ඇයි_ඔයා_ඔච්චර_ලස්සන..?

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඇයි_ඔයා_ඔච්චර_ලස්සන..?

    ඊ මේල් එකකින් ආවේ..
    Sorry if repost


    ඇයි ඔයා ඔච්චර ලස්සන..?

    අපි ජීවත් වෙන මේ ලෝකය හරි ම විවිධාකර යි. ලෝකයෙ ඉපදුණු අය අතරින් ඇතැම් අය ගොඩක් ලස්සනයි… දෙතුන් පාරක් බලන්න හිතෙන තරම්.. ඒත් සමහර අය එහෙම නෑ. විරූපියි. දැකීමෙන් ප්රසාදයක් ඇති වෙන්නෙ නැහැ.
    කොහොම නමුත් ලස්සන-අවලස්සන කි...යන මේ සාපේක්ෂ ධර්මතාවයන් නිසා කෙලෙස් සහිත ලෝකයා අධිමානයත් හීන මානයත් කියන අකුසල ධර්මතාවයන් දෙක උපදවා ගන්නවා. ඒක තමයි සාමාන්ය ස්වභාවය..
    අපි ලස්සන කෙනෙකුගෙන් ඇහුවොත් “ඇයි ඔබ ඔය තරම් ලස්සන…? “ කියල, ඒකට විවිධ පිළිතුරු ලැබෙන්න ඉඩ තියෙනවා. සමහර අය කියාවි “I’m gifted..“ කියල. තවත් සමහර අය විවිධ රූපලාවන්ය විධි ක්රම ගැන කථා කරාවි. සමහර අය තමන් ගේ දෙමව්පියන් ගැන කථා කරාවි.
    නමුත් ඒ කාටවත් මේ ලස්සන-අවලස්සන විශමතාවය තුළ ඇති පුදුමාකාර ධර්මතාවය දැක ගන්ට ලැබෙන්නෙ නැහැ.. ඒ නිසා ම ඒ අය තමන් ගේ ලස්සනින් මත් වෙනවා. එක්කෝ විරූපී භාවයෙන් ලැජ්ජාවට, හීන මානයට පත්වෙනවා. ඒ වගේ ම යථාර්ථය නො දන්න නිසා ඇතැම් ලස්සන අය, ඒ ලස්සන ම විරූපි වෙලා උපදින්න හේතු වෙන ප්රතිපදාවකට හරවා ගන්නවා. ඒක කෙතරම් අවාසනාවක් ද..?
    ඇත්තට ම ඇයි කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ…?
    භාග්යවතුන් වහන්සේ එයට සැබෑම හේතුව සොයා ගත්තා. යම් කෙනෙක් කෝප ගන්නේ නැති නම්, බොහෝ නින්දා අපහාස සිදු කළත් ගැටෙන්නේ නැති නම්, තරහ ගන්නේ නැති නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී අභිරූපී වෙනවා. දර්ශනීය රූපයකින් යුතු වෙනවා. පැහැදීම ඇති කරවන සුලු වෙනවා. උත්තම වූ වර්ණයකින් යුතු වෙනවා.
    අනිත් අතට, යම් කෙනෙක් නිතර කෝපයෙන් යුතු වෙනවා නම්, පුංචි කරුණට පවා ගැටෙනවා නම්, තරහ ගන්නවා නම්, ඒ කෙනා යම් යම් තැනක උපදිනවා ද, ඒ ඒ තැන දී විරූපී වෙනවා. දුරුවර්ණ වෙනවා. දකින්නට අප්රසන්න කෙනෙක් බවට පත් වෙනවා.
    මේ යථාර්ථය නො දන්නා අය ලෝකයේ කොතරම් ඉන්නවා ද..? සමහර ලස්සන අය ඉන්නව, එ උදවිය ඉන්නෙ හැම වෙලේ ම මාන්නයත් එක්ක තරහ ගත්ත ගමන් ම යි. බලන්න තමන් ලස්සන වී ඉපදුනේ ඇයි කියා නො දන්නා නිසා, ඒ අය විරූපී වී උපදින්න හේතු වන ප්රතිපදාවක යි ඒ නිරත වෙලා ඉන්නේ..
    තවත් සමහර අය තමන් ගේ ලස්සනින් අනිත් අය තුළ හිතා මතා ම නූපන් රාගය උපද්දවන්න කටයුතු කරනවා. ඒ අයට ත් මතු ජීවිත වල දී යහපත් විපාක ලැබෙන්නේ නැහැ.
    විරූපී වෙලා උපන් අය බොහෝ විට කරන්නේ, හිත යටින් ඒ විරූපී භාවය ගැන ගැන පසු තැවි තැවී ඉන්න එකයි. නමුත් භාග්යවතුන් වහන්සේ වදාළ යථාර්ථය යම් කෙනෙක් දන්නවා නම්, එයාට පුලුවනි නැවත විරූපී වී උපදින ප්රතිපදාව දුරු කරමින් මේ ජීවිතය තුළ සතුටින් කාලය ගත කරන්න.
    ඒ නිසා යාලුවනේ, ඔබත් භාග්යවතුන් වහන්සේ වදාළ මේ කර්ම-කර්ම ඵල ධර්මතාවය අඩුම තරමින් පිළිගන්න. එතුළින් ම ඔබ මහා සැපතක් අත් කරගත්තා වෙනවා. ඉන්පසු ලෝකයත් සමග නො ගැටී සිටීමේ සිත පුරුදු කරන්න. තමන්ට කුමක් කළත් අන් අයට මෛත්රිය ම පතුරුවන්න. එවිට ඔබ ජය ගත්තා වෙනවා. යම් විදියකින් සසරේ ඉපදෙමින් යන්නට වුණොත්, ඔබ සුන්දර රූපකායක් ඇති ව උපදීවි. ඒ මෙත් සිත ම තව දුරටත් දියුණු කළොත් ඔබට සියලු සංසාර දුකිනුත් නිදහස් වෙන්න ත් පුලුවන් වේවි..!
    ඒ සඳහා ම වාසනාව උදාවේවා..!!!

    :)
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ කතාව හරියටම හරි මචන්. නිතරම තරහ යන කෙනෙක්ගේ මුණ දැක්කම කියන්න පුළුවන් බන් මූ නිතරම මල පනින පොරක් කියලා. ඒ වගේම ශාන්ත සන්සුන් කෙනෙක්ගේ මුහුණේ පෙනුමෙන් කියන්න පුළුවන් එයා තැන්පත් පුද්ගලයෙක් කියලත්. හැබැයි මෙහෙම නොවෙන තැනුත් තියෙනවා ගොඩක්.
     
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මේ කතාව හරියටම හරි මචන්. නිතරම තරහ යන කෙනෙක්ගේ මුණ දැක්කම කියන්න පුළුවන් බන් මූ නිතරම මල පනින පොරක් කියලා. ඒ වගේම ශාන්ත සන්සුන් කෙනෙක්ගේ මුහුණේ පෙනුමෙන් කියන්න පුළුවන් එයා තැන්පත් පුද්ගලයෙක් කියලත්. හැබැයි මෙහෙම නොවෙන තැනුත් තියෙනවා ගොඩක්.


    ow ban eka hari.. godak unge munen kiyanna puluwan kohomada kiyala...
    but godak kello lassana unata, sudu unata, maha ahankara loku seen un ban..
    e asse tika denek innawa pattama hoda un..
     

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,365
    1,126
    113
    Earth
    :)

    oz05.png
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේ කතාව හරියටම හරි මචන්. නිතරම තරහ යන කෙනෙක්ගේ මුණ දැක්කම කියන්න පුළුවන් බන් මූ නිතරම මල පනින පොරක් කියලා. ඒ වගේම ශාන්ත සන්සුන් කෙනෙක්ගේ මුහුණේ පෙනුමෙන් කියන්න පුළුවන් එයා තැන්පත් පුද්ගලයෙක් කියලත්. හැබැයි මෙහෙම නොවෙන තැනුත් තියෙනවා ගොඩක්.
    avatar482203_20.gif