ඇවිදින පාරාවෝ පිළිමය (unbelievable)

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇවිදින පාරාවෝ පිළිමය (unbelievable)

    කෞතුකාගාරයේ තිබු පාරාවෝ පිළිමය ඇවිදින හැටි මෙන්න (වීඩියෝ)

    parawostatue.jpg



    ඊජිප්තුවේ පිරමීඩයක් තුලින් සෙයාගනු ලැබූ පාරාවෝ පිළිමයක් කෞතුකාගාරයක් තුළ ප‍්‍රදර්ශනය සදහා තබා තිබියදී ඇවිදිමේ සිදුවීමක් එංගලන්තයේ මැන්චෙස්ටර් නගරයෙන් වාර්තා වෙනවා.

    ඔසිරිස් නම් මිසර දෙවියා වෙනුවෙන් නම් කර තිබු මෙම පිළිමය මැන්චෙස්ටර් කෞතුකාගාරයේ පසුගිය වසර 80 පුරාවටම ප‍්‍රදර්ශනය කෙරී ඇති අතර මෑතකදි එහි පිහිටීම වෙනස්වී තිබීම ගැන සැක කල කෞතුකාගාරයේ නිළධාරියෙකු විසින් එම පිළිමය ගැන විමසිල්ලෙන් සිට ඇත. පසු දිනයේදිද ඔහු විමතියට පත් කරමින් පිළිමය නැවත වතාවක් තම පිහිටීම වෙනස් කර ඇති බව දුටු කෞතුකාගාර නිළධාරියා එම පිළිමය පිහිටි ප‍්‍රදේශය ආවරණය කරන ආරක්ෂිත කැමරා පද්ධතිය නැවත නිරීක්ෂණය කර තිබෙනවා.

    ආරක්ෂිත කැමරාවේ සංරක්ෂිත දර්ශන දැකීමෙන් කෞතුකාගාර කාර්ය මන්ඩලය දැඩි ලෙස කලබලයට පත්වී ඇත්තේ පාරාවෝ පිළිමය අංශක 360 කින් තමා වටාම කැරකෙවෙනු එහි පටිගතවී තිබූ බැවිණි.

    කෞතුකාගාරය තුල ඇති අනෙකුත් පුරාවස්තූන් කිසිදු ලෙසකින් සෙලවෙන්නේවත් නැතිව තිබියදී මෙම පාරාවෝ පිළිමය පමණක් මෙලෙස තමන් වටාම යම් රිද්මයකට අනුව ඇවිදීම තමන්ට අදහාගත නොහැකි බව පවසන කෞතුකාගාර කාර්ය මන්ඩලය මෙම අභිරහස වහාම නිරාකරණය කරගත යුතු තත්වයක් බව පවසනවා.



     
    • Like
    Reactions: Mr.Tom and ashmi