ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

qwee123

Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Welawak thibbe na machan Patta widihata Busy wela hitiye.Nikamata Ada Visit ekak dammama thama dakke Story eka:yes::yes: Anthima Tike nam Pattama Dukai...But umba Life Ehema welath Positive widihata Hithala Aran yanawa dakkama Maara Sathutak danenne ..Umba Pawle wadimala wela Niyama widihata hasirenawa..Loku adambarayak umbage Parentslata... Umbalata Aniwaryen Daruwek Labei,Doctors lage help eka ganin. All the best!! .Apu gaman Kathawa eka husmata kiyewwa:rofl:

    P.S:-Umbata Hondata Liyanna puluwan eke narakda poddak e paththatath athagahuwoth Nidahase inna welawata
     
    Last edited:
    • Like
    Reactions: Bathiya2005

    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    උදය වරුවේ එලකිරියට ලොග් වූ විට අවසන් කොටස ප්‍රසිද්ධ කර ඇති බව දුටුවත් කතාව කියවන අදහස අත හැරීමට සිදුවිය. එවැනි කාර්යබහුල මොහොතකදී මෙය කියවීම, කතාව ලියන භාතියටත් මෙතෙක් කල්ම විවේකි සන්ධ්‍යා වරුවන්හිදී කතාව උපරිමයෙන් රසවිදී මටත් කරන බලවත් අසාධාරණයකි. පසුගිය දින කිහිපයේ එතරම් දැඩිව මේ කතාවට ආකර්ෂණය වී සිටියෙමි.

    පළමු කතාවේ, පළමු කොටසේ ආධුනික ලෙස ඉදිරිපත් වූ භාෂා හැසිරවීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර ගනිමින් දෙවන කතාව අවසන් වන විට ප්‍රවීනයෙකු මට්ටමට වර්ධනය කරගත් ආකාරය සැමට ආදර්ශයකි. සිද්ධීන් එකිනෙක ගැලපවීම, කියවන්නා තුල කුතුහලය ඇති කිරීම අතින් නම් ඔබ උපතින්ම දක්ෂයෙක් බව කිව හැකිය. මල් කතා කරුවන් යැයි සම්මත කිහිප දෙනෙකුගේ "නවකතා" යැයි කියා ගන්නා පොත් දෙක තුනක පිටු කිහිපයක් දැඩි කුතුහලය නිසාම අතරින් පතර පෙරළා ඇති මා, පළමු කොටසද "ආධුනික" යැයි කිවේ මොන සිතකින් දෑයි පසුව මාගෙන්ම ප්‍රශ්න කරන්නට සිදුවිය.. මෙම කතා දෙකම එක්කොට පොතක් ලෙස මුද්‍රණය කරන්නේ නම්, පෙරදිනක යමෙක් පැවසුවා මෙන් "මල් කතූ වරුනට දෑඩි වේදනාවක් ගෙන දෙන්නක්" වනු ඇත. තවද ඔවුන්ගෙන් කෙනෙකු මෙම නිර්මාණය කියවන්නට අදහස් කරන්නේ නම් පළමුව ශක්‍යතාවයෙන් යුතු ළිදක් පිළියෙළ කරගෙන සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    මෙම කතාව මෙතරම් හද බැද ගැනීමට හේතු වූ අනෙත් කරුනු වනුයේ කතාවෙහි සදහන් කාල වකවානුවත් බොහෝ සිද්ධින් වල අප ජිවිතයට ද ඇති සමානතාවයත්ය. 80අග-90ව මුල් වසර වල ඇත්තන් මෙයට සාක්ෂි දරනු ඇත.
    භාතිය අය්යාත් පූර්ණි අක්කාත් පුවත්පත් වෙළද සලෙහිදී මුවගින් නොකියූ සිතගින් පමණක් බැදී ඒ ආදරය රස විදිමින් සිටි අවදියේ අප ද ආදර තක්සලාවේ ප්‍රාථමිකයන් වී මුලකුරු කිය වන්නට ඇත. භාතිය අය්යා වසරකින් නොදුටු පුර්ණි අක්කා බැලීමේ ප්‍රාර්තනාවෙන්ම ගමට එන විට අප සිත් ගත් යුවතිය සමග ප්‍රථමයෙන් උද්‍යානයකට ඇතුළු වීමේ හැගීම අත්විදින්නට ඇත. පුස්තකාලයේදී මධුෂි නංගි විසින් භාතිය අය්යාගේ නෙත් සිත් පැහැරගෙන යද්දී විරහව කරපින්නා ගත් අප බැට්ල්ෆිල්ඩ් හි කිල් වැඩි කර ගැනීම ජිවිත අරමුණ කර ගන්නට ඇත. භාතිය අය්යාගේ ලිස්ට් එක වැනි සින්දු ලිස්ට් නොදැන සිටි ඒ කාලයේ බූට් ගීත තොග පිටින් අසන්නට ඇත. භාතිය අය්යා මෙය කියවන වර්ථමානයේ මධුෂියෙකු විත් පුස්තකාලයේ පුටුව අදින තුරු බලාසිටිනු ඇත. මුලින්ම සිතට දැනුණු නොඉදුල් ආදර හැගුම්, ප්‍රථම ප්‍රේමය, විරහව, නැවතත් ආදරය දළු ලෑම ලෝකෝත්තර නොවූ අප සැමට පොදු වුවකි. සමහර සිදුවීම් එකම කාල වකවානුවේ සිදුවී ඇත. තවෙකක් පෙර හෝ පසුවද අනෙක්වා සිදුවීමට නියමිතවද ඇත. " එකෝමත් එක ආදරයක්" සහ " ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද? " අප සැමගේ කතාවයි. මෙතෙක් කල් කතාව කියවූ සැමදෙනා මෙන්ම මමද සිතින් පමණක් එක් ප්‍රාර්ථනාවක් කරමි. එය කුමක්ද යැයි පැවසිය නොහැක්කේ එයින් ඔබට සුළු හෝ දුකක් ඇති වේ යයි සිතෙන නිසාය. දහසක් දෙනා ඉත සිතින් සිදු කරනා ප්‍රාර්ථනාවක් අනිවාර්යෙන්ම ඉටුවන බව මම තදින්ම විශ්වාස කරමි. :yes:

    අවසාන වශයෙන් ඉදිරිපත් කිරීමට ඉල්ලීමක් තිබේ. එනම් දිගටම නිර්මාණකරණයේ යෙදෙන ලෙසත් නැවුම් කතාවකින් යලිත් අප අතරට එන ලෙසත්ය. එය ඉතා කෙටි කලකින් නොව මාස කිහිපයක් හෝ වසරකින් සිදුවුවාත් කම් නැත. මක් නිසාද යත් මෙවැනි නිර්මාණයක් එකවරක් පමණක් කියවා සැහීමකට පත්වී අමතක කර දමන අසත්පුරුශයෙකු එළකිරියේ සිටින්නට නොහැකි නිසාය..
     
    • Like
    Reactions: Sinhala King

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මල්ලි අපිට බලන්න මෙහෙම කතාව ලියපු එක කොච්චර වටිනවද,
    කොල්ලන්ගේ හිත්වල තමන්ගේ බිරිද, තවම බැදලා නැත්තං පෙම්වතිය, කෙරෙහි තියන ආදරය ගෞරවය වගේම කෙල්ලන්ගේ හිත්වල තමන්ගේ ස්වාමිපුරුෂයා, බැදලා නැත්තං පෙම්වතා කෙරෙහි තියන ආදරය ගෞරවය වැඩි කරන්න මේ කතාවෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා කියල මටනම් හිතෙන්නේ. රචකයට ඒ පිනම ඇති සතුටු වෙන්න.
    දරුවාගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවායි පතමි. ඔබටු බුදුසරණයි!

    කතාව ලියලා ඉවර උනාට එලකිරි මිතුරු සමාජයෙන් ඈත් වෙන්න එපා.
    පුළුවන් වෙලාවට අපේ චැට් ත්‍රෙඩ් එකටත් ඔලුව දාන්න.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ඉතා රසවත් ලෙස ඉදිරිපත් කර ඇත. ඔබට වාසනාවනන්ත අනාගතයකට සුභ පතමි.
     
    මාරම හරබරයි මල්ලි කමෙන්ට් එක. උඹත් භාතිය මල්ලි වගේම සංවේදී, ඉවසීම තියන ආදරය අගය කරන අවංක කොල්ලෙක් පාටයි. +21
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උඹේ ජීවිත කතාවෙන් ගන්න තියෙන දේවල් නම් අප්‍රමණයි.
    උඹල දෙන්නටම ලස්සන වාසනාවන්ත දරු පැටවු පෝලිමක් හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    :D බොහෝම ස්තූතී මචන් කමෙන්ට් එකට. ප්‍රාර්තනාවට ගොඩක් පිං.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    Welawak thibbe na machan Patta widihata Busy wela hitiye.Nikamata Ada Visit ekak dammama thama dakke Story eka:yes::yes: Anthima Tike nam Pattama Dukai...But umba Life Ehema welath Positive widihata Hithala Aran yanawa dakkama Maara Sathutak danenne ..Umba Pawle wadimala wela Niyama widihata hasirenawa..Loku adambarayak umbage Parentslata... Umbalata Aniwaryen Daruwek Labei,Doctors lage help eka ganin. All the best!! .Apu gaman Kathawa eka husmata kiyewwa:rofl:

    P.S:-Umbata Hondata Liyanna puluwan eke narakda poddak e paththatath athagahuwoth Nidahase inna welawata

    බොහෝම ස්තූතී වගේම හිත හැදුවට බොහෝම පිං මචන්.
    දැන් නම් වෙන මොනවහරි ලියන්නත් ආසාවක් තියනවා :D හැබැයි සිංහල ව්‍යාකරණ, අක්ෂර දෝශ මගේ ගොඩක් තියනවා මචන්. ඒ ටික හදාගන්න ඕනේ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    උදය වරුවේ එලකිරියට ලොග් වූ විට අවසන් කොටස ප්‍රසිද්ධ කර ඇති බව දුටුවත් කතාව කියවන අදහස අත හැරීමට සිදුවිය. එවැනි කාර්යබහුල මොහොතකදී මෙය කියවීම, කතාව ලියන භාතියටත් මෙතෙක් කල්ම විවේකි සන්ධ්‍යා වරුවන්හිදී කතාව උපරිමයෙන් රසවිදී මටත් කරන බලවත් අසාධාරණයකි. පසුගිය දින කිහිපයේ එතරම් දැඩිව මේ කතාවට ආකර්ෂණය වී සිටියෙමි.

    පළමු කතාවේ, පළමු කොටසේ ආධුනික ලෙස ඉදිරිපත් වූ භාෂා හැසිරවීම ක්‍රම ක්‍රමයෙන් වර්ධනය කර ගනිමින් දෙවන කතාව අවසන් වන විට ප්‍රවීනයෙකු මට්ටමට වර්ධනය කරගත් ආකාරය සැමට ආදර්ශයකි. සිද්ධීන් එකිනෙක ගැලපවීම, කියවන්නා තුල කුතුහලය ඇති කිරීම අතින් නම් ඔබ උපතින්ම දක්ෂයෙක් බව කිව හැකිය. මල් කතා කරුවන් යැයි සම්මත කිහිප දෙනෙකුගේ "නවකතා" යැයි කියා ගන්නා පොත් දෙක තුනක පිටු කිහිපයක් දැඩි කුතුහලය නිසාම අතරින් පතර පෙරළා ඇති මා, පළමු කොටසද "ආධුනික" යැයි කිවේ මොන සිතකින් දෑයි පසුව මාගෙන්ම ප්‍රශ්න කරන්නට සිදුවිය.. මෙම කතා දෙකම එක්කොට පොතක් ලෙස මුද්‍රණය කරන්නේ නම්, පෙරදිනක යමෙක් පැවසුවා මෙන් "මල් කතූ වරුනට දෑඩි වේදනාවක් ගෙන දෙන්නක්" වනු ඇත. තවද ඔවුන්ගෙන් කෙනෙකු මෙම නිර්මාණය කියවන්නට අදහස් කරන්නේ නම් පළමුව ශක්‍යතාවයෙන් යුතු ළිදක් පිළියෙළ කරගෙන සිටින මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.

    මෙම කතාව මෙතරම් හද බැද ගැනීමට හේතු වූ අනෙත් කරුනු වනුයේ කතාවෙහි සදහන් කාල වකවානුවත් බොහෝ සිද්ධින් වල අප ජිවිතයට ද ඇති සමානතාවයත්ය. 80අග-90ව මුල් වසර වල ඇත්තන් මෙයට සාක්ෂි දරනු ඇත.
    භාතිය අය්යාත් පූර්ණි අක්කාත් පුවත්පත් වෙළද සලෙහිදී මුවගින් නොකියූ සිතගින් පමණක් බැදී ඒ ආදරය රස විදිමින් සිටි අවදියේ අප ද ආදර තක්සලාවේ ප්‍රාථමිකයන් වී මුලකුරු කිය වන්නට ඇත. භාතිය අය්යා වසරකින් නොදුටු පුර්ණි අක්කා බැලීමේ ප්‍රාර්තනාවෙන්ම ගමට එන විට අප සිත් ගත් යුවතිය සමග ප්‍රථමයෙන් උද්‍යානයකට ඇතුළු වීමේ හැගීම අත්විදින්නට ඇත. පුස්තකාලයේදී මධුෂි නංගි විසින් භාතිය අය්යාගේ නෙත් සිත් පැහැරගෙන යද්දී විරහව කරපින්නා ගත් අප බැට්ල්ෆිල්ඩ් හි කිල් වැඩි කර ගැනීම ජිවිත අරමුණ කර ගන්නට ඇත. භාතිය අය්යාගේ ලිස්ට් එක වැනි සින්දු ලිස්ට් නොදැන සිටි ඒ කාලයේ බූට් ගීත තොග පිටින් අසන්නට ඇත. භාතිය අය්යා මෙය කියවන වර්ථමානයේ මධුෂියෙකු විත් පුස්තකාලයේ පුටුව අදින තුරු බලාසිටිනු ඇත. මුලින්ම සිතට දැනුණු නොඉදුල් ආදර හැගුම්, ප්‍රථම ප්‍රේමය, විරහව, නැවතත් ආදරය දළු ලෑම ලෝකෝත්තර නොවූ අප සැමට පොදු වුවකි. සමහර සිදුවීම් එකම කාල වකවානුවේ සිදුවී ඇත. තවෙකක් පෙර හෝ පසුවද අනෙක්වා සිදුවීමට නියමිතවද ඇත. " එකෝමත් එක ආදරයක්" සහ " ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද? " අප සැමගේ කතාවයි. මෙතෙක් කල් කතාව කියවූ සැමදෙනා මෙන්ම මමද සිතින් පමණක් එක් ප්‍රාර්ථනාවක් කරමි. එය කුමක්ද යැයි පැවසිය නොහැක්කේ එයින් ඔබට සුළු හෝ දුකක් ඇති වේ යයි සිතෙන නිසාය. දහසක් දෙනා ඉත සිතින් සිදු කරනා ප්‍රාර්ථනාවක් අනිවාර්යෙන්ම ඉටුවන බව මම තදින්ම විශ්වාස කරමි. :yes:

    අවසාන වශයෙන් ඉදිරිපත් කිරීමට ඉල්ලීමක් තිබේ. එනම් දිගටම නිර්මාණකරණයේ යෙදෙන ලෙසත් නැවුම් කතාවකින් යලිත් අප අතරට එන ලෙසත්ය. එය ඉතා කෙටි කලකින් නොව මාස කිහිපයක් හෝ වසරකින් සිදුවුවාත් කම් නැත. මක් නිසාද යත් මෙවැනි නිර්මාණයක් එකවරක් පමණක් කියවා සැහීමකට පත්වී අමතක කර දමන අසත්පුරුශයෙකු එළකිරියේ සිටින්නට නොහැකි නිසාය..

    මම වෙනුවෙන් මෙච්චර විස්තර එක්ක කමෙන්ට් එකක් ලිව්වට බොහෝම ස්තූතී මල්ලි. කමෙන්ට් එකට වගේම මම වෙනුවෙන් කරපු ඒ ප්‍රාර්ථනයටත් ගොඩක් පිං.

    කමෙන්ට් එකෙන්ම දැනෙනවා ඔයා කොච්චර හොද, සංවේදී වගේම අනිත් අය ගැන හිතන මනුස්සයෙක්ද කියලා. ඔයා වගේ අය අද සමාජයේ හරිම දුර්ලභයි. ඔයාලා වගේ අය මගේ කතාව කියවන්න ආවේ මගේ වාසනාවට වෙන්න ඕනේ.

    ඒ වගේම ඔයාට ලියන්න තියන හැකියාවත් එක්ක බලද්දි, මගේ ලිවීමේ හැකියාව නම් තවම පරිණාමනය වෙන මුල් අවදියේ තියන්නේ කියලා හිතෙනවා. ඒ නිසාම වෙන්න ඇති මට ඔයාගේ කමෙන්ට් එක දෙතුන් පාරක් බලන්න හිතුනා.

