ඇසළ පෝය v. දුක

hpalpola

Well-known member
  • ඇසළ පෝය v. දුක

    අද ඇසළ පෝය. අනෙක් පෝයවල් වගේම වැදගත් පෝයක්. අද තමයි බුදුරජාණන්වහන්සේ පළමු ධර්ම දේශනාව පවත්වලා තියෙන්නේ. ඉසිපතනයේ මිගදායේ. පස්වග මහණුන්ට. සංයුක්ත නිකායේ සඳහන් වෙලා තියෙන මේ දේශනාව හඳුන්වන්නේ ‘
    ධම්මචක්කපවත්ත සූත්‍රය‘ කියලා. මේ සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා තමන් විසින් අවබෝධ කරගත් ධර්මය. ඒ අනුව චතුරාර්ය සත්‍යය අවබෝධ කළ බව දේශනා කරනවා. චතුරාර්ය සත්‍යය තමයි දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය, දුක්ඛ නිරෝධ සත්‍යය, දුක්ඛ නිරෝධ ගාමිණී පතිපදා සත්‍යය.

    මේ අතරින් දුක්ඛ සත්‍යය බුදුරජාණන්වහන්සේ දේශනා කරලා තියෙන්නෙ මෙහෙම.

    ඉපදීම දුකය, ජරාවද දුකය, රෝගයද දුකය, මරණයද දුකය, අප්‍රියයන් හා එක්වීම දුකය, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකය, කැමති යමක් නොලැබේද, එයද දුකය. සැකෙවින් පඤ්ච උපාදානස්කන්ධයෝම දුක් වන්නාහුය.

    ඉතින් දුක මේයැයි කියලා බුදුරජාණන්වහන්සේ මේ විදියට පෙන්වලා දෙනවා. අපි දැන් දන්නවා මේ කියන දේවල් දුක තමයි කියලා. හැබැයි අපි තවමත් දුක මොකක්ද කියලා හොයනවා. දෙයක් දැන ගත්තම අපි කරන්න ඕනා ඒක අවබෝධ කරන එකනෙ. නමුත් ඒක නෙමෙයි වෙන්නෙ. පේන්න තියෙන දේ අන්ධයො වගේ හොයන එක.

    දුක්ඛ සමුදය සත්‍යයත් බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. ඒ මෙහෙම.

    නැවත නැවත ඉපදීම ඇති කරන්නාවූ නන්දිරාගය හා එක්වූ ඒ ඒ ආත්මභාවයෙහි ඇලෙන්නාවූ යම් ඒ තෘෂ්ණාවක් වේද, ඒ කවරේද යත්. කාම තෘෂ්ණාවය, භවතෘෂ්ණාවය, විභව තෘෂ්ණාවයි යන මොව්හුයි

    මෙතැනදි තණ්හාව ගැන කියන බුදුරජාණන්වහන්සේ තණ්හාවේ අංග 3 ක් පෙන්වලා දෙනවා. දැන් මේකත් දන්නවා. ඔය ඕනතරම් කියන්නෙ තණ්හාව නිසා තමයි මේ දුක කියලා. තණ්හාය නිසා දුක හට ගන්නවා කියලා අපි දන්නවා. අහලා තියෙනවා.

    දුක්ඛ නිරොධ සත්‍යය බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ මෙහෙම.

    යම් ඒ තෘෂ්ණාවගේ ඉතිරි නොකොට නිරුද්ධ කිරීමක් වේද, දුරු කිරීමක් වේද, නැති කිරීමක් වේද, මිදීමක් වේද, ආලය අත්හැරීමක් වේද එයයි

    බුදුරජාණන්වහන්සේ දේශනා කරන්නේ තණ්හාව අතාරින එක තමයි නැත්නම් තණ්හාව නැති කිරීම තමයි දුක නැති කිරීමේ මාර්ගය කියලා. දැන් මේකත් දන්නවා.

    ඊළඟට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා දුක්ඛ නිරෝධ ගාමිණී පතිපදා සත්‍යය. ඒ මෙහෙමයි.

    එනම් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගමැයි. හේ කවරේද යත්? සම්‍යක්දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මොහුයි

    දැන් මේකත් දන්නවා. දුකත් දන්නවා, දුක ඇතිවෙන හේතුවත් දන්නවා. දුක නැති කරන හැටිත් දන්නවා. ඒකට කරන්න ඕනා දේත් දන්නවා. මේ සේරම දේවල් අපිට බුදුරජාණන්වහන්සේ දේශනා කරන්න අරඹන්නෙ අද වගේ දවසක.

