ඉන්දරතන හිමි ආදාහන පූජ්‍යෝත්සවය

ishan1111

Active member
  • May 20, 2013
    716
    176
    43
    33
    Colombo
    ඉන්දරතන හිමි ආදාහන පූජ්‍යෝත්සවය

    ඉන්දරතන හිමි ආදාහන පූජ්‍යෝත්සවයට ජන ගඟක් ගලයි

    අපවත් වී වදාළ බලංගොඩ, බෝඅත්තේ ඉන්දරතන හිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පුජෝත්සවය සඳහා අද (28) පස්වරු වන විට පන්දහසකට අධික ජනතාවක් හා භික්ෂූන් වහන්සේලා පන්සියයකට අධික පිරිසක් කහවත්ත, පොරෝනුව විදුහල් ක්‍රීඩා පිටියට රැස්වී සිටිති. ඉකුත් වෙසක් පුන් පොහෝදා උදේ 10.30 ට පමණ ඉන්දරතන හිමියෝ ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත්හ. ඒ ගව ඝාතනයට සහ බෞද්ධයන් අන්‍යාගමිකරණයට එරෙහිවය. පිළිස්සීමෙන් බරපතල තුවාල ලැබූ උන්වහන්සේ පළමුව මහනුවර ශික්ෂණ රෝහලටත්, දෙවනුව හෙලිකොප්ටර් යානාවකින් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය වෙතත් රැගෙන එනු ලැබූහ. 25 වැනිදා මධ්‍යම රාත්‍රීයේදී උන්වහන්සේ අපවත් වූහ. උන්වහන්සේගේ දේහය අද පස්වරුවේ පොරෝනුව සුගතාරාමයේ සිට පොරෝනුව විදුහල් ක්‍රීඩා පිටියට රැගෙන ආ අවස්ථාවේ විශාල ජනතාවක් සමග විහාරාධිපති නායක හිමිවරුන් ඇතුළු භික්ෂූන් වහන්සේලා හා මැති ඇමතිවරුන්ද ඊට එක් වූහ. ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත, බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන ලේකම් පණ්ඩිත ගලගොඩඅත්තේ ඤාණසාර, රුහුණු විශ්ව විද්‍යාලයේ මහාචාර්ය කෝංගස්තැන්නේ ආනන්ද යන භික්ෂූන් වහන්සේලා මෙම අවස්ථාවට සෙසු හිමිවරුන් සමග සහභාගී වී සිටියහ. ජාතික හෙළ උරුමයේ මහ ලේකම් අමාත්‍ය පාඨලී චම්පික රණවක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති ජොන් සෙනෙවිරත්න, බස්නාහිර පළාත් සභා ඇමැති උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු සබරගමු පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ද ආදාහන පූත්සවයට සහභාගී වී සිටිති.


    hamudruwoo.png

     

    madawa_1

    Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    44
    IT DEPT.
    හිමියනි ඔබට නිවන් සුව පතමි..!!!!!!!ඔබ වන් පුතුන් මෙ ලක් මාතාවට තව තව ඉපදෙවා...!
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    http://www.elakiri.com/forum/showthread.php?p=15046739&posted=1#post15046739

    :lol::lol::lol::lol::lol:


    self immolation????