ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry

ilakookoo

Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry

    ඇෆ්ඝන් මොනාලිසාගේ කතාව -Steve McCurry

    National Geographicහි
    හොඳම ඡායාරූප 100 අඩංගු පොතෙහි
    කවරයට තේරුණු ඡායාරූපයයි මේ.



    1.jpg



    මේ අපූර්ව ඡායාරූපය පිටුපස
    සුන්දර කතාවක් තියනවා.

    බොහෝ ඡායාරූප ශිල්පීන්
    කැමරාව අතේ තියාගෙන
    හොඳම ඡායාරූපය ගන්න කල් මරනවා.
    ඇෆ්ගන් මෝනාලිසා ගන්න
    ස්ටීව් මැක්කරි අනුගමනය කල ක්‍රමය
    එවැනි ඡායාරූප ශිල්පීන්ට හොඳ පාඩමක්.
    ඔහු ඇයට දැල එලුවේ
    අති දක්ෂ දඩයක්කාරයෙක් මෙන්.
    ඔහු ඇගේ සිත දුටුවා.
    තමන්ට අවැසි ඡායාරූපය ගන්න
    ඔහු ක්‍රියා කල ආකාරය
    ඔහුගේ ඡායාරූප ශිල්පීය දක්ෂතා ඉක්මවූ
    සුවිශේෂී හැකියාවක්.



    2.jpg



    (1972 උපන්,) ශර්බත් ගුලා නම්
    මෙම ලජ්ජාශීලී එහෙත් ඍජු යුවතිය
    ඇෆ්ඝ්නිස්තනයේ රුසියානු ආක්‍රමණ සමයෙහි
    සරණාගතයින් අතර විසුවාය.



    3.jpg

    ස්ටීව් මැක්කරි නම්
    විශිෂ්ඨ ඇමෙරිකානු ඡායාරූප ශිල්පියා විසින්
    අහම්බෙන් ඡායාරූපයට නගන ලදුව
    ඇෆ්ඝන් මොනාලිසා ලෙසින්
    ඇය ලොව ප්‍රසිද්ධියට පත් වූයේ
    1985 ජුනි මස National Geographic සඟරාවේ
    මුල්පිටුවේ පළවූ පසුය.



    4.jpg
    Cover of the National Geographic Magazine, June 1985.


    එක් උදෑසනෙක, ඇෆ්ගන් සරණාගත කඳවුරෙහි සැරිසරමින් සිටි ස්ටීව් කූඩාරමක් පසුකර යද්දී කිසියම් පිරිසක් රැස්ව සිටින හඬ ඇසී විමසන විට ඒ දැරියන් සඳහාවූ කුඩා පාසලක් බව වැටහිණ.. ගුරුතුමිය ඔහුට ඇතුළට ආරාධනා කළාය.
    එහි ළමුන් අතර මෙම අසාමාන්‍ය, විශ්මිත, විනිවිදයන සුලු, නිල් කොළ අලු පැහැති දෑස් ඇති යුවතිය ඔහුට දක්නට ලැබිණ.. ඇය කූඩාරමෙහි පසෙක හිඳගෙන සිටියාය.
    5.jpg











     

    ilakookoo

    Well-known member
  • Aug 3, 2012
    1,353
    505
    113
    6.jpg

    මේ අතිශය අපූර්ව අවස්ථාවක් බව ස්ටීව්ට වැටහිණ..
    ඇය ඡායාරූපගත කළ හැකි වුවහොත් එය සුවිශේෂී පෝර්ට්‍රේට් එකක් වන බව ඔහුට හැඟිණ.
    7.jpg

    ඇගේ ස්වභාවය අනුව ඇය ඡායාරූපයට මුහුණ දීම ප්‍රතික්ෂේප කළහොත් මුලු දවසටම ඇය කැමති නොවනු ඇතැයි ඔහු සිතීය. ඡායාරූපයට මුහුණ දීම ඇයට පහසු කිරීම සඳහා ඔහු ඇගේ පන්තියේ අනික් සිසුවියන් ඡායාරූපයට නැගුවේය. එයින් ඇය තුළ ඡායාරූපයට මුහුණ දීමට උනන්දුවක් ඇති කිරීම ඔහුගේ අරමුණ විය.මේ අතර ඔහු ගුරුතුමියගේ අවසරයද ලබා ගත්තේය. ඇය කෙළින්ම කැමරාවට මුහුණ දීමට පසුබිම සකස් කරගැනීම සඳහා ඔහු ඇගේ වෙනත් ඡායාරූප 5-10ක් පමණ ගත්තේය.

    oie_2255143W21raMKE.jpg

    වැඩිවිය පැමිණි ඇෆ්ගන් කාන්තාවක් ඡායාරූප ගත කිරීම වරදක් විය හැකිය. ඇය මුහුණ දෙන ආකාරය ඔහුගේ තෘප්තියට හේතු නොවීය... සම්බන්ධතාවය ඔහුට අවශ්‍ය තරම් ප්‍රබල නොවීය... මේ අවස්ථාවේදී ගුරුවරිය ඇයට පහදාදීමක් කරන්නට ඉදිරිපත්වූවාය.
    9.jpg

    "මේ ඡායාරූපගත කිරීම වැදගත්... අපි මොන වගේද, අපි ඉන්න තත්වය බාහිර ලෝකයා දැනගත යුතුයි."
    ඇය දෑත් පහත දැම්මාය. ආලෝකය නිවැරදිව පතිත විය. කූඩාරම පසුබිමෙහි විය. ඇය කෙළින්ම ස්ටීව්ගේ කාචයට මුහුණ දුන්නාය. රාමු දෙකකින් ඔහු ඒ තියුණු, ඒකාග්‍රගත, විනිවිද යන බැල්ම ඡායාරූප ගත කළේය.

    10.jpg

    ඊ ළඟ මොහොතෙහි එය අතුරුදහන් විය. ඡායාරූපය ගෙන අවසානයැයි ඇයට හැඟිණ. ඇය යෙහෙළියන් වෙත යායුතුයැයි කියා පැන ගියෙන් ඡායාරූප ගත කිරීම නිමාවිය. එම ඡායාරූපය මෙබඳු පිළිගැනීමකට ලක්වේයැයි ස්ටීව් නොසිතූ නමුදු ඡායාරූපය සුවිශේෂී බැව් ඔහු දැන සිටියේය.
    ඔහු ඡායාරූපය දැක්කේ මාස දෙක තුනකට පසුවය. ඔහු එම ඡායාරූපය ආලෝක පුවරුව මත දුටු විට සඟරා කවරයක් සඳහා සිත් කළඹවන සුලු බව වැඩි යයි හැඟුණෙන් ඔහු එය සංස්කාරකට නොපෙන්විය යුතුයැයිද සිතුවේය. පසුව ඇය මුහුණ වසාගෙන සිටින ඡායාරූපයත් සමග මෙම ඡායාරූපය පෙන් වූ විට සංස්කාරක වරයා කීවේ
    "ඔය අපේ මීළඟ කවරෙ."

    At the Nasir Bagh refugee camp
    in 1984,
    Gula's photograph was taken by
    on Kodachrome color slide film,
    with a Nikon FM2 camera
    and Nikkor 105mm
    F2.5 lens.
    මේ ඡායාරූපය
    ඡායාරූප කලාවේ මොනාලිසා ලෙස ලෝක පූජිත වුණේ
    මෙහි වර්ණ හැඩතල ආදී
    කිසියම් නිශ්චිත
    විශේෂ ලක්ෂණයක් නිසා නොවෙයි..
    ඒ හැම ලක්ෂණයක්ම එක්වෙලා
    උද්දීපනය කරන අපූර්ව හැඟීම නිසයි..

    මේ යුවතිය ඇෆ්ගන් සරණාගතයෙක්.
    අනුන්ගෙ පිළිසරණින් ජීවත්වන්නියක්..
    තවම දැරියක් වුණත්
    ඇගේ හිතේ ස්පන්දනය වෙන
    ආත්ම අභිමානය
    කසපහරක් වගේ තියුණුයි..
    දශ්ඨ කරන්නට සූදානම්වෙලා
    අතීරණයෙන් ඉන්න
    සර්පයෙකුගෙ ස්වභාවයක්
    ඇගේ බැල්මෙ තියනවා.

    ඒ බැල්ම පලුදු නොකර,
    ගොරෝසු නොකර,
    අඩපණ නොකර,
    සංස්කරණය කළ යුතුයි..

    The pre-print photo retouching
    was done by Graphic Art Service,
    based in Marietta,
    Georgia.



    2002 දී National Geographic සඟරාව විසින්
    ඇය සෙවීමට කණ්ඩායමක්
    ඇෆ්ඝනිස්තානයට යවන ලදුව
    පකිස්තානයෙ නසීර් බාග්
    සරණාගත කඳවුරට පැමිණියහ.

    කිහිප වරක් වැරදි හෝඩුවාවල් ඔස්සේ ගිය ඔවුන්ට
    ඇගේ ගුරුවරිය හමුවිය.
    තවදුරටත් සොයා යෑමේදී
    ඇය දැන් කඳුකරයෙහි වෙසෙන
    බව දැනගෙන එහි ගිය ඔවුන්
    මහත් දුශ්කරතා මැද
    ඇය සොයාගන්නට සමත්විය.
    අවසන ඇගේ සොයුරා මුණ ගැසීම නිසා
    වසර දාහතකට පසුව
    නැවත ඇය ඡායාරූප ගත කරන්නට
    ස්ටීව් මැක්කරිට අවස්ථාව ලැබිණ.