    අද වෙද්දි මේ දේශනාව කරපු ඇසළ පෝය පහුවෙලා අවුරුදු 2500 ටත් වැඩියි. දේශනාව අදටත් අදාළයි. හැබැයි ඒක යොදා ගන්න අපියි එදා හිටි අපේ මුතුන් මිත්තොයි අතරෙ කොයිතරම් නම් වෙනසක් තියෙනවා ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,109
    1
    100,801
    113
    34
    Kalutara
    අද පෝය දවසේ ඉඳන් වැල බලන්නෙ නෑ අතේ ගහන්නෙ නෑ කියල අධිශ්ඨාන කරගෙන ඉන්නෙ. විශ් මී ලක්.. 😌
     
    • Like
    Reactions: S_M_S

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    අද පෝය දවසේ ඉඳන් වැල බලන්නෙ නෑ අතේ ගහන්නෙ නෑ කියල අධිශ්ඨාන කරගෙන ඉන්නෙ. විශ් මී ලක්.. 😌
    කරන්න පුළුවන් වැඩක් කියපන්. :lol: :lol:

    මධ්‍යම ප්‍රතිපදාවෙ හිටපන්. උඹ ඕක නැති කරන්න නැති කරන්න වෙන්නෙ ඒ ගැන ආසාව වැඩි වෙන එක විතරයි.

    ඔහොම කරාම, හොඳටම මෝල කරවුනාම ගවුම් කෑල්ලක් දැක්කත් ඇති වෙනවා. එතකොට ඉතින් එන්න එන්න අමාරු වෙන එකයි වෙන්නෙ සීලෙ රකින්න.

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අද පෝය දවසේ ඉඳන් වැල බලන්නෙ නෑ අතේ ගහන්නෙ නෑ කියල අධිශ්ඨාන කරගෙන ඉන්නෙ. විශ් මී ලක්.. 😌
    එල!

    කරන්න පුළුවන් වැඩක් කියපන්. :lol: :lol:

    මධ්‍යම ප්‍රතිපදාවෙ හිටපන්. උඹ ඕක නැති කරන්න නැති කරන්න වෙන්නෙ ඒ ගැන ආසාව වැඩි වෙන එක විතරයි.

    ඔහොම කරාම, හොඳටම මෝල කරවුනාම ගවුම් කෑල්ලක් දැක්කත් ඇති වෙනවා. එතකොට ඉතින් එන්න එන්න අමාරු වෙන එකයි වෙන්නෙ සීලෙ රකින්න.
    මධ්‍යම ප්‍රතිපදාවෙ හිටපන්. උඹ ඕක නැති කරන්න නැති කරන්න වෙන්නෙ ඒ ගැන ආසාව වැඩි වෙන එක විතරයි.

    ඔහොම කරාම, හොඳටම මෝල කරවුනාම ගවුම් කෑල්ලක් දැක්කත් ඇති වෙනවා. එතකොට ඉතින් එන්න එන්න අමාරු වෙන එකයි වෙන්නෙ සීලෙ රකින්න.
    ඇත්තටම මධ්‍යම ප්‍රතිපදාව කියන දේ ඔයා වැරදියට තේරුම් අරන් තියෙන්නෙ.
    https://elakiri.com/threads/මධ්‍යම-ප්‍රතිපදාව-මේ-සැරේ-වරද්ද-ගන්න-එපා.1952829/
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    කරන්න පුළුවන් වැඩක් කියපන්. :lol: :lol:

    මධ්‍යම ප්‍රතිපදාවෙ හිටපන්. උඹ ඕක නැති කරන්න නැති කරන්න වෙන්නෙ ඒ ගැන ආසාව වැඩි වෙන එක විතරයි.

    ඔහොම කරාම, හොඳටම මෝල කරවුනාම ගවුම් කෑල්ලක් දැක්කත් ඇති වෙනවා. එතකොට ඉතින් එන්න එන්න අමාරු වෙන එකයි වෙන්නෙ සීලෙ රකින්න.
    මධ්‍යම ප්‍රතිපදාවෙ හිටපන්. උඹ ඕක නැති කරන්න නැති කරන්න වෙන්නෙ ඒ ගැන ආසාව වැඩි වෙන එක විතරයි.

