ඉංග්‍රීසීන්ට උඩරට දිනා දුන් මහ මොළකාරයා
මේ කතාවත් කියවන්න කලින් මුලින්ම කියන්න ඕනේ මීට කලින් මම ලියපු , පහළ තියෙන ත්‍රෙඩ් මේ කතාවත් එක්ක සෘජුවම නැතත් වක්‍රව සම්බන්ධයක් තියෙන නිසා ඒ කතා කියවන්න බැරිවුනා නම් කියවලා එන්න කියන එක. ඒකෙන් වඩාත් හොඳින් මේ කතාව ග්‍රහණය කරගන්න පුලුවන් වේවි.
රාජසිංහ රජු පාවා දුන් අයට වැදුණු ශාපය,
රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස
රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 2 කොටස
සර් ජෝන් ඩොයිලි
ඔබ 1815 ඉංග්‍රීසින් උඩරට දිනාගැනීම සම්බන්ධ කතා පුවත් කියවනවා නම් ඔබට අනිවාර්යයෙන්ම හමුවෙන නමක් තමා සර් ජෝන් ඩොයිලි කියන නාමය. කවුද මේ ජෝන් ඩොයිලි කියන එක සොයලා බැලුවොත් 1815 ඉදන් උඩරට ඉංග්‍රීසින්ගේ නේවාසික නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා කියන එකත් දැනගන්න ලැබේවි.
ඒත් ජෝන් ඩොයිලි කියන්නේ ඊටත් වඩා වැදගත් පුද්ගලයෙක්. සරලවම කිව්වොත් 1815 ඉංග්‍රීසින්ගේ උඩරට ජයග්‍රහණයේ මහ මොළකරු වුනේ ජෝන් ඩොයිලි. අද ඉතිහාසයේ අප්‍රකට කතා තුළින් කතා කෙරෙන්නේ මේ මහා මොළකරු වුණු ජෝන් ඩොයිලි සම්බන්ධව.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය
ගජමන් නෝනා
ඩොයිලි ඒ කාලේ මාතර ප්‍රදේශයේ හිටිය ගජමන් නෝනා සහ ඇලපාත මුදලි වැනි කවියන් එක්ක සමීප ඇසුරක් පැවැත්වුවා වගේම කවි සංවාද පවත්වන්න තරම් හපන්කමක් තිබුණා කියලා තමා කියන්නේ. ගජමන් නෝනා ඩොයිලිට ලියූ කවි එහෙමත් තියෙනවාලු. ගජමන් නෝනා ගැන පැහැදුණු ඩොයිලි ගජමන් නෝනාට "නෝනාගම" නින්දගමක් විදිහට දුන්නු බවත් කියවෙනවා
ඊට පස්සේ ගාල්ලේ මුදල් අයකැමියා විදිහටත් ඩොයිලි කටයුතු කරනවා. ඒ දවස්වල මේ තනතුරුවලට අධිකරණ බලයක් පවා තිබුණු නිසා මේ තනතුරු වැදගත් තනතුරු කියලා හිතාගන්න පුලුවන්.
තෝමස් මේට්ලන්ඩ්
1805 ලංකාවට පත්වෙලා එන අලුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු තෝමස් මේට්ලන්ඩ් ඩොයිලිව ලංකා බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට පත් කරනවා. ඒ තනතුරටම තමා කොළඹ දිසාපති ධූරයේ කටයුතුත් ඇතුළත් වුණේ.
මීට කලින් හිටිය නෝර්ත්ගේ අසාර්ථක උඩරට ආක්‍රමණය නිසා බ්‍රිතාන්‍ය රජයේ උපදෙස වුණේ හැකිතාක් උඩරට සමඟ සුහදව කටයුතු කරන්න ඕනේ වගේම සමඟි ගිවිසුම්වලින් උඩරටත් එක්ක බැදෙන්න ඕනේ කියන එක. ඒත් මේට්ලන්ඩ් නෝර්ත්ට වඩා ඉදිරියට හිතලා යුධ බලයෙන් නැතුව උපායශීලීව උඩරට දිනාගන්න සැලසුම් කරනවා.
