අපේ රටේ හෙන ගොං...
දැන් ආයිත් රැල්ලක් වගේ ඉස්සර කාලේ අපේ රටේ තිබ්බ කර්මාන්ත ගැන කතා කරනවා.. විවෘත්ත ආර්තිකේට බනිනවා..
සිදු වූයේ කුමක් ද්? පොඩ්ඩක් හිතන්න බුද්ධිමත්ව..
මුලින් අපි ආනයන එපා කියලා ස්වයන්පෝෂිත වෙන්න හදනවා = fail ඇයි?
අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලාගේ කාලේ හැමදේටම අවස්තාව අඩුයි. ජීවත් වෙන්න අමාරුයි...
විවෘත්ත ආර්තිකේත් එක්ක opportunities වැඩි වෙනවා.. බඩු වර්ග වැඩි වෙනවා.. හොඳ තත්වයක් ඇති වෙනවා.. කර්මාන්ත හොඳින් කෙරෙනවා..
ඊට පස්සේ නියාමනය, පාලනය කියන දේ ක්‍රියාත්මක කරන ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නෑ. ඔන්න ප්‍රශ්න පටන් ගන්නවා
ඊට පස්සේ රටේ අනිසි පඩි වැඩිවීම් නිසා කර්මාන්ත තවත් වැටෙන්න ගන්නවා.. තුලනයක් නැහැ කොටසකට පඩි ඉතා වැඩි.. ඉන්දියාවට වඩා පඩි වැඩි අපේ.. ඒත් එක්කම කන්න බොන්න තියෙන දේවල් හම්බ කරන පඩියට සපේක්ශව වැඩි(මධ්‍යම පාන්තිකයාගේ)..
රටේ වැටීමට බල පෑ ප්‍රධානතම සාධක වලින් කිහිපයක් වන්නේ නියාමනය සහ ප්‍රමිතිකරණය(ජීවත්වීමේ, ව්‍යාපාර, භාන්ඩ හා සේවා, නිෂිපාදන, ගනුදෙනු )
ඉඩම් වෙලඳාමටත් වෙලා තියෙන්නේ ඕක, ප්‍රමිතිකරණය සහ නියාමනය නෑ.. බොරුවට ගනන් උස්සනවා.. නැති එකාට ඉතින් යන එන මන් නැතිවෙනවා.. අනික මේ කේස් එක නිසා මිනිස්සු නගර අතහැර යනවා කෝටිගානකට විකුනන නිසා
නමුත් අවසානයේ ඒ සියල්ලම අයෙත් යනවා
හේතුව- ඉඩම් විකුනලා කොටි ගනන් ගතට පාසල්, රෝහල්, රැකියා අනෙකුත් දේවල් නැවතත් ලබාගන්නේ අර මුලින් අතහැර ආ ප්‍රදේශ වලින්..
"commercial value එක නිසා වටිනවා" කියලා බොරුවට උස්සලා තියෙනවා
අපි ඉන්නේ මුලාවක
මට කියන්න අමතක උනා.. මොකා ජනධිපති උනත් ලංකාවට investments ගේන්න මාරම කට්ටක් කන්න වෙනවා.. හේතුව අර මුලින් පැහැදිලි කරපු පඩි ක්‍රමය.. ඕක නිසා තමයි ඒකාලේ (අවු20ට කලින්) ඇඟලුම් ක්ශේත්‍රය බංගලාදේශයට යන්න පටන් ගත්තේ...දැන් තමයි අපි ඒවා කතා කරන්නේ.. මේ වෙද්දී අපේ හොඳම ඒවා සෑහේන්න ගිහින් ඉවරයි.. තියෙන එවත් කොඉ වෙලාවෙ යයිද දන්නේ නෑ. ITදැන් වියට්නාමයට යනවා..
බොරුවට පඩි උස්සලා තිබ්බා වගේ තමයි බොරුවට ඉඩම් value එකත් උස්සල තියෙනවා.
අපේ පැත්තේ ලොකු ඉඩමක් තිබ්බ.. ඔක්කොම රට ගියා. ඊට පස්සේ ඉඩම Apartment කාරයෙකුට වික්කා. හිතුවටත් වඩා ලොකු එකක් හැදුවා.. අවට ඉඩම් වල මිනිස්සු දැන් උන්ගේ ඉඩම් වලට ඉස්සර කිවට වඩා හෙන ලොකු ගනන් කියනවා..