ඇස් දන් දෙන්න රෙජිස්ටර් වෙන්න.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඔන්න ඔය ලින්ක් එකට ගිහින් රෙජිස්ටර් වෙලා ඇස් දන් දෙන්න පුලුවන්. කැමති අය රෙජිස්ටර් වෙන්න.

    මැරුනාම ගන්නෙ.නිකං මැරුනාම මිනිය වල දාන හරි පුච්චන හරි එකෙ පිනක් කරගන්න.

    https://htb.mobitel.lk/index.php
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ස්තූතියි මචං, මමත් කාලයක් තිස්සෙ හිතාගෙන ඉන්න දෙයක්..
    කොහොම හරි මග ඇරෙනව. ඇස් දෙක වගේම සම්පූර්ණ ශරීරයම දන් දෙන්න පුලුවන්..
    පුලුවන් හැම කෙනෙක්වම දැනුම්වත් කරන්න. පුලුවන් අය FB දාන්න..
    අන්තිම පාරට driving license අලුත් කරද්දි මේ ගැන ඇහුව. නතර කරල තියෙන්නෙ කිව්ව.
    මම ඇහැව්ව දිවුරුම් ප්‍රකාශයකින් හරි කැමැත්ත දීල කරන්න බැරිද කියල..
    කවද හරි මේක කරගන්න ඕන...
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Ela bump.
    🙂
    🙂
    ස්තූතියි මචං, මමත් කාලයක් තිස්සෙ හිතාගෙන ඉන්න දෙයක්..
    කොහාම හරි මග ඇරෙනව. ඇස් දෙක වගේම සම්පූර්ණ ශරීරයම දන් දෙන්න පුලුවන්..
    අන්තිම පාරට driving license අලුත් කරද්දි මේ ගැන ඇහුව. නතර කරල තියෙන්නෙ කිව්ව.
    මම ඇහැව්ව දිවුරුම් ප්‍රකාශයකින් හරි කැමැත්ත දීල කරන්න බැරිද කියල..
    කවද හරි මේක කරගන්න ඕන...

    ඔව් මචන්.මටත් ඔක සර්ච් කරද්දි හම්බුනේ.මග ඇරිලා තිබ්බෙ ඔය වගේම.

    එලකිරි🙂
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    api marunama khmda bn me wade wenne
    අන්තිම කැමැත්ත වගේ තමයි...
    කැමැත්ත දීපු කෙනා මියගිය වහාම - අදාළ ආයතනය දැනුම්වත් කරන්න අවශ්‍යයි.
    මියගිය කෙනාගෙ ගෙදරට ඒ් ආයතනයෙන් ලියවිල්ලක් දෙනව.. ඒ් බව සදහන් කරල..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    api marunama khmda bn me wade wenne

    ඉස්පිරිතාලෙ මැරුනා නම් මෝචරියට මිනිය ගිහින් දානවා නේ බන්. අපි මිනිය බාර ගන්න ගියාම එතන එක්කෙනෙක් ඉන්නවා අක්ශිදාන එකෙ. එයාට කියන්න ඕන ඇස් දන් දෙන්න රෙජිස්ටර් වෙලා ඉන්නෙ ඇස් ගන්න කියලා.

    ගෙදර දී මැරුනොත් ඔය නම්බර් එක්කට කීවාම ගෙදරට ඇවිල්ලා ගන්නවා.

    මට මතක විදිහට පැය ගානක් තියෙනවා බන් ඇස් ගන්න ඔන.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,054
    8,386
    113
    Kotahena
    .නිකං මැරුනාම මිනිය වල දාන හරි පුච්චන හරි එකෙ පිනක් කරගන්න
    මැරුණාම මොලේ part එකක් වැඩ කරනවා ලු පැය ගාණක් යනකං.

    පිං කරන්න කියලා පාඩුවේ මැරෙන්න තියෙන එක ඇස් උගුල්ලන එක තෙරුනොත් සැප කොහොමද?

    මැරිච්ච මිනිස්සු කවදාවත් කියලා නෑ අම්මෝ රිදෙනව කියලා. උං ට එහෙම කියන්න බැරි නිසා. ඒත් ඇත්ත මොකක්ද කියලා කවුද දන්නේ?

