ඉන්දියාවට පාලමක්... ඇයි බයද??

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,845
    922
    113
    ඉන්දියාවට පාලමක් ගහන්න අත්සන් කරලලු..


    දැන් ඉතින් සොරි තමයි.. ඉන්දියාවෙ කල්ලතෝනි පයින්ම මෙහෙට ආවාම අපට සොරි.. 🫨

    රාමාසේතුව ගැන මා ලවා බලෙන් Assignment එකක් ලියවපු මහාචාර්ය තුමෙක් ගැන මගේ කතාව අහන්න කැමතිද??
    කතාව තහවුරු කරන්න ඇතුළත් කරන යොමු සමගම මේ කතාව කියවන්න..

    මට Public Policy ඉගැන්නුවෙ Professor Sunhyuk Kim.. සියල්ලට පෙර ඔහු කවුදැයි මේ යොමුවෙන් බලන ලෙස ඔබෙන් ඉල්ලන්නේ මගේ මේ කතාව හෙට දිනසිට ලංකාවේ ඇතිවන ඉන්දියානු විරෝධය තේරැම් ගැනීමට මගක් වනු ඇතැයි සිතන නිසාවෙනි..
    හඳුනාගැනීමේ දිනයේදී "어나 나라 사참이에요 තෝ මෙහෙට කඩං වැටුනේ මොන හත්තිලව්වක ඉඳලද??" කියා ඔහු විමසූ විට සිරිලංකා කියා කීවෙමි..

    "ඇත්තට??, මම දෙපාරක් එහෙ ගිහින් තියෙනවා" ඔහු කීවිට

    "කොහොමද මගෙ රට?" මම විමසීමි..

    "මෝඩයින් සිටින පාරාදීසයක්..!" ඔහු සෙමින් පවසා සිටියේ අදටත් මගේ ලොමු දැහැගන්වමින් ධජග්ග සූත්‍රය මතක් කරමිනි..

    සති කීපයක අධ්‍යයනයකින් පසුව මහාචාර්ය රමණී සමරතුංගගේ New Public Management සහ නිදහසින් පසු සිංගප්පූරැව මා මැලේසියාව නගිද්දී ශ්‍රී ලංකාව බැස්සේ ඇයිද යන්න සඳහන් The new public management reforms in Asia: A comparison of South and Southeast Asian countries මා වෙත ලබාදුන් ඔහු ඊලඟ සතියේදී මා ලවාම සිරිලංකාව මෝඩයින් සිටින පාරාදීසයක් බව පන්තියේ සිටි රටවල් 20ක සිසුන් 20ට ඔප්පු කර පෙන්වීය.. හැකිනම් ඔහු කීවේ බොරැබව පෙන්වන ලෙස අභියෝග කලත් පරණවිතානගේ සෙල්ලිපි හෝ මහාවන්සය හෝ කොරියාවේද ඇති රාවණා ගැන කියවෙන ඓතිහාසික https://en.m.wikipedia.org/wiki/Laṅkāvatāra_Sūtra ලංකාවතාර සූත්‍රය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් නිහඬ වූයෙමි..
    එක් එක් සිසුවාට වෙන වෙනම පැවරැම් ලබා දෙන කිම් මහතා මා ලවාම රොබර්ට් ඩි කාප්ලෑන් ලියූ ද මොන්සූන් Monsoon-Indian-Ocean පිළිබඳව කියවා දී සිරිලංකාව පාරාදීසයක් වන්නේ මෙහි ඇති ගස් ගල් හෝ දෙදහස් පන්සියය හෝ රාවණා නිසා නොවනබවත් එහි පිහිටීම නිසා බවත් පන්තියේ සගයන්ට දැන්වුයේය.. මගේ ඉදිරිපත් කිරීම අවසානයේ වෙනත් රටවල මගේ සගයින්ට ඔහු කියාසිටියේ මීලඟ සටන සිදුවන්නේ ලංකාව අවට බැවින් ඊට දායක වන්නේ කෙසේදැයි තම තමන්ගේ රටවල් වලට ගොස් සැලසුම් කරන ලෙසයි.. සති අටකට පසු කිම් අප වෙත තම තමන්ගේ රටවලට වඩාත්ම වැදගත් වන අනාගත සංවර්ධණ වැඩසටහනක් පිළිබඳ යෝජනාවක් සකසන ලෙස දන්වන ලදී.. (නගර සභාවක පුන්‍ය කොමසාරිස්ට මොන ජාතික ප්‍රතිපත්තිද?? මම ෆුල් හොල්මන්..)

