ඇලෝසියස්ට
අවසර
ඇලෝසියස්ට රට යන්න අවසර
පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට අධිකරණය අද (05) නියෝග කළේය.
ඒ අනුව පෙබරවාරි 13 සිට 20 දක්වා සතියක කාලයක් ඉන්දියාවේ සංචාරයක නිරතවීමට ඇලෝසියස් මහතාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අවසර ලබාදුන්නේය.
පෙබරවාරි මස 14 වනදා සිට මාස දෙකක කාල සීමාවක් සඳහා ඉන්දියාව සහ සිංගප්පූරුව යන රටවල යාමට අවශ්‍ය බැවින්ඇලෝසියස් මහතාට පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා අධිකරණයට මෝසමක් 31 දා ඉදිරිපත්කර තිබුණි.
මේ සම්බන්ධයෙන් අද අධිකරණයේ කරුණු දක්වන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය රහස් පොලීසියට නියම කෙරුණි.
Source