    කොහේ හරි scientifically prove කරපු පරික්ෂණයක් තියෙනව නම් දාන්න. එහෙම මැරුණ ම eyes ගලවනකොට වේදනාව එන්නේ නෑ කියලා.
     
    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,664
    7,027
    113
    United States
    photo-2021-09-16-08-52-52.jpg
    photo-2021-09-16-08-52-52.jpg
    photo-2021-09-16-08-52-52.jpg

    දිව්‍යලෝකයේදී,
    පිච්චුවද? වළ දැම්මද?
    නැහැ මම සැමසුව පතා දන්දුන්නා... ❤️
    සුදු ලොහොබුවෙන් සැරසිලා ගිය මුල් දිනේ මට සිහිඋනේ....
    වැදුනි සැරටම ෆෝමලීන් සැර ඇරපු පමණින් තියටරේ....
    නිවන් යන්නට පතන දෙගුරුන් සිටියේ තැන තැන නිසල සේ...
    දෙගුරු තනතුර ගුරු උනා අප තබපු සැනකින් සැත ගතේ...
    දහය අංකයෙ ටොලිය මත හිදියා මවක් මහ පිං කදක්...
    වටවී අපෙ උන් වැන්දෙ හිස නම වෙන්න පතමින් මතු බුදුන්...
    සැතක් ගෙනතට තදකලේ මම රිදෙයිදෝ යැයි ශෝකයෙන්...
    නොවනු බිය පුත කපනු මගෙ කය කීවේ නිසලව මයෙ ගුරුන්...
    අත්ද කකුලුද උරස උදරද පැළුව පසුවත් නිශ් ගතේ...
    කොතෙක් බැලුවද සොයනු බැරිවිය ජාති ආගම කිසි තැනේ...
    සිංහලද,මුස්ලිම්ද,දමිලද සැවොම සිටියත් Batch එකේ...
    නිසල වූ පසු සැවෙම එක බව කියදුන්නා තියෙටරේ...
    ගිණිතබා හෝ වලදමා හෝ නික්ම ගියෙනම් අපෙ ගුරුන්...
    උගනු හැකිවෙද #සියල්_අපහට නොදැක Anatomy පියැවිසින්...
    එසේ කැපකල බොහෝ ගුරුවරු සිටින බව ඔබ දැන දැනත්...
    කෙසේ අසනුද වළදමන ලෙස පිලිස්සිය යුතු නිශ්කදක්...?
    ✍️ සමිල රණසිංහ
    (ජායාරූප අන්තර්ජාලයෙන්)
    .
    .
    .
    උපුටාගැනීමකි ❤️
    ප.ලි.
    ඔයාලා body එක donate කරන්න කැමති නම්....
    කැමති මෙඩිකල් ෆැකල්ටි එකක Anatomy department එකකට පරිත්‍යාග කරන්න පුලුවන්.Anatomy department එකේ ඔෆිස් එකෙන් ගන්න පුලුවන් form එකක්.ඒක පුරවලා දෙන්න තියෙන්නෙ.
    ඒකෙ තියනවා දේහයක් පරිත්‍යාග කරන්න සපුරන්න ඕන සුදුසුකම් සහ මරණයෙන් පස්සෙ සිදුකරන්න ඕන ක්‍රියාවලිය.
    විනාඩි 10ක්වත් යන්නෙ නැති පොඩි වැඩක්.
    Form එක බාර දුන්නම ඒකට අදාලව ලිපියක් දෙනවා..
    පේරාදෙණිය Medical faculty එකේ ලින්ක් එක ඔන්න අයට 👇
    https://med.pdn.ac.lk/departments/anatomy/bodydonation.php
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අන්තිම කැමැත්ත වගේ තමයි...
    කැමැත්ත දීපු කෙනා මියගිය වහාම - අදාළ ආයතනය දැනුම්වත් කරන්න අවශ්‍යයි.
    මියගිය කෙනාගෙ ගෙදරට ඒ් ආයතනයෙන් ලියවිල්ලක් දෙනව.. ඒ් බව සදහන් කරල..
    ඉස්පිරිතාලෙ මැරුනා නම් මෝචරියට මිනිය ගිහින් දානවා නේ බන්. අපි මිනිය බාර ගන්න ගියාම එතන එක්කෙනෙක් ඉන්නවා අක්ශිදාන එකෙ. එයාට කියන්න ඕන ඇස් දන් දෙන්න රෙජිස්ටර් වෙලා ඉන්නෙ ඇස් ගන්න කියලා.

    ගෙදර දී මැරුනොත් ඔය නම්බර් එක්කට කීවාම ගෙදරට ඇවිල්ලා ගන්නවා.

    මට මතක විදිහට පැය ගානක් තියෙනවා බන් ඇස් ගන්න ඔන.
    :love: :love: :love: :love:

    photo-2021-09-16-08-52-52.jpg
    photo-2021-09-16-08-52-52.jpg
    photo-2021-09-16-08-52-52.jpg

    දිව්‍යලෝකයේදී,
    පිච්චුවද? වළ දැම්මද?
    නැහැ මම සැමසුව පතා දන්දුන්නා... ❤️
    සුදු ලොහොබුවෙන් සැරසිලා ගිය මුල් දිනේ මට සිහිඋනේ....
    වැදුනි සැරටම ෆෝමලීන් සැර ඇරපු පමණින් තියටරේ....
    නිවන් යන්නට පතන දෙගුරුන් සිටියේ තැන තැන නිසල සේ...
    දෙගුරු තනතුර ගුරු උනා අප තබපු සැනකින් සැත ගතේ...
    දහය අංකයෙ ටොලිය මත හිදියා මවක් මහ පිං කදක්...
    වටවී අපෙ උන් වැන්දෙ හිස නම වෙන්න පතමින් මතු බුදුන්...
    සැතක් ගෙනතට තදකලේ මම රිදෙයිදෝ යැයි ශෝකයෙන්...
    නොවනු බිය පුත කපනු මගෙ කය කීවේ නිසලව මයෙ ගුරුන්...
    අත්ද කකුලුද උරස උදරද පැළුව පසුවත් නිශ් ගතේ...
    කොතෙක් බැලුවද සොයනු බැරිවිය ජාති ආගම කිසි තැනේ...
    සිංහලද,මුස්ලිම්ද,දමිලද සැවොම සිටියත් Batch එකේ...
    නිසල වූ පසු සැවෙම එක බව කියදුන්නා තියෙටරේ...
    ගිණිතබා හෝ වලදමා හෝ නික්ම ගියෙනම් අපෙ ගුරුන්...
    උගනු හැකිවෙද #සියල්_අපහට නොදැක Anatomy පියැවිසින්...
    එසේ කැපකල බොහෝ ගුරුවරු සිටින බව ඔබ දැන දැනත්...
    කෙසේ අසනුද වළදමන ලෙස පිලිස්සිය යුතු නිශ්කදක්...?
    ✍️ සමිල රණසිංහ
    (ජායාරූප අන්තර්ජාලයෙන්)
    .
    .
    .
    උපුටාගැනීමකි ❤️
    ප.ලි.
    ඔයාලා body එක donate කරන්න කැමති නම්....
    කැමති මෙඩිකල් ෆැකල්ටි එකක Anatomy department එකකට පරිත්‍යාග කරන්න පුලුවන්.Anatomy department එකේ ඔෆිස් එකෙන් ගන්න පුලුවන් form එකක්.ඒක පුරවලා දෙන්න තියෙන්නෙ.
    ඒකෙ තියනවා දේහයක් පරිත්‍යාග කරන්න සපුරන්න ඕන සුදුසුකම් සහ මරණයෙන් පස්සෙ සිදුකරන්න ඕන ක්‍රියාවලිය.
    විනාඩි 10ක්වත් යන්නෙ නැති පොඩි වැඩක්.
    Form එක බාර දුන්නම ඒකට අදාලව ලිපියක් දෙනවා..
    පේරාදෙණිය Medical faculty එකේ ලින්ක් එක ඔන්න අයට 👇
    https://med.pdn.ac.lk/departments/anatomy/bodydonation.php
    :love::love::love: