ඇවිත් උත්තර දීපල්ලා....

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මටනම් කියන්න තියෙන්නේ මචන් බොදුබල සේනාව කරන දේ හරි වුනත් කරන විදිහ වැරදි කියල තමයි. (විශේෂයෙන් හලාල් ලාංචනය සම්බන්දයෙන් කටයුතු කල එක ගැන මං අගය කරනවා). ඒ වුනත් බොදු බල සේනාව මීට වඩා ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන වගේම අන්අයගේ අදහස්වලට ඇහුම්කන් දෙන්න ඕනේ.
    එහෙම නැති වුනොත් අනාගතයේදී ජාත්‍යන්තර සංවිධානවල බලපෑම හෝ අන් ආගමික බලපෑම් නිසා බොදුබලසේනාව විසින් ක්‍රියාත්මක කරන දේවල වාසිය අනිත් පාර්ශවයට හිමිවෙන්න පුළුවන්. විශේෂයෙන් දැනටත් විදේශ මාධ්‍යවල බොදුබල සේනාව පිළිබඳව පෙන්නන්නේ හොඳ ප්‍රතිරූපයක් නෙමෙයි. හොඳ ප්‍රතිරූපයක් ගොඩනගාගැනීම මගින් බොදුබල සේනාවට මීට වැඩිය සහයෝගයක් ලබාගන්න පුලුවන්.

    බුදුදහම පිළිපැදීම සහ බුදුදහම ආරක්ෂා කිරීම යන ක්‍රියාවලි දෙක සමාන්තරව ක්‍රියාත්මකව වෙන්න ඕනේ කියන මතයේ තමයි මං ඉන්නේ. එයින් එක් ක්‍රියාවලියක පමණක් යෙදෙනවා කියන්නේ අනාගතයේ බුදුදහම අනතුරක දැමීමක් .