ඉඩම් ඔප්පු පැවරීම

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    ඉඩම් ඔප්පු පැවරීම

    මචංලා ඉඩමක් තව කෙනෙකුට පවරද්දී ගෙවන්න ඔනේ ගාස්තු එහෙම කොහොමද? පර්චස් ගාණට කොච්චර ගෙවන්න ඕනේද? එකට ස්ථාවර රේට් එකක්ද යන්නේ

    රෙප් + 12
     
    • Like
    Reactions: බෙන් 10

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,541
    5,559
    113
    ඇයි අහන්නේ,එන්නද
    පවරද්දි කියන්නෙහ් ටැක්ස් එකද බ0 ?

    නොතාරිස් කෙනෙක් ගාවට ගිහින් ලියන්නේ මචං
    ඒකේදී නොතාරිස් ගාස්තු නෙමේ. පැවරීම් ගාස්තු වෙනමනේ යන්නේ ඉඩමේ පර්චස් ගාණට. අන්න ඒ ගාණ ඔනේ.

    ඒක හැදෙන විදියයි දැන ගන්න ඔනේ බ්‍රා
     

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,349
    1,544
    113
    32
    Earth-Cj025
    රාජ්‍ය අංශයේ වැඩක් කරන විට ප්‍රධාන වශයෙන් අපිට හමුවන දෙයක් තමා මේ මුද්දර ගාස්තුව කියන්නේ, නැත්නම් මුද්දර උඩ අත්සන් කරනන් කියනවා වගේ දේ හරි අවම වශයෙන් අහලා ඇති කියලා මම හිතනවා.අපි මුලින්ම බලමු මොන වගේ වැඩවලටද මේවා ගෙවන්න වෙන්නේ කියලා. (මෙම ලිපිය 2006 අංක 12 දරන මුද්දර බදු (විශේෂ විධි විධාන ) පනත අනුව සකසා ඇත.)
    නිශ්චිත දේපල පැවරීමකට අදාළ සෑම සාධන ප්‍රතිකාවකටම
    යම් අධිකරණයක පවරනු ලබන නඩු කටයුතු වලදී ඉදිරිපත් කරනු ලබන සෑම ලේඛනයක් සඳහා., යන කරුණු සදහා ප්‍රධාන වශයෙන් බලපායි.
    මෙය තවත් සරලව දැක්වුවහොත්
    ​​​දිවුරුම් පෙත්සමක්
    රක්ෂණ ඔප්පුවක්
    ප්‍රසිද්ධ නොතාරිස්වරයෙකු වශයෙන් කටයුතු කිරිමේ අධිකාරී පත්‍රයක්
    ව්‍යාපාරයක්, වෙළදාමක්, වෘත්තියක් හෝ රැකියාවක් කරගෙන යාම සඳහා තත්කාල බලපත්‍රයක්
    ණය කාඩ්පත භාවිතා කිරීම මත ණය කාඩ්පත් හිමියෙකු විසින් කරනු ලබන යම් හිමිකම් පෑමක් හෝ ඉල්ලීමක්
    අලුත් හෝ අමතර නිකුත් කිරීමක් මත හෝ පැවරීමක් හෝ මාරු කිරිමක් මත වු කොටස් සහතිකයක්
    දේපලකට බලපාන්නා වු නිශ්චිත මුදල් ප්‍රමාණයක් සඳහා වු උකස් කිරීමක්
    පොරොන්දු නෝට්ටුවක්
    යම් දේපලක් බදු දීම හෝ කුලියට දීම
    යම්කිසි මුදලකට හෝ වෙනත් දේපලක් සඳහා දෙනු ලබන ලදු පතක් හෝ නිදහස් කිරීමක්

