ඉන්දරතන හිමි අවසන් ගමනේ

aruna47

Well-known member
  • ඉන්දරතන හිමි අවසන් ගමනේ

    ●▬▬ දැයම හඬවා ඉන්දරතන හිමි අවසන් ගමනේ ▬▬●

    මළ හිරු බැස යන්නට හෝරාවකටත් කලින් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය කහවත්තේ පොරෝනුව ක්‍රීඩාංගනයේ දී කහ පැහැ චිතකයේදී ගිනි දැල්වලින් වෙලා ගත්තේය. ඒ ගව ඝාතනයට විරෝධය පළ කරමින් ඒ හිමියන් අපවත්වූයේ ද ගිනි දැල්ල ඒ හිමියන් වෙළා ගෙන සිටියදීය.

    සෝ සුසුම්, දුක් කදුළු මෙන්ම අපහාස ගැරහුම්ද මැද ඉන්ද්‍රරතන හිමියන්ගේ අවමංගලෝත්සවය මේසේ හමාර විය.

    උන් වහන්සේ ගැන දුකින් ගැලූ කදුළු තවමත් වේලී නැත. ඒ තෙත්වූ දෙනෙතින් හා කකියන ලෙයින් යුතුවම මේ පසුවදනද ලිව යුතු යැයි මට සිතෙයි.

    උන්වහන්සේ මිය ගියේ කාගේ වරදින්ද? සිදුවීම කැමරා කළ මාධ්‍යවේදියාගේ වරදින්ද? අවට බලා සිටියවුන්ගේ වරදින්ද?. සිංහල බෞද්ධ බලවේග වලට පහර ගසන්නට බලා සිටින සියළුම අසිංහලයින් චෝදනා නගන පරිද්දෙන් සිංහල ජාතික සංවිධාන වල වරදින්ද?. නැතිනම් වැරැද්ද මේ හැර අන් මගක් නැති වෙන තරමටම උන් වහන්සේවත්, සිංහල බෞද්ධයාවත් අන්ත අසරණ කළ, නිවට දෙපිටකාට්ටු පාලකයින්ගේ අතද?.

    වරද මින් කාගේදැයි මේ වන විට ඔබට වැටහී ඇතිවාට සැක නැත.

    එහෙත් මා මේ කියන්නේ නම් වරද අප අතම බවය. අප මේ කතිරය ගසා, පත් කර යවා ඇත්තේ ගව ඝාතනය වැලැක්වීම පිණිස පනතක් තබා තිබෙන නීති රෙගුලාසි වලට පිටින් මරණ හොර හරක් ටික බේරා ගන්නට බැරි, මස්මඩු වල කෙරෙන තිරිසන් අමානුෂික ක්‍රියාවන් ටිකවත් නවත්වා ගන්නට බැරි අමනයින් රැලකි. අප කතිරය ගසා ඉහලින් ඔසවා තබා ඇත්තේ කිසිවෙකුට කිසිදු හානියක් නැති, “අන්‍යාගම්කරණ වැලැක්වීමේ පනත“ වෙනුවෙන් අතක් උස්සන්නට නොහැකි නපුංසක නාටිකාංගනාවන් රැලකි. බෞද්ධයින් සිංහලයින් වෙනුවෙන් කටක් හොල්ලන්නට බැරි, සුළු ජාතිකයින්ගේ ඡන්ද ටික වෙනුවෙන් ඕනෑම දෙයකට තප්පුලන්නට සැදී පැහැදී සිටින මී වෘෂභයින් රංචුවකි. සිංහල බෞද්ධ අප වෙනුවෙන්, අවිහිංසාව වෙනුවෙන් ඉන්ද්‍රරතන හිමියන්ට ජීවිතය පූජාකරන්නට සිදුවූයේ ඒ වරද නිසාය.

    ඇත්තම කියනවා නම් මේ කරගත් ගොන් කමට අප අපටම මඩු වලිගයෙන් තලා ගත යුතුය.

    ඉතින්.. මොවුන් කවුන්සිලයට පත්කොට යවා අප මේ කරගත්තා වු මහා පාප කර්මය ගෙවන්නට සිදුවී ඇත්තේ අපටමය. අපේම රටේ අන්ත අසරණ යදින්නන් වී අපට ගෙවන්නට සිදුව ඇත්තේ ඒ පවය.

