<< ඉඩමක ගෙයක් හැදීම සම්බන්දයෙන් උදවුවක් >>

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    << ඉඩමක ගෙයක් හැදීම සම්බන්දයෙන් උදවුවක් >>

    f417My%20Dream%20House.jpg


    මචන්ලා මේකයි කේස් එක. මට දැනගන්න ඕනෙ කාරනා කීපයක් තියෙනවා. ඊට කලින් මන් ඕගොල්ලන්ට තේරුම් ගන්න විස්තරේ මෙහෙම කියන්නම්. මගේ තාත්තාට අයිතිය තියෙන පර්චස් 7.5ක්වූ නිවෙසක් සහිත ඉඩමක් තියෙනවා. මේ ඉඩම පිහිටලා තියෙන්නෙ නගරසභා සීමාවේ, ඒ කියන්නේ ප්‍රදාන නගරයට කිලෝමීටර දෙකක් විතර ඇතුලට වෙන්න. වරිපනම් ගෙවනවා හොඳේ. සැලකිය යුතු කාරනේ මේකයි මචන්ලා. මේ පර්චස් 7.5ක් වන ඉඩම පර්චස් 20ක ඉඩමකින් කොටසක්. ඒ කියන්නේ පර්චස් 20ක ඉඩමෙ කෑල්ලක් තමා තාත්තා මිලදී ගත්තේ. එතකොට මේ නිවස සහිත ඉඩමට අදාල ප්ලෑන් එක (1999 වර්ශයේ ඇඳි ) තියෙන්නෙ ඒ ඉඩම් දෙකටම අදාලවයි. ඒකත් නගර සභාවෙ ලියාපදින්චි කරලා නෑ. දැන් මගේ පලවෙනි ප්‍රශ්නෙ තමා අපිට අයත් පර්චස් 7.5 ඉඩම අලුතින් ප්ලෑනක් අඳින්න ඕනෙද එහෙම නැත්තම් අර 1999 වර්ශයේ ඇඳපු මුලු ඉඩමේ ප්ලෑනම නගරසභාවෙ ලියාපදින්චි කරන්න පුලුවන්ද කියන එක. එහෙම අලුතින් ප්ලෑනක් අඳිනවනම් දල වශයෙන් වියදම කීයක් යනවද, නගර සභාවෙ පිඹුර අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය මොකද්ද..?

    එතන කොහොම හරි ගොඩ ගියා කියමුකො. මගේ අදහසක් තියෙනවා මේ ගෙදර නවීකරනය කර ගන්න. ඒ කියන්නේ තට්ටු දෙකකට වගේ හදාගන්න. එතනදී අදාලවන ගොඩනැගිලි සැලැස්ම ඇන්ඳා කියමුකෝ අලුතින්. සාමාන්‍යයෙන් ඒකට යන වියදම කොහොමද. දැනට පවතින ගෙයක් නවීකරනය කරන්න යන නිසා ඒ වියදමේ යම් වෙනසක් වෙනවද..? ගොඩනැගිලි සැලැස්ම අදාල නගර සභාවෙන් අනුමත කර ගැනීමේ ක්‍රියාවලිය කුමක්ද..

    අතුරු ප්‍රශ්නයක්ද මේ සමග යොමු කරන්නම්..

    අර කලින් කියපු ලොකු ඉඩම දෙකට බෙදුනට පස්සේ අපේ නොවන අනිත් ඉඩම් කැබැල්ලේ ගෙයක් හැදුවා. අපේ විදුලි රැහැන එන්නේ ඒ ගෙදර උඩින්. එතකොට ඒක අපේ පාර අයිනෙන් ගන්නවනම් යන වියදම කොහොමද. ක්‍රියාවලිය මොකද්ද..

    මේ ගේ කෑල්ල හදාගන්නවා කියන එක මගේ එක හීනයක්, ඉලක්කයක් සැබෑ කරගැනීමක්. ඉතින් ඒක සැබෑ කරගන්න එලකිරි වාසීන්ගෙ උදවු හා උපදේශයන් හිස්මුදුනි පිලිගනිමි.


     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    nirawul oppu nevei da. oppu nirawul nam ekath ekka aandunu plan eka use karanna puluwan neda. hariyatama danne natha.

    honda prashna tikak ahala thiyenne. godak ayata danumata wada gath wena thread ekak.

    bump
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,815
    6,368
    113
    අලුතින් plan එකක් අදින එක තමයි හොදම වැඩේ බන්. ඉස්සරලම ඉඩම මැනලා survey එකක් කරගනින් මිනිදොරුවෙක්ට කියල ඒකට 10ක් 15ක් යයි. ඉඩම පොඩි හින්ද වැඩි ගයන්ක් යන්නේ නැති වෙයි. ඊට පස්සේ plan අදින එකෙක් අල්ලාගෙන plan එක ඇදගනින් ඒකට තට්ටු 2කෙ ගෙයක් නම් 15කට වගේ plan එක ඇදගන්ට පුළුවන් වෙයි.නගර සබාවේ අනුමත කරන්ටත් එක්ක නම් තව ගානක් යයි. උබට පොඩ්ඩක් රස්තියාදු වෙන්ට ප්ලුවන්නම් උබම ගිහින් අනුමතකරගනින්. දැන් ඉස්සර වගේ නෙවේ අනුමත කරපු plan එකක් නැතුව bank loan ගන්ට බෑ. light , water supply ගන්ටත් අන්මුමත කරපු plan එකක් ඕනේ
     
    • Like
    Reactions: Pink panther

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    තනුජකයට මැසේජ් එකක් දාල බලපන්,ඌ අනිවරෙන් ඔය ගැන දන්නවා ඇති
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    gedara plan eka anumatha karanna nam ge hadala tiyena idame plan eka anumata karana one
    natnam ge hadala tiyena idama aithi loku idame master plan eka anumata karala tiyena one and eke original eka one

    issela mulu idama plan eka anumata karala oyage podi idame plan ekat anumata karala
    ewa pennala gei plan eka anumata kora ganna ow
     
    • Like
    Reactions: Pink panther

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    1.තියෙන ප්ලෑන් එක අවුරුදු 15කට වඩා පරන නිසා මිනින්දෝරුවෙකුට කියලා අලුතින් ඉඩම මැනලා ප්ලෑන් එකක් අඳින්න වෙනවා.ඊට පස්සෙ ඒක තමයි නගර සභාවේ ලියාපදින්චි කරගන්න වෙන්නෙ.මේ ප්ලෑන් එක අඳිද්දී උබේ ඉඩමේ තියෙන නිවසත් ප්ලෑන් එකේ සටහන් කරනවා.

    මේක කරගන්න උබට උබේ ඉඩමේ ,ඉඩම් අනුබෙදුම් සැලසුම හෝ සයිට් ප්ලෑන් එක මිනින්දොරුවට දෙන්න ඕනි.මිනින්දෝරු ගාස්තු 10,000 විතර යයි.ප්ලෑන් එක අනුමත කරගන්නත් 5000ක් විතර යනවා.

    2.තියෙන ගොඩනැගිල්ල නවීකරනය කරන්න සැලසුමක් 15000 සෙ සිට ඉහල මිලක් අයකරනවා බොහෝ පුද්ගලයන්.මේකෙදි මුලින්ම උබේ තියෙන ගොඩනැගිල්ල මැනලා අඳින්න වෙනවා.ඊට පස්සෙ තමයි මොඩිෆිකේශන් වලට ප්ලෑන් එකක් අඳින්න වෙන්නෙ.මේක ප්ලෑන් අඳින කෙනා කරලා දෙයි.ඊට පස්සෙ මේක නගර සභාවෙන අනුමත කරගන්න වෙනවා.මේකටත් 5000 ක් විතර යයි.

    3.අනුන්ගෙ ඉඩම් උඩින් විදුලි රැහැන් දාන්නෙ නෑ.උබලගෙ පාරට ලයිට් කනුවක් අලුතින් දාන්න ඕනිනම් ටිකක් ගානක් යයි.නැත්නම් ලොකු ගානක් යන්නෙ නෑ.මේක ගැන වැඩි විස්තරයක් මම දන්නෙ නෑ.විදුලිබල මණ්ඩලයට ගිහින් බැලුවනම් විස්තර ටික දැනගන්න පුලුවන්.
     
    • Like
    Reactions: thushiq64

    thanujaka

    Well-known member
  • 1.තියෙන ප්ලෑන් එක අවුරුදු 15කට වඩා පරන නිසා මිනින්දෝරුවෙකුට කියලා අලුතින් ඉඩම මැනලා ප්ලෑන් එකක් අඳින්න වෙනවා.ඊට පස්සෙ ඒක තමයි නගර සභාවේ ලියාපදින්චි කරගන්න වෙන්නෙ.මේ ප්ලෑන් එක අඳිද්දී උබේ ඉඩමේ තියෙන නිවසත් ප්ලෑන් එකේ සටහන් කරනවා.

    මේක කරගන්න උබට උබේ ඉඩමේ ,ඉඩම් අනුබෙදුම් සැලසුම හෝ සයිට් ප්ලෑන් එක මිනින්දොරුවට දෙන්න ඕනි.මිනින්දෝරු ගාස්තු 10,000 විතර යයි.ප්ලෑන් එක අනුමත කරගන්නත් 5000ක් විතර යනවා.

    2.තියෙන ගොඩනැගිල්ල නවීකරනය කරන්න සැලසුමක් 15000 සෙ සිට ඉහල මිලක් අයකරනවා බොහෝ පුද්ගලයන්.මේකෙදි මුලින්ම උබේ තියෙන ගොඩනැගිල්ල මැනලා අඳින්න වෙනවා.ඊට පස්සෙ තමයි මොඩිෆිකේශන් වලට ප්ලෑන් එකක් අඳින්න වෙන්නෙ.මේක ප්ලෑන් අඳින කෙනා කරලා දෙයි.ඊට පස්සෙ මේක නගර සභාවෙන අනුමත කරගන්න වෙනවා.මේකටත් 5000 ක් විතර යයි.

    3.අනුන්ගෙ ඉඩම් උඩින් විදුලි රැහැන් දාන්නෙ නෑ.උබලගෙ පාරට ලයිට් කනුවක් අලුතින් දාන්න ඕනිනම් ටිකක් ගානක් යයි.නැත්නම් ලොකු ගානක් යන්නෙ නෑ.මේක ගැන වැඩි විස්තරයක් මම දන්නෙ නෑ.විදුලිබල මණ්ඩලයට ගිහින් බැලුවනම් විස්තර ටික දැනගන්න පුලුවන්.

    මේ තියෙන්නේ කරන්න ඕන විදිහ..
    මේක හරි..:yes: