ඉංග්‍රීසි නොදැනීම බුද්ධිමය ප්‍රශ්නයක් &
ඉංග්‍රීසි නොදැනීම බුද්ධිමය ප්‍රශ්නයක් නෙමෙයි - මධුභාෂිනී දිසානායක රත්නායක
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි ඉංගී්රසි අධ්‍යයන අංශයෙහි ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක් වන මධුභාෂිනි දිසානායක රත්නායක සාහිත්‍යය ඇසුරෙහි ඉංගී්රසි බස උගැන්වීමෙහිලා අඛණ්ඩ උත්සාහයක යෙදෙන්නියකි. 2011 වසරෙහිදී හොඳම ඉංගී්රසි නවකතාවට පිරිනැමෙන ග්‍රේෂන් සම්මානය ඇය හිමිකර ගත් අතර වර්ෂ 1990දී Driftwood කෙටි කතා සංග්‍රහය සඳහා රාජ්‍ය සාහිත්‍ය සම්මානය ද හිමිකර ගත්තාය. Grammar Through Literature හා A Thousand Voiced Choir යන කෘති ද්වය ඇයගේ නවතම ප්‍රකාශනයි. මෙම සංක්ෂිප්ත සංවාද සටහන ඒ වෙනුවෙනි.
ඉංගී්රසි සාහිත්‍යය ඇසුරින් එම භාෂාව ඉගැන්වීමට ඔබ දැඩි ලෙස උත්සාහ දරන්නියක්. සැබවින්ම භාෂාවක් යනු කුමක්ද?
භාෂාව කියන එක ඉතා සරල ලෙස පෙනුනට සැබවින්ම එය ඉතා ගැඹුරු සංකල්පයක්. ඇත්තටම කියනව නම් අපි යථාර්ථය කියල දකින දෙය පිටුපසින් තියෙන්නෙ භාෂාවයි. සොෂියො කියන වාග් විද්‍යාඥයා කියන්නෙ Reality is Linguistic කියල. ඒ අනුව යථාර්ථය කියල අපි දකින දේ උඩු තලය නම් එහි යටි තලය භාෂාවයි. එහෙම බැලුවම අපි ජීවත් වන මුළු ලෝකයම භාෂාවක්. සාමාන්‍යයෙන් අපි හිතන්නෙ යම් දෙයකුයි එයට වචනෙකුයි තියෙනව කියල. නමුත් සොෂියො කියන්නෙ එය ත්රිකෝණාකාරයි කියල. යම් දෙයක් තියෙනව, ඒ ගැන සංකල්පයක් තියෙනව, ඒ සංකල්පයට වචනයක් නිර්මාණය වෙනව කියල. එතකොට අපි සංකල්පයකට තමයි වචන යොදන්නෙ. උදාහරණයක් වශයෙන් මේසය කියන වචනෙ ගන්න. මේසය හා බැඳුනු සංකල්පයකට තමයි අපි එම වචනෙ පාවිච්චි කරන්නෙ. ඒ අනුව අනික් හැම වචනයක්ම අපි කිසියම් සංකල්පයක් සඳහා නිර්මාණය කර ගන්නව.
ලෝකෙ ඉස්සර ඉඳන්ම භාණ්ඩ තිබුණට අපි භාණ්ඩවලට වචන අලවගෙන ගියෙ නැහැ. මිනිස්සු වචනවලින් සංකල්ප මැව්ව. ඒ වචනය හරහා යථාර්ථය මේකයි කියල අපි දැක්ක. උදාහරණයක් වශයෙන් ගැහැනු පිරිමි කියන දෙක විතරයිනෙ තියෙන්නෙ. ඒ නිසා අපි යථාර්ථය වශයෙන් දකින්නෙ ඒ වර්ග දෙක විතරයි. ඒ අතරමැද කණ්ඩායම් එයට ඇතුළත් වෙන්නෙ නැති නිසා එම කණ්ඩායම් Abnormal එහෙම නැත්නම් අසාමාන්‍ය ලෙස සැලකීමට අපි පුරුදුවෙලා ඉන්නව. අපි භාෂාව යොදල යම් දෙයක් සාමාන්‍යකරණයට පත් කරනව. ඒ අනුව භාෂාව විසින් සාමාන්‍යකරණය කළ දේ සාමාන්‍යයි. එහෙම බැරිවුණ දේ අසාමාන්‍යයි. හැම විනාඩියකම අපි ජීවත් වෙන්නෙ භාෂාව කියන එක තුළයි. භාෂාවෙන් තොර අපිට ජීවිතයක් නැහැ. ඒ අනුව තමයි එය ගැඹුරු වෙන්නෙ. ලෝකයෙ විවිධ භාෂාවන් තියෙනව. සමහර භාෂා ඉතා ප්‍රබලයි. සමහර භාෂා එතරම් ප්‍රබල නැහැ. ඉංගී්රසි, ප්‍රංශ භාෂාවන් තවමත් ඉතා ප්‍රබල භාෂාවන් ලෙස හඳුනාගත හැකියි. ඔවුන්ගේ යටත් විජිත ක්‍රියාදාමය තුළ ලෝක භූමියෙන් සෑහෙන කොටසක් යටත් කරගත්ත. ඒ සමඟම ඔවුන්ගෙ භාෂාවන් යටත් විජිතවල සීග්‍රයෙන් ව්‍යාප්ත වුණා. ඒ නිසා ඒ රටවල මිනිස්සුන්ට ඒ භාෂාවන් ඉගෙන ගන්න වුණා. ඉගෙන ගත්තෙ නැත්නම් පිටස්තරයො බවට පත්වෙනව. යටත් විජිත යුගය ඉවරයි. ඒ වුණත් ඔවුන් ඔවුන්ගෙ භාෂාව යටත් විජිතවල තියල ගියා. ඒ නිසා ඒ රටවල ස්වදේශික ජනතාව ආකල්ප හා භාෂා සම්ප්රදාය මෙන්ම සංස්කෘතික වශයෙන් ඒ බලවත් ජාතීන් අනුකරණය කරන්න පටන් ගත්ත. ඒ ක්‍රියාදාමය අද වන තුරු ඉවරවෙලා නැහැ. විශ්වීය ගම්මානය හරහා අද සිද්ධ වෙන්නෙත් ඔය ටිකමයි. විශ්වීයකරණය සමබර නැහැ.
ඒ කියන්නෙ?
විශ්ව ගම්මානය කිව්වට ඇත්තටම එතැන විශ්ව ගම්මානයක් නැහැ. එහි කිසිම විශ්ව ගතියක් නැහැ. අපෙන් ඒ පැත්තට යන දේවල් හරි අඩුයි. මධ්‍යයේ ඉන්න බලවත් ජාතීන් පරිධියට බලපෑම් කරනව. ඒ අනුව ඔවුන්ගේ භාෂාවන් ද වෙනත් ජාතීන් හට ස්වංක්‍රීයව කාන්දු වෙනව. එයින් මිදීමේ හැකියාවක් වර්තමානය වෙනකොට කොහොමටවත් නැතිවෙලා ගිහින් තියෙනව. එතැනදි ප්‍රධාන වෙන්නෙ ඉංගී්රසි භාෂාව. ඒ අනුව කවදහරි අපි මධ්‍යයට කතා කරන්න ඕන ඒගොල්ලන්ට තේරෙන ඉංගී්රසි භාෂාවෙන්. එහෙම නැතුව සිංහලෙන් හරි දෙමළ භාෂාවෙන් හරි කතා කළාට ඒ අයට තේරෙන්නෙ නැහැ. සිංහල හෝ දමිළ භාෂාවන් එතරම් ප්‍රබල භාෂාවන් ලෙස සැලකෙන්නෙ නැත්තෙ එම භාෂාවන් කතා කරන පිරිස අඩු නිසා. ඒ නිසා ලෝකයට විවර වෙන්න නම් අපි අනිවාර්යයෙන්ම ඉංගී්රසි භාෂාව දැනගත යුතුයි. අපේ සමහර සිංහල අය හිතනව ඉංගී්රසි ඉගෙනීම අපේ සංස්කෘතියට කරන ෙද්‍රdaහිකමක් කියල. ඒක කවදාවත්ම එහෙම වෙන්නෙ නැහැ. අපි අපේ භාෂාවට ආදරෙයි. නමුත් අපිට ජාත්‍යන්තරයට අභියෝගයක් කරන්න පුළුවන් නම් ඒ හැකියාව තියෙන්නෙ ඉංගී්රසි භාෂාව ඉගෙනීමෙන් පමණයි. එහෙම නැතුව වෙන විකල්පයක් නැහැ. අපි මෙහේ මොන තරම් විරෝධතා දැක්වුවත් සිංහලෙන් පොත්පත් ලිව්වත්, කොපමණ හොඳ සිංහල නාට්ටි කෙරුවත් ඒ කිසි දෙයක් මධ්‍යයට තේරෙන්නෙ නැහැ. ඔවුන්ට ඒ කිසි දෙයක් ඇහෙන්නෙ නැහැ. ඒ නිසා තමයි අපි ඔවුන්ගෙ භාෂාවෙන් ඔවුන්ට අභියෝගයක් විය යුත්තෙ.
ඔය තත්ත්වය අද ලෝකයෙ විවිධ සාහිත්‍යධරයො අවබෝධ කරගෙන තියෙනව. චිනුවා අචබි වගේ ලේඛකයෙක් ගන්න. ඔහු තම ලියවිලි හරහා පැහැදිලිවම කේන්ද්‍රයට අභියෝග එල්ල කරනව. ඒක කරන්නෙ ඉංගී්රසි භාෂාවෙන්. යටත් විජිතකරුවන්ගෙ විශේෂ ලක්ෂණයක් තමයි ඔවුන් කිසියම් රටක් යටත් කර ගත්තට පස්සෙ ඔවුනගෙ පැමිණීමෙන් පසු එකී රටේ ඉතිහාසය ආරම්භ වුණා යයි කියන මතවාදය ප්‍රචලිත කිරීම. නමුත් පශ්චාත් යටත් විජිතවාදය තුළ ලේඛකයො එම මිථ්‍යාව සම්පූර්ණයෙන්ම බිඳ දැම්ම. ඔවුන් තම ලියවිලි හා නිර්මාණ හරහා පැහැදිලිව පෙන්වා දුන්න යටත් විජිත බවට පත්වීමට පෙර ඔවුනට දීර්ඝ ඉතිහාසයක් හා සංස්කෘතියක් තිබුණ කියල. ඒ වගේම උඹල තමයි ඒක විනාශ කෙරුවෙ කියල. ඒ හැම දෙයක්ම අද ලෝකෙ පිළිඅරගෙන තියෙනව. අධිරාජ්‍යවාදීන්ගේ සැහැසි ක්‍රියාකලාප සම්බන්ධව කෙරුණු විවිධ පොත් පත්වලට අන්තර් ජාතික තලයෙහි ඉහළ සම්මාන පවා ලැබිල තියෙනව. ඒ හැම දෙයක්ම ඉංගී්රසි භාෂාවේ ඇති ප්‍රබලත්වය නිසා සිදුවුණු දේවල්. අන්න එවැනි තැනකට අපිත් ළඟාවිය යුතුයි. මගේ උත්සාහය එවැනි තැනකට අනාගත පරම්පරාව රැගෙන ඒමයි. මා මේ කෘති දෙක හරහා උත්සාහ කරන්නෙ එවැනි දෙයක්. සරල සාහිත්‍යය ඇසුරින් මා උත්සාහ කරන්නෙ එවැනි තැනකට දරුවන් රැගෙන ඒමටයි. නමුත් ඒ සඳහා මට තියෙන ලොකුම අභියෝගය පුද්ගලයන්ගෙ ආකල්පයි.
පැහැදිලි කරන්න...
ඉංගී්රසි ඉගෙන ගැනීම අනිවාර්ය වුණත් එය නොදැනීම සම්බන්ධව හීනමානයක් ඇතිකරගත යුතු නැහැ. තමාගේ දක්ෂතා සමඟ ඉංගී්රසිය පටලවා ගත යුතු නැහැ. ඉංගී්රසි නොදන්නා පමණින් කිසිවකු අදක්ෂයකු වෙන්නෙ නැහැ. ජීවිතය කියන්නෙ ඉංගී්රසි නෙමෙයි. හැකියාව කියන්නෙත් ඉංගී්රසි නෙමෙයි. නමුත් අපිට ජීවිතය ඉදිරියට ගෙනියන්න, අපේ හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරගන්න ඉංගී්රසියෙහි සහය අත්‍යවශ්‍යයි. කවුරුත් ඒ ගැන බය වෙන්න දෙයක් නැහැ.
මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ඉංගී්රසි උගන්නන්න ආපු මුල් කාලෙ ඉංගී්රසි සම්බන්ධව පසුගාමී අදහස් රාශියක් තිබුණා. නමුත් දැන් එන්න එන්න ඒ තත්ත්වය වෙනස්වෙලා තියෙනව. ඒ සම්බන්ධව දැනෙන්නෙ සතුටක්. මට තේරුණු එක දෙයක් තමයි ඒ දරුවො කියවන්න එතරම් කැමැත්තක් නැහැ කියන එක. ඒ නිසා මම ඒකට පිළියමක් හෙව්ව. ඉංගී්රසි ඉගෙන ගන්න එන ආධුනිකයකුට එකපාරටම සම්භාව්‍ය ඉංගී්රසි කෘති කියවන්න බැහැ. ඒක කොයි කෙනාටත් පොදුයි. අපි වුණත් නොදන්න භාෂාවක් ඉගෙන ගන්න කොට එක පාරටම ඒ භාෂාවේ තියෙන සම්භාව්‍ය කෘති කියවන්නෙ නැහැනෙ. ඒක එතරම් ප්‍රායෝගික දෙයක් නෙමෙයි. ඒ නිසා ඒ සඳහා මම යොදා ගත්තෙ ඒ දවස්වල මම ඉංගී්රසි පුවත්පතකට ලියූ Language Corner කියන කෙටි ලිපි මාලාවයි. ඒකෙදි මම කළේ එක ඉංගී්රසි කවියක් අරගෙන ඒ කවිය ඇසුරින් ඉතා සරලව ඉංගී්රසි භාෂාවේ කාලය පිළිබඳ අදහසක් පාඨකයා හට ලබාදීමයි. ඇත්තටම එය විශ්වවිද්‍යාල දරුවන් අතර ඉතා ජනප්‍රිය වුණා. ඔවුන් නැවත නැවත කියවන්න පටන් ගත්ත. ඊට පස්සෙ මාත් එක්ක සාකච්ඡා කළා. ඒ නිසා අපේ සංවාදය දිගටම ගියා. එවැනි ක්‍රම අපි හොයාගෙන යා යුතුයි.
ඔබ කියන්නෙ ඉංගී්රසි ඉගැන්වීමේ ක්‍රමවේදය ද වෙනස් විය යුතුයි කියල...
අනිවාර්යයෙන්ම. අපිට පොඩි කාලෙ ඉංගී්රසි ඉගැන්නුව විදිහට අද ළමයින්ට එය උගන්වන්න බැහැ. ඒ කාලෙ ක්‍රමවේද ඒ කාලයට ගැළපුනාට අද එවැනි සම්ප්‍රදායික ක්‍රම භාවිතා කරන්න බැහැ. ඒව යල් පැනල ගිහිල්ල. අපි දරුවන් ළඟට යනවනම් මොනව හරි අලුත් දෙයක් අරගෙන යන්න ඕන. එහෙම හිතල තමයි මම මගේ ක්‍රමවේදය වෙනස් කර ගත්තෙ. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි. Grammar Through Literature කියන පොතයි A Thousand Voiced Choir කියන කෘති දෙක බිහිවුණේ. මේ පොත් දෙක හරහා නවකයන්ට ඉංගී්රසියට ප්‍රවේශ වීමට ඇති අලුත් මාවතක් විවෘත වෙනව. ඒක ඉංගී්රසි ඉගෙන ගන්න දරුවන්ට වගේම ගුරුවරුන්ට ද ඉතා වැදගත් වෙනව. එහි මම යොදාගෙන තියෙන්නෙ ඉතාම සරල තැනක ඉඳල ඉදිරියට යන්න ඕන කොහොමද කියල පාඨකයන්ට නව ප්‍රවේශයක් විවෘත කරල දෙන්නයි. එය සාර්ථක වුණා කියල මම හිතනවා.
Grammar Through Literature පොතේ එක් කුඩා කතාවකින් පටන්ගෙන එය අවසානයේ තරමක විශාල කතන්දරයක් බවට පත්වෙනව. ඒ ඇසුරෙහි ඉංගී්රසි භාෂාවේ මූලික ස්වරූපය පැහැදිලිවම ඉස්මතු වෙනව. ඒ වගේම පාඨකයන් ප්‍රිය කරන සෙන් කතා කිහිපයක්ම එයට ඇතුල් කරල තියෙනව. ඊට අමතරව සරල ඉංගී්රසි කවියකින් පටන්ගෙන එය සම්භාව්‍ය ඉංගී්රසි කවිය දක්වා දිවයනව. මේ ආකාරයට කිසියම් දැනුමක් සංවිධානාත්මක ලෙස එක්රැස් කෙරුවම එයට ළංවීමට නවකයන්ට හැකිවෙනව. අපි දන්න සියලුම දේවල් වලින් හැම දෙයක්ම ආරම්භ කළොත් ඉංගී්රසි ගුරුවරයා හා ගෝලයා අතර දැඩි පරතරයක් ඇතිවෙනවා. ඒ පරතරය තමයි මෙච්චර කල් තිබුණෙ. ඒ නිසා තමයි අපි ඉස්කෝලෙ යන කාලෙ ඉංගී්රසි උගන්වන වෙලාවෙදි පංතියෙන් පැනල යන්නෙ. අපි යමක් උගන්වනව නම් ගුරුවරයා හා ගෝලයා කියන විභේදනයෙන් වෙනස් වෙන්න ඕන. ඒ පරතරය නැති කර ගන්න ඕන.
ඉංගී්රසි ඉගෙන ගැනීමට නොහැකි වීම කිසිවිට බුද්ධිමය ප්‍රශ්නයක් නෙමෙයි. එහි සියයට වැඩි ප්‍රමාණයක් තියෙන්නෙ මානසික ප්‍රශ්න. අන්න ඒ ප්‍රශ්න හඳුනගෙන අපි ඒවට පිළියම් යෙදිය යුතුයි. එහෙම නැතුව දරුවන්ට දොස් කීමෙන් වැඩක් නැහැ. ගුරුවරු වශයෙන් අපෙත් වගකීමක් තියෙනව නවකයන්ව අපිට අවශ්‍ය තැනට රැගෙන එන්න. එය එක දවසකින් දෙකකින් කරන්න බැරිවෙයි. හැබැයි අපි දිගටම උත්සාහ කළොත් එම අභියෝගය එතරම් ගැටලුවක් නැතිව විසඳන්න පුළුවන් වෙයි. ඇත්තටම ඕනම ගැටලුවක් නියමාකාරයෙන් අවබෝධ කර ගත්තොත් එයට පිළිතුරක් සෙවීම කිසිවිට අපහසු වෙන්නෙ නැහැ.
එතකොට A Thousand Voiced Choir කෘතිය?
ඒ කෘතියත් නව ප්‍රවේශයක් සටහන් කරවන්නක්. මට විශ්වවිද්‍යාලෙදි ලැබුණෙ කලා පීඨයෙ ළමයින්ට ඉංගී්රසි උගන්වන්න. කලා පීඨයෙ ළමයි හිතනව උපාධියෙන් පස්සෙ ඔවුනට යන්න තැනක් නැහැ කියල. ඒ නිසා ඔවුන් උසස් අධ්‍යාපනය ආරම්භ කරනකොටම තරමක දෙගිඩියාවකින් ඉන්නෙ. ඒ නිසා සමහර අවස්ථාවලදි අනික් පීඨවල ළමයි සමඟ සන්සන්දනය කරද්දි මානසික වශයෙන් ඔවුන් කඩාවැටෙනව. එවැනි කොටසකට තමයි මට මුලින්ම උගන්වන්න සිද්ධවෙන්නෙ. ඒ නිසා මගේ පළමු උත්සාහය වුණෙ ඒ දරුවන්ව සතුටින් තියල ඔවුන්ට ඔවුන් කෙරෙහි විශ්වාසයක් ඇති කරල ඉන් පස්සෙ ඉංගී්රසි උගන්වන්න. එතැනදි අපි කෑගහල ඉංගී්රසි සිංදු කිව්ව. නාට්‍ය කළා. ළමයින්ගෙ නිර්මාණ එළිදැක්වුවා. ඇතිවෙනකං නැටුවා. ඉංගී්රසි කවියක් අරගෙන භාෂාව ගැන යම් දෙයක් ඉගැන්වුවා. මේ හැම දෙයක්ම හරිම රසවත්. ඉහත කෘතියෙහි අන්තර්ගත වෙන්නෙ එවැනි ක්‍රියාකාරකම් පිළිබඳ හැඳින්වීමක්. එයට අමතරව ප්‍රශ්න හා පිළිතුරු ඒ කෘතියෙම අන්තර්ගත වෙනව. ඒ නිසා ඒ පොත භාවිත කරල ස්වයං අධ්‍යයනයක නිරත වෙන්න පුළුවන්.
ඉංගී්රසි නොදැන හොඳ සාහිත්‍යකරුවකු විය නොහැකියි කියන අදහසක් තියෙනව.
එහි එක්තරා දුරකට සත්‍යයක් තියෙනව. ඒ වගේම භයානක පැත්තකුත් තියෙනව. සාහිත්‍යය කියන්නෙ ලෝකෙ හොඳම ශෛලිවලින් ලියෑවුණු හොඳම දේ. ඒ නිසා හොඳ සාහිත්‍යකරුවකු වෙන්න නම් ඒ ලෝක සාහිත්‍ය කෘති පරිශීලනය කිරීම සාහිත්‍යකරුවකුට ඉතා වැදගත්. නමුත් එතැන තියෙන භයානක පැත්ත තමයි ඉංගී්රසි නොදැනීම නිසා තමන්ව අවතක්සේරුවකට ලක්කර ගැනීම. ඒක එහෙම වෙන්න ඕන නැහැ. සමහර විට මේ වගේ අදහස් ආධුනිකයකුට විශාල ලෙස බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසාම ඔවුන් ඉංගී්රසිය පිළිබඳ භයානක රූපයක් මවා ගන්න පුළුවන්. කාටහරි හොඳ සාහිත්‍යකරුවකු වෙන්න ඕන නම් ඔහු හෝ ඇය ඒ සඳහා මහන්සි විය යුතුයි. එහෙම සතත අභ්‍යාසයකින් තොරව සාහිත්‍යකරුවකු වෙන්න බැහැ. එහෙම උනන්දුවක් ඉංගී්රසිය කෙරෙහි ද ඇතිකර ගත්තොත් එය ජය ගැනීම එතරම් අපහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසා මම හැම තිස්සෙම කියන්නෙ ඉංගී්රසියට බයවෙලා තමන්ගෙ පෞරුෂය බිඳගන්න එපා කියලයි. අපේ ළමයි හැම කෙනෙක්ම වගේ දක්ෂයි. ඒ දක්ෂකමෙන් හැකියාවෙන් ඔවුන්ට මීට වඩා ප්‍රයෝජනයක් ගත හැකියි.
භාෂාව ඉගෙන ගත්තත් ඉංගී්රසි උච්චාරණය පිළිබඳ බොහෝ දෙනා තුළ වැරැදි අදහස් රාශියක් තියෙනව.
ඔබ හරි. අපේ ළමයි බොහොමයකට ඉංගී්රසියෙන් කියන දේ තේරෙනව. කතා කරන එක තමයි ප්‍රශ්නෙ. කතා කරන්න යම් හැකියාවක් තියෙන කෙනා බයයි කතා කරන්න උච්චාරණය වැරැදියි කියල. ලංකාව තමයි ලෝකෙ ඉස්සරහින්ම ඉන්නෙ ඉංගී්රසි උච්චාරණය වරද්දනකොට පුද්ගලයන්ව සමච්චලයට ලක් කරන. ඇමරිකාවෙ ගොඩක් මිනිස්සු ඉංගී්රසි ව්‍යාකරණය වරද්දනව. කවුරුත් හිනාවෙන්නෙ නැහැ. ප්‍රංශයෙ මිනිස්සු ව්‍යාකරණය වරද්දනව. කවුරුත් හිනාවෙන්නෙ නැහැ. ඔය හැම රටකම වගේ මිනිස්සු ඉංගී්රසි උච්චාරණය වරද්දනව කවුරුත් හිනාවෙන්නෙ නැහැ. හැබැයි අපේ යම් ආධුනිකයෙක් ව්‍යාකරණය වැරැද්දුවොත් එහෙම නැත්නම් උච්චාරණය වැරැද්දුවොත් අපි හිනාවෙනව. ඒක බොහොම නරක ක්‍රියාවක්. අපි කවුරුත් බ්‍රිතාන්‍ය ශෛලියට හෝ ඇමරිකානු ශෛලියට උච්චාරණය කළ යුතු නැහැ. අපිටම අනන්‍ය ශෛලියක් තියෙනව. අපි කතා කළ යුත්තේ ඒ ශෛලියෙන්. එහෙම නැතුව අපි ළමයින්ට ඇමරිකානු ශෛලියට හෝ බ්‍රිතාන්‍ය ශෛලියට කතා කරන්න කියල කියනවනම් එතැන ලොකු අසාධාරණයක් වෙනව.
හැබැයි මේ කියමනෙන් කොහෙත්ම අදහස් වෙන්නෙ නැහැ උච්චාරණයට ප්‍රමිතියක් අවශ්‍ය නැහැ කියල. ප්‍රමිතියක් අවශ්‍යයි. නමුත් ඒ ප්‍රමිතිය ශ්‍රී ලාංකික ප්‍රමිතියක් විය යුතුයි. ඒ ප්‍රමිතිය අපට තියෙනව. ලංකාවේ ඉංගී්රසි කතා කරන අය භාවිතා කරන උච්චාරණ විදියක් තියෙනව. ඒක තමයි අපේ ප්‍රමිතිය. ඒ ප්‍රමිතියෙන් උච්චාරණය කළාම හොඳටම ඇති.
බොහෝ වෙළෙඳ දැන්වීම් තුළ ඉංගී්රසිය අනවශ්‍ය ප්රතිරූපයන් නිර්මාණය කරන බව පැහැදිලිව පෙනෙනවා.
ඔව්. වෙළෙඳ දැන්වීම් සමඟ මට ඉතා විශාල ගැටලු තියෙනව. ඒව තුළ සරම ඇඳගෙන ඉන්න මිනිස්සුන්ට ඉංගී්රසි බැහැ. ටයි කෝට් ඇඳගෙන ඉන්න කට්ටියට විතරයි එය පුළුවන්. ඒ අනුව ඉංගී්රසිය ජීවන චරියාවෙ හා පෞරුෂයෙ සංකේතයක් හැටියට එහි භාවිත වෙනව. එය සම්පූර්ණයෙන්ම මිනිස්සුන්ව මුලා කරන අදහසක්. ඇයි සරම අඳින මිනිස්සුන්ට ඉංගී්රසි බැරිද? සරම ඇඳගෙන ඉංගී්රසි කතා කරන්න බැරිද? අපි තාමත් ඉන්නෙ යටත් විජිත වහල් මානසිකත්වෙ. ඒ නිසා මේ තත්ත්වෙ වෙනස් විය යුතුයි. අපේ වෙළෙඳ දැන්වීම්වලට යම් ප්‍රමිතියක් ඇති කළ යුතුයි. එහෙම නැත්නම් තවදුරටත් මිනිස්සු වහල් මානසික තත්ත්වයක කොටුවෙනව මිසක් ඉන් එළියට එන්නෙ නැහැ. අපි ඉංගී්රසි කතා කළාට ලංකාවෙ මිනිස්සු ඒක අමතක කරන්න හොඳ නැහැ.
අප්‍රිකානු මිනිස්සු තමන්ට අවශ්‍ය විදියට ඉංගී්රසිය කතා කරනව. ඉන්දියාව ගත්තත් එහෙමයි. කමලදාස් වගේ නිර්මාණකාරියක් භාවිතා කරන්නෙ ඇයට අවශ්‍ය ඉංගී්රසිය මිසක් බ්‍රිතාන්‍යයට හෝ ඇමරිකාවට අවශ්‍ය ඉංගී්රසිය නෙමෙයි. අපිට ද එම රටවල් හොඳ ආදර්ශයක්.