ඉංග්‍රීසි නම් පොෂ් මානසිකත්වය

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,783
    9,156
    113
    වෙඩින්ග්ස් කතාව ගැන නෙමේ ඉංග්‍රීසි පාවිච්චිය ගැන තියෙන්නෙ මෙහෙම අදහසක්.

    පොෂ් කම පෙන්නන්න කඩ්ඩ දාන එකටත් වඩා දැන් වෙන්නෙ මනුස්සයෙක් කඩ්ඩ පාවිච්චිකලාම හීනමානකාරයො හිත රිද්දගන්න එක නෙවේද. පවුල් පසුබිම් එකිනෙකාට වෙනස් වෙනව...මගෙ ගෙදර ඉතාම කලාතුරකින් ඉංග්‍රීසියෙන් කතාකරේ පොඩි කාලෙ, මගෙ සමහර යාලුවොන්ගෙ ගෙවල් වල සිංහල අඩුවෙන් කතා වෙලා තියෙන්නෙ. ඉතින් අපි හැසිරෙන විදි වෙනස් වෙනව තමයි ලොකු උනාම.

    මෙතන සිත්ගන්නාසුලු දේකුත් තියෙනව...වරප්‍රසාදිත පන්තියකින් ආපු කෙනෙක් කඩ්ඩ පාවිච්චි කරද්දි අපේ අයට ඒක ගැන ගානක් නෑ, මොකද ඒ මනුස්සයා පටන් ගද්දිම දුරක ඉඳල එන්නෙ, ඒ නිසා තමන්ගෙ මමත්වයට එල්ල වෙන "ත්‍රෙට්" එක අඩුයි. හැබැයි තමන්ගෙ සමාජ පන්තියෙම කෙනෙක් (අපි හිතමු පහළ මධ්‍යම පන්තිය කියල) බැරි බැරි ගාතෙ ඉංග්‍රීසි ටිකක් කතා කරන්න ගත්ත ගමන් රිදෙන්න ගැනීම මාරම ඉන්ටරස්ටින්ග් 🙂. උඹල පැරසයිට් බැලුවනම් ඒකෙ බේස්මන්ට් එකෙන් උඩට නගින්න හදන කලින් වැඩකාර ගෑනු කෙනාව පයින් ගහල බිමට වට්ටන්නෙ දුප්පත් පවුලෙම කෙනෙක් බව මතක ඇති.

    PS: ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් එක්ක කතාකිරීම නම් කනට අමිහිරියි...ඊටත් වඩා අම්බානක ක්‍රින්ජ්. ඒත් ගොංකම් එක්ක තමයි මිනිස්සු මුලින් දේවල් ඉගෙන ගන්නෙ, පස්සට ඒව හලල දායි.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,225
    113
    Gotham City
    වෙඩින්ග්ස් කතාව ගැන නෙමේ ඉංග්‍රීසි පාවිච්චිය ගැන තියෙන්නෙ මෙහෙම අදහසක්.

    පොෂ් කම පෙන්නන්න කඩ්ඩ දාන එකටත් වඩා දැන් වෙන්නෙ මනුස්සයෙක් කඩ්ඩ පාවිච්චිකලාම හීනමානකාරයො හිත රිද්දගන්න එක නෙවේද. පවුල් පසුබිම් එකිනෙකාට වෙනස් වෙනව...මගෙ ගෙදර ඉතාම කලාතුරකින් ඉංග්‍රීසියෙන් කතාකරේ පොඩි කාලෙ, මගෙ සමහර යාලුවොන්ගෙ ගෙවල් වල සිංහල අඩුවෙන් කතා වෙලා තියෙන්නෙ. ඉතින් අපි හැසිරෙන විදි වෙනස් වෙනව තමයි ලොකු උනාම.

    මෙතන සිත්ගන්නාසුලු දේකුත් තියෙනව...වරප්‍රසාදිත පන්තියකින් ආපු කෙනෙක් කඩ්ඩ පාවිච්චි කරද්දි අපේ අයට ඒක ගැන ගානක් නෑ, මොකද ඒ මනුස්සයා පටන් ගද්දිම දුරක ඉඳල එන්නෙ, ඒ නිසා තමන්ගෙ මමත්වයට එල්ල වෙන "ත්‍රෙට්" එක අඩුයි. හැබැයි තමන්ගෙ සමාජ පන්තියෙම කෙනෙක් (අපි හිතමු පහළ මධ්‍යම පන්තිය කියල) බැරි බැරි ගාතෙ ඉංග්‍රීසි ටිකක් කතා කරන්න ගත්ත ගමන් රිදෙන්න ගැනීම මාරම ඉන්ටරස්ටින්ග් 🙂. උඹල පැරසයිට් බැලුවනම් ඒකෙ තියෙන බේස්මන්ට් එකෙන් උඩට නගින්න හදන කලින් වැඩකාර ගෑනු කෙනාව පයින් ගහල බිමට වට්ටන්නෙ දුප්පත් පවුලෙම කෙනෙක් බව මතක ඇති.

    PS: ඉංග්‍රීසි ඇක්සන්ට් එකක් එක්ක කතාකිරීම නම් කනට අමිහිරියි...ඊටත් වඩා අම්බානක ක්‍රින්ජ්. ඒත් එහෙම තමයි, ගොංකම් එක්ක තමයි මිනිස්සු මුලින් දේවල් ඉගෙන ගන්නෙ, පස්සට ඒව හලල දායි.
    උඹ දීලා තියෙනවා නියම උත්තරෙ මචං.

    ගොඩක් උන් කැමති නැහැ තව එකෙක් ඉංග්‍රිසි ඉගෙන ගන්නවාට.
    අම්මා අප්පාට බැන්නට වඩා මලක් පනිනවා ඉංග්‍රිසියෙන් කතා කරද්දි සමහරක් උන්ට.

    පැරසයිට් උදාහරණෙ ගැන කිව්වොත් එකෙත් පෙන්වන්නෙ ඉහල පන්තියෙ එකාගෙ හිත දිනා ගන්න තමන්ගෙ පන්තියෙ උන් එකිනෙකාට ඇණකොටා ගන්න එකනෙ.

    ඉහල පන්තියෙ එකෙක් ඉංග්‍රිසි කතා කරොත් කවුරුත් මුකුත් කියන්නෙ නැහැ.

    ඕකට හොඳම උදාහරණෙ මන් කියන්නම් .
    උඹලත් අත් විඳලා ඇති .

    පොලිටික්ස් කතා කරද්දි අපෙ පවුලෙ වැඩිහිටියො ජේ ආර් ජයවර්ධනගෙ ඉංග්‍රිසි දැනුම ගැන මාර වර්ණනාව.
    අපෙ පවුලෙ සමහරක් වැඩිහිටියො කිව්වෙ ජේ ආර් ඉංග්‍රිසියෙන් හිතලා සිංහලෙන් වැඩ කරන මිනිහෙක් කියලා.
    එහෙම වර්ණනා කරන උන්ම අපි ඉංග්‍රිසි කතා කරද්දි පට්ට මලෙන් ඉන්නෙ.
    උඹ සුද්දෙක් වෙන්න යනවද අරකයි මෙකයි ලොවෙත් නැති අවලාද .
     
    • Like
    Reactions: lovethebomb

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    උඹ දීලා තියෙනවා නියම උත්තරෙ මචං.

    ගොඩක් උන් කැමති නැහැ තව එකෙක් ඉංග්‍රිසි ඉගෙන ගන්නවාට.
    අම්මා අප්පාට බැන්නට වඩා මලක් පනිනවා ඉංග්‍රිසියෙන් කතා කරද්දි සමහරක් උන්ට.

    පැරසයිට් උදාහරණෙ ගැන කිව්වොත් එකෙත් පෙන්වන්නෙ ඉහල පන්තියෙ එකාගෙ හිත දිනා ගන්න තමන්ගෙ පන්තියෙ උන් එකිනෙකාට ඇණකොටා ගන්න එකනෙ.

    ඉහල පන්තියෙ එකෙක් ඉංග්‍රිසි කතා කරොත් කවුරුත් මුකුත් කියන්නෙ නැහැ.

    ඕකට හොඳම උදාහරණෙ මන් කියන්නම් .
    උඹලත් අත් විඳලා ඇති .

    පොලිටික්ස් කතා කරද්දි අපෙ පවුලෙ වැඩිහිටියො ජේ ආර් ජයවර්ධනගෙ ඉංග්‍රිසි දැනුම ගැන මාර වර්ණනාව.
    අපෙ පවුලෙ සමහරක් වැඩිහිටියො කිව්වෙ ජේ ආර් ඉංග්‍රිසියෙන් හිතලා සිංහලෙන් වැඩ කරන මිනිහෙක් කියලා.
    එහෙම වර්ණනා කරන උන්ම අපි ඉංග්‍රිසි කතා කරද්දි පට්ට මලෙන් ඉන්නෙ.
    උඹ සුද්දෙක් වෙන්න යනවද අරකයි මෙකයි ලොවෙත් නැති අවලාද .

    ඉංග්‍රීසි කතා කරන එක වැරදි කියල නෙවෙයි කිව්වේ,

    ඔතන වෙඩිමේ වැඩි පිරිසකට ඉංග්‍රීසි බැහැ ,නෑදෑයෝ. අපේ කළා සෙට් එක ඔතන ඉන්නේ. අනික සාරංග එහෙමත් ෆ්ලුවන්ට් SPEAKERS නෙවෙයි .දිනක්ෂිගේ තාත්තා ටත් බැහැ . නෑයෝ ගොඩකටත් එහෙම වෙන්න ඇති. හැබැයි ඕක ලංකා වේ තිබ්බ වෙඩිමක් නිසා සහ ඔතන පිටරට සිංහල නොතේරෙන උන් සිටියේ නැති නිසා. ඇයි සිංහලෙන් කතා කලාම මදි කමක්ද ?