    ඔලුවට මෙලෝ මලදානයක් නොඑන තැන මම මගේ මහාචාර්ය තුමන් හමුවී මා ඔහු කීවා පරිදිම පාරාදීසයේ මෝඩයා බැවින් යම් උදවුවක් කරන ලෙස ඉල්ලා සිටියෙමි.. Have you ever heard of "Asian Highway AH 44?" Just go and read" මා කාමරයෙන් එලවා දමමින් ඔහු කීවේය..

    https://en.m.wikipedia.org/wiki/Asian_Highway_Network

    මා වැටුනේ පුදුමාකාර අමාරැවකය.. කොන්ඩොලීසා රයිස් හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ හාවඩ් විශ්ව විද්‍යාලයීය සහය මහාචාර්ය වරයා වු සන්හ්‍යුක් කිම් "තොට විභාගය සමත් වන්නට අවශ්‍යනම් හනුමාගේ පාලම ගැන වචන දහදාහක් ලියපිය.." කියා මා වෙත දන්වා තිබේ.. මා කියවීම ඇරඹුවෙමි.. ලොව වෙනස් කල හැකි මෙගා ව්‍යාපෘති හතෙන් එකක් ලෙස http://futuresfoundation.org.au/media/2015/04/April-2015.pdf රාමාසේතුව සඳහන්ව ඇතිබව දැකීමෙන් මා කිලිපොලා ගියෙමි..

    ජයලලිතාවෝ සේතු සමුද්‍රම් හකුලාගත්තේ වෙනත් හේතුවක් මත නොව අප නොදකින AH 44 සිහිනය දකින ලෝකයාගේ බලපෑවෙන් බව මා තේරැම් ගත්තෙමි.. 2002 දී අගමැති රනිල්ද 2011 දි ජනපති මහින්දද මේ ව්‍යාපෘතියට කැමැත්ත දී තිබූ බව දුටුවෙමි. කටාරයේ අල් ෆාඩ් පාලම ආදර්ශයක් කොට ගනිමින් මා ඉදිරිපත් කල පැවරැමේ ඉහත කරැණු වලට අමතරව Adams Bridge as a Cultural Bride ලෙස කොටසක්ද ඇතුලු කර රාමා සීතා හනුමා සය නීල මහා යෝධයාද ඇතුලත් කර වැඩි වැඩක් කල අතර ඒ කොටස යටින් සටහනක් තබමින් very good approach for marketing the project යයි ලියා තබන්නටද ඔහු අමතක නොකලේය.. අවසානයේ මා ඔහුට අවශ්‍ය පැවරැම ලියා ඇතිබව මා ලද A+ එකෙන් දැනගතිමි..
    අග්‍රාමාත්‍ය තුමා මේ වනවිට ආසියානු අධිවේගී මාර්ගයට අත්සන් තබා ඇතැයි වාර්තා පල වේයි.. වෛද්‍ය සංගමය ඉක්ටාවට විරැද්ධ සටනට රාමාසේතුව එකතු කරනු ඇත.. තෙල් සේවකයින් තිරිකුණාමලයේ තෙල් ටැංකි විකිනීමට මෙයද එක් කරගනු ඇත.. (ඔබ හොඳින් ලෝකය කියවන්නෙක්නම් ඉන්දියාවට මේ තෙල් ටැංකි අවශ්‍ය ලංකාවට හෝ ඉන්දියාවට තෙල් සැපයීමට නොව අනාගත අධිරාජ්‍යයේ කයිබර් දුර්ගය හරහා ආසියානු අධිවේගය දිගේ මධ්‍යම ආසියාවෙන් පහලට එන මහා වෙළඳ ප්‍රවාහයට පහසුකම් සැලසීමට බව තේරැම් යනු ඇත.. කාප්ලෑන්ගේ මොන්සූන් කියවන ලෙස මා ඔබට නිර්දේශ කරමි.. මෝසම වැලැක්වීමට ඔබට හෝ මට හැකිදැයි මම නොඅසමි.. එහෙත් කිවයුතු යමක්තිබේ.. අක් වැස්ස අවසන්ව ඇති බවත් ඈතින් මෝසම මෝදු වන බවත් මම දකිමි.. මෝසමට විරැද්ධවන්නන් ෆීල්ඩ් මාෂල් තුමාට භාර වන සලකුණුද ඈත සිතිජයේ කෙලවර යාන්තමින්පමා දකිමි.. රජයේ සේවකයෙකු ලෙස මෝසමට මගේ කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කල නොහැකි වුවත් එන මෝසමට තෙමි තෙමී හෝ මුහුණදීමට සිත දැඩි කර ගනිමි..

