තුන්කොන් සටනක් වේවි බොහෝදුරට. අනිවාර්යයෙන් වෙන්න පුළුවන් දේ තමයි පොහොට්ටුව යූ. එන්. පී හදන සන්ධානයක පොහෙට්ටුව ලකුණේ අපේක්ෂකයා රනිල් වෙන එක. මුලින් එන්නේ ජනාධිපතිවරණය නම් සජබෙන් කීපයකුත් ඔතනට හේත්තු වෙයි. නමුත් ඉස්සර යූ.එන්. පී කියල තිබුන ස්ථීර ඡන්ද පදනම දැන් තියෙන්නේ සජබෙට නිසාත් මිනිස්සුත් ආර්ථික පීඩනයක ඉන්න නිසාත් පාර්ලිමේන්තු යන්න බලාගෙන ඉන්න සජබෙ ලොකු සෙට් එකක් ගැලවෙයි කියල හිතන්නත් අමාරැයි. අනුර අයියා කියන මාලිමාවට විරැද්ධව අනිත් හැම එකාම එකතු වෙනවා කදවුරැ බදිනවා කියන එකත් වෙන්න බැරි දෙයක්. සජිත් සජබෙ අපේක්ෂක විදියට එයි. එතනට ඩලස්ල ඉන්න නිදහස ජනතා සභාව, උත්තර ලංකා සභාගය වගේ නිදහස් පක්ෂයේ කොටසක් වගේ රනිල් විරෝධී පිරිස් එකතු වෙන්න පුළුවන්. අනිත් අපේක්ෂකයා තමයි අනුර. තවම පුරෝකතන කරන්න අමාරැයි මොකද රැස්වීම් වල සෙනග හිටියට ඡන්ද පෙට්ටියේ ඡන්ද නැති අතීතයක් ජවිපෙට තියෙන නිසා සහ රට පත්වෙලා තියෙන අර්බුදයෙන් රට ගලවා ගන්න නිශ්චිත වැඩපිළිවෙළක් මාලිමාවෙන් කියවෙන්නෙ නැති එකත් මත බුද්ධිමත් ජනතාව කුමන තීරණයක් ගනියි ද කියලා හිතන්න අමාරුයි. කොහොම උනත් ප්රධාන දේශපාලන කදවුරැ දෙක සමග ඇරියස් කවර් කරගන්න බලන් අයයි කලකිරිල ඉන්න රාජ්‍ය සේවකයොයි අලුත් ඡන්දයි එක්ක සැලකිය යුතු ඡන්ද ප්රමානයක් මාලිමාවටත් වැටෙන්න පුළුවන්. සමහර විට මෙවර ජනාධිපතිවරණය කාටවත් 50% නැති වෙන තුන් වන අපේක්ෂකයාගේ දෙවැනි මනාපය ගනන් කරන මැතිවරණයක් වෙන්නත් පුළුවන්.

