බොහෝ දුරට කවියෙක්ට ප්රබල නිර්මාණයකට මග පාදන්නේ තම ජීවිත අත්දැකීම්.. ඒත් මන් පාර්තනා කරනව මේක එහෙම නොවෙන්න කියල.... ගොඩාක් ලස්සනයි රොන් අයියා....
දුක වැඩි වෙද්දි දුකින්ම නිර්වින්දනය වේගෙන යන හුදෙකලා හදවතක හිස්බව අපූරුවට නිරූපණය වෙනවා නිර්මාණයෙන්.
හැමදාමත් වගේ අපූරු නිර්මාණයක් අයියේ
නිර්මානකරුවන් බොහෝ දුරට තම ජීවිත අත්දැකීම් මතින් නිර්මාන බිහි කරනවා.
තවත් සමහරු සමාජයේ එදිනෙදා දකින හා අහන දේ තමන්ගේ කරගෙන නිර්මාන කාරියේ යෙදෙනවා අර තැලුනු සීරුනු හා දුක් විඳින ජීවිතවලට පුංචිම හෝ සහනයක් නැත්නම් සාධාරණයක් ලබාදීමේ හෝ ඉටුකිරීමේ බලාපොරොත්තුවෙන්..එහෙම හිතාගෙන වෙනසකට වගේ ලියපු එකක් මේක...
කවදත් වගේ කර තිබෙන නිර්මාන අගය කිරීමට මගේ ආචාරය මල්ලියට....
අයියා අද වෙනස්ම කවක් ලියල. (මට හරියට තේරුණේ නැති නිසාද දන්නෙ නෑ එහෙම හිතුනෙ.)
කොහොම උනත් නිර්මාණය පුරාම මහ පාළුවක් තියෙනව. ඒක ගොඩක් හිතට දැනෙනව...
විරහව එකම කැටියකට ගෙන දිග හැර ඇත.
නොයෙකුත් සමාජ ගැටලු ඉදිරියේ විරහව දරා ගත නොහැකි දෙයක්.
ඔනෑම ගැටලුවකට මුහුණ දිය හැකියි.
එහෙත් ප්රියයන්ගෙන් වෙන්ව හුදකලා වීම දරාගත නොහැකිය.
අයියගෙ නිර්මාණයෙන් ඒ බව අපූරුවට කියා තුයෙනවා.
ආදරය.. විරහව... දුක... ඔක්කොම මේක ඇතුලෙ තියෙනව...
පුලුන් වගේ හිම කියන කොටසට මන් හුඟාක් කැමතියි.
ලස්සන නිර්මානයක් අයියා