ඇස්_දන්දෙන්න

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    ඕනෑම කෙනෙකු මියගොස් පැය 04 ක් ඇතුළත ඇස් දන්දීමේ පුණ්‍යකර්මයට දායක වෙන්න පුළුවන්.
    ඇස් දන්දීම සඳහා වයස් සීමාවක් නැත.
    ජීවත්ව සිටියදී පොරොන්දු පත්‍රයක් අත්සන් කොට මේ සඳහා දායක විය හැකිය.
    011-2698040, 41, 43 දුරකථන අංක ඇමතීමෙන් පොරොන්දු පත්‍රයක් ගෙදරටම ගෙන්වාගත හැකිය.


    වැඩි විස්තර ඕනෙ නම් පහත LINK එකට යන්න


    Sri Lanka Eye Donation Society
    http://www.eyedonation.slt.lk/

    මෙම කොටස උපුටා ගැනීමකි


    මට ලියාපදිංචි වෙන්න බැරි උනොත්……..?

    එසේ නම් ඔබට පුළුවන් ඔබ ඒ උතුම් පරිත්‍යාගය කිරීමට කැමති බවට ඔබේ ඥාතීන් දැනුවත් කර තබන්න. එවිට කවදා හෝ ඔබේ මරණය සිදු වූ දිනක ඔබේ ඥාතීන් අක්‍ෂිදාන සංගමයට දැනුම් දීම මඟින් ඔබේ ඒ උතුම් සිතුවිල්ල සාර්ථක වේවි.

    ඒත් මගේ ඇසවල පෙනීම හොඳ මදිනේ…….?

    ඇත්තෙන් ම ඔබ ඒ ගැන පසුතැවිලි විය යුතු නැහැ. ඇස්වල පෙනීම මද බව ඇස් දන් දීමට බාධාවක් නෙමෙයි. ඕනෑ ම පුද්ගලයෙක් වයස්ගතවීමේ දී ස්නායු ශක්තිය හීනවීම හේතුකොට ගෙන ඇසෙහි පෙනීමේ හැකියාව දුර්වල වෙනවා. බාල හෝ තරුණ වයසෙදි පවා පෙනීමේ ශක්තිය දුර්වල වෙන්න පුළුවන්. ඔබ පෙනීම මද අයෙකු වුවත් ඇසෙහි කළු ඉංගිරියාව (කුණීතය) (cornea) කොටසට හානියක් වී නො මැති නම් එම කොටස් වෙනත් අයෙකුට බද්ධ කර පෙනීම ලබා දෙන්න පුළුවන්.

    පරිත්‍යාගයෙන් පරිත්‍යාගය…….

    ඔබ වරක් අක්‍ෂි බද්ධයකින් පෙනීම ලැබූ අයෙක් වෙන්න පුළුවන්. ඔව් ඔබටත් පුළුවනි ඔබේ ඒ නෙත් දන් දී අප්‍රමාණ වූ පින් පල ජීවිතයට රැස්කරගන්න. ඔබේ ඒ පරි ත්‍යාගය පිළිගැනීමට අක්‍ෂිදාන සංගමය සූදානම්.

    එතකොට වයස් සීමාව……?

    වයස අවුරුදු 4 වැඩි ඕනෑ ම අයෙකුට තමන්ගේ දෙනෙත් දන් දෙන්න පුළුවන්. අවුරුදු 4 ට අඩු දරුවන්ගේ අක්‍ෂි සෛල නිසි ලෙස වැඞී නැති නිසා ඔවුන්ගේ දෙනෙත් ඒ සඳහා සුදුසු වන්නේ නැහැ. පසුගිය දිනක අක්‍ෂිදාන සංගමය මඟින් වයස අවුරුදු 105 ක් වයසැති පරිත්‍යාගශීලීයෙක�� �ගේ එම ඇස් පරිත්‍යාගයන් ලබාගෙන තිබුණා.

    ඒත්…..?

    පහත සඳහන් තත්වයන්ට ගොදුරු වූ අය ඇස් පරිත්‍යාගය සඳහා සුදුසු වෙන්නෙ නෑ.
    HIV ඒඞ්ස් ආසාදිත හා අනෙකුත් සමාජ රෝග, සෙංගමාලය (Hepatils) වැනි වෛරස් ආසාධිත රෝග,ජලභීතිකාව^Hiydrophobia &”, මොළේ ප්‍රදාහයන් ^Encephalitis& වැනි රෝගවලින් පෙළෙමින් සිට. එම රෝගයෙන් මියගිය අයෙකුගේ දෙනෙත්.
    ඇස් කුණීතය (කළු ඉංගිරියාව) ^Cornea& කොටසට යම් ආකාරයකින් හානි වූ නෙත්.
    පැරකොට් ප්‍රමාණය වැඩි කෘමිනාශක ශරීරගත වූ අයගේ නෙත්.
    නයෙකු හෝ පොළඟකු දෂ්ඨ කිරීමෙන් මිය ගිය අයෙකුගේ දෙනෙත්.


    මීට අමතර ව මිනීමැරුමක් හෝ හදිසි අනතුරකින් සිදු වූ මරණයක දී අධිකරණ වෛද්‍ය නිලධාරී අවසරය හා පළාත් මරණ පරීක්‍ෂක අවසරය අවශ්‍ය වෙනවා.

    නෙත් දන්දීමට පොරොන්දු වූ මගේ ඥාතියෙකු මිය ගිය විටක දී….

    ඔව්…. ඇස් දන්දීම කළ යුතතේ මරණය සිදු වී පැය 04 ක කාලයක් තුළ යි. මෙය දේශගුණික තත්වය මත වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට නුවරඑළිය ප්‍රදේශයේ ජීවත් වූ අයෙකු නම් පැයක කාලයක් ඉඩ දෙන්න පුළුවන්. හේතුව ඔහුගේ ඇසෙහි තෙතමනය රැඳි පවතින නිසා. ඉතින් ඔබ කළ යුතු වන්නේ විගස අක්‍ෂිදාන සංගමයට හෝ ළඟ ම ඇති අක්‍ෂිදාන සේවා මධ්‍යස්ථානයට දැනුම් දීම යි.

    එතකොට අපේ මරණයෙදි දන් දෙන්න පුළුවන් ඇස් විතර ද?

    ඇත්තෙන් ම නැහැ. ඔබේ සිත ඒ උතුම් පරිත්‍යාගයට කැමති නම් ඔබට පුළුවනි ඇස්වලට අමතර ව හදවත, සිරුරේ කොටස් හා මුළු සිරුර ම දන් දෙන්න. (හෘදය වස්තුව වටේ ඇති සිවිය ^Perirdiam&”, ශරීරයේ සියලූ ම කටු, හම) ආදිය දහස් ගණනක් වන රෝගීන්ගේ ජීවිත සුවපත් කරන්නට උපකාර වෙනවා. ඔබට මේ පුණ්‍ය සතුවිල්ල ඇති වූයේ නම් දිනක එක්කෝ මහපොළොවට පස් වීමෙන් නැත්නම් සෙහොනක අළු වීමෙන් ඉරණම විසඳීමට නියමිත ඔබේ කය තවත් ජීවිතයක සුවපත්භාවය පිණිස උපකාරයක් වේවි. මරණින් මතු ඔබේ ශරීරයේ කොටසකින් සුවපත්භාවය ලැබූ අසරණ රෝගියෙකුගේ මුවින් පිටවන සැනසුම් වදන් ආශිර්වාදයක් වේවි.

    ඔබ කළ යුත්තේ……

    ඇස් දන් දෙන ආකාරයට ම අක්‍ෂිදාන සංගමයේ ලියාපදිංචි වීම මඟින් හෝ ඥාතීන් දැනුවත් කර තැබීම මඟින් ඔබට ඔබේ පුණ්‍ය චේතනාව ඉටු කරගත හැකි වෙනවා. මෙම උතුම් කාර්යය සිදු කරන්නේ ශ්‍රි ලංකා අක්‍ෂිදාන සංගමයට අනුබද්ධිත ව පිහිටවනු ලැබූ ආසියා ශාන්තිකර කලාපීය ආදර්ශ මිනිස් පටක බැංකුව මඟිනි. ^Human Tissue bank&

    ඒ සඳහා ඔබ…….

    වයස අවුරුදු 70 වට අඩු අයෙකු මිය ගොස් පැය 12 ක් ඇතුළත ශරීර කොටස් දන්දීම සිදු කළ යුතු යි..

    ඒ වගේ ම වෛරස් ආසාදිත රෝග, දිලීර හා බැක්ටීරියා ආසාදිත රෝග වැළඳීමෙන් මියගිය අයෙකුගේ ශරීර කොටස් පරිත්‍යාගය සඳහා නුසුදුසු වෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මුළු ඇඟම දන් දෙන්න කැමති උනොත් මලගේදරක් ගන්න වෙන්නෙ නැතිවෙයිද බන් බොඩියක් නැති නිසා :oo: