ඇවන්ගාර්ඩ්

dragon-fighter

Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මගේ පියා වෙළඳ නාවුක සේවයේ ඉන්න කෙනෙක්, ඔහු කියන විදිහට මේ නැවෙන් ඔය කියන කිසිම නීතිවිරෝධී කටයුත්තක් සිදුවෙලා නැහැ.. ඔවුන් කොළඹ වාරයේ සිට වෙනත් රටකට යාමේදී මේ නැවෙන් ආරක්ෂාව සඳහා සෙබළුන් 4 දෙනෙකු නැවට ගාලු වරායෙන් ඇතුළු කරගන්නවා..මගේ පියා පවසන ආකාරයට අප්‍රිකානු පැසිෆික් කලාපයේ සෝමාලියානු තර්ජන වලට මෙය මහත් අස්වැසිල්ලක් වෙනවා.. නමුත් මේ ආණ්ඩුව බලයට පතුවූ වහාම මෙය නීතිවිරෝධී දෙයක් ලෙස සලකා එහි සේවයේ නියුතු සියල්ලන්ගේම රැකියා නැතිකොට මෙය පොලිස් මාධ්‍ය සංදර්ශනයක් කරා.. හරියටම මිලේනියම් සිටි පාවාදීම වගේම...
    මේක දැන් තනිකරම මාධ්‍ය සංදර්ශනයක්...


    මේ රටේ මිනිස්සුන්ට මේ වෙනකොට මීට වඩා දැවෙන ප්‍රශ්න තියෙනවා.. ඒවා ගැනත් කතා කරා නම් හරි.. රටේ ප්‍රශ්න වහල ඇවන්ගාඩ් ,
    ඇවන්ගාඩ් කිය කියා මිනිස්සුන්ගේ ඔලු පුරවන්නේ නැතුව..


    මේක තමයි ඇත්ත කතාව.. මේකේ වැඩකරපු යාළුවෙක් උසාවි ලගින්න වෙයි කියලා බයේ ගිය මාසෙම අස් උනා :D
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    මිලේනියම් සීටි පාවා දීම ගැන නම් අමතක නැහැ. මම ඇහුවේ අවෙන්ගාඩ් එකට බුද්දි අන්ස සම්බන්ද කරන්නේ කොහොමද කියල.

    මේක නීති විරෝදී කියල තියෙන්නේ අවි ගබලවල ඇති යුද වල බලපට්‍රගන හා නාවික ආරක්ෂාවට උවමනා නොවන බර අවි තිබීම නිසා කියලයි නාවික හමුදාව කියන්නේ

    නැත්තම් ඔය අර්කෂව් දීලා තියනවා 2009 ඉදන් 2012 වෙනකම් නාවික හමුදාවට සම්බන්ද රක්නා ලංකා සමාගම. එයින් පස්සේ තමයි අවෙන්ගාඩ් පටන් අරන් තියෙන්නේ. ඒ කියන්නේ 2012 දී සමුද්‍රික නීති වෙනසක් උන නිසා රක්නා ලක්නා එකට කරන්න බැරුව ගියාද ??

    නාවික හමුදාව මගින මෙහෙයුම් සිදු කරනවා කියල නාවික හමුදාව කියනෙන් බොරු එතකොට එහෙම නේද ??

    රේප් +++

    මේකට යවන සෙබලු එකෙක්වත් ලංකාවෙ අය නෙමෙයි, බ්‍රිතාන්‍ය, ඇමටිකන්, පිලපීන් වැනි රටවල විශ්‍රාමික කොමාණ්ඩෝ වරු.. උන් කුළි හේවායෝ.. ජාත්‍යන්තර මුහුදේ අපේ හමුදාවට ගිහින් සෙල්ලම් දාන්න බෑනේ..
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    අපි බලමු සහෝ මේක මට කිව්වේ අවෙන්ගාඩ් එකේ වැඩ කරන කෙනක්. එයාල කොහොමත් තමාගේ ව්‍යාපාරය වැරදි කියල කියන්නේ නැහැනේ:)

    මිලේනියම් සිටි කියන්නේ රහස් අංශයක්. එක පවා දීම ගැන කියනාවන අමුතුවෙන් කතා කරන්න දෙයක් නැහැ

    එත් අවෙනගාඩ් කියන්නේ රහස් බුද්දි අනශ්යක් නෙමයි. සිකුරිටි සමාගමක්. ප්‍රසිද්දියේ කරන. ඒ නිසා එකයි මේකයි සමාන කරන්න යන්න එපා. එතකොට මරුන රණවිරුවන්ටත් අගෞරවයක්:)

    මේක සිකුරිටි අංශයක් බව ඇත්ත.. ඒත් ඒකෙන් ලංකාවට ලොකු විදෙශ විනිමයක් ලැබුණා.. ලංකාවට එක පිස්තෝලයක්වත් ගෙනල්ලා නෑ ඕකෙන්.. නැවක කාමර තුනක් බදු අරගෙන ඒවයේ තමයි ආයුධ ගබඩා කරලා තිබුනේ.. හැම නැවකටම මෙහෙන් පිටරට කොමාණ්ඩෝලා 4ක් ආයුධ එක්ක නග්ගනවා.. අවධානම් කලාපයෙන් බැහැර උනාම ඒ පැත්තේ ඉදන් මේ පැත්තට එන නැවකට නැවත උන් මාරු වෙනවා.. නැව් 100,200 අයිති සමාගම් එක්ක ඩීල් එක තිබිලා තියෙන්නේ.. එක කොමාණ්ඩෝ කෙනෙක්ට එක ගමනකට ඩොලර් 1200ක් ගෙවනවලු.. ඉන්දියාව හරහා තමයි කොහොමත් මේක පාලනය වෙලා තියෙන්නේ.. යාළුවටත් පඩි දාන්නේ ඉන්දියාවෙන්ලු.. ඌට පඩිය ඩොලර් 200යි.. HR වැඩ කරේ..
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක සිකුරිටි අංශයක් බව ඇත්ත.. ඒත් ඒකෙන් ලංකාවට ලොකු විදෙශ විනිමයක් ලැබුණා.. ලංකාවට එක පිස්තෝලයක්වත් ගෙනල්ලා නෑ ඕකෙන්.. නැවක කාමර තුනක් බදු අරගෙන ඒවයේ තමයි ආයුධ ගබඩා කරලා තිබුනේ.. හැම නැවකටම මෙහෙන් පිටරට කොමාණ්ඩෝලා 4ක් ආයුධ එක්ක නග්ගනවා.. අවධානම් කලාපයෙන් බැහැර උනාම ඒ පැත්තේ ඉදන් මේ පැත්තට එන නැවකට නැවත උන් මාරු වෙනවා.. නැව් 100,200 අයිති සමාගම් එක්ක ඩීල් එක තිබිලා තියෙන්නේ.. එක කොමාණ්ඩෝ කෙනෙක්ට එක ගමනකට ඩොලර් 1200ක් ගෙවනවලු.. ඉන්දියාව හරහා තමයි කොහොමත් මේක පාලනය වෙලා තියෙන්නේ.. යාළුවටත් පඩි දාන්නේ ඉන්දියාවෙන්ලු.. ඌට පඩිය ඩොලර් 200යි.. HR වැඩ කරේ..

    නාවික හමඩාපති කියල තියනව අවෙන්ගාඩ් කරගෙන්ගිය වඩ කටයුතු ඔකොම එයාල මෙවන විට කරන් යනව කියල. හිරු එකෙ තමයි කිව්වෙ. එත්කොට එ අඩායම ලබෙනවනෙ අන්ඩුවට නෙඩ?? :)

    උබ කියන එකට මම එක්ගයි.

    මම ඉස්සල කිව්වෙ ගොටා ගු බෙට්ටක් ඩැම්මත් එක බුද්දි රහස් ජාතික අරක්ශවට දාපු බෙට්ටක් කියලා මොර දෙන උන්ට
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    නාවික හමඩාපති කියල තියනව අවෙන්ගාඩ් කරගෙන්ගිය වඩ කටයුතු ඔකොම එයාල මෙවන විට කරන් යනව කියල. හිරු එකෙ තමයි කිව්වෙ. එත්කොට එ අඩායම ලබෙනවනෙ අන්ඩුවට නෙඩ?? :)

    උබ කියන එකට මම එක්ගයි.

    මම ඉස්සල කිව්වෙ ගොටා ගු බෙට්ටක් ඩැම්මත් එක බුද්දි රහස් ජාතික අරක්ශවට දාපු බෙට්ටක් කියලා මොර දෙන උන්ට

    කලිනුත් ආණ්ඩුවට තමයි මචන් ලාබෙ ලැබුනේ.. ඔය බයිලයක් කියවන්නේ.. හිතල බලපන් අපේ නාවික හමුදාවට පුළුවන්ද, අයිතියක් තියෙනවද සෝමාලියානු මුහුද අවට ආරක්ෂා කරන්න? ඒකයි කුලී හේවායෝ දාලා ඒ වැඩේ කරගෙන ගියේ.. මේක අන්ඩකවර් ඔපරේෂන් එකක්.. නීත්‍යානුකුල නෑ
     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    ="https://www.facebook.com/newsfirst.english/videos/1001993469860911/"]https://www.facebook.com/newsfirst.english/videos/1001993469860911/[/URL]
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලිනුත් ආණ්ඩුවට තමයි මචන් ලාබෙ ලැබුනේ.. ඔය බයිලයක් කියවන්නේ.. හිතල බලපන් අපේ නාවික හමුදාවට පුළුවන්ද, අයිතියක් තියෙනවද සෝමාලියානු මුහුද අවට ආරක්ෂා කරන්න? ඒකයි කුලී හේවායෝ දාලා ඒ වැඩේ කරගෙන ගියේ.. මේක අන්ඩකවර් ඔපරේෂන් එකක්.. නීත්‍යානුකුල නෑ

    2009- 2012 wenakam rakna lanka thami kale. 2015 wenakm unath awebguard ekata contrac eka thibune rakna lanka margayen kiyala piligannavada??? hariyata rajayata ganak gewala bar permit ekak gaththa vage. Rajayata badu mudalak enava. Labaya yanava awengad ekata. Dan giya 15 news walata kiyapu vidiyata karanne rakna lanka eka haraha navika hamudava. Ethakota kelinma labaya labenne rajayata.

    Awengaud eka rajayata pavara ganima nam nithi virodi. Pudgalika vyaparayak rajayata ganna nam ekata yam kala simak denna oni hethu thiyenna oni sadarana. Meka pavaragena thiyenne nariyata eva mukuth noraka kiyyaala kiyalai kiyanne
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අවෙන්ගාඩ් බම්ප් යෝෂිත නාවික හමුදාව බම්ප් විජේදාස
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇවන්ට්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් අල්ලස් ලබාගත්තේ නැතැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි.එහෙත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කාර්යාලය ගොඩනැඟීමට ආධාරයක් කරන්නැයි ඉල්ලා සිටි බවයි ඔහු පෙන්වා දුන්නේ.අද කොළඹ දී කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසීය.විශාල මුදලක් වැය කර ඇවන්ට්ගාඩ් සමාගමේ සේවකයින් පිරිසක් පසුගියදා විහාර මහදේවීයට ගෙන්වා තමන් අල්ලස් ලබාගත් බවට චෝදනා කළ බවත්, තමන් කිසිවිටෙකත් ඔහුගෙන් අල්ලස් නොගත් බව එහදී සදහන් කලේය.

    එසේ වුවද තමාගේ කාර්යාලයේ වැඩ කළ කපිල රත්නායක නැමැත්තා සේනාධිපතිගෙන් අල්ලස් ගත්තාදැයි තමන් නොදන්නා බවත්, එසේම ඔහු දූෂිතයෙකු නිසා පක්ෂයෙන් ඉවත් කළ බවත්, ෆොන්සේකා පැවසීය.කපිල රත්නායක ප්‍රාඩෝ රථයක් භාවිතා කළ බවද එය කොහෙන්දැයි ඇසූ විට එය තමාගේ ඥාති සහෝදරයෙකුගෙන් ලැබුණ එකක් යැයි පැවසූ බවද ඔහු කියා සිටියේය.

    එය ඇවන්ට්ගාඩ් සභාපතිගෙන් ලැබුණු එකක්දැයි නොදන්නා බව පැවසූ සරත් ෆොන්සේකා මහතා කෙසේ වෙතත් හමුදාවෙන් පලාගිය සෙබළුන් ඇවන්ට්ගාඩ් සමාගමේ සේවය නොකරන්නේ නම් එය ඔප්පු කර පෙන්වන ලෙසද නිශ්ශංක සේනාධිපතිට අභියෝගයක් කළේය.

    සේනාධිපති හමුදාවේ සේවය කළේ අවුරුදු 6ක් බවද, තමන් අවුරුදු 40ක් හමුදාවේ සේවය කළ බවද ඔහු කීවේය.එසේම ඇවන්ට්ගාඩ් සභාපති දෙන්නේ පුංචි පුංචි අල්ලස් නොව මිලියන 500, 600 අල්ලස් බවත්, ඔහු හා සබඳතා පැවැත්වූ විජයදාස රාජපක්ෂ තමන් කළ අභියෝගයට මෙතෙක් පිළිතුරු නැති බවත්, ඔහු ඉන්නේ “කටේ පිට්ටු හිරවෙලා” වගේ බවත්, හෙතෙම පෙන්වාදුන්නේය.

    2006දී විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ සංචාරය කළ බවත්, එහිදී ඉඳුම් හිටුම්, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත්, ෆොන්සේකා පැවසීය.
    එවැනි සමීප සබඳතාවයක් නිශ්ශංක සේනාධිපති සමග විජයදාස රාජපක්ෂගේ ඇති බවත් එය හෙළි කළ යුතු බවත්, එසේ නොකරන්නේ නම් තමාට වෙලේ විදානේ යැයි කියන විජයදාස රාජපක්ෂ ගැන තවත් කරුණු හෙළි කිරීමට සුදානම් බවත්,‍ ඔහු අවධාරණය කළේය.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ඇවන්ගාඩ් මෙහෙයුමේ "කප් එක" කාටද...?

    2016 අයවැය විවාදයේ උණුසුම නිසා පසුගිය සතියේ ඇවන්ගාඩ් සිද්ධියේ උණුසුම මඳක්‌ යටපත්ව ගියේය. ඊට හේතුව මෙවර "අයවැය තුළ" සමාජ කථිකාවේ විවාදයට තුඩුදෙන කරුණු කාරණා වෙනදා දක්‌නට ලැබෙනවාට වඩා වැඩි ප්‍රමාණයකින් අන්තර්ගතව තිබීමයි.

    එහෙත් ඇවන්ගාඩ් ආයතනයට එරෙහිව යම් යම් පාර්ශ්වයන් විසින් අරඹා තිබූ මෙහෙයුමේ ස්‌වරූපය අබමල් රේණුවකින් වත් අඩුව තිබුණේ නැත. එහි අලුත්ම තත්ත්වය වුණේ පසුගිය සතිය වන විට ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්‌ ආයතනයේ හා ඇවන්ගාඩ් ආරක්‍ෂක ආයතනයේ සේවක සේවිකාවන් (රණවිරුවන්) 6754 දෙනකුට රැකියා අහිමි වීමයි..

    ඇවන්ගාඩ් ආයතනයේ සමුද්‍ර ආරක්‍ෂක මෙහෙයුම් බලහත්කාරයෙන් නාවික හමුදාව අත්පත් කරගෙන ක්‍රියාත්මක කරන්නට පටන් ගත් පසු ඉන් රැකියා අහිමි වන රණවිරුවන්ගේ ප්‍රශ්නයට උත්තර සොයන්නේ කෙසේද කියන ප්‍රශ්නයද කරලියට පැමිණියේය. එහිදී සමහර දේශපාලනඥයන් හා නිලධාරීන් කීවේ කිසිදු රණවිරුවකුට ඉන් රැකියා අහිමි නොවන බවය. එහෙත් පසුගිය සතිය වන විට රණවිරුවන් ද ඇතුලුව සේවක සේවිකාවන් 6754 දෙනකුට රැකියා අහිමි වී අවසන්ව තිබිණි.

    මෙම ඇවන්ගාඩ් මෙහෙයුමට සම්බන්ධ රජයේ හා රජයට හිතවත් පාර්ශ්වවල දේශපාලනඥයන්ට ඊටද උත්තරයක්‌ තිබිණි. උත්තරය වූයේ මේ කියන රණවිරුවන්ට රජය විශ්‍රාම වැටුපක්‌ ගෙවන බැවින් ජීවත් වීම ප්‍රශ්නයක්‌ නොවන බවය. ඒ අනුව බලන විට අවුරුදු 40 - 45 වයස්‌ පරතරයෙන් විශ්‍රාම ගන්නා ත්‍රිවිධ හමුදාවේ අපේ රණවිරුවන්ට හා ඔවුන්ගේ පවුල්වලට තත්කාලීන සමාජ තත්ත්වයන් යටතේ ජීවත් වීමට විශ්‍රාම වැටුප පමණක්‌ම ප්‍රමාණවත්ය. ඔවුන්ගේ පවුල්වලට අමතර ආදායම් අනවශ්‍යය. ගේදොර සාදා ගැනීම දූ දරුවන්ට වැඩිදුර අධ්‍යාපනය ලබා දීමට, යාන වාහනයක්‌ ගැනීමට, සැපසේ ජීවත් වීමට අවශ්‍ය නැත... අවුරුදු 22 ක කාලයක්‌ යුද පිටියේ දුක්‌ වින්දා සේ ජීවිතයේ ඉතිරි කොටසත් දුකම අනුභව කරමින් ජීවත්වීම ප්‍රමාණවත්ය. සැපක්‌ සනීපයක්‌ කියා දෙයක්‌ අනවශ්‍යය. ඒ එක්‌ පැත්තකි.

    ඒ අනුව බලන විට රජය නාවික හමුදාව යොදවා ඇවන්ගාඩ් ආයතනයට කරන්නට අවශ්‍යව තිබූ දඬුවම ලබාදී හමාරය. එහි ප්‍රතිවිපාක කවරක්‌ වේද කියා සිතන්නට ප්‍රථම දඬුවම ලබාදී තිබේ. ප්‍රතිවිපාකවලට උත්තර ලබාදීම පසුවට කල් තැබූ නිසා දැන් ප්‍රශ්න එන එන හැටියට උත්තර දීමද කළ යුතුය. තාර්කික පදනම කවරක්‌ වුණත් වගකිව යුත්තන්ට ප්‍රශ්නවලට කුමක්‌ හෝ උත්තරයක්‌ නම් තිබේ...

    එහෙත් රජයක්‌, නීතිගරුක ආයතනයක්‌, විනයගරුක සංවිධානයක්‌ හෝ වගකිව යුතු ආයතනයක්‌ මෙවන් කටයුත්තකදී සලකා බැලිය යුතු අනිවාර්ය විශේෂ කාරණා කීපයක්‌ද තිබේ. ඒ අතරින් පළමුවැන්න වනුයේ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්‌ ආයතනය රජය හා එකඟතාවකට පැමිණ ඇති ගිවිසුම්වලට දැන් කුමක්‌ කරන්නේද යන්නය... සමහරු මෙබඳු ගිවිසුම් කියා දෙයක්‌ තිබී ඇති බව දන්නේද නැති තරම්ය.

    පසුගිය දිනක සන්ඩේ ඔබ්සවර් පුවත්පත අපේ රටේ වත්මන් ආරක්‍ෂක ලේකම්තුමා සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී මේ ප්‍රශ්නය මතුකරනු ලැබුවේය. පුවත්පත ඇසුවේ රජය හා අදාළ ආයතනය අතර අත්සන් කර ඇති එකඟතා ගිවිසුම්වලට කුමක්‌ කරන්නේද කියාය.

    එහිදී ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත්තේ එම ගිවිසුම් අවලංගු කරවා ගැනීමට හැකිදැයි රජයේ නීතිපතිවරයාගෙන් උපදෙස්‌ පතන බවය. එහි තේරුම මෙකී සමුද්‍ර ආරක්‍ෂක ව්‍යාපාරය හා ව්‍යාපෘතිය පවරා ගන්නට පෙර එකී ගිවිසුම්වලට කුමක්‌ කරන්නේද කියා පූර්ව නිගමනයක්‌ හෝ එකඟතාවක්‌ අදාළ වගකිවයුතු ආයතන තුළ ද පූර්වයේ නොතිබුණ බවම නොවේද?

    සැබැවින්ම ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්‌ ආයතනය හා රජය අතර පූර්වයේ එකඟතා මත අත්සන් කරන ලද ගිවිසුම් ගණනාවකි. සංඛ්‍යාත්මකව ගත්විට පූර්ව ගිවිසුම් 8 කි. එක්‌ පාර්ශ්වයක්‌ නියෝජනය කරමින් රජය හා ආරක්‍ෂක අමාත්‍යාංශය වෙනුවෙන් මේ ගිවිසුම්වලට අත්සන් තබා ඇත්තේ රක්‌නා ලංකා සමාගමයි. අනික්‌ පාර්ශ්වය ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්‌ ආයතනයයි.

    මේ ආකාරයට අත්සන් කරන ලද ගිවිසුම් වර්ග මෙසේය.

    01. ඉදිරි මෙහෙයුම් මධ්‍යස්‌ථාන ව්‍යාපෘතිය සඳහා ගිවිසුම. මෙමගින් කරන්නේ රටවල් 11 ක්‌ සම්බන්ධ කරගෙන ඒ ඒ රටවල ඇවන්ගාඩ් ආරක්‍ෂක සේවය සතු කාර්යාල පවත්වාගෙන යමින් සමුද්‍ර ආරක්‍ෂක සේවය සඳහා පහසුකම් සැපයීමය.

    02. ධීවර යාත්‍රා ආරක්‍ෂක සේවය සඳහා වන ගිවිසුම. ඉන්දියන් සාගරයේ හා සෝමාලියානු කලාප මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන බහුදින ධීවර යාත්‍රාවලට ආරක්‍ෂාව සැපයීම මෙහි අරමුණයි.

    03. ගාලු අවි ගබඩාව ව්‍යාපෘතිය පිළිබඳ ගිවිසුම. ගාල්ලට නුදුරු ජාත්‍යන්තර මුහුදේ සිට අවදානම් කලාපය හරහා එන නැව්වලින් අවි ආයුධ බාරගෙන සුරක්‍ෂිතව තබා ගැනීමේ කටයුත්ත කරනු ලබයි.

    04. අවි ආයුධ ගුවන් හා මුහුදු මඟින් ප්‍රවාහනය පිළිබඳ ගිවිසුම. සමුද්‍ර ආරක්‍ෂක සේවයේ යෙදෙන ආරක්‍ෂකයන්ට අවි ආයුධ මුහුදින් හා ගුවනින් ප්‍රවාහනය කරන ලොව එකම පිළිගත් පුද්ගලික ආරක්‍ෂක ආයතනය ඇවන්ගාඩ්ය.

    05. ඇවන්ගාඩ් සමුද්‍ර ආරක්‍ෂක ව්‍යාපෘතිය සඳහා ගිවිසුම. මුහුදු ආරක්‍ෂක සේවා සඳහා අවි සහිත හා අවි රහිත මුහුදු ආරක්‍ෂකයන් සැපයීම මෙහි රාජකාරියයි.

    06. රංගල අවි තැන්පත් කිරීමේ ව්‍යාපෘතිය. කොළඹ වරායට එන නැව්වල ආරක්‍ෂකයන් හා අවි භාරගැනීම මෙමගින් කරයි.

    ඉහත ගිවිසුම් 6 අත්සන් කර ඉතා සාර්ථකව ඒවා ක්‍රියාත්මක කරමින් තිබිණි. එමගින් විදේශ විනිමය රටට ගෙන එමින් තිබුණි. ඊට අමතරව තවත් ව්‍යාපෘති දෙකක්‌ ක්‍රියාත්මක කිරීමට තවත් ගිවිසුම් දෙකක්‌ අත්සන් කර තිබුණි. මේ ප්‍රශ්න මතු වූයේ මලක්‌කා සමුද්‍ර සන්ධියේ තවත් අවි ගබඩාවක්‌ පටන් ගැනීමට හා විශේෂ සමුද්‍ර ආරක්‍ෂකයන් පුහුණු කරන ආයතනයක්‌ පටන් ගැනීමට සැලසුම් සකස්‌ කරමින් තිබෙන අවස්‌ථාවකය.

    රක්‌නා ලංකා ආයතනය ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්‌ ආයතනය සමඟ දිගු කලක්‌ හොඳ අවබෝධයකින් කටයුතු කරමින් සිටියේය. ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත්විය. ලාබද ලැබූහ. අදාළ ගෙවීම්ද රක්‌නා ආරක්‍ෂක ලංකා හරහා රජයට සිදුකෙරෙමින් තිබිණ. සියල්ල වෙනස්‌ වන්නට වුණේ 2015 ජනවාරි 18 වැනිදා ගාල්ලේ මහනුවර අවි ගබඩාව පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියත් සමඟය.

    එම සිද්ධියෙන් පසු ඇවන්ගාඩ් ආයතනයට දිගින් දිගටම මුහුණ දෙන්නට වූයේ සිය ව්‍යාපාරික කටයුතුවල බිඳවැටීම් සමුදායකටය.

    මේ බිඳ වැටීම් හා පාඩු සිදුවීම් මත දිගින් දිගටම පෙර ගෙවීම් සිදුකළ ආකාරයට රක්‌නා ආරක්‍ෂක ලංකා සමාගමට අදාළ ගෙවීම් කර පෙන්වන්නට ඇවන්ගාඩ් මැරිටයිම් සර්විස්‌ ආයතනයට නොහැකි විය. පෙර අත්සන් කළ ගිවිසුම්වලට අනුව එබඳු බිඳ වැටීමකදී කටයුතු කළයුතු ක්‍රමවේද තිබිණි.

    ලාභ බෙදා ගන්නා අයුරින් පාඩුවන විට ඒවා විඳදරා ගන්නා අයුරුද ගිවිසුමේ තිබිණි. ඒ අනුව ක්‍රියාකළ ඇවන්ගාඩ් ආයතනය තමන්ට ජනවාරි 18 වැනිදා සිට සිදුවූ පාඩුව වෙනුවෙන් රක්‌නා ආරක්‍ෂක ලංකා සමාගමෙන් (රජයෙන්) රුපියල් මිලියන 2000 ක වන්දියක්‌ ඉල්ලා ජාත්‍යන්තර සමුද්‍ර ආරක්‍ෂක නීති රීති ප්‍රකාරව සිංගප්පූරුවේ බේරුම්කරන ආයතනයක පැමිණිල්ලක්‌ දැමුqවේය.

    වග උත්තරකාර රක්‌නා ආරක්‍ෂක ලංකා සමාගම (රජය) මෙම වන්දිය ගෙවනු වෙනුවට ඇවන්ගාඩ් සමාගම සමඟ එකඟතාවකට පැමිණ තවත් ගිවිසුමක්‌ අස්‌තන් කළේය. රුපියල් මිලියන 2000 ක වන්දිය වෙනුවට මිලියන 255 ක්‌ ගෙවන්නට එකඟ වූ එම ආයතනය 2015 ඔක්‌තෝබර් 20 වැනිදා ගිවිසුම අත්සන් කළේ පෙර අත්සන් කරන ලද ගිවිසුම් සියල්ලම අවලංගු නොකර දිගින් දිගටම පවත්වාගෙන යැමට එකඟත්වය පළකරන බවටය.

    එහෙත් මේ ගිවිසුම් සියල්ල තිබියදී රජය නාවික හමුදාව යොදවා ඇවන්ගාඩ් නැවේ ආයුධ 816 ත් මහනුවර නැව සතු අවි ආයුධ 3000 ක්‌ පමණ වූ සංඛ්‍යාවත් පවරා ගනු ලැබීය. ඇවන්ගාඩ් ආයතනය රට රටවල්වල ගොස්‌ අලෙවි ප්‍රවර්ධන කටයුතු කර අත්පත් කරගන්නා ලද ගනුදෙනුද අත්පත් කරගනු ලැබීය. එතැන් සිට ඇවන්ගාඩ් ආයතනයට ලැබුණ සියලු සමුද්‍ර ආරක්‍ෂක සේවා ඇනවුම්වලට සේවාවන් සැපයීම නාවික හමුදාව කරගෙන යනු ලැබීය.

