ඉන්දියානු සාගරය මැද හොල්මන් දූපතක්

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉන්දියානු සාගරය මැද හොල්මන් දූපතක්

    ඊශාන දිග බෙංගාල බොක්කේ පිහිටා ඇති අන්දමන් සහ නිකෝබාර් දූපත් සතු සමස්ත දූපත් සංඛ්‍යාව 572 ක් බව යි සංඛ්‍යා දත්ත පෙන්වා දෙන්නේ. ඉන්දියානු සයුර හමු වන සුදෝසුදු වෙරළ තීරයන් සහ සදාහරිත නිවර්තන වැසි වනාන්තර පිරි මනස්කාන්ත දූපත් සමූහය අදින් වසර 2,200 ක පමණ පෙර සිටි ම මනුෂ්‍ය වාසස්ථානයක් ව පැවති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂි හමු වී තිබෙනවා. 18 වැනි සියවස දක්වා ම ලෝකයේ අනෙක් රටවලින් වෙන් වී හුදෙකලාව එහි වාසය කර ඇත්තේ ස්වදේශික අන්දමන් දූපත් වැසියන්.
    Picture-124-680x366.jpg

    © Neelima Vallangi

    නමුත් 18 වැනි සියවසේ අග බාගයේ දී සිදු වූ විදෙස් ආක්‍රමණයන්ගේ පසු ව අන්දමන් සහ නිකෝබාර් දූපත් සමූහය සතු වූ බොහෝමයක් දූපත්, බ්‍රිතාන්‍ය යටත් විජිතයන් බවට පත් වුණා. නමුත් යටත් විජිතයන් බවට පත් වූ පෙරදිග රාජ්‍යයන් සියල්ල ම පාහේ බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගැනීමෙන් පසු ව 1940 දශකයේ දී අන්දමන් සහ නිකෝබාර් දූපත් සමූහයේ දූපත් බොහෝමයක් භාවිතා කිරීම අත්හැර දමා තිබෙනවා. ඒවායේ අදටත් බ්‍රිතාන්‍ය ගොඩනැගිලිවල නටඹුන් දැක ගැනීමට හැකි යි.
    Picture-222-680x367.jpg

    © Neelima Vallangi

    තුරුලතා අතර සැඟ වී ගිය බ්‍රිතාන්‍ය බලකොටුවක නටඹුන් දැක ගත හැකි එවැනි එක් දූපතක් ලෙස ‘රොස් දූපත’ හැඳින්විය හැකි යි. කලකට පෙර මහේශාඛ්‍ය මන්දර, සුවිසල් දෙව් මැදුරු, විසිතුරු උත්සව ශාලා සහ පැරණි තාලයේ සොහොන් බිමක් සහිත වූ රොස් දූපත, මේ වන විට සම්පූර්ණයෙන් ම පාහේ වනාන්තරය විසින් සඟවාගෙන අවසන්. අතීතයේ දී ‘පෙරදිග පැරීසිය’ ලෙස හඳුන්වන ලද එය වර්තමානයේ දී සලකනු ලබන්නේ ඉන්දියානු සාගරයේ පිහිටි හොල්මන් දූපතක් ලෙස යි.
    හුදෙකලා වූ දණ්ඩනීය යටත් විජිතයක්

    අන්දමන් සහ නිකෝබාර් දූපත් හි අගනුවර ලෙස සැලකෙන බ්ලෙයාර් තොටුපොළේ ඇරඹුම් ද්වාරය අසල පිහිටා ඇති ‘රොස් දූපත’ එසේ නම් කර ඇත්තේ පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ නාවික සිතියම්කරුවෙක් ලෙස සේවය කළ ශ්‍රීමත් ඩැනියල් රොස්ගේ නමින්. එය ජනාකීර්ණ දූපතක් බවට පත් වීම ආරම්භ වී ඇත්තේ වර්ෂ 1788 දී ආචිබෝල්ඩ් බ්ලෙයාර් විසින් සිදු කරන ලද මැනීම් කටයුතුවලින් අනතුරු ව යි. ඒ අනුව මුල් වරට බ්‍රිතාන්‍ය ජනාවාසයක් එහි ගොඩ නංවන ලද අතර වර්ෂ 1789 – 1792 දක්වා කාලයේ දී එහි රෝහලක් සහ ස්වස්ථාලයක් (sanatorium) නිර්මාණය කර තිබෙනවා. නමුත් විවිධ රෝග හේතුවෙන් ඉහළ ගිය මරණ අනුපාතය නිසා බ්‍රිතාන්‍යයන් 1796 වර්ෂයේ දී අන්දමන් සහ නිකෝබාර් දූපත් අත්හැර දැම්මා.
    Picture-322-680x383.jpg

    © Neelima Vallangi

    යළිත් වරක් එය ජනාකීර්ණ වුණේ එයින් දශක 6 කට පසු ව යි. ඉන්දියාවේ පාලන කටයුතු සිදු කළ බ්‍රිතාන්‍ය යටත් විජිත ආණ්ඩුව, සිරකරුවන් රඳවා තැබීම සඳහා අන්දමන් සහ නිකෝබාර් දූපත් හි ජනාවාසයක් ඇති කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව වර්ෂ 1857 දී සිදු වූ ඉන්දියානු කැරැල්ලෙන් පසු ව අත් අඩංගුවට ගන්නා ලද සිරකරුවන් 200 කට අධික පිරිසක් රඳවා තබන ලද්දේ ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් 0.3 කට ආසන්න රොස් දූපතේ යි.
    වර්ෂ 1858 මාර්තු මාසය වන විට රොස් දූපතේ ජනගහණය සැලකිය යුතු තරම් ඉහළ ගියා. එයට හේතු වුණේ බන්ධනාගාර පාලකයෙකු වූ වෛද්‍ය ජේම්ස් පැටිසන් වෝකර්, යුරෝපීය නිලධාරීන් සිව් දෙනෙක්, ඉන්දියානු නිලධාරියෙක්, වෛද්‍යවරුන් දෙදෙනක්, නාවික භටයින් 50 ක් සහ කැරලිකරුවන් 773 දෙනෙකු සමග රොස් දූපතට ගොඩ බැසීම යි. මෙසේ බ්‍රිතාන්‍ය බන්ධනාගාරයක් බවට පත් වූ රොස් දූපත 1940 දශකය දක්වා ම බ්‍රිතාන්‍යයන් විසින් දණ්ඩනීය යටත් විජිතයක් ලෙස භාවිතා කර තිබෙනවා.
    Picture-423-680x453.jpg

    © Jawahirlal Surti

    බ්‍රිතාන්‍යයන්ගේ නික්මීම

    1938 වර්ෂය වන විට රඳවාගෙන සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස බ්‍රිතාන්‍ය ආණ්ඩුවට බලපෑම් එල්ල වූ අතර 1941 වර්ෂයේ දී රොස් දූපත භූ කම්පාවකට මුහුණ දෙන විට එය සිර කඳවුරක් ලෙස භාවිතා නොවූ තරම්. 1942 දී දෙවැනි ලෝක සංග්‍රාමයට සමගාමී ව සිදු වූ ජපාන ආක්‍රමණයෙන් පසු ව එහි තව දුරටත් රැඳී සිටී බ්‍රිතාන්‍ය භටයින් රොස් දූපත හැර ගියා. ඉන් පසු ව 1942 – 1945 දක්වා රොස් දූපතේ පාලනය පැවතුණේ ජපන් ජාතිකයන් සතු ව යි. ඒ කාල සීමාව තුළ දී රොස් දූපත සතු වූ ආණ්ඩුවේ බංගලාව, ජපන් අද්මිරාල්වරයාගෙන් නිල නිවෙස ලෙස භාවිතා කර තිබෙනවා.
    Picture-518-680x450.jpg

    © Prashanth UC

    කෙසේ වුව ද වර්ෂ 1947 දී ඉන්දියාව, බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබා ගත් අතර ජපන් ජාතිකයන් ද රොස් දූපත හැර ගියා. එතැන් පටන් ඉන්දියානු නාවික හමුදාව යටතේ පාලනය වූ රොස් දූපත, කාලය ගත වීමත් සමග ක්‍රමයෙන් සොබාදහමේ ම කොටසක් බවට පත් වී තිබෙනවා.
    නටඹුන් අතරින් මතු වූ සොඳුරු වනය

    රොස් දූපත බ්‍රිතාන්‍ය නිලධාරීන්ගේ පාලනය යටතේ පැවති කාල සීමාවේ දී (එනම් 20 වැනි සියවසේ මුල් කාලයේ දී) ඔවුන් දඩයම් කිරීම සඳහා අන්දමන් සහ නිකෝබාර් දූපත්වලට නොයෙක් විශේෂවලට අයත් මුවන් සහ ගෝනුන් හඳුන්වා දුන්නා. ස්වභාවික විලෝපිකයින් නොමැති වීම හේතූවෙන් රොස් දූපතේ මුව ජනගහනය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. එසේ ම අත්හැර දමන ලද බ්‍රිතාන්‍ය ගොඩනැගිලිවල නටඹුන් අතරින් වැඩෙන ළපටි පැළෑටි අනුභව කරමින් නිදහසේ සැරිසරන හීලෑ නොකරන ලද හාවුන් සහ වලිකුකුළන් ද රොස් දූපතේ බහුල යි. වර්තමානයේ දී රොස් දූපතේ ස්ථිර පදිංචිකරුවන් වී ඇත්තේ කාටත් හිරිහැරයක් නොමැති මෙවැනි අහිංසකයින්.
    Picture-611-680x510.jpg

    © Vimal Dharmavarapu

    මේ වන විට රොස් දූපත අත්හැර දමා දශක 8 කට ආසන්න කාලයක් ගත වී ඇති අතර කලකට පෙර ප්‍රකට සංගීතඥයින්ගේ මිහිරි ගී ස්වරයෙන් පිරී ගිය උත්සව ශාලා දැන් පුරවන්නේ උස් හඬින් ගී ගයන කුරුල්ලන්. එසේ ම මිහිතලයෙන් මිනිස් වර්ගයා සදහට ම තුරන් වී ගිය දිනයක ලෝකයේ දිස් වන්නේ කෙසේ ද යන්න ගැන අදහසක් ලබා ගැනීම සඳහා ද රොස් දූපත කදිම යි.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,805
    113
    අන්දමන් නිකොබාර් දුපත් වල මිනිස්සුන්ට යන්න තහනම් ස්වෙදෙශිකයෝ ඉන්න දුපත් තියෙනවා නේද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    22.gif


    එළකිර්...ර්...ර්....රී

    "You must spread some Reputation around before giving it to Idias again".
     

    JAGATHNI

    Member
    Jun 24, 2017
    128
    41
    0

    Picture-423-680x453.jpg

    © Jawahirlal Surti

    බ්‍රිතාන්‍යයන්ගේ නික්මීම


    ඔය ෆොටෝ එකේ පහල පැත්තෙන් පේන්න තියන වතුර ටැංකියයි, ගෙයයි මිනිස්සු අතහැරලා දාල ගියා කියපු දුපතේ හොල්මන් කාරයෝ මෑතකදී හදපු එකක් වෙන්න ඇති මයි හිතේ...:lol::lol:
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    මං සිරාවටම හිතුවෙ අර ඉන්දියාවට පහලින් තියන දූපත ගැන කියලා
    ඒකෙත් හන්දියක් හන්දියක් ගානෙ දේවාල අටවගෙන ඒවට වැදගෙන ඉන්න අමුතුම ජන කොටසක් තියන රටක්නේ.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    බුම්ප්
    You must spread some Reputation around before giving it to Idias again.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    As of 2011 Census of India, the population of the Union Territory of Andaman and Nicobar Islands was 379,944, of which 202,330 (53.25%) were male and 177,614 (46.75%) were female. The sex ratio was 878 females per 1,000 males. Only 10% of the population lived in Nicobar islands.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ඔය ෆොටෝ එකේ පහල පැත්තෙන් පේන්න තියන වතුර ටැංකියයි, ගෙයයි මිනිස්සු අතහැරලා දාල ගියා කියපු දුපතේ හොල්මන් කාරයෝ මෑතකදී හදපු එකක් වෙන්න ඇති මයි හිතේ...:lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඔය ෆොටෝ එකේ පහල පැත්තෙන් පේන්න තියන වතුර ටැංකියයි, ගෙයයි මිනිස්සු අතහැරලා දාල ගියා කියපු දුපතේ හොල්මන් කාරයෝ මෑතකදී හදපු එකක් වෙන්න ඇති මයි හිතේ...:lol::lol:

    මමත් notice කළා. :D
    google image බලපුවම පේන්නේ අතැරලා ම නැහැ. tourism නැගල යනවා වගේ .
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අන්දමන් නිකොබාර් දුපත් වල මිනිස්සුන්ට යන්න තහනම් ස්වෙදෙශිකයෝ ඉන්න දුපත් තියෙනවා නේද?


    :yes::yes: