ඇයි ඔබ iOS 10 Developer Beta දැමිය නොයුත්තේ !

kota119

Well-known member
  • Oct 14, 2011
    1,815
    134
    63
    ඇයි ඔබ iOS 10 Developer Beta දැමිය නොයුත්තේ !



    ගොඩක් දෙනෙක් iOS 10 Developer Beta එක install කරගන්න අසයි කියලා අපි දන්නවා, එහෙම ගොඩක් දෙනෙක් අහපු නිසාම තමයි අපි කරන විදිහ Steps කියලා දුන්නේ නමුත් අපි එතැනදී කිව්වා මේක iOS 10 Public Beta නෙමෙයි තාම Developer Beta නිසා තමන්ගේ හැමතිස්සෙම personal පාවිච්චි කරන iPhone,iPad, iPod එකට දන්නා එපා කියලා, හැමෝම අලුත් update එක දාගන්න කැමති කියලා අපි දන්නවා ඒ නිසා මේ Article එකේ ලියවෙන්නේ ඇයි මේ අවස්ථාවේදී iOS 10 Beta තමන්ගේ iPhone,iPad, iPod එකට දාගත නොයුත්තේ කියලා.

    It’s buggy
    හැම අවස්ථාවකදීම iOS Beta එකේ ගොඩක් bugs තියනවා අන්න එක නිසා තමයි developers ලට විතරක් දෙන්නේ ඒවා හඳුනාගන්න, අනික මේක පලවෙනි Beta එක අනිවාර්යෙන් ම වැඩිම bugs ගානක් තියෙන්නේ මේකේ තමයි, අපිට දැනගන්න ලැබුනා මේ වෙද්දී දාගෙන තියන ගොඩක් අයගේ main apps crash වෙනවා කියලා එක නිසා install කරන්න කලින් ඒවා මතක තියාගන්න.

    No Jailbreak
    Jailbreak එක ගන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් මේක කොහොමත් හරියන්නේ නැහැ තවම iOS 9.3 එකටත් Jailbreak එක ඇවිල්ලා නැති නිසා, කොහෙත්ම iOS 10 ගැන කියන්න බැහැ, දැනට Jailbreak කරගෙන update නොකර ඉන්න කෙනෙක් නම් තියන Jailbreak එකත් නැති වෙලා යයි.

    No Help
    iOS වලට Apple Support එකෙන් කිසිම help එකක් තවම දෙන්නේ නැහැ, අනික මේක ඇවිල්ල දින කීපයක් වෙන නිසා දන්නා කෙනෙක් වත් Help එකට හොයාගන්න අමාරු වෙයි.

    Downgrading from iOS 10 problems
    iOS 10 වලින් ඕනෙම වෙලාවක අවශ්‍ය නැත්නම් iOS 9.3.2 වලට downgrade කරලා එන්න පුළුවන් හැබැයි එත් මෙතන ප්‍රශ්නෙකට තියෙන්නේ iOS 10 Device එකට දාලා backup වුනොත් අයෙත් iOS 9.3.2 වලට ගියහම අර තිබුන iOS 10 backup එක ගන්න වෙන්නේ නැහැ. iOS 9 වල backup එකක් තිබුනොත් එක තමයි දන්න වෙන්නේ.

    Not fully optimized
    iOS 10 තවම කිසිම විදිහට full optimize කරලා නැහැ තවම Apple එන errors fix කරන ගමන් තමයි ඉන්නේ එක නිසා සමහර iOS 10 වල තියනවා කියපු දේවල් වැඩ නොකරන්න පුළුවන්.
    මීට වඩා ගොඩක් ප්‍රශ්න එන්න පුළුවන් නිසා iOS 10 Developer Beta දාන්න කලින් දෙවරක් හිතන්න කියල තමයි අපිට කියන්න තියෙන්නේ. iOS 10 ගැන මොනවහරි ප්‍රශ්නෙයක් දැනගන්න තියනවනම් අපේ Facebook page එකට message එකක් දාන්න Click For our Facebook




    උපුටා ගැනිමකි Apple SL : http://www.applesl.com/why-you-should-not-install-ios-10-developer-beta-right-now-sinhala/
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    පොඩ්ඩක් ඉවසල ඉන්න ඕනේ :yes::yes: ඕක දැන්ම දැම්මොත් වෙන වැඩක් කරන්න වෙන්නේ නෑ :nerd: