ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...
උඹට පුලුවන්ද බං මගෙ දුයිෂෙන් වෙන්ට
ප්‍රේමය දරාගත් පොප්ලර් ගහ වෙන්ට
ඈතින් බලා ඉඳ නිහඬවම සැනසෙන්න
සලෙළෙකුට පුලුවන්ද භාවනාවක් වෙන්ට...
අයිලයේ ගෑනුන්ට පෙම් කවි අමුණන්ට
උන්ගෙ සළු පිළි උනා නිරුවත විඳගන්ට
ප්‍රේමයේ දිග පළල කිසිදාක නොම දන්න
සලෙළෙකුට බෑ බං මගෙ දුයිෂෙන් වෙන්ට...
බැරි උනත් කිසිදාක මගෙ දුයිෂෙන් වෙන්ට
උඹට පුළුවන් තවම හොඳ මිනිහෙක් වෙන්ට
පාන්දර කෝච්චියෙ යනවා මං යන්න
ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...
මං,
එදා ඉඳන්ම උඹේ හැටි දැනගෙන උන්න,
"අල්තිනායි"...
W.A.w.k.W.
උඹට පුලුවන්ද බං මගෙ දුයිෂෙන් වෙන්ට
ප්‍රේමය දරාගත් පොප්ලර් ගහ වෙන්ට
ඈතින් බලා ඉඳ නිහඬවම සැනසෙන්න
සලෙළෙකුට පුලුවන්ද භාවනාවක් වෙන්ට...
අයිලයේ ගෑනුන්ට පෙම් කවි අමුණන්ට
උන්ගෙ සළු පිළි උනා නිරුවත විඳගන්ට
ප්‍රේමයේ දිග පළල කිසිදාක නොම දන්න
සලෙළෙකුට බෑ බං මගෙ දුයිෂෙන් වෙන්ට...
බැරි උනත් කිසිදාක මගෙ දුයිෂෙන් වෙන්ට
උඹට පුළුවන් තවම හොඳ මිනිහෙක් වෙන්ට
පාන්දර කෝච්චියෙ යනවා මං යන්න
ඇහැකි නම් වතාවක් "ගුරු ගීතෙ" කියවන්ට...
මං,
එදා ඉඳන්ම උඹේ හැටි දැනගෙන උන්න,
"අල්තිනායි"...
W.A.w.k.W.



