ඉන්දියාවට පාලමක් ගහන්න අත්සන් කරලලු..
දැන් ඉතින් සොරි තමයි.. ඉන්දියාවෙ කල්ලතෝනි පයින්ම මෙහෙට ආවාම අපට සොරි.. 🫨
රාමාසේතුව ගැන මා ලවා බලෙන් Assignment එකක් ලියවපු මහාචාර්ය තුමෙක් ගැන මගේ කතාව අහන්න කැමතිද??
කතාව තහවුරු කරන්න ඇතුළත් කරන යොමු සමගම මේ කතාව කියවන්න..
මට Public Policy ඉගැන්නුවෙ Professor Sunhyuk Kim.. සියල්ලට පෙර ඔහු කවුදැයි මේ යොමුවෙන් බලන ලෙස ඔබෙන් ඉල්ලන්නේ මගේ මේ කතාව හෙට දිනසිට ලංකාවේ ඇතිවන ඉන්දියානු විරෝධය තේරැම් ගැනීමට මගක් වනු ඇතැයි සිතන නිසාවෙනි..
හඳුනාගැනීමේ දිනයේදී "어나 나라 사참이에요 තෝ මෙහෙට කඩං වැටුනේ මොන හත්තිලව්වක ඉඳලද??" කියා ඔහු විමසූ විට සිරිලංකා කියා කීවෙමි..
"ඇත්තට??, මම දෙපාරක් එහෙ ගිහින් තියෙනවා" ඔහු කීවිට
"කොහොමද මගෙ රට?" මම විමසීමි..
"මෝඩයින් සිටින පාරාදීසයක්..!" ඔහු සෙමින් පවසා සිටියේ අදටත් මගේ ලොමු දැහැගන්වමින් ධජග්ග සූත්‍රය මතක් කරමිනි..
සති කීපයක අධ්‍යයනයකින් පසුව මහාචාර්ය රමණී සමරතුංගගේ New Public Management සහ නිදහසින් පසු සිංගප්පූරැව මා මැලේසියාව නගිද්දී ශ්‍රී ලංකාව බැස්සේ ඇයිද යන්න සඳහන් The new public management reforms in Asia: A comparison of South and Southeast Asian countries මා වෙත ලබාදුන් ඔහු ඊලඟ සතියේදී මා ලවාම සිරිලංකාව මෝඩයින් සිටින පාරාදීසයක් බව පන්තියේ සිටි රටවල් 20ක සිසුන් 20ට ඔප්පු කර පෙන්වීය.. හැකිනම් ඔහු කීවේ බොරැබව පෙන්වන ලෙස අභියෝග කලත් පරණවිතානගේ සෙල්ලිපි හෝ මහාවන්සය හෝ කොරියාවේද ඇති රාවණා ගැන කියවෙන ඓතිහාසික https://en.m.wikipedia.org/wiki/Laṅkāvatāra_Sūtra ලංකාවතාර සූත්‍රය ඒ සඳහා ප්‍රමාණවත් නොවන බැවින් නිහඬ වූයෙමි..
එක් එක් සිසුවාට වෙන වෙනම පැවරැම් ලබා දෙන කිම් මහතා මා ලවාම රොබර්ට් ඩි කාප්ලෑන් ලියූ ද මොන්සූන් Monsoon-Indian-Ocean පිළිබඳව කියවා දී සිරිලංකාව පාරාදීසයක් වන්නේ මෙහි ඇති ගස් ගල් හෝ දෙදහස් පන්සියය හෝ රාවණා නිසා නොවනබවත් එහි පිහිටීම නිසා බවත් පන්තියේ සගයන්ට දැන්වුයේය.. මගේ ඉදිරිපත් කිරීම අවසානයේ වෙනත් රටවල මගේ සගයින්ට ඔහු කියාසිටියේ මීලඟ සටන සිදුවන්නේ ලංකාව අවට බැවින් ඊට දායක වන්නේ කෙසේදැයි තම තමන්ගේ රටවල් වලට ගොස් සැලසුම් කරන ලෙසයි.. සති අටකට පසු කිම් අප වෙත තම තමන්ගේ රටවලට වඩාත්ම වැදගත් වන අනාගත සංවර්ධණ වැඩසටහනක් පිළිබඳ යෝජනාවක් සකසන ලෙස දන්වන ලදී.. (නගර සභාවක පුන්‍ය කොමසාරිස්ට මොන ජාතික ප්රතිපත්තිද?? මම ෆුල් හොල්මන්..)
ඔලුවට මෙලෝ මලදානයක් නොඑන තැන මම මගේ මහාචාර්ය තුමන් හමුවී මා ඔහු කීවා පරිදිම පාරාදීසයේ මෝඩයා බැවින් යම් උදවුවක් කරන ලෙස ඉල්ලා සිටියෙමි.. Have you ever heard of "Asian Highway AH 44?" Just go and read" මා කාමරයෙන් එලවා දමමින් ඔහු කීවේය..
https://en.m.wikipedia.org/wiki/Asian_Highway_Network
මා වැටුනේ පුදුමාකාර අමාරැවකය.. කොන්ඩොලීසා රයිස් හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්ගේ හාවඩ් විශ්ව විද්‍යාලයීය සහය මහාචාර්ය වරයා වු සන්හ්යුක් කිම් "තොට විභාගය සමත් වන්නට අවශ්‍යනම් හනුමාගේ පාලම ගැන වචන දහදාහක් ලියපිය.." කියා මා වෙත දන්වා තිබේ.. මා කියවීම ඇරඹුවෙමි.. ලොව වෙනස් කල හැකි මෙගා ව්‍යාපෘති හතෙන් එකක් ලෙස http://futuresfoundation.org.au/media/2015/04/April-2015.pdf රාමාසේතුව සඳහන්ව ඇතිබව දැකීමෙන් මා කිලිපොලා ගියෙමි..
ජයලලිතාවෝ සේතු සමුද්‍රම් හකුලාගත්තේ වෙනත් හේතුවක් මත නොව අප නොදකින AH 44 සිහිනය දකින ලෝකයාගේ බලපෑවෙන් බව මා තේරැම් ගත්තෙමි.. 2002 දී අගමැති රනිල්ද 2011 දි ජනපති මහින්දද මේ ව්‍යාපෘතියට කැමැත්ත දී තිබූ බව දුටුවෙමි. කටාරයේ අල් ෆාඩ් පාලම ආදර්ශයක් කොට ගනිමින් මා ඉදිරිපත් කල පැවරැමේ ඉහත කරැණු වලට අමතරව Adams Bridge as a Cultural Bride ලෙස කොටසක්ද ඇතුලු කර රාමා සීතා හනුමා සය නීල මහා යෝධයාද ඇතුලත් කර වැඩි වැඩක් කල අතර ඒ කොටස යටින් සටහනක් තබමින් very good approach for marketing the project යයි ලියා තබන්නටද ඔහු අමතක නොකලේය.. අවසානයේ මා ඔහුට අවශ්‍ය පැවරැම ලියා ඇතිබව මා ලද A+ එකෙන් දැනගතිමි..
අග්‍රාමාත්‍ය තුමා මේ වනවිට ආසියානු අධිවේගී මාර්ගයට අත්සන් තබා ඇතැයි වාර්තා පල වේයි.. වෛද්‍ය සංගමය ඉක්ටාවට විරැද්ධ සටනට රාමාසේතුව එකතු කරනු ඇත.. තෙල් සේවකයින් තිරිකුණාමලයේ තෙල් ටැංකි විකිනීමට මෙයද එක් කරගනු ඇත.. (ඔබ හොඳින් ලෝකය කියවන්නෙක්නම් ඉන්දියාවට මේ තෙල් ටැංකි අවශ්‍ය ලංකාවට හෝ ඉන්දියාවට තෙල් සැපයීමට නොව අනාගත අධිරාජ්‍යයේ කයිබර් දුර්ගය හරහා ආසියානු අධිවේගය දිගේ මධ්‍යම ආසියාවෙන් පහලට එන මහා වෙළඳ ප්රවාහයට පහසුකම් සැලසීමට බව තේරැම් යනු ඇත.. කාප්ලෑන්ගේ මොන්සූන් කියවන ලෙස මා ඔබට නිර්දේශ කරමි.. මෝසම වැලැක්වීමට ඔබට හෝ මට හැකිදැයි මම නොඅසමි.. එහෙත් කිවයුතු යමක්තිබේ.. අක් වැස්ස අවසන්ව ඇති බවත් ඈතින් මෝසම මෝදු වන බවත් මම දකිමි.. මෝසමට විරැද්ධවන්නන් ෆීල්ඩ් මාෂල් තුමාට භාර වන සලකුණුද ඈත සිතිජයේ කෙලවර යාන්තමින්පමා දකිමි.. රජයේ සේවකයෙකු ලෙස මෝසමට මගේ කැමැත්ත අකැමැත්ත ප්‍රකාශ කල නොහැකි වුවත් එන මෝසමට තෙමි තෙමී හෝ මුහුණදීමට සිත දැඩි කර ගනිමි..

භූගෝලීය මායිම් තවදුරටත් වලංගු නොවේ. බුදුන් වැඩියේ ඉන්දියාවෙනි.. අප අදටත් බුදුන් සුරකිව තබාගෙන සිටිමු.. එහෙත් ඉන්දියාවෙන් ආ එලාර ආදී ආක්රමිකයින් එලවා දැමුවෙමු.. හෙටත් අප කල යුත්තේ එයම වන අතර ඉන්දියානුවන් ගේ සියල්ල ප්‍රතික්ෂේප කලානම් මිහිඳු හිමියන්ද පිටුවාහල් කල යුතුව තිබුනා නොවේදැයි සිහිපත් කරමු..
Last edited: