මුම්බායිවලම ඉන්නවා ලංකාව වගේ ජනගහනයක්. එතකොට මහාරස්ඨ වල ඉන්නවා ඒ වගේ 6 ගුණයකට කිට්ටු වෙන්න. ඉන්දියාවේ තියෙනවා මේ වගේ ප්‍රාන්තම 31ක්. හැම ප්‍රාන්තේම එක සමාන ලෙස ජනගහනයක් නෑ, නමුත් උන්ගේ බිලියන 1.5 කට කිට්ටු වෙන්න ජනගහනයක් ඉන්නවා, ඒ වගේම රට ලොකු නිසාත්, තාම පෝස්ට් යවන්න කෝච්චි යුස් කරන නිසාත්, අතරින් පතර සැක සහිත ඒවා චෙක් කරන නිසාත්, පිටරටවලට පෝස්ට් යවන කොට කස්ටම් එක හරහා යවන නිසාත් (උනුත් චෙක් කරනවා සැක සහිත ඒවා) සෑහෙන කාලයක් යනවා. ඉන්දියාව කියන්නේ තාම දියුණුවෙමින් පවතින රටක්, උන්ගේ රටේ සයිස් එකයි, ජනගහනයයි, සංවර්ධිත තත්වය ගත්තම පොස්ට් එකක් එන්න ලොකු කාලයක් යනවා, විශේෂයෙන්ම පිටරටවලට. ලංකාවේ තත්වයක් මේකම තමයි ලංකාවත් ඉන්දියාව වගේ ලොකු උනානම්.