ලස්සන කතාව මේකට රිප්ලයි කරන්නමයි මේ ක හැදුවෙ/....
බොහෝම ස්තූතී මම වෙනුවෙන් ආවට Thanks, thanks


පූර්නි නන්ගි ඔයගෙ wedding එකට ආවද?
ඔක්කොම කියෙව්වා මචන්.
ගොඩාක් ලස්සන කතාවක් දුක හිතෙන තැන් සතුටු වෙන තැන් ගොඩක් තිබුන.
පැතුම් ඉටු වෙන සුභ අනාගතයකට සුබ පතනවා.
මාරම හරබරයි මල්ලි කමෙන්ට් එක. උඹත් භාතිය මල්ලි වගේම සංවේදී, ඉවසීම තියන ආදරය අගය කරන අවංක කොල්ලෙක් පාටයි. +21
ගොඩක් ස්තූතීයි අයියේ. කතාවේ අන්තිම ටිකත් කියෙව්වහම නිකන්ම කමෙන්ට් එකක් දාල යන්න හිතුනේ නෑ. කතාව ඔක්කොම කියෙව්වා...හරිම ආදරණීය හරිම වේදනාත්මක කතාවක්....මේ වගේ ආදර කතා හරිම සංවේදී විදියට මගේ හිතට දැනෙනවා...කොහොම හරි මගේ හිතෙත් සංවේදී තැනකට පොඩි තට්ටුවක් දැම්මා මේ කතාව...උබේ වචන වලින්ම මෙහෙම කියන්නම් සාරාංශය
දුකේදී හැඩුමට සැපේදී..සිනාසෙන්නට ළඟ ඉදන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්...නුඹයි ඒ අම්මා
සොඳුරියේ නුඹයි ඒ අම්මා
ගොඩක් අයට මේ කතාව නිසා පරන දේවල් මතක් වෙන්න ඇති කියල හිතනව, මටත් ගොඩක් සමීපයි වගේ දැනුන, යාලු උන ගමන් 1st එක ගැන කියපුව, පරණ මතකයන් ජීවිතෙන් අයින් කරපුව. මොනවා උනත් මචන් උඹල දෙන්න ගොඩක් පින් කරලා තියනවා, ඔහොම ගැලපීමක් තියාගෙන හම්බුන එක. එකත් හිතන්න බැරි විදියටම හැමබුන නිසා. ගොඩක් දුක හිතෙනවා කතාවේ අන්තිමට. එත් උඹට වරදින්නේ නෑ මචන්. good luck +9





okkoma kyewwa mcn... anagathaya yahapath wewa..
ඇත්තටම ආසවෙන් කියෙව්ව කතාවක්.. මේක වගේම ඔයාගෙ කලින් කතාවත්,,,ඔයා වගෙ කෙනෙක් ලැබෙන ගෑනු ලමයෙක් ඇත්තටම වාසනාවන්තයි,,,,ඒ වගේම ඔයාගෙ හොද ගති ගුන වලටත් ගැලපෙන විදියෙ හොද බිරිදක් ලැබිල තියෙනව,,,මන් හිතන්නෙ අද කාලෙ ඔයාලා දෙන්න වගේ ගති ගුන ගැලපෙන අය හරියටම හමු වෙන්නෙ ගොඩක් කලාතුරකින්,..ඔයාල දෙන්නම ගොඩක් වාසනවන්තයි,..ඔයාලගෙ ඉදිරි ජීවිතෙ තවත් සාර්තක වෙන්න කියල ප්රාර්තන කරනව හදවතින්ම..ඔයා වගේ ඒ වගේම ඔයාගෙ බිරිද වගේ අය අද ඇත්තටම හොයගන්න ඇත්තෙම නැති තරම්..ගෑනුන්ගෙ අතන දැක්කද මෙතන දැක්කද අර ලින්ක් එක නැද්ද මේ ලින්ක් එක නැද්ද කියල අහන අසහන ත්රෙඩ් අතරෙ ඇත්තටම මේ වගේ සුන්දර කතා දැක්කම ඒ වගේම ඔයාල වගේ සුන්දර මිනිස්සු තාමත් ඉන්නව කියල දැක්කම ඇත්තටම හිතට ලොකු සතුටක්,,ඔයාගෙත් බිරිදගෙත් ඔය සුන්දර ගතිගුන හැමදාටම තියාගන්න,,ඔයාලට වරදින්නෙ නෑ
සිනහ වන්නට ඇති,
හඬන්නට ඇති,
අතීතය මතක් වෙන්නට ඇති,
දුක් වන්නට ඇති
..
නුඹ එනකම් මග බලන්නට ඇති,
හිත හොරකම් කරන්න ඇති,
හිත් ලූ ආලය
කියන්නට බැරි වෙන්න ඇති
..
නුඹ යන්න ඇති,
සිතින් නොයනු ඇති,
සිත නොසන්සුන් වෙන්න ඇති
..
හිත හැදෙන්න ඇති,
නුබෙන් මිදෙන්නට ඇති,
ඇය ලඟ තුරුණු සිත නැවතෙන්න ඇති
..
මල් දම් ගෙතෙන්න ඇති,
මා ඇයට වටිනවා ඇති,
නුඹ නැති අඩුව මට නොදැනෙන්න ඇති
..
නුඹ ලඟින් යන්න ඇති,
ඇයට මා වටිනවා ඇති,
හුස්ම ගන්නට පවා අපහසු වූ පළමු ආදරය
අදින් අවසන් වෙන්න ඇති
..
හිතට දැනුනා මල්ලි. ඔයා ලස්සනට ලියලා. මචං මම අවුරුදු ගානක් ඉදන් එළකිරි එකේ therads බලනවා, කවදාවත් comment කරලා තිබුනේ නැ.
උබේ කතාව මුල ඉඩමම බැලුවා, උබ සුපිරි චරිතයක්. උබට වරදින්නේ නෑ මචං. උබේ දෛර්ය ඉතාම ඉහල කොට අගය කරමි.
තෙරුන්වන් සරණයි.