..::[ඉංගිරි කන්දේ තවුස් ලෙන් සොයා ගිය ගමන(පළමු
දෙසවන වැකෙන්නට වූයේ විසල් ගිගුරුම් හඬකි. අප කිතුල්ගල බෙලි ලෙන ඉදිරියෙහි සිට ඈත කඳු පන්තියෙන් ඔබ්බට වූ පුළුල් අහස් තලය දෙස බැලුවේ සොබාදම් මාතාව අපට එරෙහි වේ දැයි සැකය සිත් තුළ සඟවා ගෙනය. එපිටින් නැගෙන කළු වලාවන් අප හට පවසනුයේ දැන් නුඹලා මෙතන සිටියා ඇති යන්නය. ‘‘වැඩි වෙලාවක් නෑ බං, වැස්සට කලින් ඇදගමු’’ බෙලිලෙන ධාරානිපාත වර්ෂාවකින් නැහැවීමට තව අඩ හෝරාවකවත් කාලයක් නොමැති බව අප හට වැටහිණි. ගෙන ආ ගමන් මළු කර හොවා ගත් අප බෙලි ලෙනෙහි සුසානව වසන්නාවූ බලංගොඩ නූතන මානවයා හට සමුදුන්නේ කිතුල්ගල කඳු මුදුනක සැඟව ගිය බ‍්‍රාහ්මණයකුගේ වාසස්ථානය සොයා යාමේ අරමුණෙනි.
සිහින් හිරිකඩක් මහ පොළොව සිපගනිද්දී බෙලිලෙන සිට කිතුල්ගල නගරය තෙක් වැටී තිබූ මාර්ගයේ ඉදිරියට අපි ඇදෙන්නට වීමු. කිතුල්ගල සිට ගිනිගත්හේන හරහා හැටන් නගරය දක්වා වන ප්‍රධාන මාර්ගය වෙත අඩ හෝරාවක පමණ කාලයකින් ළඟා වුණු අප පසුව කිතුල්ගල අළුත් පාලම තෙක් ධාවනය කරන්නට වූයේ යතුරු පැදිවල වේගය තරමක් වැඩි කරමිනි. ඒ අප පිටුපසින් හඹා එන අනෝරා වැස්ස නොබෝ වේලාවකින් අප ද ගොදුරු කර ගැනීමට ඉඩ තිබූ බැවිනි.
කිතුල්ගල අළුත් පාලම මංසන්ධියට මෙපිටින් වූ කුඩා තේ කඩයක් ලඟ අපි මද වේලාවකට නතර වුනෙමු. සිහින් හිරිකඩ නිසාවෙන් සීතලව තිබූ ගත උණුසුම් කහට කෝප්පයක් සමඟ දල්වාගත් දුම් වැටියක පහසින් නිවා ගත් අප කඳු පංතියෙන් පිටතට හමන තද සුලඟට කළු වලාවන් පහව යන සැටි බලා හිඳින්නට වූයේ හද පිරි සතුටිනි. හ්ම්... මම දිගු හුස්මක් හෙලුවෙමි. ‘‘යමං බං, හවස්වෙලා’’ යලිත් යතුරු පැදි පණ ගන්වා ගත් අප ප‍්‍රධාන මාර්ගයෙහි සිට කිලෝමීටර 1 1/2ට ආසන්න දුරකින් වූ අලුත් පාලම ගම්මානය බලා ඇදෙන්නට වීමු.
වේලාව සවස 5 ට ආසන්නව පැවතිණි. ‘‘මංච, සනාට කෝල් එකක් ගහපන්’’ මිතුරෙකු පැවසීය. සනා යනු කිතුල්ගල, අලුත් පාලම ගම්මානයෙහි වාසය කරන්නාවූ මාගේ මිතුරෙකි. ගහ කොළ සතා සීපාවා හොඳින් හඳුනන ඔහු වනය තුළ ඇවිදීමට සූරයෙකි. ජංගම දුරකථනයෙහි දිස්වන්නට වූයේ සංඥා කණු දෙකක් පමණි. ‘‘සිග්නල් නෑ’’, ‘‘හ.. හලෝ.. හලෝ... සනා, අපි පාලම උඩ. උඹ කොහෙද’’ කඩින් කඩ ඇසෙන්නට වූ වචන අතරින් මම පැවසීමි. ‘‘ඔහොම ඉස්සරහට වරෙං, මම පාලම අයිනෙ තේ කඩේ ළග ඉන්නව’’ සනා පැවසීය. අපි පාලම අවසානයෙහි වූ ලෑලි කඩය වෙත ගොස් යතුරු පැදි නතර කළෙමු.
