ඉටි_පහනින්_මවනා_සිතුවම්

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
ඉටි_පහනින්_මවනා_සිතුවම්



බුරුසුව වෙනුවට ඉටිපන්දමකුත් තීන්ත වෙනුවට ඉටිපන්දමෙන් නැගෙන දුමත් භාවිතා කරනා සිත්තරෙකි බ්‍රිතාන්‍යය ජාතික මයිකල් ෆෙනල්.
අන් සිත්තරුන් මෙන් නොව මයිකල් තම චිත්‍ර සිතුවම් පුවරුව එල්ලා ගන්නේ තම හිසට ඉහළිනි. අනතුරුව ඉටිපන්දම දල්වා ගන්නා හේ එයින් නැගෙන දුම පුවරුව පුරා විසිරුවා හරී. විසිරෙන දුම අතින් එහෙ මෙහෙ කරනා ඔහු ඒවායින් සිත්තම් මතු කර ගන්නේ ඉන්ද්‍රජාලිකයකු සේය.



YbUqLQV.jpg



මෙහිදී සිදුවන්නේ ඉටිපන්දම දැවීමේදී දුම සමග නිකුත් වන කාබන් අංශු පුවරුව මත තැන්පත් වීමය. කාබන් අංශු තැන්පත් වන ස්ථාන කළු පැහැයෙන් දිස්වේ. මයිකල් කරන්නේ තමන්ට අවැසි සිත්තම මතු වන ආකාරයට දුමෙන් නිකුත් වන කාබන් අංශු පුවරුව මත තැන්පත් වීමට සැළැස්වීමයි.



4TbTlEn.jpg


මෙනිසාම ඔහුගේ සිතුවම් කලූ සුදු වර්ණයෙන් පමණක් යුතු වීම නොකිවමනාය.
ඔහුගේ සිතුවම් අතර ලෝක ප්‍රකට ක්‍රීඩකයින්, සංගීතඥයින්, නළු නිළියන් ආදීහු සිටිති.
මයිකල්ට අනුව මෙය කිසිසේත් ලෙහෙසි පහසු කාර්යයක් නොවේ.නමුත් අවසානයේ මතු වන සිතුවම තමන් ඒ සදහා වැය කළ කාලයට වටිනාකමක් එක් කරන්නේයැයි ඔහුගේ අදහසයි.



VfffgCY.jpg


WL4elJ3.jpg


 
Last edited: