ඇලිහත සොයාගිය දුෂ්කර චාරිකාව

leodilshan

Well-known member
  • Apr 2, 2013
    495
    409
    63
    ඇලිහත සොයාගිය දුෂ්කර චාරිකාව


    [FONT=&quot]නම් නොලද ඇල්ලක්...[/FONT]
    ජීවිතයේ සහභාගි වන්නට ලැබුණු දුෂ්කරතම සහ සුන්දරතම චාරිකාවකට පසුගිය ජනවාරි මාසයේ එක්වන්නට ලැබුණා. ශ්‍රීලංකා දියඇලි මිතුරු සංසදය මගින් සංවිධානය කල මේ ගමන යෙදී තිබුණේ ලංකාවේ බොහෝ දෙනෙකුගේ ඇස නොගැසුණු අතිශය සුන්දර පෙදෙසක් වන සිරිපා රක්ෂිතයේ ඇලි හත සොයා යන්නටයි.
    ඇලිහත නමින් නම් කෙරුණත් මේ දියඇලි පද්ධතිය තුළ ඊට වඩා ඇලි සංඛ්‍යාවක් පිහිටන බවයි අපේ අත්දැකීම වුණේ. ඇතැම් දියඇලි මේ වන තෙක් වාර්තා නොවී පැවතීම විශේෂයක්. මේ අපූර්ව දියඇලි පද්ධතියට ජීවය දෙන්නේ සීතාවක ග[FONT=&quot]ඟ එසේත් නැතිනම් නයා ග[/FONT][FONT=&quot]ඟ විසින්. මේ ගංගාව කැළණි ග[/FONT][FONT=&quot]ඟ පෝෂණය කරන ප්‍රධානතම ජල පෝෂකයක්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඇලිහත පිහිටා තිබෙන්නේ දැරණියගල නගරයේ සිට අතිදුෂ්කර ගමන් මගක කිලෝමීටර 18ක් පමණ ගමන්කළ පසු හමුවන උඩමාලිබොඩ ප්‍රදේශයේයි. [/FONT]


    උඩ මාලිබොඩ.... [FONT=&quot]මේ ගම්වැසියන් මුහුණ පාන ප්‍රවාහන දුෂ්කරතා හා සස[/FONT][FONT=&quot]ඳා[/FONT][FONT=&quot] බලද්දී අප කෙතරම් වාසනාවන්තදැයි සිතුණු වාර අනන්තයි.[/FONT]


    ගමන දුරයි මග කටුකයි.. [FONT=&quot]මේ ආකරයට වාහනයෙන් බසිමින් එය තල්ලු කරමින් සෑහෙන දුරක් ගිය අපි අවසානයේ සිරිපා රක්ෂිතයේ මායිමට පැමිණියා. ඈතින් යාන්තමින් දිස්වුණු ඇලිහත දියඇලි පද්ධතියේ පළමු ඇල්ල අපේ මහන්සිය සෝදා හැරියේ ක්ෂණයකින්.[/FONT]

    11%2B-%2B1st%2Bsight.jpg

    ඇලිහත ඉතා අෑතින්..
    [FONT=&quot]මේ සුන්දර දියඇලි පද්ධතියේ අනාගතය එතරම් හිතකර නොවන බව අපට මනාව පසක් වුණේ එහි ඉදිකර ඇති කුඩා ජලවිදුලි බලාගාරය දැකීමෙන්. ර‍ටට පිළිලයක් වී ඇති මේ කුඩා ජලවිදුලි බලාගාර නිසා වැනසෙන පාරිසරික වටිනාකම් මෙතකැයි කියන්නට බැහැ. දෙවන ඇල්ලට ඉහළින් ඉදිකර ඇති බැම්මක් මගින් දියපහර හරස්කර වනය තුළින් එළන ලද විශාල බටයක් ඔස්සේ මේ විදුලි බලාගාරයට ජලය ලබා ගන්නවා. බටය දෙපස අඩි දහයක් පමණ කිලෝමීටර් එකහමාරක් තරම් දුරකට වනය එළිපෙහෙළි කර තිබුණා. දැඩි ස්වභාවික රක්ෂිතයක මේ තරම් දේවල් කරන්නට අවසර දුන්නේ කවුද? [/FONT]
    [FONT=&quot]
    12%2B-%2BHydro.jpg
    [/FONT]
    රටට හෙණයක් වූ කුඩා බලාගාර...
    මේ ඔබ දකින්නේ ඇලිහත දියඇලි පද්ධතියේ අපට මුලින්ම මුණගැහෙන ඇල්ල. ඇත්තටම කිව්වොත් ඇලිහත පද්ධතියේ අවසාන ඇල්ල. මේ ඇල්ල දෝතළු ඇල්ල වශයෙනුත් හැ[FONT=&quot]ඳි[/FONT]න්වෙනවා. මේ ඇලි පද්ධතියේ නමකින් හ[FONT=&quot]ඳු[/FONT]න්වන එකම ඇල්ල මේකයි.
    13%2B-%2B1st%2Bfall.jpg

    දෝතළු ඇල්ල... අකාලයේ මරා දැමූ සුන්දරිය..
    සාමා[FONT=&quot]න්‍යයෙ[/FONT]න් ඇලි පද්ධතියක පහළම ඇල්ල විශාල ජල ධාරිතාවක් දැරීම සාමාන්‍ය තත්ත්වයක්. නමුත් මේ ඇලි පද්ධතියේ අවසාන ඇල්ල දෙස බලන්න. ඉහළින් ජලය සූරා කෑම නිසා දෝතළු ඇල්ල මන්ද පෝෂණයෙන් පෙළෙන රූප සුන්දරියක් වගෙයි.
    14%2B-%2BClimb%2Bbegun.jpg



    දිය ඇල්ල ඔස්සේ ඉහළට...
    ඇල්ලේ ජලය අඩුවී තිබීම නිසා ඇල්ල ඔස්සේ ඉහළට නගින්නට අප තීරණය කළා. වනය තුළින් ගමන්කරනවාට වඩා අඩු කාලයකින් ඉහළ නගින්නට එමගින් අපට අවස්ථාව සැලසුනා. නමුත් එය ඉතාම කල්පනාවෙන් කළ යුතු කටයුත්තක්. බලන්න මේ පින්තූරයේ ඉදිරියෙන්ම සිටින මමත්, රතු ඊතලයෙන් පෙන්වා ඇති මගේ සගයනුත් සිටින ස්ථාන දෙස. මේ රළු බෑවුමේ කෙතරම් ඉහළින් මා සිටිනවාදැයි ඔබට වටහා ගත හැකියි. අප මේ නගින්නේ දිය ඇල්ලට සමාන්තරවයි. ඉතා ලිස්සන සුළු ගල්පර්වතය ඇතැම් විට අත්පා හතරෙන්ම තරණය කරන්නටත් අපට සිදු වුණා. එහිදී කණ්ඩායම් සගයන් දැක්වූ සහයෝගය වචනයෙන් විස්තර කරන්නට අපහසු තරම් අපූරුයි. මීට පෙර කවදාවත් මුණ ගැසී නැති, මුහුණු පොතෙන් පමණක් යන්තම් හ[FONT=&quot]ඳුනාගෙන සිටි ඔවුන් ඉතා මිත්‍රශීලී උණුසුම් හදවත් ඇති පරිසර ලෝලීන් බව කිව යුතුමයි. ගමනේ අසීරු අවස්ථාවලදී එකිනෙකාට දැක්වූ සහයෝගය නොවන්නට මේ ගමන යතාර්ථයක් නොවන්නට තිබුණා....[/FONT]
    [FONT=&quot]
    15%2B-%2Btop%2B1st.jpg

    [/FONT][FONT=&quot]පළමු ඇල්ලේ මුදුන...
    [/FONT]මේ දෝතළු ඇල්ලේ ඉහළ කොටස... ඈතින් යාන්තමට පෙනෙන්නේ ජල විදුලි බලාගාරයයි.



    දෙවන ඇල්ල...
    දෝතළු ඇල්ලේ මුදුනට නැංග විට දෙවන ඇල්ලේ පැහැදිලි දර්ශනයක් දැක ගත හැකියි. පළමු ඇල්ල හා දෙවන ඇල්ල පිහිටා ඇත්තේ එකිනෙකට ඉතා සමීපවයි.

    දෙවන ඇල්ලේ මුදුනේ සිට....
    මේ තිබෙන්නේ දෙවන ඇල්ලේ මුදුන... බල්ලා මළ ඇල්ල තරණය කළාට පසු දිය අැල්ලක මුදුනට යන්නට ලැබුණු දෙවන අවස්ථාවයි මේ... එකවර දියඇලි හතකම මුදුන් තරණය කරන්නට ලැබීම ජීවිතයේ මා ලද භාග්‍යයක්...

