කේවියට් ගැහුවත් හොර ඔප්පු හදල විකුණන්න පුළුවන්ද?
මමත් ඕක ලෝයර් කෙනෙක්ගෙන්ම ඇහුවා. ඒත් පුළුවන්. මොකද කේවියට් එකකින් කරන්නේ කවුරුහරි ඉඩම සම්බන්දයෙන් විමසීමක් හරි වෙන මොනවා හරි කරොත් අයිති කාරයට තැපැල් මාර්ගයෙන් දැනුම් දෙන එක.
අයිතිකාරයා පිටරට හිටියොත් ඕක ලැබෙන්නේ නෑ.
අනික් එක ඕක යැව්වා කියලා ඔතන වැඩ කරන එකෙක්ට හොරා අල්ලස් දුන්නොත් ඒත් වැඩේ හබක්.
ලේසිම දේ තමයි ඇත්ත අය්ති කාරයාගේ ෆොටෝ එකක් සිස්ටම් එකේ දාන එක. නමුත් කෝටි ගණන් වල ඉඩම් නඩු තිබ්බත් එහෙම එකක් අදටත් නෑ.
අඩුම ගානේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශයේ Desktop එකක්වත් තිබ්බේ නෑ 2013 දී. අපේ ඉඩම් නඩුවේ හොරා හම්බවෙලා සල්ලි හම්බ උනොත් එතනට Desktop එකක් අරන් දෙන්න පොරොන්දු උනා.
තාම typewriter වලින් වැඩ. ඉතින් කොහෙද බන් ඉඩම් ඔප්පු හොරු අල්ලන්නේ.