,ඔය ඔක්කොමත් එක්ක දැන් උගෙ වියදම ලක්ෂයයි,ලීස් එකේ 50,000යි ඔක්කොම 150,000යි.ඒත් 50,000ක් ඉතුරුයි.ඔන්න තව ටික කාලෙකින් මූ බඳිනවා අර 50,000 ගානෙ ඉතුරු කරගත්තු සල්ලි ඔක්කොම ටික දාලා සුපිරි වෙඩිමක් ගන්නවා.දැන් ඔක්කොම හරි නේද?ඔන්න බැඳලා ඉන්න ගෙයක් ඕනෙ,මූ කුලියට ගන්නවා ගෙයක් අර රු.50,000ට.දැන් ගෙට මූ ගෑනිත් එක්ක යනවා.ඔන්න දැන් ගෑනිට නිකන් ඉන්න බෑ,මොකද බැන්දෙ හොඳ පඩියක් තියෙන කොල්ලෙක්නෙ ගෑනිත් ෂොපින් යනවා,ඉස්සර කොස් පොලොස් කාපු,පොලට ගිහින් බඩු ගත්තු එකී දැන් ෆුඩ් සිටි රින්ගනවා,මුගෙ වියදමට යන 100,000 වලින් තමයි ඔක්කොම කරන්නෙ වෙන්නෙ.ඉති මූ මුගෙ බජට් එක කපනවා.ඔන්න ගෑනි බඩ වෙනවා,මූ ගෑනි ක්ලිනික් එක්ක යනවා,එනවා එතනත් වියදම් අර 100,000 වලින් කැපෙනවා.ඔන්න මූ දැන් රැවුල කපන්නෙ නෑ,පිලිවලකට ඉන්නෙ නෑ ටික ටික ආර්ථික ප්‍රශ්න මුට දැනෙනවා,ඔන්න ගෑනි පැටියා ගහනවා.දැන් පොඩි එකාගෙ වියදම්,ගෑනිට ගෙදර වැඩ කරගන්න අමාරු නිසා ගන්නවා වැඩට ගෑනියෙක්.දැන් මූ කර මුලට හිර.ඒ අස්සෙ ගෙවල් අයිති කාරයා ගනන් උස්සනවා 60,000කට.ඒත් එක්කම මුට හම්බ වෙනවා 50,000ක වැටුප් වර්ධනයක්.මූ හිතනවා වැඩේ හරි මම ඔක්කොගෙන්ම නිදහස් කියලා.ඊට පස්සෙ දවසෙ ගිහින් අර 50,000ට ගහනවා ණයක් අලුත් ගෙයක් හදන්න.ආයෙත් මූ පරන අවුලෙමයි,එතකොට කාර් එකේ ලෙඩ එනවා,ඒවට වියදම්.අනන් මනන් ඔක්කොම සෙට් වෙලා මුට නැගිටගන්න බෑ.... ඔන්න ඕකයි වෙන්නෙ.ඒක නිසා මොලේ කල්පනා කරලා බලපන්වියදම් වැඩිවෙන වේගෙට පඩිය වැඩි වෙන්නෙ නෑ
me potha ganna thiyana thenam athnam danwanna......![]()
me potha ganna thiyana thenam athnam danwanna......![]()
තව එකක් සමහරුන්ට හඳ පෙන්නුවම හඳ දිහා නොබලා අත දිහා බලනවා.ඒ වගේ අය මේ ත්‍රෙඩ් ඒකෙන්වත් වැඩක් ගන්න එකක් නැ.උදාහරනෙකට කිවුවොත් පින්නපොල සර් physics නෙවෙයිනෙ කරන්නෙ chemistry නෙ කියන්න පුලුවන්..හා හා එල එල .
Keep it up bro.
මම physics class ගිය sir පින්නපොල sir ගේ ගෝලයෙක්.
මම පින්නපොල sir ගේ class ගිහින් නෑ 
වලේ වැටිලා ඉන්නකොට ගොඩට වරෙන් කියල ඉනිමගක් දැම්මත් ඉනිමගේ මොකක් හරි ඇදයක් හොයාගෙන ඒකට බැන බැන වලේම වැටිලා බුදියාගන්න ගොඩක් උන් හරි දක්ෂයි 