    පෙර පැවැති ගිවිසුම් 8 ත් ඉන් පසුව ඇතිකරගත් එකඟතා ගිවිසුමත් සීසීකඩ සුනු විසුනු වී ගියේ එසේය.

    සියල්ලෙහි ප්‍රතිඵලය දැන් උදාවී අවසන්ය. අති විශාල රණවිරුවන් පිරිසක්‌ද සහිතව ඇවන්ගාඩ් සේවකයන් 6754 කට දැන් රැකියා නැත. ඔවුන් මහ පාරට වැටී තම නැතිවුණ රැකියා අවස්‌ථා ගැන රටට දුක කියමින් සිටිති. අසාධාරණය මේ යෑයි පෙන්වා දෙමින් සිටිති.

    එහෙත් මේ රණවිරුවන්ගේ දුක, රැකියා නැතිවීමේ දුක්‌ අෙ¹aනාව අසන්නට අද කිසිවකු නැති තරම්ය. අන් සියල්ලටම ඇහුන්කන් දෙන මාධ්‍යයද අද සමහර ඇමැතිවරුන්ට බයේ මුනිවත රකිමින් සිටිති. අසාධාරණය මේ යෑයි පෙනි පෙනීම ඒ ගැන කතා කිරීම පැහැර හැර සිටිති.

    මේ අතර ඇවන්ගාඩ් සමාගමේ ව්‍යාපාරය පවරා ගන්නටද දැන් ව්‍යාපාරික ආයතන 4 ක්‌ තම අයෑදුම්පත් හා ව්‍යාපෘති වාර්තා ආරක්‍ෂක අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇති බව ප්‍රකටය. ඉන් එක්‌ ආයතනයක්‌ අයිති ඇවන්ගාඩ් ආයතනයේ කටයුතු නීත්‍යානුකූල නැතැයි කිවූ එක්‌ ඇමැතිවරයකුගේ සහෝදරයකුටය. තවත් ආයතනයක්‌ මේ රටේ ප්‍රකට මාධ්‍ය ආයතනයක්‌ සතු බව කියති. පාර්ලිමේන්තුවේ ඇවන්ගාඩ් විරෝධී හඬ ප්‍රබලව නගන සමහර ඇමැතිවරු රාශියක්‌ම අද මේ ව්‍යාපාරය එම සමාගමට පවරා දෙන්නට අප්‍රමාණ ලෙස වෙහෙස වන අයුරු අපට පෙනෙයි.

    ඉතිරි ආයතන දෙක විශ්‍රාමික හමුදා නිලධාරීන් දෙදෙනකුට අයත්ය.

    මීට පෙර සමුද්‍ර ආරක්‍ෂක කටයුතුවලදී රජයට අයත් අවි ආයුධ රක්‌නා ලංකා සමාගම හරහා ලබාගෙන 148 ක්‌ සාගර මෙහෙයුම්වලදී අස්‌ථානගත කිරීමේ ගෞරවයද එම ආයතන දෙක සතු බව තතු දන්නෝ කියති.

    මේ සියල්ල මෙසේ තිබියදී අපේ රටට නොකඩවා ඩොලර්වලින් විදේශ විනිමය ගෙන ආ රටේ රණවිරුවන්ට ගෞරවයෙන් ජීවත් වීමේ අයිතිය සහිතව හොඳ ජීවන තත්ත්වයක්‌ ගෙනආ ඇවන්ගාඩ් ආයතනයේ ව්‍යාපාරික ව්‍යqහයට කුමක්‌ වනු ඇත්ද....

    එය හෙට නාවික හමුදාව වෙනුවෙන් කාට හිමිවනු ඇත්ද... කවුරුන් විසින් ඇවන්ගාඩ් මෙහෙයුමේ ජය කුසලානය හිමිකර ගනු ඇත්ද?

    ජනතාව බලා සිටින්නේ ජයග්‍රාහකයා කවුද කියා දැනගන්නටය.

    බුලිත ප්‍රදීප් කුමාර