ඇහැළේපොළගේ අගබිසව වීමට පෙරුම් පිරූ ඕපල්ලේ ගම දියණිය

reuse

Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com

    රජුන්, රැජිණියන් හෝ වෙනත් පාලකයන් සම්බන්ධයෙන් ඉතිහාසයේ සැඟවුණු හෝ සඟවණ ලද රහස් බොහෝ ය. අතීතයේ සැඟවුණ එම රහස් එදා සිට අද දක්වා පැවත එන්නේ, මුඛ පරම්පරාගතව එන ජනප්‍රවාදයන් ඔස්සේ ය. එම පුවත් ජනප්‍රවාද වූ පමණින්ම ඉවත නොදැමිය යුතු බව ප්‍රකාශ කළේ, හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුර ශූරීන් ය. එම කතා පුවත් අතර, සත්‍ය පුවත් මෙන්ම අසත්‍ය පුවත්ද නැත්තේම නොවේ.

    සබරගමුවට පැමිණි ඇහැළේපොළ මහාදිකාරම හා සබැදුණ සැඟවුණු රසබර කතා පුවත් බොහෝමයක් ජනශ්‍රැතියෙන් මෙන්ම ඓතිහාසික ලේඛන ආශ්‍රයෙන්ද අසන්නට දකින්නට ලැබේ. මේ වනවිට එම තොරතුරු ද මතකයෙන් බැහැරව යමින් ඇත. එමෙන්ම ඇහැළේපොළ චරිතය හා සබැදුණු තවත් කතා කිහිපයක්ද රස විඳ සිටිමු.

    ඇහැළේපොළ පරපුරේ ආරම්භය සහ අවසානය.........

    බොහෝ දෙනෙකු එතුමන් හැඳින්වූයේ, ඇහැළේපොළ අපේ දෙවැනි රජ්ජුරුවෝ නමින් ය. අභිධානයන් සමග එතුමාගේ සම්පූර්ණ නාමය ඇහැළේපොළ වරදමුනි විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න ඒකනායක අමරකෝන් වාසල රනමුක පණ්ඩිත මුදියන්සේ ය.

    මාතලේ දිස්ත්‍රික්කයේ උතුරු මාතලේ උඩුගොඩ උඩුසිය පත්තුවට අයත්, කිනිගම, උරුලෑමුල්ල, කොහොන, කොහොලන්වල, වල්මෝරුව, දෙමදොය, දළුපොත, හෝමාපොල සහ ඇහැළේපොළ යන ග්‍රාමයන්, මහනුවර යුගයේ මුල් භාගයේ එකම ගම් වසමක් හෙවත් ගම් තුලාන කි. විශාල වර්ග සැතපුම් ප්‍රමාණයක් පුරා පැතිර ගිය මෙම ගම් වසමේ, ගමරාල හෙවත් ගම් ප්‍රධානියා නමින්, වරදමුනි ඒකනායක විජයසුන්දර (I වැනි ඇහැළේපොළ) වුවත්, ඔහු ප්‍රසිද්ධ වූයේ ඇහැළේපොළ ගමරාල නමින් ය. ඇහැළේපොළ ගමරාල, විශේෂයෙන්ම ඇස් වෙදකම, ජ්‍යොතිෂ්‍යය, වාස්තු විද්‍යාව ගැන පමණක් නොව, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ගැන ද මනා දැනුමක් තිබුණු අයෙකි. අනෙකුත් ගම් වසම් තුළ ද ඔහුගේ හැකියාව ප්‍රචලිත වී තිබුණි. එම නිසා ඔහුට, නැකැත්ගෙදර නිලමේ යන අපර නාමය ද විය.

    එක්තරා දිනයක මාතලේ, කොහොන ගමේ පිහිටි, “කොහොන වලව්වේ මහ නිලමේ”, සිය දියණියගේ සහ තවත් තරුණයකුගේ වේලාපත්කඩ රැගෙන, ඇහැළේපොළ, නැකැත්ගෙදර නිලමේ හමුවට ආවේ, ඒවායේ පොරොන්දම් ගැළපේදැයි පරීක්‍ෂාකර බැලීමටය. තරුණියගේ වේලාපත්කඩයෙන් පෙනී ගියේ, ඇය ඉතාමත් වාසනාවන්තියක බව ය. ඇය විවාහකර ගන්නා තැනැත්තා, කසකරුවන් පිරිවරා ගත් පෙරහැරක යාමට තරම් වාසනාවන්තයකු වන බව ඇගේ වේලා පත්කඩයෙන් පැහැදිලි විය. මේ වනවිට තරුණ වියේ පසුවන තම පුතාට මෙම තරුණිය විවාහකර දිය යුතු යයි කල්පනා කළ ගමරාල, පොරොන්දම් පරීක්‍ෂාකර ගැනීමට පැමිණි ඇයගේ පියාට කීවේ, ගෙන ආ තරුණයාගේ හඳහනට පොරොන්දම් නො ගැලපුනත්, තම පුතාගේ හඳහනට නම් මෙම තරුණියගේ හඳහන ඉතාමත් හොඳින් ගැලපෙන බව ය.

    කොහොන වලව්වේ තරුණ කුමාරිහාමිගේ ඉරණම විසඳුනේ ඒ ආකාරයට හෙවත් බඹා කෙටූ හැටියට ය. ඇය විවාහ වූයේ, ඇහැළේපොළ වලව්වේ “විජයසුන්දර නිලමේ” සමග ය. මේ වනවිට ද ඔහු සෙනරත් (ක්‍රි:ව:1604-1634) රජතුමාගේ රාජසභාවේ සේවය කළ අතර, ඔහු ප්‍රසිද්ධ වූයේ, ඇහැළේපොළ හළුවඩන නිලමේ (II වැනි ඇහැළේපොළ) නමින් ය. මේ දෙපළට පුතකු උපන් අතර, ඔහුට ඇහැළේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ (III වැනි ඇහැළේපොළ) යනුවෙන් නම තැබුවේ ය. ඔහු ද II වැනි රාජසිංහ රජතුමා යටතේ රාජ්‍ය සේවයට එක් විය. II වැනි රාජසිංහ (ක්‍රි:ව: 1634-1684), II වැනි විමලධර්මසූරිය (ක්‍රි:ව:1684-1706) සහ වීර පරක්‍රම නරේන්‍ද්‍රසිංහ (ක්‍රි:ව: 1706-1739) යන රජවරුන් තිදෙනකුටම සේවය කළ මෙතුමා, ක්‍රි:ව: 1717 දී මියගියේ මහාදිකාරම් ධුරය හොබවමින් සිටිය දී ම ය. මෙතුමන් මියගියේ හකු පිළිකාවකින් නිසා, ඔහු හැඳින්වූයේ හකු පිළිකාවෙන් නැතිවෙච්චි මහ නිලමේ (III වැනි ඇහැළේපොළ) කියා ය.

    හකු පිළිකාවෙන් නැතිවෙච්චි මහනිලමේගේ පුතා, ඇහැළේපොළ විජයසුන්දර චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න මුදියන්සේ (IV වැනි ඇහැළේපොළ) ය. මොහු ක්‍රි:ව:1745 දී ඕලන්ද නෞකාවකින්, මධුරාපුරයට ගොස්, ශ්‍රී විජය රාජසිංහ රජතුමාට බිසවක් ගෙන ආ කණ්ඩායම නියෝජනය කළේ ය. එයට කෘතගුණ සැලකීම් වස්, රජතුමා ඔහුට මාතලේ, හාරිස්පත්තුව සහ හේවාහැට ප්‍රදේශවලින් ගම්වර කිහිපයක්ම නින්දගම් වශයෙන් ප්‍රදානය කළේය.

    IV වැනි ඇහැළේපොළ විවාහ වූයේ, කොස්සින්නේ කුමාරිහාමි සමග ය. ඇය සතර කෝරළයට අයත් පරණකුරු කෝරළේ, කොස්සින්න වලව්වේ, “කොස්සින්න රටේ කෝරාළ” නිලමේගේ දියණිය යි. “කොස්සින්න කෝරාළ” යනු ඇයගේ සොහොයුරා ය. කොස්සින්න වලව්ව පිහිටියේ, කෑගල්ල, දික්කොහුපිටියේ ය. මෙම දෙපළට පිරිමි දරුවන් දෙදෙනෙකි. වැඩිමලා, ඇහැළේපොළ විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සේනානායක ජයතිලක ඒකනායක අමරකෝන් පණ්ඩිත මුදියන්සේ (V වැනි ඇහැළේපොළ) වන අතර, ඔහු විවාහ වූයේ, “පොල්ගොල්ලේ මැණිකේ” සමගින් ය. මොහු සත් කෝරළයේ මහ ලේකම් හෙවත් දිසාව වශයෙන් 1810 සැප්තැම්බර් 22 දී පත්ව ගිය බව, ඩොයිලි සිය දින පොතෙහි සඳහන් කරයි. දෙවැනි පුතා, ඇහැළේපොළ (පුංචිරාල) නිලමේ හෙවත් ඇහැළේපොළ වරදමුනි විජයසුන්දර වික්‍රමසිංහ චන්‍ද්‍රසේකර සෙනෙවිරත්න ඒකනායක අමරකෝන් වාසල රනමුක පණ්ඩිත මුදියන්සේ (VI වැනි ඇහැළේපොළ) ය. ඔහු විවාහ වූයේ, කැප්පෙටිපොල රාජපක්‍ෂ වික්‍රමසිංහ බණ්ඩාරනායක යන පරම්පරාගත අභිධානය ලැබූ ගොලහැල දියවඩන නිලමේගේ සහ පිළිමතලව්වේ මැණිකේගේ දියණිය වූ “මොණරවිල පුංචිමැණිකේ” සමග ය. පිළිමතලව්වේ මැණිකේ යනු, පිළිමතලව්වේ මහාදිකාරමගේ නැගණිය කි. එම ඥාති සම්බන්ධය අනුව පිළිමතලව්වේ අදිකාරම, ඇහැළේපොළගේ මාමණ්ඩිය යි.

    ජයතිලක ඒකනායක අමරකෝන් පණ්ඩිත මුදියන්සේට සහ පොල්ගොල්ලේ මැණිකේට පුතුන් දෙදෙනෙකු සහ දියණියක විය. වැඩිමහල් පුතා, රාජකරුණා රාජපක්‍ෂ ඇහැළේපොළ (VII වැනි ඇහැළේපොළ) නම් වූ අතර, ඔහු නුවර කලාවියේ දිසාවේ වශයෙන් කටයුතු කළේය. බාල පුතා, සත් කෝරළයේ ඉහළ දොළොස් පත්තුවේ කෝරළේ වශයෙන් පත්කර තිබූ අතර, ඔහු කුඩාබණ්ඩාර ඇහැළේපොළ (VIII වැනි ඇහැළේපොළ) ය. ඔහු විවාහ වූයේ ඇල්ලේපොළ දිසාවගේ දියණියක සමගින් ලාබාල වියේ දිම ය.

    මේ දෙදෙනාම “කෝල සන්නිය” නැමති රෝගය වැළඳී, 1812 දි මියගිය බව ඩොයිලි සඳහන් කරයි. මෙම යුවළට කුඩා දරුවකු සිටි බවත්, ඇහැළේපොළගේ අඹු දරුවන් සමග මෙම දරුවා ද ඝාතනය කෙරුණු බව ලෝරි සඳහන් කරයි.

    ඇහැළේපොළ නිලමේ විවාහ වන විට වයස අවුරුදු 23 කි. මොණරවිල මැණිකේ එකුන් විසි වයස් ය. විවාහයෙන් පසු මොණරවිල පුංචි කුමාරිහාමි හැඳින් වූයේ ඇහැළේපොළ කුමාරිහාමි නමින් ය. ඇය එවකට කන්ද උඩරට සිටි සුරූපිම තැනැත්තියෙකි. ඇය කොතරම් සුරූපි තැනැත්තියක වුව ද, ඇයගේ ස්වාමි පුරුෂයා වූ ඇහැළේපොළ දිසාව, වෙනත් කාන්තාවන් සමග ද අනියම් සබඳතා පැවැත් වූ බව, කිසිවකුටත් රහසක් වූයේ නැත. එය රහසක් වූයේ නම්, ඒ ඇහැළේපොළ කුමාරිහාමිට පමණක් ය. නො එසේ නම්, ඇය ද මේ ගැන දැන දැන නිහඬව සිටියා ය. මෙම විවාහයෙන් ඔවුන් දෙපළට දරුවන් සිව් දෙනෙකු විය. ලොකු බණ්ඩාර (IX වැනි ඇහැළේපොළ) සහ මද්දුම බණ්ඩාර (X වැනි ඇහැළේපොළ) යන නම්වලින් පිරිමි දරුවන් දෙදෙනෙකුත්, ඩිංගිරි මැණිකා සහ ටිකිරිමැණිකා යන නම්වලින් දියණියන් දෙදෙනකුත් වශයෙනි. (සමහර මූලාශ්‍රවල සඳහන් වන්නේ, වනේ ලා කෙටූ දියණිය පමණක් සිටි බව ය.) මෙහි සඳහන් වන ඇහැළේපොළ මහ නිලමේ, VI වැනි ඇහැළේපොළ හෙවත් පුංචිරාල ය.

    ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ නියෝගයෙන්, ඇහැලේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් මරණයට පත් කළේ, ක්‍රි:ව: 1814 මැයි මස 17 දින දී, විෂ්ණු සහ නාථ දේවාල දෙක අතර පිහිටි දේව සන්හිඳ නම් ස්ථානයේදී බව සඳහන් ය. එකොළොස් වියේ පසු වූ වැඩිමහල් පුතා ලොකු බණ්ඩා සහ නවවැනි වියෙහි පසු වූ දෙවැනි පුතා මද්දුම බණ්ඩාරගේ හිස ගසා මරා දැමීමටත්, කුඩා අත දරු දියණිය වංගෙඩියකට දමා කෙටීමටත්, කුමාරිහාමි ගලක් බැද බෝගම්බර වැවේ ගිල්වා මරා දැමීමටත් නියෝග ලැබුණි. රූපශ්‍රීයෙන් අග තැන්පත් වූ ඇහැලේපොළ කුමාරිහාමි එඩිතර කුල කාන්තාවකි.
     
    reuse

    Well-known member
  • May 10, 2009
    852
    2,776
    93
    Kita ku
    www.youtube.com
    ඇහැළේපොළගේ නිලමේගේ දෙවැනි විවාහය.....

    ඇහැළේපොළ මහ නිලමේ මුහුණ දුන් භයානකම සිද්ධිය වූයේ සිය දරු පවුල ඝාතනය යි. එහෙත් එයින් මද කලකට පසුව ඔහු යළිත් විවාහ විය. ඇහැළේපොළ කුමාරිහාමි සහ දරුවන් සිව් දෙනා රාජ නියෝගය අනුව ඝාතනය කිරීමෙන් පසු, ඇහැළේපොළ මහනිලමේ සිය දෙවැනි විවාහයක් කර ගත්තේ, දරු පවුල ඝාතනයෙන් වසරක් ගෙවීමට පෙර හෙවත්, 1815 මාර්තු මාසයේ දී ය. ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 42 කි. ඔහු දෙවැනි වරට විවාහ වූයේ, පිළිමතලව්වේ මහාදිකාරමගේ වැඩිමහල් දියණිය හෙවත් 1806 දි සිය දිවි හානි කරගත් මීගස්තැන්නේ අදිකාරමගේ වැන්දඹු බිරිඳවූ “පිළිමතලව්වේ ලොකුමැණිකේ” සමග ය. දෙවැනි විවාහයෙන් ඇහැළේපොළ මහාදිකාරම්ට සහ ලොකුමැණිකේට දරුවන් ලැබුණේ නැත.

    ඇහැළේපොළට සිය බිරිඳ සහ දරුවන් බේරා ගැනීමට අවශ්‍යතාවයක් තිබුණා ද…..?

    ඇහැළේපොළට සිය බිරිඳ සහ දරුවන් බේරා ගැනීමට අවශ්‍ය වූයේ නම්, ඔහුට කන්ද උඩරටට පැමිණ රජතුමා හමුවීමට අවස්ථාව ලබා දී තිබුණේ ය. එහෙත් ඔහු ඒ අවස්ථාව නොසලකා හැර ඇති බව, මේ ගැන කළ අධ්‍යයනයේ දී පැහැදිලි විය. වැරදිකරු වෙනුවෙන් බිරිඳ සහ දරුවන් නිවාස අඩස්සියේ රඳවා තැබුවේ, එකල පැවති රාජ නීතිය අනුව මිස රජතුමාගේ පුද්ගලික අවශ්‍යතාවයට නොවේ. එහෙත් අදිකාරම තම බිරිඳ ඇතුළු දරුවන් සිව් දෙනා අත්අඩංගුවට ගැනීම “දොයිතුවකට මායිම් නොකර” ඉංග්‍රීසීන් වෙත පලා ගියේ, ලොකුමැණිකේ සමග තිබුණ අනියම් සබඳතාවය නිසා සහ සබරගමුවේ දී ඔහු ගත කළ කාම භෝගී ජීවිතය නිසා බව බොහෝ දෙනෙකු සැක පහළ කරති. ඔවුන් දෙදෙනා අතර මෙම අනියම් සබඳතාවය පැවතුණේ, මීගස්තැන්නේ අදිකාරම ජීවත්ව සිටි කාලයේ සිට ය.

    සිය දෙවැනි විවාහය උත්කර්ෂවත් අන්දමින් සිදුකළ යුතු බව, සර් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයාට දන්වා යැවූ මහාදිකාරම්වරයා, ඒ සඳහා වියදම් කිරීමට තමන් සතුව මුදල් නොමැති බව ද වැඩිදුරටත් සඳහන් කළේ ය. ආණ්ඩුකාරවරයා විවාහ මංගල්‍යයට වියදම් වශයෙන් රං පගෝදි 5000ක් දුන්නේ ය. ඔහු දෙවැනි විවාහයක් සිදුකර ගෙන තිබුණත්, ලබාදුන් මුදල එයට වැය කර නො තිබුණ බව පසුව අනාවරණ විය. මේ සම්බන්ධයෙන් ඉතිහාසඥයන් කියන්නේ, ආණ්ඩුකාරවරයා විවාහය සඳහා ලොකු මුදලක් දෙන්නේ දැයි පරීක්‍ෂා කිරීම සඳහා මහ නිලමේ එවැනි ඉල්ලීමක් කරන්නට ඇති බව ය.

    ඇහැළේපොළගේ රහසිගත විවාහයක්.....

    සබරගමුවට පැමිණි මහාදිකරම්වරයා ගත කළේ සැපවත් කාමභෝගී ජීවිතයක් බව මෙයට පෙර සඳහන් කළෙමි. ඔහු සබරගමුවේ දොළොස්වල පවුලේ කුල කාන්තාවකට ද විවාහ යෝජනාවක් කර ඇති අතර, එයට ඇලපාත, දොළොස්වල සහ එම පරපුරේ අනෙකුත් ඥාති පවුල් අකමැති වූ බව කියති.

    ඉන් අනතුරුව ඔහු නැවතත්, ඉතාමත් කෙටි කලක දී සබරගමුවේ කුල කාන්තාවක සමග රහසිගතව විවාහ වූ බව, ප්‍රදේශයේ පවතින ප්‍රසිද්ධ රහස කි. රත්නපුර ප්‍රදේශයේ විහාරස්ථානයකින් මා ලද මෙම තොරතුර, සත්‍ය පුවතක් බව සනාථ කළේ රත්නපුර රදල පවුල් ය. තොරතුරට අනුව ඔහු මාරපන ප්‍රදේශයේ මොහොට්ටාල කෙනෙකුගේ සුරූපී දියණියක් සමග තෙවැනි වරට රහසිගතව විවාහ විය. තරුණියගේ පියා, එවකට බටුගෙදර මහවාඩියේ සේවය කළ මොහොට්ටාල කෙනෙකි. විවාහයෙන් ඔවුන්ට පුතකු සහ දියණියක සිටි බවත්, බටුගෙදරට තදාසන්න ප්‍රදේශයක නව ගෘහයක් ඉදිකර ඔවුන් එහි පදිංචි කර වූ බවත් මෙම තොරතුරුවලින් කියැවේ. වලව් පෙළපත්වල පවත්නා, “නම ද…?.. ගම ද…?..” යන න්‍යාය යටතේ මොවුන්ට තම නමෙන් කොටසක් සහ ඉඩකඩම්වලින් සුළු බිම් ප්‍රමාණයක් ලබා දුන් බව කියති.

    මහාදිකාරමට මෙම තරුණිය මුණගැසී ඇත්තේ, මාරපන රජනෑව දිය ඇල්ලේ දිය කෙළියට ගිය අවස්ථාවක ය. එතැනින් ඇති වූ සම්බන්ධයේ අවසාන ප්‍රතිඵලය වූයේ ඔහු ඇය සමග රහසිගතව විවාහ වීම ය. එකල පැවති පිළිගත් විවාහ චාරිත්‍රවලට අනුකූලව, එහෙත් රහසිගතව මෙම විවාහය සිදු කළ බව කියති. සිය බිරිඳ සහ දරුවන් බේරා ගැනීමට ඇහැළේපොළ මහ නිලමේ උනන්දු නො වීමට මෙම විවාහය ද හේතුවන්නට ඇතැයි සමහරු විශ්වාස කරති.

    1818 මාර්තු 02වන දින මහනුවර මඟුල් මඬුවේදී ඉංග්‍රීසීන්, මහාදිකාරම අත්අඩංගුවට ගැනීමෙන් පසු, රත්නපුරයේ විසූ මෙම රහසිගත දරු පවුල සඟවා තැබීමට එම පවුලේ ඥාතීන් සහ ඔහුට හිතවත් නිලමේවරුන් කටයුතු කර ඇත. ක්‍රි:ව: 1829 අප්‍රියෙල් 04 වැනි දින මහාදිකාරමගේ මරණයෙන් පසු, (සැඟව සිටි) ඔහුගේ රහසිගත විවාහයේ දරුවන් නැවත ප්‍රසිද්ධ සමාජයට පැමිණ ඇත.

    මෙම තොරතුර කොතෙක් දුරට නිවැරදි දැයි සනාථකර ගැනීම සඳහා ලිඛිත සාධක සොයා බැලුවත්, තොරතුර සැපයූ බොහෝ දෙනෙක් කියා සිටියේ, රහසිගත විවාහයක් නිසා එයට අදාළව ලිඛිත තොරතුරු නොමැති වුවත්, මේ පුවත රත්නපුරයට අලුත් කතාවක් නොවන බව ය. එසේ වුව ද එම දරුවන් ගෙන් පැවත එන පෙළපතෙහි වර්තමාන දූ දරුවන්ගේ ආත්ම ගෞරවය සුරකිනු වස්, එම නම් ගම් සියල්ලම ස්වයංවාරණයක් කළෙමි.

    ඇහැළේපොළගේ අග බිසව වීමට පෙරුම් පිරූ ඕපල්ලේ ගම දියණිය.......

    සබරගමුවේ රජෙක් මෙන් ජීවත් වූ ඇහැළේපොළ මහාදිකාරම සිය බිරිඳ වූ ඇහැළේපොළ කුමාරිහාමි සහ දරුවන් මහනුවර නවතා මෙහි පැමිණ ගත කළේ ද සුඛෝපභෝගී සල්ලාල ජීවිතයක් බව පෙර සඳහන් කළෙමි. ඔහු බොහෝ විට පළාතේ සිටි ප්‍රභූවරුන්ගේ, ගම් නායකයන්ගේත් බිරින්දෑවරු සහ දියණියන් සමග ද අනියම් සබඳතා පැවැත් වූ බව කියති.

    ඔහු හමුවීමට පැමිණි සමහරුන්, ඔහුට තෑගි වශයෙන් ගෙනවිත් ඇත්තේ රූමත් තරුණියන් හෝ කාන්තාවන් ය. නො එසේ නම් තමන්ගේම රූමත් බිරිඳ හෝ දියණියක් ය. නොඑසේ නම් ඥාතිවරියක් නැතහොත් තම ගම් මංඩියේ සිටින රූමත් කාන්තාවක් ය. සල්ලාල ජීවිතයක් ගතකිරීම සඳහා, මහාදිකාරම විසින් වෙනමම මාළිගාවක් බඳු දෙමහල් මන්දිරයක් ඉදි කළේ ය.

    අද මෙය ඇහැලේපොළ අන්තඃපුර මාළිගාව (Ehelepola Harem) (වර්තමානයේ දිස්ත්‍රික් පුරාවිද්‍යා කාර්යාලයය ස්ථාපිත කර ඇත්තේ මෙම ගොඩනැඟිල්ලේ ය) නමින් හඳුන්වයි. ගොඩනැඟිල්ල ඉදිකර ඇත්තේ, රත්නපුර නගරයේ ඉතා උස් බිම්කඩක ය. වත්මන් ෆර්ගසන් උසස් බාලිකා විදුහල පිහිටුවා ඇත්තේ, මෙම ගොඩනැඟිල්ල ආසන්නයේ ය. ඔටුනු නොපළන් රජෙකු මෙන් ජීවත් වූ ඇහැළේපොළ මහාදිකාරම, සබරගමුවට රජෙක් බඳුය. මේ අන්තඃපුර මාළිගාව අපට කියා පාන්නේ, එදා ඇහැළේපොළ, “අපේ දෙවැනි රජ්ජුරුවෝ” යන ගෞරව නාමයෙන් බුහුමන් ලබමින් ඔහු ගෙවූ සුඛෝපභෝගී ජීවිතය යි.

    ඇහැළේපොළ මහාදිකාරම, ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාට තිළිණ කිරීම සඳහා රාජ්‍ය කකුද භාණ්ඩයන් ගෙන් දෙකක් වන ඔටුන්නක් සහ කඩුවක් සෑදු බව සඳහන් කර ඇත. එම භාණ්ඩයන් අලංකාර කිරීමට සහ වැඩි වටිනාකමක් ලබාදීම සඳහා රන් ආලේප කර, වටිනා මැණික් එබ්බවීමට කටයුතු කර ඇති අතර, ඒ සඳහා ඔහුට අවශ්‍ය මැණික් සොයා දී ඇත්තේ ඔහුට හිතවත් පළාතේ නිලමේවරුන් ය.

    මඩුවන්වෙල දිසාව, ඇහැළේපොළ අදිකාරමගේ සමීපතම මිත්‍රයෙකි. විශාල නින්දගම් යායක හිමියකු වූ ඔහු කටයුතු කළේද, පළාතේ ඔටුනු නොපළන් රජෙකු මෙනි. ඔහු ගත කළේ ද කාමභෝගී ජීවිතය කි. ඔහුගෙන් ඉඳුල් නොවූ තරුණියක් එම නින්දගම් යාය තුළ සිටියා නම් ඒ ඉතාමත් කලාතුරකින් ය. මසකට වරක් දෙවරක් මඩුවන්වෙල දිසාව හමුවීමට මඩුවන්වෙලට යෑම ඇහැළේපොළගේ සිරිතක් විය. ඔහු එම ගමන යන්නෙ එන්නේ, ධවල වර්ණ අශ්වයකු පිට නැඟී හෝ දෝලාවකින් ය. මෙම ගමනේදී ඔහුගේ සාමාන්‍ය නැවතුම්පළ වූයේ, පල්ලෙබැද්දේ තිඹොල්කැටිය වලව්ව යි. ඒ ගමන යෑමට ඒමට තිබුණේ මඩුවන්වෙල පෙළපතට අයත් නින්දගම් යාය මැදින් ය. ඔහුගේ එක් ගමන් මාර්ගයක් වැටී තිබුණේ, තිඹොල්කැටිය, ආඳළුව ඕපල්ල හරහා ය. මඩුවන්වලගේ නින්දගමක් වූ මේ ගම් තුලානේ ගම්බාරෙ වශයෙන් කටයුතු කළේ ඩිංගිරිබණ්ඩා නම් අයෙකි. ඔහුගේ නිවස පිහිටියේ ඕපල්ලේ වන අතර, ඔහු හැදින්වූයේ, ඕපල්ලේ ගම්බාර නමින් ය.

    එක්තරා දිනක මඩුවන්වෙල වලව්වට අශ්වයකු පිටින් යන මහාදිකාරම්වරයාට ඕපල්ල ගමේදී දැකගත හැකි වූයේ, ආඳළු ගඟෙන් දිය නා ගෙන දිය පිරි කළ ගෙඩියක් උකුලේ තබා ගෙන ලැසි ගමනින් සිය නිවස බලා යන නාඹර වියේ පසුවන සුරූපී තරුණිය කි. ඇය අසළ නැවතුන ඔහු, ඇය කාගේ කවුදැයි විමසුවේය. ඇය තමන්ගේ වතගොත ඔහු හමුවේ දිග හැරියේ ය. ඇය ඕපල්ලේ ගම්බාරෙගේ එකම දියණිය වූ බිසෝ එතනා ය. අදිකාරම මඩුවන්වෙලට ගොස් ආපසු එන ගමනේදී ගම්බාරෙගෙ නිවස අසළ දී අසු පිටින් බැස ගියේ ගම්බාරෙගෙ නිවසට ය. ඒ මොහොතේ නිවසේ සිටියේ, ගම්බාරෙගේ බිරිඳ වූ එතනාහාමි පමණ ය. ඇය ද සුරූපී ගැහැනියකි. තමන් දැඩි හිසරදයකින් පෙළෙන නිසා ටික වෙලාවක් විවේක ගැනීමට අවශ්‍ය බව කියා සිටියේ ය. ඇය වහවහා නිවසේ තිබූ එකම පබිලියන් ඇඳ ඇහැළේපොළට විවේක ගැනීමට සකස්කර දුන්නේ, තමන්ට හැකි උපරිම අයුරින් ය. ගම්බාරේ කොහි දැයි ඔහු ඇය ගෙන් විමසුවේ ය. “…..පිංවන්ත හාමුදුරුවනේ,…..අපේ ඇත්තා කිතුලක් මැදගෙන…. මඤ්ඤොක්කා පඳුරක් ගලවන් එන්න ගඟ ඉහත්තාවට ගියා…..” යනුවෙන් පැවසීය.

    ඇහැළේපොළ, ගම්බාරෙගේ නිවසට ගොඩවැදුනේ නැති හිසේ අමාරුවක් හදා ගෙන ය. ඔහුගේ හිතට වද දුන්නේ වෙනත් කරුණක් ය. උදේ වරුවේ ගඟ අසබඩදි දිය නා නිවසට යමින් සිටි ගම්බාර දියණියගේ රූපශ්‍රිය ඔහුගේ හිතට වද දුන්නේය. ඇය ඔහුගේ මිනිබිරියක් බඳුය. එහෙත් භද්‍ර යෞවනයේ පසුවන ඇය ගැන පිළිබඳ සිතක් පහළවී ඇත.

    දැන් යකින්නගේ අව්ව මිහිකත සිප ගනිමින් පවතී. ගම්බාරේ ආපසු නිවසට පැමිණියේ, කිතුල් රා මුට්ටියක්, මඤ්ඤොක්කා අල කිහිපයක් සහ ඌරු මස් ගාතයක්ද රැගෙන ය. නිවස ඉදිරිපිට ගැටගසා දමා ඇති අශ්වයා දුටු ගම්බාරෙගෙ ඉහ මොළ රත් වුණේ, සබරගමුවෙ රජ්ජුරුවෝ තම නිවසට පැමිණ ඇති නිසා ය.

    මේ මොහොතේ තමාගේ නිවසේ නැවතී සිටින්නේ එසේ මෙසේ පුද්ගලයකු නොව අනාගතයේදී මෙරට රජවීමට පෙරුම්පුරන, මහ රජ්ජුරුවන් ය. දැන් සබරගමුවේ රජ්ජුරුවන් ය. තමන් මේ බව දැනගත්තේ තම ස්වාමියා වූ, මඩුවන්වෙල අප්පොගෙන් ය. ඇහැළේපොළ උතුමාට මැණික් ඔටුන්නක් සහ රන් කඩුවක් සෑදීම සඳහා, වටිනා මැණික් ගල් කිහිපයක් තමන් ද පරිත්‍යාග කළ බව ඔහුගේ මතකයට ආවේය.

    දැන් ඉරගල වැටී ඇති නිසාත්, තිඹොල්කැටිය වලව්වට මේ වෙලාවට යෑම අන්තරාදායක නිසා එදින රාත්‍රිය තම නිවසේ නවතින ලෙස ගම්බාරේ බැගෑපත්ව ඉල්ලා සිටියේ ය. අදිකාරම එයට ඉතසිතින්ම කැමති වුවත්, ඒ බව නොපෙන්වා ඔහු කියා සිටියේ, තිඹොල්කැටිය වලව්වට යා යුතු බව ය. දැන් ඉරගල වැටී ඇති නිසාත්, අලි වග වළසුන් දැන් මාර්ගයේ ගැවසෙන නිසා මේ වෙලාව තනියම ගමන් කිරීම අන්තරාදායක බව ගම්බාරේ වැඩිදුරත් කීවේය.

    විශ්‍රාමික පුරාවිද්‍යා නිලධාරි, රත්නපුර
    එච්.එම්. ජයන්ත විජේරත්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,189
    1
    58,564
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ කාලේ හිටපු සුරූපී කියන ගෑනු වැද්දෝ වගේ

    image.png
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    ඒ කාලේ හිටපු සුරූපී කියන ගෑනු වැද්දෝ වගේ

    image.png
    ඔව් මේ තමයි ඔර්ගිනල් කළු කොට කැත සින්ඝලු දැන් මේ ඉන්න සුකිරි කැලි ඔකොම කලවන් උන් ...
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835

    ඉතුරු ටික කෝ???

    Up
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,173
    1
    28,810
    113
    ඌ නම් මහ ශුක්‍රාණු බල්ලෙක්. හරි පිරිමියෙක් නම් රජතුමා හමුවෙලා, තමන් වැරැද්ද පිළිගෙන දරු පවුල නිදහස් කරගන්න තිබුණා. සබරගමුවේ මෝඩ මිට්ටොත් මූට රජ කෙනෙක්ට වගේ සලකලා