ඉඩමක් තොරගද්දී මේ ගැන සැලකිලිමත් වෙන්න

akiRox

Junior member
  • Nov 30, 2013
    14
    41
    13
    ලංකාවේ ඉඩම් දවසින් දවස ගණන් යනවා , ඒ අතරේ සමහර ඉඩම් අපිට හම්බෙනවා market price එකට වඩා අඩුවෙන් , එත් මේ වගේ ඉඩම් ගන්න කලින් ඒ ගැන හොයල බලන එක හරිම වැදගත් . මේ post එකෙන් මන් කියන්න යන්නේ ඉඩමක් ගන්න කලින් හොයලා බලන්න ඕනේ දේවල් ගැන .

    හුඟක් කට්ටිය ඉඩමක් ගන්නේ land sale එකකින්. ඒකට හේතුව දැන් තියන ආර්ථකයත් එක්ක මිනිස්සුන්ට ලොකු ඉඩම් ප්‍රමාණයක් එක පාර ගන්න බෑ . ඉතින් land sale වලින් ඉඩම් කොටස් කරලා විකුණන perch 6 -10 කොටස් තමා දන් කාලෙ අය ගන්න පෙළබෙන්නේ . තව land sale වලින් වතුර සහ electricity දෙන්න පොරොන්දු වෙනවා , තව බැංකු ණය පහසුකම් සහ ඉඩමට අදාල documentation දෙන හින්ද ගොඩක් අය land sale වලින් ඉඩම් ගන්නවා .

    එත් මේ land sale 100% විශ්වාස කරන එකත් තමාට අවාසියට හිටින්න පුළුවන් . පලවෙනි කාරණය තමා land sale වලින් එගොලන්ට ලොකු ගානක් තියාගෙන තමා ඉඩම විකුනන්නේ . උදාහරනයක් වශයෙන් ගත්තොත් ලක්ෂ 2 ට ගත්ත perch එක land sale වලින් ලක්ෂ 4-5 ට විකුනනවා . ඊට වඩා භයානක වෙන්නේ land sale එකෙන් හරිහැටි ඉඩමේ අයිතිය transfer කරගන්නේ නැතුව ඉඩම කොටස් කරලා විකුණුවොත් . ලඟදි blue mountain ආයතනය එවැනි වංචාවක් කර අසුවුන ආයතනයක්. ඉතින් කොහොමද අපි ඉඩම නිතියනුකුලද කියල බලන්නේ ? මේ කාරණාව සහ තවත් වැදගත් දේවල් ගැන අපි දැන් කතාකරමු

    පලවෙනි කාරණාව තමා location එක අවට ගමනාගමන පහසුකම් තියෙනවද , ඒ ඉඩමේ ඉඳල bus halt එකට කොච්චර දුරද , train station ලඟද , high level පාරට කොච්චර දුරද යන කරුණු ටික බලන්න ඕනේ . තව ඒ ඉඩම අවට current සහ වතුර දෙන්න කොච්චර කාලයක් යනවද , (වතුර සහ current නැතුව ගෙවල් හදන්නේ කොහොමද ) වතුර ටැප් line එකෙන් දෙනවද වගේ කරුණු ගැන සැලකිලිමත් වෙන ඕනේ . දෙවැනි කාරණාව තමා ඉඩම කුඹුරක් හෝ වෙලක්‌ ගොඩ කරලා හදපු ඉඩමක් ද කියල , මොකද එහෙම ඉඩමක් නං හදන ගෙදරට ශක්තිමත් foundation එකක් දාන්න වෙන්නේ නෑ

    ඊළඟ කරුණ තමා ඉඩමේ legal පැත්ත , මේ වැඩේට lawyer කෙනෙක් එක්ක ගමන යන එක තමා හොඳම දේ, advance එකක් ගෙවන්න කලින් ඉඩමේ ඔප්පු copy එක සහ ඉඩමේ plan එකේ copy එකක් අරන් lawyer කෙනෙක්ට දීලා check කරගන්න , මෙහිදී lawyer ඉඩමේ විස්තර land registry එකෙන් check කරලා ඔයාට කියය් (මේ වැඩේදී ඉඩමේ අයතියය් අවුරුදු 30ක පත්තිරු lawyer check කරනවා ) ඉඩමේ legal පැත්ත

    අනිත් කාරණය තමා තමන් ඉඩම ගන්න කැමැති නං සල්ලි ගෙවන්න කලින් sales agreement එකක් අත්සන් කරන එක , මේ sales agreement එක land sale එකේ director අත්සන් කරලා lawyer විසින් certify කරොත් ඉඩම විකුණන පාර්ශවයට කියන බෑ ඒගොල්ලෝ ඔයාගෙන් සල්ලි ගත්තේ නෑ සහ ඉඩම විකුනනන්න එකඟ වුනේ නෑ කියල . මතක ඇතුව agreement එක අත්සන් කරාට පස්සේ තමන් එකේ certified copy එකක් ඉල්ලන්න

    මීට අමතරව තව වැදගත් කරුණු ගොඩක් ඇති , අපි ඒ ගැන මේ thread එකේ කතාකරමු
     

    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    akiRox ට හොද ඉඩමක් ඇති නේද, මේ වගේ ගොඩක් දේවල් දන්න නිසා.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    ado, loan gena kiyapallako danna ekek. housing loan wage ewa tibbata, land ganna ehema option nedda ( land sale karayongen newei)
     
    • Like
    Reactions: shadow134

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Directors la hoyannat be bn. Ausi penalai kiala tama tyenne. Banks walata mortgage karapu lands mun wilunala tyenne. Paw gatta ewn. Benkut anatai land wikunala unge loss cover karaddi..

    බලුමවුන්ටන් එකෙ සින් එක නෙත්fm එකේ ඇදලා අරන් ඔක්කොම එලියට දානකොට, බලු මවුන්ටන් එකෙන් සල්ලි විසිකරලද මන්දා නෙත්fm එකේ උන්ම ටික දවසකින් උන්ව සුද්ද කරන්න ගත්තා උන්ගේ ඇඩ්ස් දදා. එකෙන් ගොඩක් අය ඔය සින් එකට අහු උනා.
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    ගොඩක් ලැන්ඩ් සෙල්ස් කරන්නෙ ඉඩමක් හොයගෙන එක බැන්කුවට තියල ලොන් එකක් එකක් දල ඉඩමෙ ඔරිගිනල් අයිති කරයට සල්ලි බෙරනවා. දැන් ඉඩම තියෙන්නෙ බැන්කුවෙ නමට. පස්සෙ ලැන්ඩ් සෙල්ස් දාලා ගාන්න මීස්සුන්ගෙන් ගාන අරන් බැන්කුවෙ නය බෙරනවා.මිනිස්ස්සු සල්ලි ගෙවන විදිහට තමයි ඉඩමෙ අයිතිය බැන්කුවෙන් buyer ට පවරන්නෙ
     
    • Like
    Reactions: shadow134

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැදගත් ත්‍රෙඩ් එකක්.

    තව එකක් බෑවුම් නැති හෝ අඩු, තැනිතලා ඉඩමක් ගන්න බලපල්ලා. එතකොට ගේ හදද්දි ඉඩම ගොඩ කරන්න හෝ ෆවුන්ඩේෂන් එක එක ලෙවල් එකකට අරන් ඇතුලට පස් පුරවන්න යන වියදම අඩු කර ගන්න පුලුවන්.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    වැදගත් ත්‍රෙඩ් එකක්.

    තව එකක් බෑවුම් නැති හෝ අඩු, තැනිතලා ඉඩමක් ගන්න බලපල්ලා. එතකොට ගේ හදද්දි ඉඩම ගොඩ කරන්න හෝ ෆවුන්ඩේෂන් එක එක ලෙවල් එකකට අරන් ඇතුලට පස් පුරවන්න යන වියදම අඩු කර ගන්න පුලුවන්.

    ඔව් ඔව් :lol: 😁 නැත්තම් පදිංචියට හොදම ඉඩම කියල පොඩි වැස්සටත් යන වෙන ඉඩම් එහෙම ඕනි තරම් විකුනනවනේ, අර facebook meme pages වල share වෙන්නේ photos.
    වටේ පිටේ මිනිස්සු එක්ක කතා කරලා වට පිටාව ගැන දැනගන්න එක එහෙම වටිනවා