    ඒ වගේම මුද්දර ගාස්තුවෙන් නිදහස් ලේඛණ හා සාධන පත්‍ර
    අපරාධ නඩුවල ඇප ඔප්පු
    ආණ්ඩුව විසින් හෝ යම් තැනැත්තෙකු විසින් ආණ්ඩුව වෙනුවෙන් යම් නිශ්චල දේපලක් / මෝටර් රථයක් පැවරීම,
    ආණ්ඩුව විසින් ගෙවිය යුතු වන ආණ්ඩුව නමට ලියා අත්සන් කළ සාධන පත්‍ර,
    නොතාරිස් වරයෙකු සහතික කළ අන්තිම කැමති පත්‍ර හෝ කොඩිසිල් පත්‍ර සහ නඩු කටයුතු වලදී ඉදිරිපත් කරනු ලබන ඇතැම් ලේඛනරජයේ නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලේඛන
    දිළින්දෙකු වශයෙන් ඉදිරිපත් වන තැනැත්තෙකු විසින් ඉදිරිපත් කරනු ලබන ලේඛන
    වරෙන්තු, මෝසම් ආදිය වගේ ප්‍රධාන වශයෙන් දැක්විය හැකියි.
    මේවැනි අවස්ථාවල අයකරනු ලබන මුද්දර ගාස්තු සාධන පත්‍රය ලියන්න කලින් හරි ලියන වෙලාවේදි හරි තමා ගෙවන්න ඕනේ. මේ වගේ වෙලාවක මුද්දර ගාස්තු ගෙවන්නාට, ඒ වෙලාවේ මොකක් හරි කරදරයක් වුනා කියලා හිතමුකෝ.එහෙම වෙලාවට පුළුවන් මේ සාධන පත්‍රය අත්සන් කරන දවසේ ඉදලා දවස් 7ක් අතුලත ගෙවන්න මේක හදා ගන්න.
    හරි දැන් කොහොමද මේ කියන මුද්දර ගාස්තුව ගෙවන්නේ. ගොඩක් දෙනෙක් බැංකුවලට තමා ගෙවන්න හුරු වෙලා ඉන්නේ. ඒ හින්දා ඒ වැඩේ හරියට කරගන්නේ කොහොමද කියලා බලමු.
    නිශ්චල දේපළක් පැවරීමේදී එකේ මුද්දර ගාස්තුව නියමිත බැංකුවකට ගෙවන්න ඕනේ.( උදා: ලංකා බැංකුව ) මේ විදිහට බැංකුවට සල්ලි ගෙව්වට පස්සේ බැංකුවෙන් අපිට දෙන්න ඕනේ ගෙවපු මුද්දර ගාස්තුවයි, දිනෙයි දැක්වෙන පිලිගත් ආකෘති පත්‍රයක්. මේක මතක් කරලා අනිවාර්යයෙන් ගන්න.මේක සාධන පත්‍රයේ අපි සල්ලි ගෙව්වා කියලා අලවලා තියන්න ඕන වෙනවා.මුද්දර වලින් වැඩේ කර ගන්න නම් අපි සල්ලි ගෙව්වා කියලා අලවන මුද්දර හරි සීල් එකෙන් පෙන්නන මුද්දර වලින් සාධන පත්‍රයේ පෙන්නන්න ඕනේ.( දැන් ගොඩක් තැන්වල මුද්දර වැඩේ කරනවා අඩුයි)
    දැන් ගොඩක් බැංකු තුන වෙන කොට වහනවානේ. මේවගේ වෙලාවට මොකද කරන්න ඕනේ. මේ වෙලාවට අපිට පුළුවන් කොමසාරිස්වරයාට කියලා වැඩේ කරගන්න. ඒයාට සල්ලි ගෙවලා ගෙවපු ගානයි, දිනෙයි සාධන පත්‍රයේ පිටසන් කර ගන්න. එතකොට වැඩේ හරි.
    දේපල හුවමාරුවකදී සාධන පත්‍ර එකකට වඩා තියෙනවානේ, මේ වාගේ වෙලාවකදී මුද්දර ගාස්තු ගෙවන්න ඕනේ කරන්නේ , ඒ මුද්දර ගාස්තුවට සමාන මුද්දර පලමුව ලියා අවසන් කරන පත්‍රයේ තමා අලවන්න ඕනේ අනිත් ඒවල රු.5 මුද්දර තමා ගහන්න ඕනේ. (ගාන හරියට මතක නැහැ.රු.5-10 වගේ තමා එන්න ගෙවන්න ඕනේ )
    දැන් අපේ අය මුද්දර ගාස්තු ගෙවනකොට ගොඩක් දෙනෙක් හොර වැඩ කරන්න තමා පුරුදු වෙලා ඉන්නේ. මේ වැඩේ කරන්න එපා මොකද පස්සේ එක දෙක වෙලා ගෙවන්න වෙන වෙලාවල් තියෙනවා. සාධන පත්‍ර වැඩේ දිනම් කරන්නේ දේපල කොටස් කරලා සාධන පත්‍ර කිහිපයකින් වැඩේ කරන්න යනවා. මේ වෙලාවේ මේක හොර වැඩක් කියලා තේරුනොත් මේක ඇයි මේ විදිහට තියෙන්නේ කියලා පැහැදිලිව ඔප්පු කරලා පෙන්වන්න වෙනවා. එහෙම කරන්න බැරි උනොත් කලින් ගෙවන්න තිබ්බ ගාන වගේ එකහාමාරක් ගෙවන්න ඕනේ. එහෙම අවදානමක් ගන්න කැමති නම් විතරක් ඒ වගේ වැඩ කරන්න පුළුවන්. ( මෙවා ගෙවන්න වෙන්නේ ප්‍රදානිලාභියාටයි, සාධන පත්‍රය හදපු කෙනාටයි තමා)
    මුද්දර ගාස්තු ගැන ගෙන එන දෙවන ලිපිය තමයි මේක. ගොඩක් අය අහලා Massage කරලා තිබුණා “ඔප්පුවල ගණන් අඩුවෙන් දැම්මට කමක් නැද්ද කියලා. “ ඒ හින්දා අද එවැඩේ කලොත් මොකද වෙන්නේ කියලා කියන්න මට හිතුණා.
    ලංකාවේ ගොඩක් දෙනෙක් මේක කරනවා. ලොකු මිනිහාගේ ඉදන් පොඩි මිනිහා වෙනකම් මේ වැඩේ කරනවා. මම මේ වැඩේ එපා කියන්නවත් කරන්න කියලාවත් අනුමත කරන්නේ නැහැ. මම කියන්නම් මේහෙම කරලා අහුවුනොත් මොකද වෙන්නේ කියලා.( නිතිය නොදන හිටියා කියලා නිතියෙන් බෙරෙන්න විදිහක් නැහැ කියලත් මතක තියා ගන්න)
    හොරට මුද්දර ගහලා තියෙන ඔප්පුවක් හො සාධන පත්‍රයක් ලියා අත්සන් කලොත් මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ පවත්වන ලබව ලඝු නඩු විභාගක් ඉන්න වෙනවා. ඒ නඩුවෙන් වැරදි කරු කරාට පස්සේ රු.3,000.00 අඩු දඩයක් ගෙවන්න වෙනවා.

    මේකට අදාළ ප්‍රඥාප්තිය සටහන තමා
    යම් තැනැක්තෙකු-
    මුද්දර ගාස්තු අය කළ යුතු යම් සාධන පත්‍රයක් නිසි පරිදි මුද්දර නොගසා සාක්ෂිකරුවෙකු වශයෙන් හැර, අත්සන් කළ හොත් හෝ
    නියම කර ඇති පරිදි අලවන මුද්දර අවලංගු කිරීම පැහැර හැරියහොත් හෝ …යන ඥාප්තිය සටහන.
    මහජන නොතාරිස්වරයකු වෙත පනවනු ලැබු යම් නියමකයට අනුකූලව කියා කිරීම දැන දැන පැහැර හැරියොත් පෙර පරිදිම මහේස්ත්‍රාත්වරයෙකු ලඝු නඩු විභාගක් තියෙනවා. මේකදී දඩුවම විදිහට ඒ වැරද්ද වුන සාධන පත්‍රයේ ගෙවිය යුතු මුද්දර ගාස්තුවයි තව රුපියල් පන්දහසකට අඩු දඩයක් හරි මාස හයකට නොවැඩි කාලයකට බන්ධනාගාර ගක කිරීමක් කරන්න පුළුවන්. නැත්නම් දඩුවම් දෙකම වුනත් දෙන්න පුළුවන්. (ප්‍රඥාප්තියේ 78 වගන්තුය අනුව )
    මීට අමතරව තව සභාවට වැරදි කරපුවාම විය හැකි දඩුවම් වගයක් දක්වලා තියනවා. ඒ ප්‍රඥාප්තිය සටහන් ටික මම ඒ විදිහටම දන්නම්,
    සදහන් කිරීමට නියමිත සිද්ධි කරුණු හා අවස්ථානුගත කරුණු සියල්ල සම්පූර්ණයෙන්ම සදහන් කර නොමැති (ප්‍රඥාප්තියේ 78 වගන්තුය අනුව) යම් සාධන පත්‍රයක් සභාවට වංචා කිරීමේ චේතනවෙන් සකස් කිරීම හෝ ලියා අත්සන් කිරීම කරනු ලැබුවහොත්
    තමා ලියා අත්සන් කළ සත්‍යාපනය කළ හෝ සහතික කළ යම් සාධන පත්‍රයක් සදහා මුද්දර ගාස්තුව ගෙවීම පිණිස යම් මුදල් ප්‍රමාණයක් භාර ගැනීමෙන් පසු, ඒ මුද්දර ගාස්තුව ගෙවීමට ඒ මුදල නොයෙදවනු ලැබුවහොත් හෝ ඒ මුදල හෝ ඉන් යම් කොටසක් අනිසි ලෙස තමා ළග තබා ගනු ලැබුවහොත් හෝ රදවා ගනු ලැබුවහොත් හෝ
    යම් සාධන පත්‍රයක් ලියා අත්සන් කිරීමේ දී හෝ සත්‍යාපනය කිරීමේදී නිර්ව්‍යාජ නොවන හෝ කලින් පාවිච්චි කරන ලද මුද්දරයක් ඒ සාධන පත්‍රයට ගැසුවහොත් හෝ ඒ සාධන පත්‍රයෙහි යොදා අවලංගු කිරීමට සැලැස්සුවහොත් හෝ
    මේ ප්‍රඥාප්තිය යටතේ යම් ගාස්තුවක් හෝ දණ්ඩනයක් පළාත් සභාවට අහිමි කිරීමට සැලැසුම් කෙරෙන වෙනත් යම් ක්‍රියාවක් කළහොත් හෝ
    කොමසාරිස්වරයා විසින් ඔහු වෙත පනවනු ලැබු යම් නියමයක් අනුව (ප්‍රඥාප්තියේ 54 (2) වගන්තිය අනුව) ක්‍රියා කිරීම පැහැර හරිනු ලැබුවහොත් හෝ