    භූගෝලීය මායිම් තවදුරටත් වලංගු නොවේ. බුදුන් වැඩියේ ඉන්දියාවෙනි.. අප අදටත් බුදුන් සුරකිව තබාගෙන සිටිමු.. එහෙත් ඉන්දියාවෙන් ආ එලාර ආදී ආක්‍රමිකයින් එලවා දැමුවෙමු.. හෙටත් අප කල යුත්තේ එයම වන අතර ඉන්දියානුවන් ගේ සියල්ල ප්‍රතික්ෂේප කලානම් මිහිඳු හිමියන්ද පිටුවාහල් කල යුතුව තිබුනා නොවේදැයි සිහිපත් කරමු..

    1711670815407.png

     
    Last edited:

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    922
    113
    ආර්ථික අර්බුදයෙන් ගොඩඑන්න ආදම්ගේ පාලම යොදාගන්න බැරිද
    ----
    ලංකාව ඉන්න ණය අර්බුදයෙ වටිනාකම ආචාර්ය හර්ෂ ඩි සිල්වා මැතිතුමා විග්‍රහ කරන වීඩියෝවක් දාලා තිබුනා.. මහබැංකු අධිපතිතුමා ටිකක් සුභවාදී කථා කීපයක් කිව්වත් ණය සම්පූර්ණයෙන්ම ගෙවනන පුළුවන් ආර්ථිකයක් හදාගන්න පුළුවන් ඉක්මන් සහ ලොකු ප්ලෑනක් ඉදිරිපත් කලේ නෑ තාමත්..

    2015 දි විතර, ඉන්දියාව සේතු සමුද්‍රම් අත්හැරල දැම්මට පස්සෙ, ඉන්දියාවෙ පැත්තෙන් ලංකාවට පාලමක් හදන්න සැලැස්මක් ගැන කියවුනා.. ආසියානු සංවර්ධන බැංකුව දැනටමත් ඊට මූල්‍ය සහයෝගය දෙන්න එකඟවූ බව කියවුනා..

    වහාම දේශප්‍රේමී විමල් උදය මැතිඇමතිවරු හනුමා ආයෙ එයි කියාගෙන යෝජනාවට විරුද්ධ වුනුඅතරෙ එවකට මහාමාර්ග ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා එහෙම ප්ලෑනක් නැතිබව කිව්වා..

    ඉන්දියාව ඉදිරියෙදි ලෝකයෙ ලොකුම ජනගහනය දරාගන්නා රට වේවි.. එවිට ඔවුන්ට සැපයුම් ගන්න සහ නිෂ්පාදන අලෙවියට ප්‍රධාන නැව් මාර්ගයක් අත්‍යවශ්‍යය වෙනවා. දැනට ඉන්දියාවෙ නැගෙනහිර සහ බටහිර අතරෙ නැව් යන්නෙ ලංකාව වටේ.. එයාලට සේතු සමුද්‍රම් ඉතා අත්‍යවශ්‍ය වෙනවා ඉදිරියෙදි.. දැනට මිත්‍යා කථාවක් නිසා නැවතුනු සේතු සමුද්‍රම් මීළඟ යථාර්ථවාදී ආණ්ඩුව ආ වහාම ඇර⁣ඹේවි.. එහෙම වුනොත් කොළඹ සහ හම්බන්තොට වරායවල් ලෝක නාවික සිතියමට අද තරමට වැදගත් නොවේවි..