    ඔහොම කරාම, හොඳටම මෝල කරවුනාම ගවුම් කෑල්ලක් දැක්කත් ඇති වෙනවා. එතකොට ඉතින් එන්න එන්න අමාරු වෙන එකයි වෙන්නෙ සීලෙ රකින්න.
    මේ මධ්‍යම ප්‍රතිපදාව කන්න ඕනෙ උනාම කබරගොයා තලගොයා කරගන්න ජාතියෙ මධ්‍යම ප්‍රතිපදාවක් හොඳ.පුතේ.

    අපිට රකින්න බැහැ කියලා ඒක වෙන විදිහකට අර්ථදක්වලා හරියන්නැහැ "අද ප්‍රසිද්ධව පිළිඅරන් තියන බුදුන් කිව්වායි කියන නිර්වාණ මාර්ගයට ප්‍රවිශ්ඨ වෙන්න නම්". ඒ මාර්ගය ඒකායනෝ අයං මග්ගෝ සත්තානං විසුද්ධියා....එකම මාර්ගයක් පමණයි සත්වයාගේ විසුද්ධියට තියෙන්නෙ. ඒකට ශීලය අත්‍යාවශ්‍යයි.

    සමහරවිට අපිට රකින්න බැරිනම් ඒ තමා බුදුන් කියපු බුදුදහම ලොවෙන් ඉවත්වෙන කාලය. බුදුදහම සදාකාලික විය යුතු නැහැ. ඒක ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක්. උපදෙස් පිළිපදින්න මිනිසුන් නැතිඋන දාට ඒක ලොවෙන් අයින් වෙලා යයි නැවතත් තවත් බුදුවරයෙකු මිනිසුන්ට ඒකෙ වටිනාකම ඒත්තුගන්වන තෙක්. බුදුදහම නිත්‍ය කරගන්න හදන නිසා සමහරුන් ඔහොම හිතනවා දැකලා තියනවා....

    ඔයිට අමතරව ලිංගික කාර්ය, ඒ කාමය ගැන අදහසක් කිව්වොත්,

    ඔය ගෑනියෙක් දැක්කම, ගමේ ගෑනියක් ගෙ ගවුමෙ වාටිය දැක්කම, සරමෙ කොන දැක්කම, අල්ලපු ගෙදර මිනිහගෙ පෘෂ්ඨිමත් පපුව දැක්කම මෝල කරවෙන එක තමා අපේ ස්වාභාවය. ඉස්සර හිටපු සමහර භික්ශූන් මලමිනී එක්ක, ඇටකටු එක්ක, වැඳිරියො එක්ක, ගණිකාවො එක්ක, ගැහැනුන් පිරිමින් හෝ තවත් භික්ෂූන් භික්ශුනීන් එක්ක ලිංගිකව හැසිරුනා කියලා ත්‍රිපිටකයේ තියෙන්නෙ ඕකෙ බලවත් කම නිසා තමා. වැඩිය ඕනෙ නෑ බුදුන් වැඩිමනක් වස් ගතකරපු ජේතවනාරාමය ලඟම අම්මයි පුතයි එකට සංවාසයේ යෙදිලා තියනවා.

    ගැහැනියට පිරිමියාත්, පිරිමියට ගැහැණියත් කියන්නෙ කාමයේ උපරිම අවස්ථාවක් විදිහට ගන්න පුලුවන්. අපිට උපතින්ම හිමිවෙනවනෙ ආයතන හයක්. ඔය ඇස, කන, නාසය, දිව, ශරීරය සහ මනස කියන ආයතන හයම එකවරම ප්‍රීතිමත් කරන්න පුලුවන් එක කාම වස්තුවක් තමා ගැහැණියට පිරිමියාත්, පිරිමියට ගැහැණියත්. ආන්න ඒ නිසායි අපි ඕකට ඔච්චර ඇලෙන්නෙ. අපේ ආයතන සංවරය නොමැති කම ප්‍රධාන හේතුවක්. ඒ පැත්තෙන් ඉගෙනගෙන ඉටාගත්තොත් යම් ගුණාත්මක ප්‍රතිඵල ලැබෙන්න පුලුවන්.
     
    Last edited: