ඉදිරියේදී පාන් හිඟයක් ඇතිවිය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා අද (07) ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ පවතින තිරිඟු පිටි හිඟය මීට හේතුවී ඇති බවය.
"ප්‍රශ්නය තියෙන්නේ ඩොලර්වල කියලා සමාගම් පවසනවා. අපි සමාගම් සමග සාකච්ඡාවක් සිදුකළා. ඔවුන් කියන්නේ අවශ්‍යකරන ඩොලර්වලින් 10%ක් තමයි ලැබෙන්නේ කියලා."
තිරිඟු පිටි මිල අධික ලෙස ඉහළ යාම නිසා මේ වනවිට බේකරි කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලවී තිබේ.
එම කර්මාන්තයේ නියැලෙන්නන් පවසන්නේ ඒ හේතුවෙන් තම රැකියා කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවය.
මේ අතර සිල්ලර වෙළෙඳසැල්වල ද තිරිඟු පිටි හිඟයක් පවතින බව වාර්තා වෙයි.
මේ හේතුවෙන් පාරිභෝගියකයන් ද පත්ව ඇත්තේ දැඩි අපහසුතාවයකටය.
දිවයිනේ ප්‍රදේශ රැසක සුපුරුදු පරිදි අදත් දිගු ගෑස් පෝලිම් දක්නට ලැබුණි.
මේ අතර තල්දියවත්ත මුහුදු තීරයට පැමිණි ලිට්‍රෝ ගෑස් නෞකාවෙන් මේ වනවිට ගෑස් ගොඩබිමට පොම්ප කිරීම ආරම්භ කර තිබේ.
අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය චෝදනා කළේ ගෑස් අර්බුදයට රජය මෙතෙක් නිසි පිළිතුරක් ලබාදීමට සමත්ව නැති බවය.
යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ කැඳවුම්කරු නිරෝෂා අතුකෝරල ඒ බව සඳහන් කළාය.
මේ අතර ලිට්‍රෝ ගෑස් සමාගම ඉදිරිපිට අද පාරිභෝගිකයින් විරෝධතාවක් පවත්වා තිබුණි.
කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රිවරයෙකු ඇතුළු පිරිසක් මීට එක්විය.
මේ අතර නුවරඑළිය හයිෆොරස්ට් ප්‍රදේශයේ ආපන ශාලා හිමිකරුවෙකු සිය ගෑස් සිලින්ඩර සියල්ල අවසන් වීම නිසා දර ලිප් භාවිත කරමින් වෙළෙඳසැලේ කටයුතු පවත්වාගෙන යන අයුරු දක්නට ලැබුණි.
ඔහු දර ලිප සකසා තිබුණේ හිස් ගෑස් සිලින්ඩර මතය.
ගෑස් අර්බුදය අතර අදත් ඔරුගොඩවත්තේ ප්‍රදේශයේ දිගු භූමිතෙල් පෝලිම් දක්නට ලැබුණි.
පොහොර නැතුව හාල් වන්නේ මොනාවලින්ද? අනික අපිට මේ රටේ ඇති නිධානයකුත් නැ. හිත රවට්ටගන්න කියන බොරු විකාරනිදානයක් උඩ ඉදන් හිගාකනව කියන්නේ මෙන්නෙ මේක තමයි. යකෝ ඔය පාන් පිටි කාල ලෙඩ හදාගන්නවට වඩා හාල්පිටි කෑම, කුරහන් වගේ ඒව කන්න බැරිද
pohora natuva ewe paladawa madiනිදානයක් උඩ ඉදන් හිගාකනව කියන්නේ මෙන්නෙ මේක තමයි. යකෝ ඔය පාන් පිටි කාල ලෙඩ හදාගන්නවට වඩා හාල්පිටි කෑම, කුරහන් වගේ ඒව කන්න බැරිද
hmboපාං සඟවාගෙන සිටින සියළුම වෙලඳසැල් වලට නීතිමය පියවර ගැනීමට අදාල අංශ වලට උපදෙස් දී ඇති අතර.
ඒ අනුව දිවයිනේ පාං ගබඩා පරීක්ශා කිරීමට විශේෂ විමර්ශන ඒකකයක් පත් කර තිබෙනවා....
පසුගිය පැය විසි හතර තුල සිදුකරන ලද වැටලීම් වලින්, තැටි පාං 2271 ක්ද, අච්චු පාං 3112ක්ද, සැන්ඩ්විච් පාං 789ක්ද, රාජ සංතක කෙරුන අතර, එම ගබඩා මුද්‍රා තැබීමට කටයුතු කරනු ලැබුවා..