    තත්ත්වය අනාගත පරපුර⁣ට බලපාන එක වලකවන්න තියෙන හොඳම දේ තමයි රාමාසේතුව හෙවත් ආදම්ගේ පාලම හෙවත් පෝක් සමුද්‍ර සන්ධිය හරහා ඇති වැලිපර දූපත් යා කරලා පාලම ප්‍රතිනිර්මාණය කිරීම.

    ඒකට ඉන්දියාව උඩින් කැමතියි.. මුදල් ඔවුන් අත දැනටමත් තියෙනවා.. දැනට අකැමති අපි.. අපට ඊට තියෙන හේතු විහිළු සහගතයි..
    1. ඉනදියන් කල්ලතෝනි ඒවි කියනඑක. ඇත්තම කිව්වොත් විජය කුමාරයාත් ඉන්දියානු කල්ලතෝනියෙක් තමයි. බුදුහාමුදුරුවො ඉන්දියාවෙන් මහියංගනයට වැඩියෙ අවසර අරගෙනද?? මිහිඳු හාමුදුරුවෝ මිහින්තලේ වැඩියෙ වීසා අරගෙනද?? ඇත්තම කිව්වොත් ලංකාවෙ භූවිද්‍යා ඉතිහාසය පුරාම තූත්තුකුඩිය තලෛයි මනනාරම අතරෙ මිනිසුන් සහ වෙනත් ජීවීන් සංක්‍රමණය වුනා.. 2019 වෙනකල් උතුරෙ මා නැගෙනහිර ගොයම් කපන්න පවා ඉන්දියානුවො හොරෙන් ආවා.. යුද්ධ කාලෙ වගේම දැන් කාලෙත් ලංකාවෙ අය ඉන්දියාවට හොරෙන් සංක්‍රමණය වුනා, වෙනවා..
    2. ඉන්දියානු ආර්ථික ශකතියට අපි යටත්වේවිඅපි ඔවුන්ගෙ ප්‍රාන්තයක් වේවි කියනඑක.. ඇත්තටම කිව්වොත් අපේ ණය වලික් සීයට 20ක හිමිකරු ඉනදියාව.. දැනුත් අපි ඉන්දියන් ණය නැතිනම් කන්නවත් නැති තැනක.. මේ නාලෙ භූමිය අයිති කරගන්න හදන්නෙ පූටින් වගෙ පරණ පරපුරේ නායකයො විතරයි.. අද යුද්ධය තියෙන්නෙ වෙනත් මානයක. අපි ආක්‍රමණ ගැන වෙනම කථාකරමු..
    3. පාලම හැදුවොත් අපි තවදුරටත් දූපතක් නොවෙ කියනඑක. දූපතක් වීම නොවීම අතරෙ වෙනස පුංවි පාලමකින් මනින්න බෑ..
    4. ඉන්දියානු සහයෙන් රට දෙකට නැඩේවි කියන මතය.. ඒක ඇත්ත.. රට දෙකට කැඩේවි.. නමඅත එකට කල් යාවි.. මේ ආර්ථික අර්බුදය දිගටම තිබිලා අපට උත්තර නැති වුනොත් රට කැඩෙන්නෙ ඊට කලින්..

    අපට පාලම හැදුවාම වාසි මොනවද?? වැදගත්ම දේ ඒක..

