ඉන්දියාව අවුට්..!! 
1992 ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කළේ පාකිස්තානය. ඒ කණ්ඩායමේ නායකයා තමයි ඉම්රාන් ඛාන්. මිනිහා එසේ මෙසේ නායකයෙක් නෙමෙයි. කපටියෙක්. වැඩකාරයෙක්.
මේ මනුස්සයා දේශපාලනයට ආවා. ඇවිත් කාලයක් මහන්සි වෙලා බලය ගත්තා. අගමැති වුණා. ක්‍රිකට් වලදී වගේම තමයි රාජ්‍ය තන්ත්‍රය හැසිරවීමේදීත් මිනිහගේ තියෙන දක්ෂතාවය. ඕකට හොඳම උදාහරණය මේ ඊයේ පෙරේදා සිදුවුණු ඉන්දියානු ගුවන් යානා බිම හෙලීම. ඉන්දියාව දැවී ගියා. ඇල්ලුවේ ඉම්රාන්, පන්දු යැව්වේ ඉම්රාන්, ලකුණු ගැහුවෙත් ඉම්රාන්!
ඉන්දියා - පාකිස්තාන අර්බුදය කියන්නේ දන්නා කාලේ ඉඳන් තියෙන එකක් වගේම ඕක පිටිපස්සේ රටවල් කිහිපයක්ම ඉන්නවා. එසේ මෙසේ රටවල් නෙමෙයි, බලවත් රටවල්. මේගොල්ලෝ ඉතින් ත්‍රස්ත කල්ලි වලට මුදල් පොම්ප කරලා වරින් වර පොඩි ආතල් එකක් ගන්නවා. මොකද මිනිස්සුන්ට අර්බුදය අමතක වුණොත්, මිනිස්සු සාමකාමී වෙන්න පුළුවන්. ඉන්දියාව - පාකිස්තානය සාමකාමී වීම ඔවුන්ට අවශ්‍ය නෑ. ආයෙත් කාරණාවට එමුකෝ.
දැන් පුල්වාමා වලදී ඉන්දියානු භටයන් 40ක් විතර මරාදාපු පාකිස්තාන ත්‍රස්තවාදී කල්ලියේ ඉලක්ක වලට ඉන්දියානු ගුවන් හමුදාව විසින් ප්‍රහාර එල්ල කරන්න ගත්තා. ඉන්දියාව කිව්වා "ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පාකිස්තානයට එරෙහි තරගයටවත් එන්නේ නෑ, මළල ක්‍රීඩකයෙකුටවත් අපේ රටට ඇතුල් වෙන්න දෙන්නේ නෑ." වගේ සිරිලාංකික ගණයේ කතා.
පාකිස්තාන අගමැති ඉම්රාන් ඒ වෙලාවේ "තොපිව මරනවා යකෝ! අත තිබ්බොත් බලාගෙනයි! අපිට ඉන්දියාව ලොකු නෑ ඩෝ!" වගේ අනං මනං ටෝක් දෙන්න ගියේ නෑ. මිනිහා දන්නවා මිනිහා ඉස්සරහින් හිටපු බව. මේක ටෙස්ට් මැච් එකක්. කලබලයක් නෑ. තමන් ශක්තිමත් නම් විකට් ටික ඉක්මනින් අරන්, හෙමින් කාලය අරගෙන ලකුණු ටික ගහන්නයි තියෙන්නේ.
මිනිහා මැච් එක පටන් ගත්තා. විකට් එක ගත්තා. අර ත්‍රස්ත ඉලක්ක වලට ගහන්නය කියලා පාකිස්තාන ගුවන් සීමාවට රිංගපු ඉන්දියානු ගුවන් යානා දෙකක් බිම දැම්මා කිසි කතාවක් නැතුව. පස්සේ මොකද කළේ? ලකුණු ගැහුවා. ලෝකය මේ දිහා බලාගෙන ඉන්න නිසා විශේෂ ප්‍රකාශයක් කළා. මොනවද කිව්වේ?
"ඉන්දියානු බලධාරීන්ට සාකච්ඡා මේසය විවෘතයි. එන්න අපි කතා කරමු. යුද්ධ කියන දේවල් ආරම්භ වුනහම ඒවා දුරදිග යනවා. බලන්න වියට්නාම් යුද්ධය. ඇමරිකාව ඇෆ්ඝනිස්තානයේ වසර 17ක් හිරවෙයි කියලා කවුරුත් හිතුවද? ඔබටත් අපටත් තිබෙන න්‍යෂ්ටික බලයත් එක්ක, අපෙන් අවගණනයක් සිදුවුණොත් වෙන්න පුළුවන් නරක දේ බොහොමයි නේද? ඒ නිසා යුද්ධ වලදී කිසිවක් අවගණනය කරන්න බෑ (වැරදි තීරණ ගන්න බෑ). අපි සාකච්ඡාවෙන් ප්‍රශ්නය විසඳගමු." ඔහොමයි කිව්වේ.
මේ කතාව හරිම ගෞරවණීය රාජ්‍ය තාන්ත්‍රිකයෙකුව තමයි ලෝකෙට පෙන්නුවේ. දැන් දේශපාලන විචාරකයෝ හෝ ගාලා ඔහුට අත්පුඩි ගහනවා. ඉන්දියාවට කට උත්තර නෑ.
දැන් කවුද ජෙට්ස් බිම දැම්මේ? පාකිස්තානය. ලෝකය බනින්න ඕන කාටද? පාකිස්තානයට.
හැබැයි දැන් චොර වුණේ කවුද? ඉන්දියාව නේද?
අපේ රටේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ ගැන මතක් කරගන්නකො දැන්. ඉන්දියාවේ වගේ ගොන්ම ගොන් රාජ්‍ය තාන්ත්‍රිකයෝ තමයි අපේ රටෙත් ඉන්නේ. (අපිත් පැවතෙන්නේ උන්ගෙන්ලු නේ). අලි ටෝක් දෙන්න ගිහින් මිනිස්සු 40කුත් මරාගෙන, ජෙට් දෙකකුත් බිම දාගෙන ඉන්දියාවට දැන් කටවල් *කවල් ටිකත් මහගෙන පාඩුවේ ඉන්නයි තියෙන්නේ. ගල් ගිල්ලා වගේ.
අපෙත් එහෙම කට්ටිය ඕන තරම් ඉන්නවා.
"යුද්ධෙ ඉවරා.....යි! මමයි කොලේ!!!
"කුඩු ඉවර කරනවා. මම තොපිව එල්ලලා මරනවා!!!"
"අපි අහවල් එක ගොඩගන්නවා!!!"
"දූෂණ ඉවර කරනවා!!!"
ඔන්න ඔහොම කට කියවන එවුන් ඉන්නවා නේද? ඕකුන්ට වැඩ බෑ, කයියයි ගඳයි විතරයි. වැඩකාරයෝ කයිය ගහන්නේ නෑ. වැඩේ කරන බව කාටවත් පේන්නෙත් නෑ. ඒ නිසා කවුරුත් අගය කරන්නෙත් නෑ..
උපුටාගැනීමකි.
https://www.facebook.com/groups/thulawa/permalink/2402823296408353/