ඉක්මනින් ලියාපදිංචි නොවුණොත් ඔබේ ජංගම දු

keshara

Well-known member
  • Sep 20, 2006
    2,039
    418
    83
    ඉක්මනින් ලියාපදිංචි නොවුණොත් ඔබේ ජංගම දු

    තමන් භාවිතා කරන ජංගම දුරකතන සම්බන්ධතාවය තමන් නමින් ලියාපදිංචි කිරීමට ලබාදී තිබෙන කාලය තවත් ටික දිනකින්ම අවසන් වන බවත් එසේ ලියාපදිංචි නොකරන දුරකතන විසන්ධි කරන බවත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධානියා කියයි.

    විදුලි සංදේශ නියාමන කොමිසමේ ප්‍රධානී, අනූෂ පැල්පිට මහතා අප සමග පැවසුවේ දුරකතන සමාගම් විසින් මේ දිනවල පුවත් පත්වල දැන්වීම් පළකරමින් මේ පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කරමින් සිටින බවත් එම ප්‍රචාරණය අවසන් වූ විගස ඒ පිළිබඳව කොමිසම විසින්ද දැනුවත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන බවයි.

    කොමිසමේ එම ප්‍රචාරයෙන් පසුවද තමන් භාවිතා කරන ජංගම දුරකතන තමන් නමින් ලියාපදිංචි කර නොගන්නේ නම් එම සම්බන්ධතාවයන් විසන්ධි කරන බව අනූෂ පැල්පිට මහතා අප සමග සඳහන් කළේය.

    “හොර සිම් පත් භාවිතා කරමින් විදේශ රටවල සිට වංචා සහගත ලෙස මෙරටට දුරකතන ඇමතුම් ලබාගැනීම වැඩිවීම නිසා විශාල ආදායමක් දුරකතන සමාගම් වලට අහිමි වී යනවා. ඒ වගේම, අනුන්ගේ නමින් සිම්පත් භාවිතා කරමින් සිදුකරන අපරාධවල සුල මුල සොයා ගැනීමත් අපහසුයි. ජංගම දුරකතන සම්බන්ධතාවය තමන්ගේ නමින් ලියාපදිංචි කළ විට මෙවැනි ප්‍රශ්න මගහැරී යනවා.“

    යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් අනූෂ පැල්පිට මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

    #132# ට ඇමතීමෙන් තමන්ගේ ජංගම දුරකතන සම්බන්ධතාවයේ ලියාපදිංචි තොරතුරු වැරදි හෝ නිවැරදි දැයි තහවුරු කරගත හැකිය.

    ලියාපදිංචි තොරතුරු වැරදි නම් .තමන්ගේ දුරකතන ජාලයේ පාරිභෝගික සේවා මධ්‍යස්ථානය වෙත ගොස් නිවැරදි තොරතුරු ලබාදී ලියාපදිංචි වනලෙස දුරකතන සමාගම් විසින් සඳහන් කර තිබේ.


    SOURCE
     
    • Like
    Reactions: kevin37

    walmsilva

    Well-known member
  • Sep 24, 2012
    1,955
    117
    63
    සමහරක් ෆෝන් වල USSD වැඩ කරන්නේ නෑ. සමහර කොරියන් ඒවායේ එහෙම. සිම් ඒක වෙන ෆෝන් එකකට දාල බලන්න.
    ok machan man balannam. thanks ubata..