    ඔයාලා වගේ අයගේ දිරිගැන්වීම නිසා දැන් නම් වෙන මොනවහරි ලියන්නත් ආසාවක් තියනවා හැබැයි සිංහල ව්‍යාකරණ, අක්ෂර දෝශ මගේ ගොඩක් තියනවා මල්ලි. ඒ ටික හදාගන්නත් ඕනේ ඒක නම් රස්සාවත් එක්ක පුලුවන් වෙයිද දන්නෙ නෑ. නිර්මාණයක් විදිහට විද්‍යා ප්‍රබන්ධයක් ලියන්න පොඩි ආසාවක් තියනවා.

    ආයිත් වතාවක් ඔයාට බොහෝම ස්තූතී.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මල්ලි අපිට බලන්න මෙහෙම කතාව ලියපු එක කොච්චර වටිනවද,
    කොල්ලන්ගේ හිත්වල තමන්ගේ බිරිද, තවම බැදලා නැත්තං පෙම්වතිය, කෙරෙහි තියන ආදරය ගෞරවය වගේම කෙල්ලන්ගේ හිත්වල තමන්ගේ ස්වාමිපුරුෂයා, බැදලා නැත්තං පෙම්වතා කෙරෙහි තියන ආදරය ගෞරවය වැඩි කරන්න මේ කතාවෙන් ලොකු දායකත්වයක් ලැබෙනවා කියල මටනම් හිතෙන්නේ. රචකයට ඒ පිනම ඇති සතුටු වෙන්න.
    දරුවාගේ බලාපොරොත්තුව ඉක්මනින්ම ඉටුවේවායි පතමි. ඔබටු බුදුසරණයි!

    කතාව ලියලා ඉවර උනාට එලකිරි මිතුරු සමාජයෙන් ඈත් වෙන්න එපා.
    පුළුවන් වෙලාවට අපේ චැට් ත්‍රෙඩ් එකටත් ඔලුව දාන්න.

    බොහෝම ස්තූතී අයියේ. ඒ වගේම බොහෝම පිං.
    නෑ අයියේ කතාව ලියලා ඉවර උනාට එලකිරි එකෙන් ඈත් වෙන්නෙ නෑ. මොකද එහෙම ඈත් වෙන්න බැරි තරම් හොද ඔන්ලයින් මිතුරන් මට මේකෙන් හම්බුනා.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඉතා රසවත් ලෙස ඉදිරිපත් කර ඇත. ඔබට වාසනාවනන්ත අනාගතයකට සුභ පතමි.

    :D බොහෝම ස්තූතී මචන්. සුභ පැතුමට බොහෝම පිං.
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    මචන් මම කතාව මුල ඉදන් හිටිය සුපිරියට කතාව ලියල තියනව... වෙලාවකට දුක වෙලාවකට සතුට... කියන්න වදන් නෑ මචන්... උබට වරදින්නෑ මචන් ජයෙන් ජය:yes::yes::yes:
     
    • Like
    Reactions: Bathiya2005

    Anush

    Junior member
  • Jan 21, 2007
    494
    14
    18
    34
    ලස්සන කතාවක්.
    ඇත්තම සිද්දියක් නම් වාසනාවන්තයි
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,256
    113
    Sri Lanka
    Lassanai machan kathawa. Wadi kal nogihinma umbalata lassana daru patiyekge muna balanna labei. Baya wenna epa machan. All the best. Check the PM. :yes::yes:
     
    • Like
    Reactions: Bathiya2005

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මචන් මම කතාව මුල ඉදන් හිටිය සුපිරියට කතාව ලියල තියනව... වෙලාවකට දුක වෙලාවකට සතුට... කියන්න වදන් නෑ මචන්... උබට වරදින්නෑ මචන් ජයෙන් ජය:yes::yes::yes:

    :D කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ලස්සන කතාවක්.
    ඇත්තම සිද්දියක් නම් වාසනාවන්තයි

    බොහෝම ස්තූතී මචන්.
    ඇත්තම සිද්ධිය තමයි. නම් ගම් නම් වෙනස් ඒවා දාලා තියන්නේ. මට මෙහෙම කාත් කව්රුවත් දන්නේ නැති, පේන්නේ නැති එකවන්ට් එකක් හදන් ඇවිල්ලා ඇත්ත කතාව කියලා බොරු කතාවක් කියන්න ඕනි නෑනේ මචන්.
     
    Status
    Not open for further replies.