    ආදම්ගෙ පාලමේ වැලිපර අතරින් අවුරුද්ද පුරා මාස පහ බැගින් මෝසම් එක්ක දියවැල් දෙපසට වේගයෙන් ගමන් කරනවා. ඒක පසුව වෙනම පෝස්ට් එකකින් දාන්නම්.. Vertical axis tidal current turbines පද්ධතියක් යලි සකසන රාමාසෙතුවෙ ස්ථාපිත කිරීමෙන් ඉතා ඉහල විදුලි නිෂ්පාදනයක් ලබාගතහැකි වේවි.. දැනටමත් අදානි ආයෝජනය කල සූර්ය සහ සුපං පද්ධතියටම ඒ විදුලියත් එකතු කලහැකි වේවි..
    මන්නාරම් බොක්කේ ඛනිජතෙල් කැනීම, මන්නාරම් දූපත් සහ නැගෙනහිර වෙරලේ ඉල්මනයිට් කැනීම මෙන්ම ඒවා වානිජ නිෂ්පාදන වශයෙන් සංවර්ධනය කිරීම මේ පාලම මගින් වේගවත් ක්‍රමවත් වගේම ලාභදායී වේවි..
    වසරකට ඉන්දියාවෙ වන්දනා ගමන් යන ප්‍රමාණය නොරෝනා වලට පෙර ඉතා විශාලයි.. ඉදිරියේදී වුනත් ඒ තත්ත්වය යලි නොඑවි කියන්න බෑ.. අපේ අයට කෝච්දියෙ බසඑකේ වගේම තමන්ගෙ වාහනයෙන් බරණැස ඉසිපතනාරාමෙට සැවැත් නුවරට වන්දනාවෙ යන්න..
    ඉන්දියානුවො අච්චර වටිනා සේතුසමුද්‍රම් අත්හැරියෙ රාමායනය ඇත්ත කියල හිතලා.. ලෝකෙ ලොකුම ජනගහනය හිසට ඉහලින් ඉද්දි අපට පුළුවන් මේ පාලම හරහා රාමායනය ඇත්ත කියල හිතන ඉන්දියානුවො සංචාරකයො විදිහට ගෙන්වාගෙන රාවනා රාමා සටන විකුණලා සල්ලි හොයාගන්න..

    ඉදිකරන පාලම සංස්කෘතික පාලමක් වේවි..

    කන්නත් නැතිව ඉන්න අපට මේවාට සල්ලි කෝ.. ඇත්තටම ලෝකයෙ ආයෝජන ඕනෙ තරම්.. මේ වෙද්දි රටවල්වල පාලනය පිටුපස තියෙන්නෙ පෞද්ගලිකව එකතුකල අරමුදල් වලින් උත්පාදනය වන ප්‍රාග්ධනය.. ඉලොන් මස්ක්ගෙ ඉදඉා අදානි වෙනකල් කථාව ඒකම තමයි.. නැගෙනහිර බටහිර යාවන නැව් මාර්ගයට ලෝකයෙ විශාලම ජනගහනය සහිත ලොකුම land mass එක සමීප නරවන ව්‍යාපෘතියකට ප්‍රාග්ධනය නෑ කියන්නෙම විහිළුවක්.. මොලේ ඇති නායකයො සහ නිලධාරීන් ඉන්නවානම් රට ගොඩදාන්න මේ වැඩේ ඇති..

    රැකියා විරහිත බවට ලැබෙන පිළිතුර අපට ඉතා වැදගත්.. පාලමේ අපේ පැත්ත හදද්දි ලංකාවේ ශ්‍රම බලකාය කිසිදු කරදරයකින් තොරව යොදවාගැනේවි.

    මේ එක එක් කාරණා ගැන වෙන වෙනම කථා කරන්න පුළුවන්.. අපිහෙමින් සංවාද කරමු..

    මොනවා වුනත් අපි ඩොලර් බිලියන සීයක් හොයන්න ඔනෙ.. IMF ණය එයින් විස්සෙන් එකක්වත් වෙන එකක් නෑ.. ඉතිරිටික හොයන්න මඤ්ඤොක්කා හිටුවලා වගා සංග්‍රාමය කරලා හෝ දැන් අපි කථාකරන සිල්ලර වරඩ කරල බෑ.. ලොකු වැඩකට අතගහන්න ඕනෙ ඒකයි.. දැනට මේතරම් වාසිදායක ව්‍යාපෘතියක් ලංකා බිමේ නෑ.

    වත්මන් ජනාධිපති තුමා මේ වැඩේ ගැන 2092 කාලෙත් 2015 දත් කථාකලා.. එතුමා දන්නවා ව්‍යාපෘතිය ගැන.. මුළු කථාවම.. තාම කන්න නැතත් වංසෙ කබල්ගාන අය ඉන්න නිසා වැඩසටහන එලියට දාන්න ඉවසගෙන ඉන්නවා වෙන්න පුළුවන්.. හැබැයි වැඩේ වෙනවානම් ලංකාවට ලැබෙන වාසි නිසිපරිදි පාර්ලිමේන්තු පනතකින් තහවුරු කෙරෙනන ඕනෙ..

    රටවැසියො විදිහට අපට තියෙන්නෙ බරපතල තීන්දු ගන්න උදවු කරන්නද නැත්නම් එන එන එකා ගෙදරපල කියාගෙන අරගල කරන්නද කියන උභතෝකෝටිකය බිද දමන්න. ඉන්දියන් සාගරයෙ අපි ඉන්න තැන වටිනාකම ගන්න මේ ව්‍යාපෘතිය ඉතා වැදගත්.. ඉන්දියාව බර දාල බලෙන් කරවන්න කලින් අපිම යෝජනාව සහ කොන්දේසි යැවවානම් වාසිය වැඩියි..

    මඤ්ඤොක්කා හිටුවනඑක, ගමේ කොමිටි පත්කරන එක ⁣පිටරටින් ආධාර හිඟාකන්න ගමවල පොරෙත්තු ලේඛණ සැකසීම වගේ දේවල් වලින් ණය ගෙවන්න සල්ලි හොයන්න බෑ.. එකට මේවගෙ ලොකු ව්‍යාපෘති ඉතා වැදගත්.. නිකමට කටාර් බහරේන් සවුදි සම්බන්ධ කරලා තියෙන King Fahd පාලම ගැන කියවන්න..

    ජනතාවගේ දූපත් මානසිකත්වය රටක ණය තවත් වැඩිකරවන හේතුවක්.. දැන් අපට ඒකෙන් එලියට එන්න කාලෙ ඇවිත්.. ඥානසාර හාමුදුරුවො දැක්කා නේද. ආදර්ශයට ගන්න..

    (පින්තූර රාමාගේ පාලම එපා කියන හේතු සහික 2016 කාලෙ ලිපි වගයක්.. කියවා බැලුවට වරදක නෑ

     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,052
    113
    පාලමක් ගැහුවේ නැත්නම් උන් සේතු සමුද්‍රම් ප්‍රොජෙක්ට් ඵක කරනවා..ඵහෙම වුනොත් ලංකාවට තවත් කෙලවෙනවා.

    හැබැයි උන් ඔය පාලම ගැහුවත් අනාගතේ දී ඒක කරගන්න පාලම යටින් නැව් යන්න පුළුවන් විදිහට ඔය ප්‍රොජෙක්ට් ඵක කරයිද දන්නෙ නෑ..දන්නවනේ ඉන්දියන් උන් ඔළුව අත ගාල ටොක්ක අනින්නේ..

    Dali-Lama2.jpg
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    922
    113
    පාලමක් ගැහුවේ නැත්නම් උන් සේතු සමුද්‍රම් ප්‍රොජෙක්ට් ඵක කරනවා..ඵහෙම වුනොත් ලංකාවට තවත් කෙලවෙනවා.

    හැබැයි උන් ඔය පාලම ගැහුවත් අනාගතේ දී ඒක කරගන්න පාලම යටින් නැව් යන්න පුළුවන් විදිහට ඔය ප්‍රොජෙක්ට් ඵක කරයිද දන්නෙ නෑ..දන්නවනේ ඉන්දියන් උන් ඔළුව අත ගාල ටොක්ක අනින්නේ..

    Dali-Lama2.jpg
    සේතු සමුද්‍රම් පටං ගත්තා නම් ලංකාවට හුලං තමයි

    භූගත පාලම් හදන එක වියදම් වැඩි. ඒ නිසා ඒක හදන එක ෂුවර් කරන්න බැහැ. පාලම යටින් නැව් යන විදියට කොහොමත් හදයි. හැබැයි ලොකු නැව් යන්න හදන්නැතිවෙයි. ඒකටත් බිලියන ගානක් වියදම් වැඩක් . දුම්රිය මාර්ග දෙකක් මහාමාර්ග, තෙල් නල, විදුලි සම්ප්‍රෙේෂණ කේබල් එකත් එක්ක හදන්නේ.
    පාලම්වල සුලං බලාගාරත් සැලැසුමේ තියෙනවා කියලා ආරංචි.
    ඉන්දියාවේ පාම්බන් පාලමත් මේ අවුරුද්දේ ඡන්දෙට කලින් හදලා ඉවර වෙනවා. ඒකෙත් යටින් පොඩි නැව් එහෙම යන්න පුළුවන්
    https://en.wikipedia.org/wiki/New_Pamban_Bridge
     
    Last edited:

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    දැනට ඉන්දියාවෙ නැගෙනහිර සහ බටහිර අතරෙ නැව් යන්නෙ ලංකාව වටේ.. එයාලට සේතු සමුද්‍රම් ඉතා අත්‍යවශ්‍ය වෙනවා ඉදිරියෙදි.. දැනට මිත්‍යා කථාවක් නිසා නැවතුනු සේතු සමුද්‍රම් මීළඟ යථාර්ථවාදී ආණ්ඩුව ආ වහාම ඇර⁣ඹේවි.. එහෙම වුනොත් කොළඹ සහ හම්බන්තොට වරායවල් ලෝක නාවික සිතියමට අද තරමට වැදගත් නොවේවි..

    පාලම් යටිනුත් නැව් යන්න පුළුවන් කියලා ඕක ලියපු චම්පික මල්ලිට කියලා දෙන්න..:lol:

     
    • Haha
    Reactions: NRTG and sarika406

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    පාලමක් ගැහුවේ නැත්නම් උන් සේතු සමුද්‍රම් ප්‍රොජෙක්ට් ඵක කරනවා..ඵහෙම වුනොත් ලංකාවට තවත් කෙලවෙනවා.

    හැබැයි උන් ඔය පාලම ගැහුවත් අනාගතේ දී ඒක කරගන්න පාලම යටින් නැව් යන්න පුළුවන් විදිහට ඔය ප්‍රොජෙක්ට් ඵක කරයිද දන්නෙ නෑ..දන්නවනේ ඉන්දියන් උන් ඔළුව අත ගාල ටොක්ක අනින්නේ..

    Dali-Lama2.jpg
    ඇළ මාර්ගේ අසාර්ථක වෙන්නේ කාළෙන් කාලෙට වෙනස්වෙන වැලි පර නිසා ද?

    පාළම අනිවා වෙන්න ඕනේ දෙයක්...
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    922
    113
    ඇළ මාර්ගේ අසාර්ථක වෙන්නේ කාළෙන් කාලෙට වෙනස්වෙන වැලි පර නිසා ද?

    පාළම අනිවා වෙන්න ඕනේ දෙයක්...
    ඔව් කාෙලන් කාලෙට ඇතිවන වැලි පර තමයි ප්‍රධාන අවුල. කොච්චර මොනා කලත් ලොකු නැව් යන්නත් බැරි ලු. ඒ නිසා වැඩිය අවදානය දුන්නේ නැහැ.
    අනික උන්ට වුවමනාවක් තිබ්බ නම් පාම්බන් පාලම යටින් ගේමක් ගහන්න තිබ්බා.
    දැන් නම් ලංකාවට නියම චාන්ස් එකක්. හූති කේස් එක නිසා නැව් අප්‍රිකාව වටෙන් යන්නේ. උන්ට ඉන්දියාවට ගිහින් ආයේ පිටිපස්සට ඇවිත් ලංකාව වටේ යන එක පාඩුයි. ඒකට හොඳම විසදුම කොළඹ කන්ටේනර් ගොඩබාලා දුම්රිය මගින් ඉන්දියාවට යවන එක 😆
     
    • Like
    Reactions: NRTG

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,845
    922
    113
    එහෙනන් අපේ අය ඉක්මනටම පාලම හරහා ලොරියකින්ම යුරෝපයේ කෙලවරටම යන්න ජාවාරමක් හදාවි.
    😆
    ඊට වඩා ලේසි මාළු බෝට්ටුවකින් මීගමුවෙන් යන එක
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    ඔව් කාෙලන් කාලෙට ඇතිවන වැලි පර තමයි ප්‍රධාන අවුල. කොච්චර මොනා කලත් ලොකු නැව් යන්නත් බැරි ලු. ඒ නිසා වැඩිය අවදානය දුන්නේ නැහැ.
    අනික උන්ට වුවමනාවක් තිබ්බ නම් පාම්බන් පාලම යටින් ගේමක් ගහන්න තිබ්බා.
    දැන් නම් ලංකාවට නියම චාන්ස් එකක්. හූති කේස් එක නිසා නැව් අප්‍රිකාව වටෙන් යන්නේ. උන්ට ඉන්දියාවට ගිහින් ආයේ පිටිපස්සට ඇවිත් ලංකාව වටේ යන එක පාඩුයි. ඒකට හොඳම විසදුම කොළඹ කන්ටේනර් ගොඩබාලා දුම්රිය මගින් ඉන්දියාවට යවන එක 😆
    මුලතිවු හරහා මන්නාරමට ඇළක් කැපුවොත් කොහොමද ? සුපිරි නේ... හම්බන්තොට වරායේ ආකර්ශණය අඩු වෙළා ට්‍රින්කෝ ආයේ ආසියාවේ ලොකුම වරාය වෙනවා. සිංගපූරුවට කෙළ වෙනවා තව ටික කාළෙකින් ක්‍රා ඇළ කපපු ගමන් තායිලන්තේ.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    උන් ඇවිල්ලා මෙහෙ රස්සා කරන්න ගන්නකොට හොඳයි. මෙහෙ එකෙක් උදැල්ල ඇල්ලුවත් දවසට 3500ක් ඉල්ලනවා. ඉන්දියාවෙ එවුන් දවසටම 1000ට ඕන වැඩක් කරාවි.
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඔව් තොපි වගේ හොර බිස්නස් කරන තම්බින්ට ලේසියි පාලමක් ගැහුවම ඉන්දියන් බාල බඩු, බෙහෙත් ,ගබ්සා පෙති, කුඩු ඵහෙම ලංකාවට අදින්න..දැනට ගේන්නේ බෝට්ටු වලින් නේ..තොපිටම හරියන උම්බෑ කියන සෙට් ඵකකුත් ඔය ඉන්නේ.🤣🤣
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,276
    26,755
    113
    Kandy
    උන් ඇවිල්ලා මෙහෙ රස්සා කරන්න ගන්නකොට හොඳයි. මෙහෙ එකෙක් උදැල්ල ඇල්ලුවත් දවසට 3500ක් ඉල්ලනවා. ඉන්දියාවෙ එවුන් දවසටම 1000ට ඕන වැඩක් කරාවි.
    නොර්ත් ඉන්දියන් සුදු බඩු එහෙමත් ඉදි

    මේ බලපන්කෝ ඉන්දියන් ටුවරිස්ට්ලා ටිකක් ට්‍රිප් එකක් ඇවිත් ට්‍රේන් එකේ දගලන නිසා මූ මේ විඩියෝ එකට දාලා තියෙන්නේ world hectic train ride kiyalaa

    https://elakiri.com/threads/ලංකාවේ-ට්‍රේන්-වලත්-ඩස්පයෝ.2143641/
    ------ Post added on Mar 29, 2024 at 2:29 PM
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඇමතිලා දන්නෙත් නෑ
    පාර්ලිමේන්තු මන්ත්‍රීලා දන්නෙත් නෑ

    ජනාධිපති ආර්යා සාගල ඉන්දියාවට පාලමකුත් ගහලා 🤣
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    මම කලිනුත් කිව්වා අපි 2075 වගේ වෙනකොට ස්වයං පාලනයක් සහිත ඉන්දියානු රජය යටතේ පාලනය වන රටක්. ශිශ්ඨාර හැදෙන්නේ එමයි .
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    කතා 2ක් නෑ මන් විරුද්දයි සේතු සමුද්‍රන් ඇලටත්, පාලමටත්. ඕක කරන්ඩ දෙන්නෙත් නෑ
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉන්දියම් මාමිලත් කොහොම හරි ලංකාවට බෙල්ල දාන්න හදන්නේ