ඇලැපෝ නගරයේ කොටුවූ ඇමෙරිකාව
ඇමෙරිකානු ජනාධිපතිවරණය ආරම්භ වූ සමයේ සිරියාව ආසන්න මධ්‍යධරණී මුහුදු කලාපයට ලගා වූ අද්මිරාල් කුෂ්නෙස්කොව් ගුවන් යානා ප්‍රවාහන නෞකාව සිය ත්‍රස්ත විරෝධී මෙහෙයුම් ඇරඹූ අතර එහිදී සිදුවූ අනතුරු දෙකක් නිසා එම මෙහෙයුම් අතරමග නතර කර තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණි.තවද ලබන වසරේදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට් ජනපති ධූරයේ දිවුරුම් දීමට ප්‍රථමයෙන් ඇලැපෝ නගරය මුදාගැනීමේ අදිටනින් සිරියානු හමුදා සටන් කරමින් සිටියි.මේ සියල්ල අතරේ තවත් අපූරු සිද්ධියක් සිදුවෙමින් තිබේ.ඒ ඇලැපෝ නගරයේ සටන් තාවකාලිකව නතර කිරීම සඳහා එක්සත් ජනපදය විසින් රුසියාවට රාජ්‍යතාන්ත්‍රික යෝජනාවක් ගෙන ඒමයි.
සිරියානු යුද්ධය තුල සිරියානු රජයේ හමුදාව ලබන විශාල ජයග්‍රහණය ආසන්නයේ දැන් ඔවුන් පසුවේ.ඇලැපෝ නගරය අල්ලාගෙන සිටි කැරලිකාර කණ්ඩායම් මේවන විට ඉතා අන්තරායදායි අඩියක පසුවේ.දෙසැම්බර් මස 6 වෙනිදා වන විට රජයේ හමුදා නගරයේ ෂෙයික් ලුට්ෆි සහ මාර්ජෙහ් ප්‍රදේශ මුදාගන්නා ලදි.දෙසැම්බර් මස 7 වෙනිදා ඔවුන් පැරණි ඇලැපෝ නගරය මුදාගෙන ඇලැපෝ බලකොටුවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට ඇතුලුවී තිබේ.
පසුගිය අඟහරුවාදා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර සිටියේ මෙම සතියේ අගදී ඔහු රුසියානු විදේශ අමාත්‍ය ලැව් රෝව් හමුවී කැරලිකරුවන් නගරයෙන් ඉවත් කරගැනීමට සාකච්ඡා කරන බවයි.ඇමෙරිකාවේ මෙම තීරණයට හේතුවක් ලෙස දැක්වෙන්නේ ඇලැපෝ නගරය අතහැර නොයන සියලුම රාජ්‍යවිරෝධී සටන්කාමීන් වනසා දමන බවට මොස්කව් රජය සහ එරට විදේශ අමාත්‍යවරයා විසින් සිදුකරන ලද දැනුම් දීමයි.මේ නිසා ජෝන් කෙරී මේ දිනවල ඇලැපෝ නගරයේ කුඩා බිම් කඩකට කොටුවී සිටින අල්කයිදාවට සම්බන්ධ සටන්කාමීන් බේරාගැනීමේ මෙහෙයුමක නිරතවී සිටියි.නමුත් ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට ඇති අවස්ථාව ඉතා සීමිත බව පැවසේ.ඇලැපෝ නගරය මුදාගැනීමෙන් 25,000කට වැඩි රාජ්‍ය පාක්ෂික සටන්කරුවන්ට රටේ වෙනත් ප්‍රදේශවල කැරලිකාර කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීමට නිදහස ලැබේ.මෙම මෙහෙයුමෙන් පසුව රජයේ හමුදාවල ඊළඟ ඉලක්කය වනු ඇත්තේ ඉඩ්ලිබ් පළාතයි.
සිරියාවේ කැරලිකාර කණ්ඩායම්වලට ගුවන් යානානාශක මිසයිල සපයන බව පසුගිය සතියේදී ඇමෙරිකාවේ පහළ මන්ත්‍රණ සභාව විසින් සම්මත කරගත් ආරක්ෂක කෙටුම්පතේ සඳහන් බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත අඟහරුවාදා වාර්තා කර තිබිණි.එම කෙටුම්පත පසුගිය සිකුරාදා 375ට 34 ක් ලෙස සම්මත වූ අතර සතියක් ඇතුලත සෙනට් සභාවේ මනාපය ලබාගැනීමට ඉදිරිපත් කෙරෙනු ඇත.එම කෙටුම්පත එහිදී සම්මත වුවහොත් සිරියානු රාජ්‍ය විරෝධී සටන්කාමී කණ්ඩායම් වන ජබාත් අල්-නුස් රා සහ අනෙකුත් අල්කයිඩා කණ්ඩායම්වලට ගුවන් යානානාශක අවි සැපයෙනු ඇත.ඒවා ප්‍රදේශයේ ත්‍රස්ත විරෝධී ගුවන් මෙහෙයුම්වලට ප්‍රධානතම තර්ජනයක් එල්ල කරයි.