‘‘බසියිකල් ටික අයිනට දාමු. වහින්නෙ නම් නෑ, ඒත් ෂුවර් නෑනෙ’’ සනා කඩේ ඉදිරිපස සිට පැවසීය. යතුරු පැදි වලින් බැස ගත් අප ගෙන ආ බඩු බාහිරාදිය රැගෙන කඩය තුලට ගියෙමු. ‘‘ඉතිං සනා, මොකෝ වෙන්නෙ’’ මම ඇසීමි. ‘‘ඔහේ ඉන්නව බං’’. ‘‘ අපි කෙලින්ම පාලම යටට අදිමු නේ’’ මම ඇසුවෙමි.
ගඟෙහි ඉහළ ප‍්‍රදේශයේ ඈතින් පෙනෙන්නට වූයේ සප්ත කන්‍යා කඳු වැටියයි. එසැණින්ම මා මතකයට නැඟුනේ 1974 වර්ශයේ දී ඝන මිහිදුම නිසාවෙන් සප්ත කන්‍යා කඳු මුදුනෙහි ගැටී විනාශ වූ මැලේසියානු ගුවන් යානයි. ‘‘කන්දේ හැපුණ මහ වනන්තරේ, ඊ සී අට අහස් යන්තරේ’’ මා හට මිමිණෙන්නට විය. පහළ ප‍්‍රදේශයෙහි ඈතින් පෙනෙන්නට වූයේ කුරුළු කැලේ සහ ඉංගිරි කන්ඳ ඇතුළු තවත් කඳු කිහිපයකි. කුරුළු කැලේට එපිටින් වූ කඳු පන්තිය තුළ රත් පැහැ හිරු හැංගි හොරා එබිකම් කරයි. ඔරලෝසුව සවස පහේ කණිසම පසුකරමින් සිටිද්දී ගෙන ආ ගමන් මළු පාළම පාමුල තැබූ අප හැඳ සිටි ඇඳුම් ගලවා සීතල දියට පැන ගත්තේ ගතෙහි වූ විඩාව නිවාලීම සඳහා වන එකම පිළියම එය වූ බැවිනි. පැය භාගයකට ආසන්න කාලයක් පිහිනමින් සහ ජල කී‍්‍රඩාකරමින් රිසි සේ දිය නා ගත් අපි ගොඩට විත් හැඳ සිටි තුවා පිටින්ම අවරට යනට රත් පැහැ හිරුගේ වියෝව දෙස නිහඬව බලා හිඳින්නට වීමු. හිරු විසින් දහවල ගිණියම් කළ පාලම පාමුල වූ ගල් තලාව තවමත් උණුසුම්ව පවතී. හැඳ සිටි ඇඳුම් ගල් තලාවෙහි ඇතිරූ අප කොට කලිසමකට බැස ගත්තේ ස්වභාවධර්මයේ පිවිතුරු ආශ්වාදය නිරාවරණය වූ ගතට ලබාදීමේ අපේක්ෂාවෙනි.
‘බඩු ගෙනල්ලා තියෙන්නේ මචං, වැඩේ පටන් ගමුද?’’ සනා ඇසීය. පාලම යට ගල් තලාවෙහි බටහිර බෑවුම් ප‍්‍රදේශය අද අපගේ රාත්‍රී නවාතැන් පළ වෙයි. ‘‘පොඩ්ඩක් ඉඳපන් සනා. බයිට් එකටයි රෑට කන්නයි මොනවාහරි අරගෙන එන්නම්’’ මම පැවසීමි. මමත් මිතුරෙකුත් ලෑලි කඩය වෙත ගොස් එහි තිබු අවසාන පාන් ගෙඩි දෙකත් ආප්ප කිහිපයත් උම්බලකඩ සම්බෝල පැකට් කිහිපයකුත් රැගෙන ආවේ දිවා ආහාරය සඳහා අප මිලදී ගත් මස් සහ පරිප්පු කලවම් කළ හොදි අප සතුව තිබූ බැවිනි. ඒ අතර තුර සනා සහ තවත් මිතරෙකු රාත්‍රී ගිණි මැලය සඳහා අවශ්‍ය වන දර කැබලි එක්කාසු කොට තිබිණි.
හිරු කඳු පන්තියෙහි සැඟව ගොස් සිටියද රාත්‍රී අන්ධකාරය මුළුමනින්ම ගල්තලාව ගිලගෙන තිබුණේ නැත. අහසෙහි තැනින් තැන දිදුලන තාරකා අප හට පවසන්නට වූයේ වැහි වලා රහිත අහසක හිමිකාරිත්වය අද රාත්‍රීයට ලබාදෙන බැව්ය. පත්තර කොළ කිහිපයකට ගෙන ආ උම්බක කඩ සම්බෝල සහ කී‍්‍රම් ක‍්‍රැකර් පැකට්ටුවක් කඩා දමාගත් අපි සනා විසින් පෙර සූදානම් කර තිබූ රා බූලි දෙක ලං කර ගත්තේ දිගු රාත්‍රීයෙහි සුන්දරත්වය ලාංකීය අනන්‍යාතවයත් සමඟ මුසු කිරීමටය. ගල් තලාව මත රවුමට හිඳ ගත් අප රා බූලියක් විවෘත කොට වීදුරු පිරෙන තුරු වත්කර ගත්තෙමු.
රා රැගෙන ආ පුද්ගලයා හට මුල්ම වීදුරුව දීම පාරම්පරික සිරිතකි. තවද රා උගුරක් බීවු පසු උගුර පාදා කෙළ පහරක් ගැසිමද නිසැකවම කළ යුතුය. කුමන හේතුවකට වුවත් ‘‘ෂා... නියම රා ටික’’ වැනි වදන් පවසන්නේ නැත. උගුර පාදා කෙළ ගසන්නේ රා මදින්නාගේ ඇස් වහ කට වහ දුරුවන්නටය. මේ පිළිබඳව නොදන්නා කෙනෙකුට රා මදින්නා ඉදිරියේ සමාව ලැබුණද දන්නා හඳුනන කෙනෙකු හට නම් ලැබෙනුයේ මල් කපන පිහියෙන් පිහි පාරක් වුවද විය හැකි බව සනා අප හට පැවසීය.
සනාගේ මෙවන් වූ රස කතා අතරේ එක් රා බූලියක් අවසන් විය. ‘‘අනිත් එකත් කඩලා ගනිං’’ මිතුරෙකු පැවසීය. තවත් මිතුරෙකු ඒ අතරතුර රාත්‍රී ආහාර වේල සූදානම් කිරීම සඳහා විශාල කැන්ද කොල කිහිපයක් කඩාගෙන විත් ගල් තලාවෙහි ස්වභාවිකව සෑදුණු කුඩා වලක් මත එලා අප සතුව තිබූ හොදි පාර්සලය ලිහා ඒ තුළින් තැබීය. තවත් විශාල කැන්ද කොල කිහිපයක් මත පාන් සහ ආප්ප තබා සැකසූ අපගේ රාත්‍රී කෑම මේසය සැබවින්ම අපූරුය. ගිණි මැලය දැල්වීමට අප හට එතරම් අවශ්‍යතාවයක් නොතිබුණේ මුතු පලසක් ලෙසින් දිදුලන රාත්‍රී අහසේ වූ අප‍්‍රමාණ තාරකාවන්ගේ ආලෝකය නොමදව ලැබුණ බැවිනි.
නිරන්තරයෙන් ගතෙහි දැවටෙන සිහිල් සුළං අතරින් රළු ගල්පර වල හැපෙන ජල ධාරාවෙහි හඬ දෙසවන පිනවන්නට විය. මේ රමණීය පරිසරය තුළ අප රා මතින් මත්ව වී සිටියෙමු. රළ බිදෙන හඬ අතරින් වරින් වර ඇසෙන්නට වූයේ මැඩියෙකුගේ ‘‘ග්ර්ක්.. ග්ර්ක්...’’ හඬය. විටෙක ඈතින් ඇසෙනුයේ කිරලකුගේ ඉකිබිඳුමය. මෙලෙසින් වූ ස්වභාව ධර්මයෙහි තාලයන් රුකුලක් කර ගනිමින් නැගෙන්නට වූයේ අප මිතුරකුගේ ගැඹුරු කටහඬය. ‘‘මං මුලා වී... පාර සොයාගෙන...’’ ගඟ අද්දර පාලම පාමුල වූ ගල්තලාව ඔහුගේ සිතුවිලි මං මුලා කොට තිබිණි.

Last edited:

සම්පුර්ණ අයිතිය මෙහි මුල් අයිති කරු සතුය 

මන් update කරන්නම් 