    දෙවන ඇල්ලේ සිට තෙවන ඇල්ල වෙත යාම ප්‍රබල අභියෝගයක් වුණා. දියපහර ඔස්සේ ඉතා අසීරුවෙන් ඉහළට ආ අපට කිසිසේත් තරණය කළ නොහැකි විශාල බාධාවක් මුණ ගැසුණා. ඒ සෘජුව ඉහළට නැගුණ ගල් බිත්තියක්. ආරක්ෂක බ[FONT=&quot]ඳපටි, හිස්වැසුම් ආදිය නැතිව එය තරණය කිරීම කිසිසේත් නොකළ යුත්තක් බව අප සමග සිටි පළපුරුදු ක[/FONT][FONT=&quot]ඳු නගින්නන් වන දිලුම් හා තිමිර තරයේ කියා සිටි බැවින් එය මගහැර යාම ස[/FONT][FONT=&quot]ඳහා අප වනයට ඇතුළු වුණා.[/FONT]


    වනරාජ
    මේ අලංකෘත කුඩා ශාකය අපට මුණ ගැහුණේ වනාන්තරයේ දියපහරට ආසන්න සෙවණ ඇති තැනකදී. මේ තමා සුප්‍රකට වනරාජ ශාකය.

    Anoectochilus regalisයන විද්‍යාත්මක නමින් හැ[FONT=&quot]ඳින්වෙන මෙය ලංකාවට ආ‍වේණික දුර්ලභ ඖෂධ පැළෑටියක්. සර්ප විෂට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත වන දිව්‍ය ඖෂධයක් ලෙසයි වනරාජ සැලකෙන්නේ...[/FONT]

    [FONT=&quot]ගල්පර්වතය මගහැර යාම සඳහා වනය තුළින් බොහෝ දුරක් ගමන්කළ අපි නැවත දියපහර වෙත පිවිසුණා. [/FONT]


    ගමනේ දුෂ්කර අවස්ථාවක්...
    ගමනේ අභියෝගාත්මක අවස්ථාවක්.... කණ්ඩායම් හැ[FONT=&quot]ඟී[/FONT]ම උපරිමයෙන්ම දැනුන අවස්ථාවක්...

    ඩ්‍රෝනය....
    [FONT=&quot]අප සමග පැමිණි දිනුෂ අයියා ඇතුළු කණ්ඩායම රූගත කිරීම ස[/FONT][FONT=&quot]ඳහා ඩ්‍රෝන යානයක් ගෙනවිත් තිබුණා. අපට ළ[/FONT][FONT=&quot]ඟා විය නොහැකි මානයන්ට ළ[/FONT][FONT=&quot]ඟා වෙමින් සුන්දර දර්ශන රූගත කරන්නට එයට හැකි වුණා.[/FONT]

    [FONT=&quot]මෙසේ ඉතා අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දෙමින් අපි ඉදිරියටම ගමන් කළා.... [/FONT]
    [FONT=&quot]ගමනේ තවත් සුන්දර අවස්ථා ඉදිරි ලිපි මගින්....[/FONT]

    [FONT=&quot] මගේ බ්ලොග් අඩවිය වන - http://sobaroo.blogspot.com වෙතිනි. අවශ්‍ය කරුණක් උදෙසා ඡායාරූප, තොරතුරු උපුටා ගත්තාට අමනාපයක් නැත. ඡායාරූපයේ ඇති සලකුණ ඉවත් නොකර භාවිත කරන්නේ නම් මැනවි.[/FONT]




     

    Dont Quit

    Member
    Jan 10, 2016
    430
    31
    0
    එළකිරි මචන්, මාර අද්දැකිමක් උබලා ලබලා තියනවා.

    ඔය කියන ගෘප් එකට සෙට් වෙන විස්තරත් දාපන් පුලුවනිනම්
     

    Monindra

    Member
    Dec 9, 2011
    255
    104
    0
    Colombo
    Machan thanks a lot.

    Mamath hithan innawa September wala Seven Falls balanna yanna. Trip eka dawas dekak yanna inne. Nawathinna thanak kohomada hoyaganne? Guide kenek oneda me waterfalls hoyaganna? ehema unoth kohomada guide lawa hoyaganne?

    Poddak kiyannako.