උපක්‍රමශීලී කටයුතුවලට ඒ වෙද්දී ඉංග්‍රීසීන් යටතේ සේවය කරපු මුදලිවරුන්ගේ සහය ගන්න එක ගැන දෙපාරක් හිතන්න මේට්ලන්ඩ්ට සිද්ධ වුණා. මෙයාලා දෙපිට්කාට්ටුවන් කියලා හිතපු මේට්ලන්ඩ් මේ කටයුත්තට සුදුසුම පුද්ගලයා ඩොයිලි කියලා තීරණය කළා. සිංහල භාෂාව, චාරිත්‍ර වාරිත්‍ර වගේම සිංහල මිනිස්සු අතර හොඳ පිළිගැනීමකුත් ඒ වෙද්දී ඩොයිලිට හිමිවෙලා තිබීම ඒකට හේතුවක් වුණා
ඩොයිලි මුලින්ම ලිපි ගනුදෙනු ආරම්භ කරන්නේ ඒ වනවිට මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් විදිහට කටයුතු කරපු මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් සමඟ. මේ ලිපියෙන් ඩොයිලි කියන්නේ මුහුදු බඩ ඉංග්‍රීසි පළාත්වල නව ආණ්ඩුකාරවරයා විදිහට තෝමස් මේට්ලන්ඩ් වැඩ භාරගත් නිසා සුදුසු අවස්ථාවක ඒ බව මහ වාසලට දැනුම් දෙන්න කියලා. මේ විදිහට ක්‍රමයෙන් උඩරට එක්ක හිතවත්කමක් ඇති කරගන්න ඩොයිලි පාර කපා ගන්නවා.
මේ කාලේ ඩොයිලිට පැවරුණු තවත් කාර්යයක් වුණේ 1802 උඩරට ආක්‍රමණයේදී සිරකරුවෙක් වෙලා උඩරට හිටිය මේජර් ඩේවිව ආපසු ගෙන්වා ගන්න එක. ඒ යටතේ කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවන්ට ලොකු කැඩපතකුත් පුස්වැල්ලේ නිළමේට තෑගි බෝගත් යවපු ඩොයිලි ඒ දෙදෙනා මාර්ගයෙන් මේජර් ඩේවිට ලිපි යවන්න සමත් වෙනවා. 1811 දී කොස්කඳවල උන්නාසේට පගෝදි 100 ක් දීලා මේජර් ඩේවිව බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයකට ගේන්නේ ඩොයිලි උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.
උපුටා ගැනීමකි

1774 ජූනි 11 එංගලන්තයේ සසෙක්ස්වලදී උපත ලබපු ජෝන් ඩොයිලි දේවගැතිවරයෙක් වුණු මැතියස් ඩොයිලිගේ දෙවෙනි පුත්‍රයා වුණා. ලන්ඩනයේ වෙස්මිනිස්ටර් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හදාරපු ඩොයිලි කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් තමන්ගේ පළමු උපාධිය 1796 දී හිමිකරගන්නවා.
ලිවර්පූල් සාමිවරයා
ඒ වෙද්දී ඉංග්‍රීසින් යටතේ පාලනය වුණු ලංකාවේ මුහුදු බඩ ප්‍රදේශවල පාලන කටයුතු සඳහා ඩොයිලි 1801 දී ලංකාවට එනවා. ඒ වනවිට යටත් විජිත බාර ලේකම් වුණු ලිවර්පූල් සාමිවරයාගේ [පසුව බ්‍රිතාන්‍යයේ අගමැති] නියෝගයක් අනුව ඩොයිලි ලංකාවට පැමිණි බවයි කියවෙන්නේ.
ෆ්‍රෙඩ්රික් නෝර්ත්

මේ වෙනකොට ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණේ ෆ්‍රෙඩ්රික් නෝර්ත්. ඉංග්‍රීසි සිවිල් සේවකයන්ට සිංහල භාෂාව හොඳින් ඉගැන්විය යුතුයි කියන නෝර්ත්ගේ සංකල්පය නිසා මුල්ම අවස්ථාවේ ඩොයිලිට සිංහල භාෂාව ගැන හොඳ අවබෝධයක් ලබාගන්න පුලුවන් වෙනවා. ටික දවසක් කොළඹ නගරයේ සිවිල් පාලනය ගැන පුහුණුවක් ලබන ඩොයිලි හා හාපුරා කියලා වැඩ භාරගන්නේ මාතර ප්‍රදේශයේ මුදල් අයකැමියා [Collector] විදිහට.
ඩොයිලි මාතර හිටිය කාලේ කරතොට ධම්මාරාම කියන උගත් භික්ෂූන් වහන්සේගෙන් යටතේ වැඩිදුරටත් සිංහල භාෂාව, පාලි භාෂාව, සිංහල සංස්කෘතිය ආදී ලාංකික දැනුම් පිළිබඳව අධ්‍යාපනය හැදෑරූ බවයි කියවෙන්නේ
ඩොයිලි මාතර හිටිය කාලේ කරතොට ධම්මාරාම කියන උගත් භික්ෂූන් වහන්සේගෙන් යටතේ වැඩිදුරටත් සිංහල භාෂාව, පාලි භාෂාව, සිංහල සංස්කෘතිය ආදී ලාංකික දැනුම් පිළිබඳව අධ්‍යාපනය හැදෑරූ බවයි කියවෙන්නේ
ගජමන් නෝනා
ඩොයිලි ඒ කාලේ මාතර ප්‍රදේශයේ හිටිය ගජමන් නෝනා සහ ඇලපාත මුදලි වැනි කවියන් එක්ක සමීප ඇසුරක් පැවැත්වුවා වගේම කවි සංවාද පවත්වන්න තරම් හපන්කමක් තිබුණා කියලා තමා කියන්නේ. ගජමන් නෝනා ඩොයිලිට ලියූ කවි එහෙමත් තියෙනවාලු. ගජමන් නෝනා ගැන පැහැදුණු ඩොයිලි ගජමන් නෝනාට "නෝනාගම" නින්දගමක් විදිහට දුන්නු බවත් කියවෙනවා
ඊට පස්සේ ගාල්ලේ මුදල් අයකැමියා විදිහටත් ඩොයිලි කටයුතු කරනවා. ඒ දවස්වල මේ තනතුරුවලට අධිකරණ බලයක් පවා තිබුණු නිසා මේ තනතුරු වැදගත් තනතුරු කියලා හිතාගන්න පුලුවන්.
තෝමස් මේට්ලන්ඩ්
1805 ලංකාවට පත්වෙලා එන අලුත් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයා වුණු තෝමස් මේට්ලන්ඩ් ඩොයිලිව ලංකා බ්‍රිතාන්‍ය රජයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා විදිහට පත් කරනවා. ඒ තනතුරටම තමා කොළඹ දිසාපති ධූරයේ කටයුතුත් ඇතුළත් වුණේ.
මීට කලින් හිටිය නෝර්ත්ගේ අසාර්ථක උඩරට ආක්‍රමණය නිසා බ්‍රිතාන්‍ය රජයේ උපදෙස වුණේ හැකිතාක් උඩරට සමඟ සුහදව කටයුතු කරන්න ඕනේ වගේම සමඟි ගිවිසුම්වලින් උඩරටත් එක්ක බැදෙන්න ඕනේ කියන එක. ඒත් මේට්ලන්ඩ් නෝර්ත්ට වඩා ඉදිරියට හිතලා යුධ බලයෙන් නැතුව උපායශීලීව උඩරට දිනාගන්න සැලසුම් කරනවා.
උපක්‍රමශීලී කටයුතුවලට ඒ වෙද්දී ඉංග්‍රීසීන් යටතේ සේවය කරපු මුදලිවරුන්ගේ සහය ගන්න එක ගැන දෙපාරක් හිතන්න මේට්ලන්ඩ්ට සිද්ධ වුණා. මෙයාලා දෙපිට්කාට්ටුවන් කියලා හිතපු මේට්ලන්ඩ් මේ කටයුත්තට සුදුසුම පුද්ගලයා ඩොයිලි කියලා තීරණය කළා. සිංහල භාෂාව, චාරිත්‍ර වාරිත්‍ර වගේම සිංහල මිනිස්සු අතර හොඳ පිළිගැනීමකුත් ඒ වෙද්දී ඩොයිලිට හිමිවෙලා තිබීම ඒකට හේතුවක් වුණා
ඩොයිලි මුලින්ම ලිපි ගනුදෙනු ආරම්භ කරන්නේ ඒ වනවිට මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් විදිහට කටයුතු කරපු මොරතොට ධම්මක්ඛන්ධ හිමියන් සමඟ. මේ ලිපියෙන් ඩොයිලි කියන්නේ මුහුදු බඩ ඉංග්‍රීසි පළාත්වල නව ආණ්ඩුකාරවරයා විදිහට තෝමස් මේට්ලන්ඩ් වැඩ භාරගත් නිසා සුදුසු අවස්ථාවක ඒ බව මහ වාසලට දැනුම් දෙන්න කියලා. මේ විදිහට ක්‍රමයෙන් උඩරට එක්ක හිතවත්කමක් ඇති කරගන්න ඩොයිලි පාර කපා ගන්නවා.
මේ කාලේ ඩොයිලිට පැවරුණු තවත් කාර්යයක් වුණේ 1802 උඩරට ආක්‍රමණයේදී සිරකරුවෙක් වෙලා උඩරට හිටිය මේජර් ඩේවිව ආපසු ගෙන්වා ගන්න එක. ඒ යටතේ කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවන්ට ලොකු කැඩපතකුත් පුස්වැල්ලේ නිළමේට තෑගි බෝගත් යවපු ඩොයිලි ඒ දෙදෙනා මාර්ගයෙන් මේජර් ඩේවිට ලිපි යවන්න සමත් වෙනවා. 1811 දී කොස්කඳවල උන්නාසේට පගෝදි 100 ක් දීලා මේජර් ඩේවිව බ්‍රිතාන්‍ය පාලන ප්‍රදේශයකට ගේන්නේ ඩොයිලි උත්සහ කළත් ඒක සාර්ථක වෙන්නේ නැහැ.
රොබට් බ්‍රවුන්රිග්
මේ විදිහට සුළුවෙන් ආරම්භ කරපු ඩොයිලිගේ වැඩ කටයුතු ඉතාමත් කාර්යක්ෂමව සිද්ධ වෙන්න පටන් ගත්තේ 1811 නව ආණ්ඩුකරු විදිහට රොබට් බ්‍රවුන්රිග් පත්වීමත් එක්ක. මේ යටතේ උඩරට තමන්ට හිතැති පිරිසක් නිර්මාණය කරගන්න වගේම චරපුරුෂ සේවයක් සාර්ථකව උඩරට නිර්මාණය කරන්න ඩොයිලි සමත් වෙනවා.
මේ චරපුරුෂ සේවයේ මූලිකයා වුණේ තම්බි මුදලි කියලා හඳුන්වපු දොන් අදිරියන් විජයසිංහ ජයවර්ධන මුදලි. ඒ හැරෙන්න 1812 ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව ඝාතනය කරන්නට පිළිමතලාවේ අදිකාරම්ගේ උපදෙස් පරිදි ආපු ආසන නම් මැලේ මුහන්දිරම්වරයාත් ඩොයිලිගේ චරපුරුෂයෙක් බවයි කියවෙන්නේ.
මේ මැලේ මුහන්දිරම් හරහා උඩරට මරක්කලයන්ගේ පක්ෂපාතීත්වය ඉංග්‍රීසින්ට දිනාගන්න ඩොයිලි කටයුතු කළා. ඒ වගේමයි මැලේ මුහන්දිරම් රජතුමා වගේම රජතුමාගේ නායක්කර් ඥාතීනුත් ළඟින්ම ඇසුරු කරපු නිසා ඔවුන් පිළිබඳවත් වැදගත් තොරතුරු ලබාගන්න ඩොයිලිට හැකිවුනා.
කොහොම නමුත් රජතුමා ඝාතන උත්සහය අසාර්ථක වීමත් එක්කම රාජ උදහසින් පැනලා යන්න මැලේ මුහන්දිරම් සමත් වෙනවා.ඊට පස්සේ ඉංග්‍රීසින්ට උඩරට ආක්‍රමණයට වැදගත් තොරතුරු රැසක් ලබාදීපු ආසන මැලේ මුහන්දිරම් මීගමුවේ වාසය කළ බවයි කියවෙන්නේ.
ඒ හැරෙන්න වත්තල අප්පුහාමි, ගොඩමුන්නේ උන්නාන්සේ කියන චරපුරුෂයොත් ඩොයිලි යටතේ උඩරට ඉදලා තියෙනවා.
උඩරට ඩොයිලි ඇතිකරගත්තු හිතවතුන් අතරේ කලින් කිව්ව මල්වතු මහා විහාරයේ මහානායක මොරතොට ධම්මක්ඛන්ධ හාමුදුරුවෝ වගේම ඊට පස්සේ මහානායක වුණු කොබ්බෑකඩුවේ සිරිනිවාස හාමුදුරුවෝ අස්ගිරි පාර්ශවයේ මහානායක පොතුහැර රතනපාල හාමුදුරුවෝ වගේම පිළිමතලාවේ මහාදිකාරම්, ඇහැලේපොළ මහාදිකාරම්, මොල්ලිගොඩ මහාදිකාරම්, කපුවත්තේ මහාදිකාරම්, දුනුවිල දිසාව, මීගස්තැන්නේ නිළමේ, පුස්වැල්ලේ නිළමේ වගේ උඩරට රාජ්‍යයේ ප්‍රබලයෝ රැසක්ම හිටියා.
විවිධාකාරයේ තෑගි බෝග ඔවුන්ට ලබාදෙමින් ඔවුන්ගේ සිත් දිනාගන්න ඩොයිලි සමත් වුණා වගේම උඩරට රදළයන් අතරේ තිබුණු පුද්ගලික එදිරිවාදිකම් හොයා ගන්න සමත් වුණු ඩොයිලි ඒවා තව තවත් වර්ධනය කරන්නත් මේ හරහාම කටයුතු කළා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
ඉතාමත් විනීත විදිහට කටයුතු කරපු ඩොයිලි කෙතරම් දක්ෂ වුණාද කියනවා නම් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව මත්පැන්වලට ඇබ්බැහි කරවීමේ කාර්යයට මොල්ලිගොඩ මහ නිළමේ සමඟ සම්බන්ධ වෙන්නේ ඩොයිලි. රජතුමා කොතරම් බේබද්දෙක් වුණාද කියනවා නම් 1815 උඩරට අල්ලා ගත්තු ඉංග්‍රීසි සොල්දාදුවන්ට රජ මාළිගාවේ තිබිල හොෆ්මන් චෙරි බ්‍රැන්ඩි බෝතල් ගණනාවක් හමුවෙලා තියෙනවා.
අවසාන වශයෙන් උඩරට කඩාවැටීමට මග පාදපු ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සහ ඇහැලේපොළ මහාදිකාරම් අතර ගැටුම ඇතිකරවන්නේ මොල්ලිගොඩ මහාදිකාරම්. ඒකට හේතුව වුණු මොල්ලිගොඩ සහ ඇහැලේපොළ ගැටුම සූක්ෂමව නිර්මාණය කරන්නේත් ඩොයිලි. පස්සේ රජතුමා පලවා හැරීම අපේක්ෂාව කරගෙන ඉංග්‍රීසින් ගාවට ආපු ඇහැලේපොළ මාර්ගයෙන් උඩරට යුධ ශක්තිය, යුධ රහස්, රජතුමා ආරක්ෂාවට පලායන ස්ථාන, රජතුමාගේ වස්තුව සඟවන ස්ථාන වගේ සෑම දෙයක් ගැනම තොරතුරු ලබාගන්න ඩොයිලි සමත් වෙනවා.
ඇහැලේපොළ, මොල්ලිගොඩ සහ කපුවත්තේ මහ නිළමේවරුන් සමඟ සංවාදයක සිටින ජෝන් ඩොයිලි
අන්තිමටම උඩරට ආක්‍රමණය කරන්න බ්‍රවුන්රිග් හේතුව විදිහට දක්වන ඉංග්‍රීසි බල ප්‍රදේශයේ හිටිය වෙළෙඳුන් උඩරට වෙළෙඳාමට ගියාම චරපුරුෂයන් කියලා සැක කරලා කන්, නාස් කපලා දඬුවම් කිරීම උඩරට ආක්‍රමණයට සාධාරණ හේතුවක් දක්වන්න ඩොයිලි කරපු උපායක් බවයි කියන්නේ
මේ යටතේ තමන්ගේ උඩරට ආක්‍රමණය දියත් කරපු ඉංග්‍රීසින් ඩොයිලිගේ සූර උපායන්ට පින් සිදුවන්නට පහසුවෙන් 1815 පෙබරවාරි 14 සෙංකඩගල අල්ලා ගන්නවා. පස්සේ පෙබරවාරි 18 වෙනිදා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව අල්ලගන්නත් ඉංග්‍රීසින්ට හැකිවෙනවා.
ඒ අවස්ථාවේදී සිංහල හේවායන් රජතුමාට කරපු හිරිහැරවලින් රජතුමාව ගලවා ගන්න වගේම ඊට පස්සේ රජතුමා කොළඹට යනකම්ම රජතුමාගේ සුව පහසුව ගැන හොයලා බැලුවෙත් ජෝන් ඩොයිලිම තමා. ඒ අතින් බලද්දී ඩොයිලි තමන්ගේ මහත්මා ගති ගුණ ප්‍රදර්ශනය කරපු බවයි පේන්නේ.
1815 මාර්තු 2 දින උඩරට ගිවිසුම කියවනු ලැබූ අවස්ථාව
ඉන්පසුව 1815 මාර්තු 2 වෙනිදා මහනුවර මඟුල් මඩුවේදී ප්‍රකාශයට පත් කරපු උඩරට ගිවිසුමේ සිංහල පරිවර්තන සකස් කරන්නට කටයුතු කරන්නේත් ඩොයිලි. ඒ ගිවිසුමෙත් ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක විදිහට ජෝන් ඩොයිලි අත්සන් තබනවා.
1815 ඉදන් ලංකාවේ ඉංග්‍රීසි පාලනය ඇරඹීමත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිතයා එහෙමත් නැත්නම් රෙසිඩන්ට්වරයා [Resident] විදිහට ජෝන් ඩොයිලි 1815 මාර්තු 2 තමන්ගේ කටයුතු ආරම්භ කරනවා.
බැරනට්වරුන්ට බ්‍රිතාන්‍ය රජු පිරිනමන පදක්කම
උඩරට ජයග්‍රහණය උදෙසා ජෝන් ඩොයිලිගෙන් ලැබුණු සේවය අගය කරන්න රාජ්‍යාධිකාරී කුමාරයා වුණු ජෝර්ජ් කුමාරයා [පසුව IV ජෝර්ජ් නම්න් රජවුණු] ඩොයිලිට බැරනට් [Baronet] තනතුරක් [කණිෂ්ට සාමි] පිරිනමනවා.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සඟවපු වස්තුව හොයාගන්න කටයුතු ආරම්භ වෙන්නේත් ඩොයිලිගේ මූලිකත්වයෙන්. අවසානයේ ගල් ලෙන් කීපයක සඟවලා තිබුණු සුවිශාල වස්තු සම්භාරයක් ඉංග්‍රීසි ආණ්ඩුව යටතට ගන්න ඩොයිලිගේ දක්ෂතාවය නිසා පුලුවන් වෙනවා. මේ වස්තුව අයත් වුණු ආභරණ, මුතු මැණික්, විවිධ උපකරණ ආදිය ඒ සොයාගත් භාණ්ඩවලින් විශාල ප්‍රමාණයක් 1820 දී ලන්ඩනයේ කිං නම් පුද්ගලයාට අයත්ව තිබුණු වෙන්දේසියේදී වෙන්දේසි කරනු ලැබුවා. ඒකෙනුත් විශාල ආදායමක් ලබාගන්න ඉංග්‍රීසි රජයට හැකිවුණා
1816 පිහිටවපු උඩරට පළාත් පිළිබඳ කොමසාරිස් මණ්ඩලයේ පළමු කොමසාරිස්වරයා වෙන ඩොයිලි මියයන තෙක්ම ඒ තනතුරු දරනවා. ඩොයිලි විසින් රචනා කරපු A Sketch of The Constitution of The Kandyan Kingdom කෘතියෙන් උඩරට ආණ්ඩු ක්‍රමය වගේම උඩරට සිරිත් විරිත් සම්බන්ධව විග්‍රහයක් ඔහු කරනවා.
මහනුවර කච්චේරියේ තිබී හමුවුණු ඩොයිලිගේ දිනපොතෙන් එකල උඩරට සමාජය වගේම ඉංග්‍රීසි පාලනය ගැන වටිනා තොරතුරු රැසක් හෙළිදරව් කරගන්න පුලුවන් වුණු නිසා රාජකීය ආසියාතික සංගමය ඒ දිනපොත පාදක කරගෙන 1917 දී Diary of Mr. John D'oyly කෘතිය නිකුත් කරනවා. මේ වනවිට ඩොයිල්ගේ සැබෑ දිනපොත මහනුවර කෞතුකාගාරයේ තබා තිබෙනවා
ජෝන් ඩොයිලි ගැන 1810 දී ඔහුව මුණ ගැසුණු බ්‍රිතාන්‍ය ජාතිකයෙක් කියන්නේ මෙහෙම විස්තරයක්.
"සිවිල් සේවයේ සිටින එකම සිංහල උගතා [ඩොයිලි] ප්‍රාචීන භාෂා ශාස්ත්‍ර විශාරද බොහෝ දෙනා මෙන් ගති පැවතුම්වලින් මුළුමනින්ම පාහේ ස්වදේශිකයෙකු බවට පත්ව සිටියි. ඔහු කිසිවෙකු තම ගෙදරට නොකැඳවයි. වසරකට වරක් වුව රාත්‍රී භෝජනය සඳහා බැහැර නොයයි. ඔහු අශෝභන නමුදු ගුණවත්, අවංක තාපසයෙක් බව පෙනේ. එසේ සලකනු ලැබේ. ඔහු වූඩ් මහතාගේ රාත්‍රී භෝජන සංග්‍රහයට පැමිණි විට කේම්බ්‍රිජ් [විශ්වවිද්‍යාලයීය] තරුණ ගැටයෙකු මා තරම් වයස පෙනෙන සිංහල තාපසයෙකු බවට වෙනස්වීම ගැන මවිත වීමි"
මේ සටහන ලියපු පුද්ගලයා ඒ වෙද්දී 45 වෙනි වියේ ඉද්දී ඩොයිලි හිටියේ 31 වෙනි වියේ.
ඩොයිලිගේ සොහොන
අවිවාහකයෙක් වුණු ජෝන් ඩොයිලි මියයන්නේ 1824 මැයි 25 වෙනිදා මහනුවරදී. ඔහුගේ මරණයට හේතුව වෙන්නේ අධික උණ. මියයද්දී ඔහුගේ වයස අවුරුදු 49 යි. ඩොයිලිගේ දේහය රාජ්‍ය ගෞරව යටතේ තැන්පත් කරන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ගේ මෘත දේහ තැන්පත් කරන්න සකස් කරපු මහනුවර ගැරිසන් සුසාන භූමියේ.

ඩොයිලිගේ සොහොනේ වූ ඵලකය
ඒ වගේමයි ඩොයිලිගේ සොහොනේ වූ ඵලකයේ තවත් පිටපතක් කොළඹ ශාන්ත පීතර දේවස්ථානයේත් තැන්පත් කරනු ලබනවා.
අදටත් ඩොයිලිගේ සොහොන ඒ සුසාන භූමියේදී දැකගන්න පුලුවන්.ඩොයිලි මියගියාට පස්සේ ඩොයිලිව සිහිපත් කරන්න වගේම ඔහුට ගරු කිරීමක් වශයෙන් බ්‍රිතාන්‍ය රජය විසින් මහනුවර ඩොයිලිගේ ප්‍රතිමාවක් ස්ථාපනය කරනවා. ඒ ප්‍රතිමාව මේ වනවිට තියෙන්නේ මහනුවර කෞතුකාගාරය ඉදිරිපිට
ටික කලක් යද්දී ඩොයිලිගේ අවතාරය මහනුවර සංචාරය කරන්න පටන් ගත්තාලු. අශ්වයෙක් පිටේ නැගලා සම්පූර්ණ යුධ හමුදා නිළ ඇඳුමකින් [?] සැරසිලා යන මේ අශ්වාරෝහකයා මලබාර් වීදියේ යන හැටි තමා මිනිස්සු දැකලා තියෙන්නේ.
ඩොයිලිගේ මරණයත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිත හෙවත් රෙසිඩන්ට් ධූරය අහෝසි වුණත් ඩොයිලිගේ මොළයෙන් කරපු කටයුතුවල පලවිපාක නම් ලේසියෙන් අහෝසි වුණේ නැහැ

මහනුවර කෞතුකාගාරය ඉදිරිපිට ඇති ඩොයිලිගේ ප්‍රතිමාව
ටික කලක් යද්දී ඩොයිලිගේ අවතාරය මහනුවර සංචාරය කරන්න පටන් ගත්තාලු. අශ්වයෙක් පිටේ නැගලා සම්පූර්ණ යුධ හමුදා නිළ ඇඳුමකින් [?] සැරසිලා යන මේ අශ්වාරෝහකයා මලබාර් වීදියේ යන හැටි තමා මිනිස්සු දැකලා තියෙන්නේ.
ඩොයිලිගේ මරණයත් එක්කම උඩරට ඉංග්‍රීසි නියෝජිත හෙවත් රෙසිඩන්ට් ධූරය අහෝසි වුණත් ඩොයිලිගේ මොළයෙන් කරපු කටයුතුවල පලවිපාක නම් ලේසියෙන් අහෝසි වුණේ නැහැ
උපුටා ගැනීමකි
HTML:
http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_8096.html
Last edited:
passe kiyawala comment karannam