9 යකාගේ අංකේ...
ඕකේ නිදන් කතාව මේකයි...
ඔන්න ඉතිං එකෝ මත් එක රටක යකෙක් ජිවත් උනාලු... මේ යකාට බොහොම සුරූපී බිරිඳක් හිටියට මොකද යකගේ වනචර කම් නම් අඩුවක් උනේ නැහැ...
යකාගෙ වනචර වැඩ නිසා යකින්නිත් බොහොම කෝපයෙන් හිටියේ... කලිනුත් යකා වෙන යකින්නියන්ට කොමළ පාලා යකින්නිට අහු වෙලා තියෙනවා...
දවසක් යකා ඔෆිස් එකේ හිටපු ලස්සන ගෑනු පරාණයක ෆෝන් නම්බර් එක ඉල්ලා ගත්තා... යකා මේ ගෑණු පරණයකට ඇලුම් කරපු පළවෙනි වතාව...
යකින්නි නිතරම යකාගෙ ෆෝන් ඒක චෙක් කරන නිසා ෆෝන් නම්බර් කොළ කෑල්ලක ලියලා සාක්කුවේ දාගෙන තමා හිටියේ...මොකද යකින්නිට අහුවුනොත් විසුමක් නැති නිසා...
සාමාන්‍යයෙන් යකා ගස් නගින්නෙ රෑ 12 ට නේ... යකාට කෙල්ලත් එක්ක මල් කඩන්න ආශාවට ටික ටික කලින් ගස් නගින්න පටන් ගත්තා...
මුලින්ම රෑ 11 ට... ඊට පස්සේ රෑ 10 ට... සතියක් දෙකක් යද්දී හවස 6 වෙද්දි යකා ගහට නගින්න පටන් ගත්තා...
යකා ගහට නැගලා පැය ගණන් කෙල්ලත් එක්ක මල් කැඩුවා...
යකාගෙ මේ වෙනස් වීමට යකින්නිට සැක හිතිලා දවස් යකා පස්සේ ගිහිං කරන දේ බලං හිටියා...
යකා සුපුරුදු ලෙස ගොරකා ගහට නැගලා කෙල්ලට කොල් එකක් ගත්තා...
යකා කතා කරන දේවල් ඇහිලා යකින්නිගේ ඉහ මොළ රත් උනා... මේකා මට මෙහෙම කවදාවත් ආදර බස් දොඩලා නැහැනේ කියලා යකින්නී ඉරිසියා කරා...
යාකින්නි ආයේ ගෙදර ආවේ පළිගන්න අදහසෙන්... ඔය ෆෝන් එකේ එහා පැත්තේ ඉන්න එකීව මං මරනවා යකීන්නි මහා හඩින් හිනා වෙවී කිව්වා...
එදා යකා මල් කඩලා පාන්දර 3ට විතර ගෙදර ආවා... යාකින්නී යකා නින්දට වැටුනට පස්සේ සාක්කුවේ තිබ්බ ෆෝන් නම්බරේ අරං බැලුවා... පියුමි කියලා ලියලා ෆෝන් නම්බර් එකක් තිබ්බ...
ෆෝන් නම්බරේ අග අංකෙ 9 ය...
යකීන්නී එදා පාන්දරම පළිගන්න පියුමිව හොයන් ගියා... පියුමි හම්බුනු විගහම යකින්නි අතේ තිබ්බ මන්නෙන් 9 පාරක් කෙටුව...
ඔන්න ඔය නිසයි 9 අසුබ... අන්තිම අන්කේ 0 වගේ උනා නම් තාමත් පියුමි ජිවත් වෙනවා...
