ඉංග්‍රීසි ඉගැන්වීම එන්ජීඕ එකකට!

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ඉංග්‍රීසි ඉගැන්වීම එන්ජීඕ එකකට!

    පුහුණු ගුරුවරුන් සිටියදී
    ඉංග්‍රීසි ඉගැන්වීම එන්ජීඕ එකකට!


    පුහුණු ඉංග්‍රීසි ගුරුවරුන් සිටියදී පාසල් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ කාර්යය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් එක්‌තරා රාජ්‍ය නොවන සංවිධානයකට පවරනු ලැබ ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

    හෝමාගම මහින්ද රාජපක්‍ෂ විදුහලෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර ජාත්‍යන්තර පාසල්වල දරුවන්ද ඉංග්‍රීසි ඉගැන්වීම් කටයුතු සඳහා යොදවන බවටද තොරතුරු ලැබී තිබේ.:angry:

    අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ ඉල්ලීමකට අනුව රාජ්‍ය නොවන සංවිධානය ව්‍යාපෘතිය භාරගෙන ඇතැයිද ව්‍යාපෘතියේ සියලු ගෙවීම් ආසියානු සංවර්ධන බැංකු ආධාර මගින් පියවන බවද ඉහත ආරංචිමාර්ග කීවේය. මේ යටතේ එක්‌ ළමයකු වෙනුවෙන් රාජ්‍ය නොවන සංවිධානයට රුපියල් දසදහසක පමණ මුදලක්‌ ගෙවන බවද පැවසේ.

    ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන් සිටියදී රාජ්‍ය නොවන සංවිධාන මගින් පාසල් දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ අවශ්‍යතාව කුමක්‌දැයි අමාත්‍යාංශයේම නිලධාරීහු ප්‍රශ්න කරති.:baffled:

    source...heta divaina:D
     

    kelum.wijesooriya

    Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    DeathBump.png
     

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මම නම් දන්න විදියට ලංකාවෙ ඉංග්‍රීසි පුහුණු ගුරුවරු ලොකු හිඟයක් තියෙනවා

    සාමන්‍ය ගුරුවරුත් හිඟ කොට තව ඉංග්‍රීසි පුහුණු ගුරුවරු ගැන කවර කතා ද

    අනිත් එක ඔය ඉංග්‍රීසි පුහුණු ගුරුවරුන්ගෙනුත් ගොඩක් අයට ඉංග්‍රීසියෙන් කතා කරන්න බැහැ.

    ඒක නිසා පිටරටින් ගුරුවරු ගෙන්වීම ලොකු වැරැද්දක් කියලා මට නම් හිතෙන්නෙ නැහැ.

    යන වියදම සාධාරණ ද කියලා වෙනම ම බලන්න ඕනා.

    හරියට වැඩේ කරනවනම් මේකෙ ඇති වැරැද්දක් නැහැ.

    මොකද ලංකාවෙ ඉංග්‍රීසි පුහුණු ගුරුවරු ඕන තරම් ඉන්නවා ඒක හින්දා ඕන නැහැ කියන එකනම් පිලිගන්න බොහොම අමාරුයි