    කොමසාරිස්වරයා වෙත පැවරි ඇති බලතල ක්‍රියාත්මක කිරීමේදී අනුව (ප්‍රඥාප්තියේ 54 (4) වගන්තිය අනුව) කොමසාරිස්වරයාට ප්‍රතිරෝධය පෑම හෝ බාධා කිරීම කරනු ලැබුවහොත්.
    ඒ තැනැත්තා මේ ප්‍රඥාප්තිය යටතේ වරදකට වරදකරුවකු වේ.
    මේ ඉහත සදහන් කරන තියෙන කරුණුවලට යම් පුද්ගලයෙකු වැරදි කරුවෙකු වුනොත් ඒ තැනැත්තා මහේස්ත්‍රාත්වරයෙක් ඉදිරිපිට ලඝු නඩු විභාගකයට මුහුණ දෙන්න සිදු වෙනවා. දඩුවන් ටික නම් කොටස් තුනකට බෙදෙනවා.
    දෙවනි එකේ විදිහට වැරදි කරුවෙක් වුනොත් වැරදි වැඩෙන් ලග ඉතිරි කර ගත්ත මුද්දර ගාස්තුවයි තව රුපියල් පන්දහසකට නොවැඩි මුදලකුයි ගෙවන්න වෙනවා.
    තුන් වන අනුජේදය යටතේ වැරදිකරුවෙක් වුනොත් ඒ තැනැත්තා විසින් ගසන ලද හෝ අවලංගු කරන ලද මුද්දරවල වටිනාකම වගේ දස ගුණයකුත් තව රුපියල් පන්දහසකට නොවැඩි මුදලකුයි ගෙවන්න වෙනවා.
    ඉතිරි අංක 1, 4, 5, 6 අනුජේදය යටතේ වැරදිකරුවෙක් වුනොත් රුපියල් පන්දහසකට නොවැඩි මුදලක් හරි මාස හයකට නොවැඩි බන්ධනාගාර ගත කිරීමකුයි තමා හම්බ වෙන්නේ. එහෙම තැන්නම් මේ දඩුවම් දෙකටම හම්බ වෙන්න ඉඩ තියෙනවා.
    මේ වගේම කොමසාරිස්වරයා විසින් හෝ නියෝජ්‍ය කොමසාරිස්වරයා විසින් තොරතුරු කැදවීමක් ලිඛ්තව කරන්න පුළුවන්.( ප්‍රඥාප්තියේ 73 (8) වගන්තිය අනුව) මේවට නිසියාකාර ප්‍රතිචාර නොදක්වන්නේ නම් ඒකට වුනත් නඩු දාන්න පුළුවන්. මේකට හම්බවෙන දඩුවම තමයි රුපියල් පන්දහසකට නොවැඩි මුදලක් ගෙවන්න වෙනවා.



    https://civillk.com/2018/10/16/මුද්දර-ගාස්තු-stamp-duty-sri-lanka/
     
    Last edited:
    • Like
    Reactions: rukshan0000

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    ඉඩමේ වටිනකමින් 4% ක් වගේ මට මතක්. ඒ කියන්නේ ඇත්තටම ඉඩම වටින ගාන නෙමේ. ඕප්පුව දාන ගාන. අඩු ගානක් දාලා ලියවගන්න පුලුව. හැබැයි වේන්දේසි ඉඩම් ගන්නකොට, බැංකු ණය හරහා ගන්නකොටනම් කරන්න බැරිවෙයි. ඔන්න ඔායගේ ඉඩමක් මම එක පාර සල්ලි දීලා ගන්නවනම් ඇත්තටම ඉඩම ලක්ෂ 30ක් වටිනවනම් ඔයාට ලක්ෂ 30 දිලා ඔප්පුව වටින්නේ ලක්ෂ 5ක් විතර කියලා දාලා ලිටන්න පුලුවන් එතකොට ගෙවන්න ඕන ලක්ෂ 5න් සියට 4ක් වෙන්න ඕන.