ඈත්කුණට වහ වෑටුන කපුටා ගේ ඉරණම

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    121089455_3394630050604293_258715504619228682_n.jpg


    එක්‌තරා කාලෙක දි ඉන්දියාවෙ හිමාල ප්‍රදේශයට මහ විශාල වර්ෂාවක්‌ එක දිගට දින 7ක්‌ වහින්න ගත්ත. ඒ වැස්‌ස මොන තරම් දරුණු ද කියනව නම් වටපිට මහ විශාල බර සාර වස්‌තු පවා සැඩ පහරේ පා වෙන්න ගත්ත. ඔය පා වෙන වස්‌තු අතර මැරිල වැටිච්ච ඇතෙක්‌ ගෙ කුණකුත් පා වුණා. මේ මැරිච්ච ඇත් කුණ ගහගෙන ඇවිල්ල ගංගා නම් ගගට වැටුණ. ගංගා නම් ග⁣ගේ උඩහ ඉඳල මේ ඇත් කුණ හෙමින් හෙමින් ගහගෙන එනව. කෑමක්‌ හොයාගෙන ගියා කපුටෙක්‌. ස්‌වභාවයෙන් කෑදර සතෙක්‌. කපුට දැක්‌ක ඇත් කුණ. දැකල වහල හොටෙන් මස්‌ ටිකක්‌ ඉරාගෙන කෑව. හරි රහයි. ඇත් කුණේ ම ඉඳගෙන හොට දාලා ගගෙන් වතුර බිව්ව තිබහට. බීල ආපහු මස්‌ ඉරාගෙන කනව. කන ගමන් කපුට මෙහෙම කල්පනා කරනව
    'මේ තරම් කන්න බොන්න තියෙන තැනක්‌ කවර නම් මෝඩයෙක්‌ දාල යයි ද?'
    එහෙම හිතල ස්‌ථිරව ම හිතාගත්ත මං මේ ඇත් කුණේ ම වාසය කරනව කියල.
    කපුට දැන් ඇත් කුණේ වාසය කරනව. මස්‌ කනව. වතුර බොනව. කිසි වෙහෙසකුත් නැහැ. හරි සැපයි, සැනසිල්ලයි. හැබැයි කපුට වහල හිටියට, ඇත් කුණ නතර වෙලා නැහැ. ටිකෙන් ටික හෙමින් හෙමින් මේ ඇත් කුණ ගහගෙන අවිල්ල මුහුදට වැටුණ. මුහුදෙනුත් රැල්ලෙන් රැල්ලට අහුවෙල ආපහු එන්න බැරි තරම ඈතකට දිය වැලකට අහු වෙල ගහගෙන ගියා.
    කපුට දන්නෙ නෑ. මස්‌ කනව, වතුර බොනව, ඉන්නව. සති ගණනක්‌ යනකොට ඇත් කුණ ටිකෙන් ටික දිය වෙන්න ගත්ත. දැන් හම් කෑල්ලක්‌ විතරක්‌ ඉතිරි වෙලා තියෙනව. එතකොට කපුටට තේරුණා දැන් නම් මෙතන ඉඳල වැඩක්‌ නැහැ. එහෙම හිතිල ඉගිල්ලුණා උතුරු පැත්තට. ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. දකුණු පැත්තට ගියා, ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. නැගෙනහිර, බටහිර පැත්තටත් ගියා. හතර පැත්තට ම ගියා, ගොඩබිමක්‌ පෙනෙන්න නැහැ. හිටපු තැනට එනකොට ඉතුරු මස්‌ කෑල්ලත් මාළු කාල.
    මස්‌ ටික කාපු එකේ නෙමෙයි දෝෂය. කලින් ම බේරිල යන්න තිබුණ. ස්‌ථිර වාසයට පැමිණි එකයි දෝෂය. බේරිල යන්න තිබුණු මාවත අතහැරුණ. යන්න තිබුණු තැනත් හිටපු තැනත් යන දෙපැත්තෙන් ම පිරිහුණු කපුටා අන්තිමේ දි හෙම්බත් වෙලා සාගරයට ඇදගෙන වැටුණා. ඒකෙ හිටපු මාළු, නොයෙක්‌ සත්තු කපුටව කාල විනාශ කළා.
    හිමාලයෙ වාසය කරපු සෘෂිවරයෙක්‌ ආහාර අවශ්‍යතාවකට උඩින් යද්දි දකිනව මුහුද මැද්දෙ කපුටු තටු තියෙනව. කල්පනා කළා මේ තරම් දුරක්‌ කපුටෙකුට පියාඹලා එන්න බැහැ තටු වගේ සැහැල්ලු දෙයක්‌ ගහගෙන එන්නෙත් නැහැ. මෙච්චර දුරකට කපුටු තටු ආවෙ කොහෙන් ද කියල සෘද්ධියෙන් ආවර්ජනය කරනකොට දැක්‌ක කපුටා කරගත්ත විනාශය.
    මේ කතාව අහල නුවණක්‌ තියෙන සත්පුරුෂයෝ විමුක්‌තිය උදා කරගත් වා කියන අදහසින් ඒ සෘෂිවරයා ධර්ම දේශනා කළා. ඒ කතාව අහලා රාජ්‍යයන් 7ක රජවරු ඒ රාජ්‍යයන් දාල ඇවිත් පැවිදි වුණා. ඒ බොහෝ දෙනෙක්‌ බ්‍රහ්ම ලෝකෙ ගියා කියල සදහන් වෙනවා.
    කපුටා ඇත් කුණේ වහලා මස්‌ කෑමේ නෙමෙයි දෝෂය. ඇත් කුණ ගගෙන් මුහුදට වැටෙන තුරු ඇත් කුණේ වහලා හිටියත් කමක්‌ නැහැ. එතනින් පස්‌සෙ ඉගිලිලා යන්න තිබුණා. නමුත් කපුටට වැරදුණා. 'කවර නම් මෝඩයෙක්‌ මෙබඳු වූ කන බොන තැනක්‌ දාල යයි ද, මම නම් යන්නෙ නෑ' කියලා තමයි කපුටා හිතුවෙ. එපමණකින් ම විමුක්‌තියෙ මාර්ගය අතහැරුණා. තමන් විශ්වාස කරපු දේත් අන්තිමේ දි අතහැරුණා.
    ඇත් කුණ වගේ තමයි ජීවිතය ජීවත් කරවන්න අපට හමු වෙච්ච වටපිටාව. අම්ම තාත්ත, දුවා පුතා, සහෝදර සහෝදරියො, නෑදෑයන් ගෙන් යුක්‌ත ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් මේ ඇත් කුණ වගේ. මේක පරිභෝජනය කළාට කමක්‌ නෑ මිදිල යන මනසකින්.
    මේව මමයි, මේවා මගේමයි, ස්‌ථිරමයි කියල බොහොම ආදරෙන් බැඳිල අපි මේව තුළ ම ඇලිල ගැලිල මේව මගේ ම කරගෙන ඉන්නව කියන්නෙ කපුට ඇත් කුණේ දිගට ම හිටිය වගෙයි. ඒ මනසට ධර්මයක්‌ ඕන වෙන්නෙ නෑ. විමුක්‌තියෙ මාවතක්‌ නෑ. අතහැරෙනව.
    මම මගේ කියල හිතාගෙන හිටපු මේ ටිකත් දවස්‌ 36000කින් මාස 1200කින් අතහැරෙනව. අතහැරෙන්න කිට්‌ටු වෙනකොට, ඇස්‌ පේන්නැති, කන් ඇහෙන්නැති, අතපය වාරු නැති තත්ත්වෙට පත් වේගෙන එනකොට තේරෙනව මේකෙ දැන් නම් ඉන්න සුදුසු නෑ කියල. එතකොට බේරිල යන්න තියෙන මාවත නෑ. බණ අහන්න කන ඇහෙන්නෙ නෑ. බණ පොතක්‌ බලන්න ඇස්‌ පේන්නෙ නෑ. පන්සලට යන්න, භාවනාවක්‌ කරන්න ශරීරය අතපය වාරු නෑ. විමුක්‌තියෙ මාවත කල ම අතහැරිල.
    තමන් විශ්වාස කරපු දුවා දරුවො, දේපළ වස්‌තුව ඒ ටිකත් අතහැරිල. මේ දෙපැත්තෙන් ම පිරිහුණු අතහැරුණු අපි සංසාර සාගරයට ඇදගෙන වැටෙනව. සංසාර සාගරයෙ ඉන්න චණ්‌ඩ මත්ස්‍යයො තමයි ජාති, ජරා, මරණ. ඒවට හසු වෙලා අපි සුනු විසුනු වී යනව.
    තෙරුවන් සරණයි ..!
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,917
    1
    58,211
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඇත් කුණ ලඞකා ද්වීපය කියල ගත්තොත් මේකෙම එල්ලිලා ඉන්න හදන අපි කපුටො වෙනව. දවසක ණය සාගරේ ගිලිල යයි

    සෘෂිවරය සමාන වෙන්නෙ කැනඩාවට / ඔස්ට්‍රේලියාවට/... පදිංචියට ගිහින් ඉඳල හිටල නිවාඩුවට ලඞකාවට ඇවිත් ටෝක් දෙන අය
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    චීන ණය නමැති ඇත් කුණ කමින් බංකොලොත් මහ මුහුදට ගසාගෙන යන ලංකාව නමැති කපුටා :(
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,254
    1
    101,095
    113
    34
    Kalutara
    ටිකෙන් ටික හෙමින් හෙමින් මේ ඇත් කුණ ගහගෙන අවිල්ල මුහුදට වැටුණ. මුහුදෙනුත් රැල්ලෙන් රැල්ලට අහුවෙල ආපහු එන්න බැරි තරම ඈතකට දිය වැලකට අහු වෙල ගහගෙන ගියා.
    කපුට දන්නෙ නෑ. මස්‌ කනව, වතුර බොනව, ඉන්නව. සති ගණනක්‌ යනකොට ඇත් කුණ ටිකෙන් ටික දිය වෙන්න ගත්ත.
    මෙතන අවුල් නේද.
    කපුටා දන්නෙම නැතුව මුහුදටත් ගිහිල්ලා මුහුදෙනුත් දිය වැලකට අහුවෙලත් ඈතකට යනකොට වතුර බොන්නේ කොහොමද. මුහුදු වතුර බොන්න බෑනේ. කපුටට ලුණු රස දැනිච්ච ගමන් දැනගන්නවනේ මේ ඉන්නේ මුහුදේ කියලා.. 🤔
     
    • Like
    Reactions: navinnuwan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මෙතන අවුල් නේද.
    කපුටා දන්නෙම නැතුව මුහුදටත් ගිහිල්ලා මුහුදෙනුත් දිය වැලකට අහුවෙලත් ඈතකට යනකොට වතුර බොන්නේ කොහොමද. මුහුදු වතුර බොන්න බෑනේ. කපුටට ලුණු රස දැනිච්ච ගමන් දැනගන්නවනේ මේ ඉන්නේ මුහුදේ කියලා.. 🤔
    මටත් ඕක හිතුනා.. නමුත් අපි ගන්න ඕනේ කතාවේ හරයනේ.. උදාහරනයකට මට ලන්කාවේන් පිට වෙන්න පුලුවන්. ඒත් ලන්කාව සෑපයි සෑපයි කිය කිය මෙහෙටම වෙලා ඉන්නවා. කොයි වෙලාවේ හරි කුණ එක්ක ගිලෙන්න තමා වෙන්නේ 😂 😂 😂 😂 😂