ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

Status
Not open for further replies.

cnk_123

Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    ඔක්කොම කියෙව්වා මචන්.
    ගොඩාක් ලස්සන කතාවක් දුක හිතෙන තැන් සතුටු වෙන තැන් ගොඩක් තිබුන.
    පැතුම් ඉටු වෙන සුභ අනාගතයකට සුබ පතනවා.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඔක්කොම කියෙව්වා මචන්.
    ගොඩාක් ලස්සන කතාවක් දුක හිතෙන තැන් සතුටු වෙන තැන් ගොඩක් තිබුන.
    පැතුම් ඉටු වෙන සුභ අනාගතයකට සුබ පතනවා.

    බොහෝම ස්තූතී මචන්. සුභ පැතුමට බොහෝම පිං.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කතාව ඔක්කොම කියෙව්වා...හරිම ආදරණීය හරිම වේදනාත්මක කතාවක්....මේ වගේ ආදර කතා හරිම සංවේදී විදියට මගේ හිතට දැනෙනවා...කොහොම හරි මගේ හිතෙත් සංවේදී තැනකට පොඩි තට්ටුවක් දැම්මා මේ කතාව...උබේ වචන වලින්ම මෙහෙම කියන්නම් සාරාංශය

    දුකේදී හැඩුමට සැපේදී..සිනාසෙන්නට ළඟ ඉදන්
    තවත් අම්මා කෙනෙකු ඇත්නම්...නුඹයි ඒ අම්මා

    සොඳුරියේ නුඹයි ඒ අම්මා
     
    H.O.R.T.O.N

    Well-known member
  • Jun 9, 2016
    436
    280
    63
    Sitawaka & Raigama
    මාරම හරබරයි මල්ලි කමෙන්ට් එක. උඹත් භාතිය මල්ලි වගේම සංවේදී, ඉවසීම තියන ආදරය අගය කරන අවංක කොල්ලෙක් පාටයි. +21

    :)ගොඩක් ස්තූතීයි අයියේ. කතාවේ අන්තිම ටිකත් කියෙව්වහම නිකන්ම කමෙන්ට් එකක් දාල යන්න හිතුනේ නෑ.
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    ගොඩක් අයට මේ කතාව නිසා පරන දේවල් මතක් වෙන්න ඇති කියල හිතනව, මටත් ගොඩක් සමීපයි වගේ දැනුන, යාලු උන ගමන් 1st එක ගැන කියපුව, පරණ මතකයන් ජීවිතෙන් අයින් කරපුව. මොනවා උනත් මචන් උඹල දෙන්න ගොඩක් පින් කරලා තියනවා, ඔහොම ගැලපීමක් තියාගෙන හම්බුන එක. එකත් හිතන්න බැරි විදියටම හැමබුන නිසා. ගොඩක් දුක හිතෙනවා කතාවේ අන්තිමට. එත් උඹට වරදින්නේ නෑ මචන්. good luck +9
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    කතාව ඔක්කොම කියෙව්වා...හරිම ආදරණීය හරිම වේදනාත්මක කතාවක්....මේ වගේ ආදර කතා හරිම සංවේදී විදියට මගේ හිතට දැනෙනවා...කොහොම හරි මගේ හිතෙත් සංවේදී තැනකට පොඩි තට්ටුවක් දැම්මා මේ කතාව...උබේ වචන වලින්ම මෙහෙම කියන්නම් සාරාංශය

    දුකේදී හැඩුමට සැපේදී..සිනාසෙන්නට ළඟ ඉදන්
    තවත් අම්මා කෙනෙකු ඇත්නම්...නුඹයි ඒ අම්මා

    සොඳුරියේ නුඹයි ඒ අම්මා

    බොහෝම ස්තූතී මචන් මම වෙනුවෙන් දාපු කමෙන්ට් එකට.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ගොඩක් අයට මේ කතාව නිසා පරන දේවල් මතක් වෙන්න ඇති කියල හිතනව, මටත් ගොඩක් සමීපයි වගේ දැනුන, යාලු උන ගමන් 1st එක ගැන කියපුව, පරණ මතකයන් ජීවිතෙන් අයින් කරපුව. මොනවා උනත් මචන් උඹල දෙන්න ගොඩක් පින් කරලා තියනවා, ඔහොම ගැලපීමක් තියාගෙන හම්බුන එක. එකත් හිතන්න බැරි විදියටම හැමබුන නිසා. ගොඩක් දුක හිතෙනවා කතාවේ අන්තිමට. එත් උඹට වරදින්නේ නෑ මචන්. good luck +9

    ගොඩක් ස්තූතී මචන් කමෙන්ට් එකට. ඒ වගේම හිත හැදුවට පිං.
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    ඇත්තටම ආසවෙන් කියෙව්ව කතාවක්.. මේක වගේම ඔයාගෙ කලින් කතාවත්,,,ඔයා වගෙ කෙනෙක් ලැබෙන ගෑනු ලමයෙක් ඇත්තටම වාසනාවන්තයි,,,,ඒ වගේම ඔයාගෙ හොද ගති ගුන වලටත් ගැලපෙන විදියෙ හොද බිරිදක් ලැබිල තියෙනව,,,මන් හිතන්නෙ අද කාලෙ ඔයාලා දෙන්න වගේ ගති ගුන ගැලපෙන අය හරියටම හමු වෙන්නෙ ගොඩක් කලාතුරකින්,..ඔයාල දෙන්නම ගොඩක් වාසනවන්තයි,..ඔයාලගෙ ඉදිරි ජීවිතෙ තවත් සාර්තක වෙන්න කියල ප්‍රාර්තන කරනව හදවතින්ම..ඔයා වගේ ඒ වගේම ඔයාගෙ බිරිද වගේ අය අද ඇත්තටම හොයගන්න ඇත්තෙම නැති තරම්..ගෑනුන්ගෙ අතන දැක්කද මෙතන දැක්කද අර ලින්ක් එක නැද්ද මේ ලින්ක් එක නැද්ද කියල අහන අසහන ත්‍රෙඩ් අතරෙ ඇත්තටම මේ වගේ සුන්දර කතා දැක්කම ඒ වගේම ඔයාල වගේ සුන්දර මිනිස්සු තාමත් ඉන්නව කියල දැක්කම ඇත්තටම හිතට ලොකු සතුටක්,,ඔයාගෙත් බිරිදගෙත් ඔය සුන්දර ගතිගුන හැමදාටම තියාගන්න,,ඔයාලට වරදින්නෙ නෑ
     
    chaminV2

    Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    :love::love::love:
    සිනහ වන්නට ඇති,
    හඬන්නට ඇති,
    අතීතය මතක් වෙන්නට ඇති,
    දුක් වන්නට ඇති
    ..
    නුඹ එනකම් මග බලන්නට ඇති,
    හිත හොරකම් කරන්න ඇති,
    හිත් ලූ ආලය
    කියන්නට බැරි වෙන්න ඇති
    ..
    නුඹ යන්න ඇති,
    සිතින් නොයනු ඇති,
    සිත නොසන්සුන් වෙන්න ඇති
    ..
    හිත හැදෙන්න ඇති,
    නුබෙන් මිදෙන්නට ඇති,
    ඇය ලඟ තුරුණු සිත නැවතෙන්න ඇති
    ..
    මල් දම් ගෙතෙන්න ඇති,
    මා ඇයට වටිනවා ඇති,
    නුඹ නැති අඩුව මට නොදැනෙන්න ඇති
    ..
    නුඹ ලඟින් යන්න ඇති,
    ඇයට මා වටිනවා ඇති,
    හුස්ම ගන්නට පවා අපහසු වූ පළමු ආදරය
    අදින් අවසන් වෙන්න ඇති
    ..
    :love::love::love:
     
    mr.vishan

    Member
    May 1, 2012
    21
    7
    3
    මචං මම අවුරුදු ගානක් ඉදන් එළකිරි එකේ therads බලනවා, කවදාවත් comment කරලා තිබුනේ නැ.
    උබේ කතාව මුල ඉඩමම බැලුවා, උබ සුපිරි චරිතයක්. උබට වරදින්නේ නෑ මචං. උබේ දෛර්ය ඉතාම ඉහල කොට අගය කරමි.
    තෙරුන්වන් සරණයි.
     
    • Like
    Reactions: Mr.Tom

    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    ඇත්තටම ආසවෙන් කියෙව්ව කතාවක්.. මේක වගේම ඔයාගෙ කලින් කතාවත්,,,ඔයා වගෙ කෙනෙක් ලැබෙන ගෑනු ලමයෙක් ඇත්තටම වාසනාවන්තයි,,,,ඒ වගේම ඔයාගෙ හොද ගති ගුන වලටත් ගැලපෙන විදියෙ හොද බිරිදක් ලැබිල තියෙනව,,,මන් හිතන්නෙ අද කාලෙ ඔයාලා දෙන්න වගේ ගති ගුන ගැලපෙන අය හරියටම හමු වෙන්නෙ ගොඩක් කලාතුරකින්,..ඔයාල දෙන්නම ගොඩක් වාසනවන්තයි,..ඔයාලගෙ ඉදිරි ජීවිතෙ තවත් සාර්තක වෙන්න කියල ප්‍රාර්තන කරනව හදවතින්ම..ඔයා වගේ ඒ වගේම ඔයාගෙ බිරිද වගේ අය අද ඇත්තටම හොයගන්න ඇත්තෙම නැති තරම්..ගෑනුන්ගෙ අතන දැක්කද මෙතන දැක්කද අර ලින්ක් එක නැද්ද මේ ලින්ක් එක නැද්ද කියල අහන අසහන ත්‍රෙඩ් අතරෙ ඇත්තටම මේ වගේ සුන්දර කතා දැක්කම ඒ වගේම ඔයාල වගේ සුන්දර මිනිස්සු තාමත් ඉන්නව කියල දැක්කම ඇත්තටම හිතට ලොකු සතුටක්,,ඔයාගෙත් බිරිදගෙත් ඔය සුන්දර ගතිගුන හැමදාටම තියාගන්න,,ඔයාලට වරදින්නෙ නෑ

    බොහෝම ස්තූතී ඔයාට. කමෙන්ට් එක කියෙව්වම හිතට ලොකු සතුටක් දැනුනා. ඔයාලා වගේ හොද අය මගෙත් එක්ක හිටපු නිසා තමයි මට කතාව ලියා ගන්න පුලුවන් උනේ.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    :love::love::love:
    සිනහ වන්නට ඇති,
    හඬන්නට ඇති,
    අතීතය මතක් වෙන්නට ඇති,
    දුක් වන්නට ඇති
    ..
    නුඹ එනකම් මග බලන්නට ඇති,
    හිත හොරකම් කරන්න ඇති,
    හිත් ලූ ආලය
    කියන්නට බැරි වෙන්න ඇති
    ..
    නුඹ යන්න ඇති,
    සිතින් නොයනු ඇති,
    සිත නොසන්සුන් වෙන්න ඇති
    ..
    හිත හැදෙන්න ඇති,
    නුබෙන් මිදෙන්නට ඇති,
    ඇය ලඟ තුරුණු සිත නැවතෙන්න ඇති
    ..
    මල් දම් ගෙතෙන්න ඇති,
    මා ඇයට වටිනවා ඇති,
    නුඹ නැති අඩුව මට නොදැනෙන්න ඇති
    ..
    නුඹ ලඟින් යන්න ඇති,
    ඇයට මා වටිනවා ඇති,
    හුස්ම ගන්නට පවා අපහසු වූ පළමු ආදරය
    අදින් අවසන් වෙන්න ඇති
    ..
    :love::love::love:

    :love: හිතට දැනුනා මල්ලි. ඔයා ලස්සනට ලියලා.
    බොහෝම ස්තූතී මේක ලිව්වට.
     
    Bathiya2005

    Member
    Oct 10, 2016
    808
    136
    0
    මචං මම අවුරුදු ගානක් ඉදන් එළකිරි එකේ therads බලනවා, කවදාවත් comment කරලා තිබුනේ නැ.
    උබේ කතාව මුල ඉඩමම බැලුවා, උබ සුපිරි චරිතයක්. උබට වරදින්නේ නෑ මචං. උබේ දෛර්ය ඉතාම ඉහල කොට අගය කරමි.
    තෙරුන්වන් සරණයි.

    කමෙන්ට් එකට බොහෝම ස්තූතී මචන්. තෙරුන්වන්සරණයි!.
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මට හිතෙන්නේ මේ කතාව මගේ කතාවමයි කියල... (උඹේ මුල් කොටසේදී මම මගේ කතාව සාරාංශය දැම්මා...) වෙනසකට තියෙන්නේ උඹ පුර්නිට කිව්ව නැති ආදරය මම මගේ ලොකු තාත්තගේ දුවට කිව්වා... උඹ වගේම මගේ දෙවෙනි ඒ ආදරය, අමතක නොවෙන පළමු ආදරය උනා..... ඒ වගේම දැන් මම හොඳ ආර්ථික ස්ථාවරයක ඉන්නේ.

    කොහොම උනත් උඹේ ලිවීමේ ශයිලිය ඉතාමත් හොඳයි... (මම පළමු කොටසේදීම එක ගැන කිව්වා) එක නිසා එළකිරි ඉන්න ගොඩක් අය මේ තමන්ගේම ආදරය කරගෙන උඹේ ජීවිත කතාව රස වින්දා....

    මල්ලි... උඹ මෙතනින් නවතින්න එපා... ළමයි හදපන්... (3-4 හෝ වැඩියෙන්) උඹ වගේ හොඳ මිනිස්සු අපේ රටට ජාතියට ඕනේ...... ඒ වගේම ඉඩ තියෙනවනම් ලේකකයෙක් වෙයන්.... උඹට හොඳ අනාගතයක් තියෙනවා...

    උඹට තෙරුවන් සරණයි.......
     
    Status
    Not open for further replies.