වොෂින්ටනය මේවන විට මොස්කව් පාලනයෙන් තදින්ම ඉල්ලා සිටින්නේ නැගෙනහිර ඇලැපෝහි කොටුවී සිටින එක්සත් ජනපද බුද්ධි තොරතුරු නිලධාරීන් සහ ත්රස්තවාදීන්ට තුර්කියට පසුබසින්නට ආරක්ෂිත කොරිඩෝවක් නිර්මාණය කර දෙන ලෙසයි.ඒ වෙනුවට සිරියානු හමුදාවට සටන්කාමීන් සතුව තිබෙන ඉතිරිව තිබෙන දිස්ත්‍රික්ක ලබාදෙන බව ඇමෙරිකාවේ ඉල්ලීම වී තිබේ.අරාබි බසින් පලවන අල්-හඩාස් පුවත් වෙබ් අඩවියට අනුව නිර්ණාමික තොරතුරු මූලාශ්‍රයකින් හෙළිකර තිබෙන්නේ ඇමෙරිකානු ඔත්තුකරුවන් ඇතුලුව ඇලැපෝ නගරයේ ත්රස්තවාදීන් වෙනුවෙන් සංග්‍රාමික සංවිධානය සඳහා සහාය වූ බුද්ධි අංශ නිලධාරීන් රැකගැනීම ඇමෙරිකාවේ අරමුණ වී තිබෙන බවයි.
අඟහරුවාදා මාධ්‍ය ඔස්සේ වාර්තා කර තිබුණේ සටන්කාමීන් විශාල පිරිසක් යටත්වීම සඳහා සහ නගරය හැරයාමට එහි සිටින රජයේ නිලධාරීන් සමග රහසිගත එකඟතාවකට පැමිණ තිබෙන බවයි.පසුගිය සඳුදා දිනයේ සිරියානු ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා මගින් ඇලැපෝ නගරයේ සටන්කාමීන් යටතේ පවතින දිස්ත්‍රික්කවලට අත්පත්‍රිකා දහස්ගණනක් හෙළන ලදි.ඒවාහි සඳහන්ව තිබුණේ අවි බිම තබා රජයේ හමුදාවට යටත්වන ලෙසයි.
Source:southfront.org
-HarshaLulzSec-

කෙරී සහ ලැව්රෝයි
එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී විසින් රුසියාවට යෝජනා කර තිබෙන්නේ තම සහාය ලබන විරුද්ධ පක්ෂයේ හමුදා/කැරලිකරුවන්/ත්රස්තවාදීන් නැගෙනහිර ඇලැපෝ ප්‍රදේශයෙන් ඉවත් වීමට සූදානම් බවත් ඔවුන්ගේ පසුබැසීම විශ්වාසනීයත්වයෙන් සිදුවිය යුතු බවත්ය.
නමුත් ජෝන් කෙරී එවැනි ඉල්ලීමක් කරන්නේ ඇයි?
මෙය කැරලිකරුවන්ට ප්‍රතිසංවිධානය වීමට සහ නැවත සැපයුම් ලබාගැනීම සඳහා කාලය උපයා ගැනීමේ කූටෝපක්රමයක්ද?
නැත්නම් ඇමෙරිකාවේ කුලී හේවායින් සහ විශේෂ සේවා සාමාජිකයින් ඇලැපෝ නගරයෙන් ඉවත් කරගැනීමට ඔබාමා පරිපාලනය දරන උත්සාහයක්ද?

මෙම "සිරියානු ප්රජාතන්ත්රවාදයේ සහායකයින්" පණ පිටින් හෝ මරා සිරියා-රුසියා-ඉරාන පාර්ශ්වයට හසුවහොත් සිදුවන්නේ සිරියාවේ ත්රස්තවාදීන්ට ඇමෙරිකා විශේෂ මෙහෙයුම් ඔස්සේ සෘජු සහාය ලැබෙන බවට පැහැදිලි සාක්ෂි එළිදරව් වීමයි.
සිරියානු යුද්ධය තුල සිරියානු රජයේ හමුදාව ලබන විශාල ජයග්‍රහණය ආසන්නයේ දැන් ඔවුන් පසුවේ.ඇලැපෝ නගරය අල්ලාගෙන සිටි කැරලිකාර කණ්ඩායම් මේවන විට ඉතා අන්තරායදායි අඩියක පසුවේ.දෙසැම්බර් මස 6 වෙනිදා වන විට රජයේ හමුදා නගරයේ ෂෙයික් ලුට්ෆි සහ මාර්ජෙහ් ප්‍රදේශ මුදාගන්නා ලදි.දෙසැම්බර් මස 7 වෙනිදා ඔවුන් පැරණි ඇලැපෝ නගරය මුදාගෙන ඇලැපෝ බලකොටුවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවලට ඇතුලුවී තිබේ.
ඇලැපෝ නගරයේ වර්තමාන තත්ත්වය
ඇලැපෝ බලකොටුව
ජායිෂ් අල්-ෆාටාහ් සහ ෆාටාහ් හලබ් යන සටන්කාමී සන්ධානයේ සාමාජිකයින් රජය සමග ඇතිකරගන්නා ගනුදෙනුවකින් පසුව ප්‍රදේශයෙන් පසුබසින්නට සූදානම්බව ප්‍රකාශයට පත් කර තිබේ.මේවන විට විශාල සටන්කාමීන් කණ්ඩායම්ක් රජයේ හමුදාවලට යටත්වී තිබේ.
පසුගිය අඟහරුවාදා ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර සිටියේ මෙම සතියේ අගදී ඔහු රුසියානු විදේශ අමාත්‍ය ලැව් රෝව් හමුවී කැරලිකරුවන් නගරයෙන් ඉවත් කරගැනීමට සාකච්ඡා කරන බවයි.ඇමෙරිකාවේ මෙම තීරණයට හේතුවක් ලෙස දැක්වෙන්නේ ඇලැපෝ නගරය අතහැර නොයන සියලුම රාජ්‍යවිරෝධී සටන්කාමීන් වනසා දමන බවට මොස්කව් රජය සහ එරට විදේශ අමාත්‍යවරයා විසින් සිදුකරන ලද දැනුම් දීමයි.මේ නිසා ජෝන් කෙරී මේ දිනවල ඇලැපෝ නගරයේ කුඩා බිම් කඩකට කොටුවී සිටින අල්කයිදාවට සම්බන්ධ සටන්කාමීන් බේරාගැනීමේ මෙහෙයුමක නිරතවී සිටියි.නමුත් ඔහුගේ අරමුණ ඉටුකරගැනීමට ඇති අවස්ථාව ඉතා සීමිත බව පැවසේ.ඇලැපෝ නගරය මුදාගැනීමෙන් 25,000කට වැඩි රාජ්‍ය පාක්ෂික සටන්කරුවන්ට රටේ වෙනත් ප්‍රදේශවල කැරලිකාර කණ්ඩායම්වලට එරෙහිව සටන් කිරීමට නිදහස ලැබේ.මෙම මෙහෙයුමෙන් පසුව රජයේ හමුදාවල ඊළඟ ඉලක්කය වනු ඇත්තේ ඉඩ්ලිබ් පළාතයි.
සිරියාවේ කැරලිකාර කණ්ඩායම්වලට ගුවන් යානානාශක මිසයිල සපයන බව පසුගිය සතියේදී ඇමෙරිකාවේ පහළ මන්ත්‍රණ සභාව විසින් සම්මත කරගත් ආරක්ෂක කෙටුම්පතේ සඳහන් බව වොෂින්ටන් පෝස්ට් පුවත්පත අඟහරුවාදා වාර්තා කර තිබිණි.එම කෙටුම්පත පසුගිය සිකුරාදා 375ට 34 ක් ලෙස සම්මත වූ අතර සතියක් ඇතුලත සෙනට් සභාවේ මනාපය ලබාගැනීමට ඉදිරිපත් කෙරෙනු ඇත.එම කෙටුම්පත එහිදී සම්මත වුවහොත් සිරියානු රාජ්‍ය විරෝධී සටන්කාමී කණ්ඩායම් වන ජබාත් අල්-නුස් රා සහ අනෙකුත් අල්කයිඩා කණ්ඩායම්වලට ගුවන් යානානාශක අවි සැපයෙනු ඇත.ඒවා ප්‍රදේශයේ ත්‍රස්ත විරෝධී ගුවන් මෙහෙයුම්වලට ප්‍රධානතම තර්ජනයක් එල්ල කරයි.
ඇලැපෝ නගරයෙන් කැරලිකාර කණ්ඩායම් ඉවත් කර ගැනීම සම්බන්ධව ඇමෙරිකාව හදිසියේම රුසියාව සමග සාකච්ඡා කරන්නට සැරසෙන්නේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරක් මේවන විට ලැබී තිබේ.