    ඉතින් මේ නපුංසක, දෙපිටකාට්ටු වෘෂභ රැලෙන් අප රට බේරාගෙන නැවතත් මෙය සිංහල රටක් කිරීමේ පුන්‍යකර්මයට දායක විය යුත්තේ අපමය. එය අප සතු වගකීමකි.
    හෙට සිට උදාවන්නේ ඒ වගකීම ඉටු කරන්නට සිංහල බෞද්ධ අප අත්වැල් බැදගන්නා යුගයයි.

    අපට ජය..!

    941194_551893684849931_104309445_n.jpg
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    හාමුදුරුවෝ හිට්යනම් තව කොච්චර වැඩ කරන්ඩ තිබ්බද බන්ස්, දැන් අපිට එකතුවෙලා වැඩක් දෙන්ඩ කාලේ හරි we should make it a reality :yes:
     
    Jcg

    Active member
  • Jun 12, 2011
    374
    31
    28
    උන්වහන්සේගේ අධිශ්ඨානය සාර්තකම වේවා!!! නිවන් සුවය ලබත්වා!
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඉන්ද‍්‍රරතන හිමියන් ගිනි තබාගැනීමෙන් රටට හා සසුනට දුන්නේ නපුරු පූර්වාදර්ශයක් යැයි පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමියෝ පවසති.

    එසේම ගිනිතබාගෙන දිවි හානිකර ගැනීමෙන් ප්‍රශ්න විසඳිය නොහැකි යැයිද උන්වහන්සේ අවධාරණය කරති.

    '' මුළු ලොවම කරුණාවෙන් තෙත් කළ සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරන වෙසක්දා භික්ෂුවක් සිරි දළදා මාලිගාව ඉදිරිපිට ගිනිතබාගෙන කළේ සසුනටත් රටටත් හානියක්.

    මේ රටේ අතීතයේ සිට ජාතික, ආගමික හා සමාජයීය ප්‍රශ්නවලදී ඉදිරියට එන රැඩිකල්වාදී අදහස ඇති තරුණ භික්ෂු පරපුරට මේ සිද්ධියෙන් ලැබුණේ ඉතාම නරක පූර්වාදර්ශයක්.

    ඒ නිසා මෙවැනි උගුල්වලට හසු නොවන ලෙස මා ඉතා කාරුණිකව තරුණ භික්ෂූන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. බෝධි සත්වයන් වහන්සේ ජීවිතය පූජා කළේ සතුන්ගේ ආහාරය පිණිසයි. එය පාරමිතාවක්. මේ හිමියන්ගේ ගිනි තබාගැනීම ජිවිත පූජාවක් ලෙස සලකන්න බෑ.

    මෙතනදී වී ඇත්තේ ප්‍රාණඝාත අකුසලයක් නොවේ. තමන්ගේ දිවිය හානිකර ගැනීම නිසා මෙය අත්ථඝාතක අකුසල කර්මයක් ලෙස හැඳින්විය හැකියි. යමෙකු මෙය ජීවිත පූජාකිරීමක් ලෙස හඳුන්වනවා. උන්වහන්සේ ජීවිත පූජාකළේ කාටද? හරකෙකුටද? අනෙක් කාරණය තමන්ගේ ජීවිතය හානිකර ගන්නාවිට උන්වහන්සේට සතුන් ගැන කරුණාවක් නොව තමන් ගැන වෛරයක්, ක්‍රෝධයක් ඇතිවෙනවා.

    තමන්ගේ ජීවිතය හානිකර ගැනීමෙන් ගව ඝාතන හෝ සත්ව ඝාතන නතර කරන්න බෑ. එසේම එය නීතියෙන් පමණක් කරන්නත් බෑ. ඒ සඳහා මිනිසුන්ට ප්‍රාණභීතියේ විපාක කියාදිය යුතුයි.

    ඔක්කෝම භික්ෂූන් කොළඹට ඇවිත් පෙට්‍රල් වත්කරගෙන ගිනිතියා ගත්තත් සත්ව ඝාතන නතර කළ හැකි යැයි මා සිතන්නේ නෑ. මේ භික්ෂුව කර ඇත්තේ සීමාව ඉක්මවා යාමකි.

    මේ භික්ෂුව දුන් නරක පූර්වාදර්ශය ආදර්ශ පාඨයක් කරගනිමින් ඇතැමුන් විවිධ මත පළකරන බව පෙනෙනවා. එය කිසිසේත්ම අනුමත කරන්න බෑ. මේ හරහා නැති ප්‍රශ්න ඇති නොකළ යුතුයි''. යැයිද මේධානන්ද හිමියෝ පැවැසූහ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ

    hari hamuduruwo kiwwe:rolleyes::rolleyes:

    kiyapu ekagen sasunata wechcha waradi adarsha gana mona kathada:rolleyes::angry: