ඉන්දියාව සහ අපි

SDasun

Junior member
  • Jan 1, 2007
    75
    7
    8
    40
    මොරටුව
    ඉන්දියාව සහ අපි

    2022 වෙනකොට ඉන්දියාවේ ජනගහනය චීනය පහු කරනවා. චීනය වගේ තුන් ගුණයක් කුඩා වුන ඉන්දියාව තුල තමයි මේ විශාල ලගනහනය ජීවත් වන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ වැඩි වෙන ජනගහනය තව දුරටත් ඉන්දියාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්දියාවට ලඟින් ඉන්නා රටවලට දැනටමත් මේ ප්‍රශ්නය පුපුරා ගිහිල්ලා ඉවරයි.

    ඉන්දියාවේ ජනගහනයෙන් සීයට 67ක් දැනටමත් ඉන්නේ දුගී භාවයේ. ඒ කිව්වේ වසරකට ඉන්දියානු රුපියල් 10000කට අඩුවෙන් හොයන අය සීයට 67ක් ඉන්දියාවේ ඉන්නවා.

    මේ 67% කියන්නේ දුප්පතුන් මිලියන 899 (899,483,513) ක්. ඒ කිව්වේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වුන මිලියන 20 ඒවා 43 ක් දුප්පතුන් ඉන්දියාවේ ඉන්නවා. පටල ගන්න එපා. අපි සංසන්ඳනය කළේ ඉන්දියානු දුප්පතුන්ගේ ජනගහනය ට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයි. ඉන්දියාවේ සමස්ත ජනගහනය ගණනින් 1,339,751,000කට වැඩියි.

    ඉන්දියාවේ සෑම තත්පර 3ක දරුවන් දෙදෙනෙක් පමණ උපදිනවා. (දිනක මිය යන පිරිසගේ අගය අඩු කළ විටද මේ අගය වෙනසක වෙන්නෑ. ඒ කිව්වේ, විනාඩියකට ජනගහනය 40 කින් පමණ වැඩි වෙනවා) තවත් විදියකින් කිව්වොත් ඉන්දියානු දුගී ප්‍රශ්නය සෑම තත්පරයක දීම ඉහල යමින් සිටිනවා.
    මේ ගැටළුවෙන් ඉන්දියාවට භූගෝලීයව ද සංස්කෘතිකව ද ඉතා කිට්ටු ශ්‍රී ලංකාවට දැඩිව බල පෑම් එල්ල කරනවා. ඉන්දියා ETCA ඇතුලු කලාපීය ගිවිසුම් හරහා යම් තරමකට මේ ප්‍රශ්නය කලාපීයව විබධනයට ලක් කරන්න උත්සාහ කරනවා. අපි රටක් විදියට ඉතාමත දූරදර්ශීයව මේ ප්‍රශ්නය දිහා නොබැලුවොත්, අපට සිදුවන්නේ ඉන්දියුනු ජන ගහන ප්‍රශ්නයේ දුග්ගන්නා රාල චරිතයට පන පොවන්නයි.

    ඉන්දියානු ලාබ ශ්‍රමය අපට ඵලදායීව භාවිතා කළ නොහැකියි කියලා මම කියන් නෑ. හැබැයි ඒකට විදිමත් දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක නිසයි අපි කියන්නේ අපේ රට‍ෙ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා.

    ETCA ගිවිසුම එන්නේ GATS (General Agreement on Trade in Services) සම්මුතියට අනුකූලවයි. ඒ කිව්වේ GATS මගින් වෙළඳ සේවා ගිවිසුමක් එළඹුනහොත් ඒ ගිවිසුමේ GATS සම්මූතීන් වල මේ මේ කාරනා අපි පිලිගන්නේ නෑ කියලා විශේෂයෙන් සඳහන් නොකරහොත් GATS මගින් ලබා දීමට නියමිත සියළුම පහසුකම් ලබා දීමට රජයක් ලෙස අපි බැඳි සිටිනවා. ඒ ගිවිසුම එළඹුන කාලයේ ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ නීතින් තමයි ගිවිසුම පවතිනා තුරා අපේ රට පිළිපදින්න ඕන. ඒ කිව්වේ අපි ගිවිසුම ගැසුවාට පසුව රජය යම් තීරණයක් අරගෙන ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කලහොත් ඒක අර ගිවිසුම් ප්‍රකාරව සම්බන්ධ වන රාජ්‍යයට හෝ ඒවායේ සේවා ලබා දෙන ආයතන හෝ ඒවායේ සේවකයන්ට ඒවා අදාල වෙන්නේ නෑ.

    ඉන්දියාව අතීතයේ දී පවා ගිවිසුම් වල දී අවංකව වැඩ කරපු රටක් නෙමෙයි. හදිසියේ හරි ඉන්දියාව ETCA හෝ වෙනත් ද්වීපාර්ශික සේවා ගිවිසුමක කොන්දේසි කඩ කළහොත් අපට ඒවා නිරාකරණය කරගන්න යන්නට වන්නේ "අන්තර්ජාතික බේරුම් කරන අධිකරනයකටයි." මේ අධිකරණ ක්‍රමවේදය ඉතා මිල අදික ක්‍රියා මාර්ගයකි. ප්‍රායෝගික යතාර්ථය තුල ශ්‍රී ලංකාව වගේ රටවල් වලට මේවා හරහා සාධාරනයක් ඉෂ්ඨ කර ගැනීම සිදු නොවන දෙයක්.

    ETCA නෙමෙයි ඕනෑම ගිවිසුමක් ගහන්න ඕනෑම නම් ගැහුවාට කමක් නැත. නමුත් දේශීය ව්‍යවසායකයා සහ ශ්‍රමිකයා ආරක්ෂා කර අදාල ගිවිසුම් වලට එළඹිය යුතුය.

    අවසාන වශයෙන්, ඔබ මේ ලිපිය කියවීමට විනාඩි 2ක් පමණ ගත්තානම් මේ වන විට ඔබ ලිපිය කියවීමට ආරම්භ කර මොහොතට වඩා ඉන්දියාවේ ජනගහනය 80කින් පමණ වැඩි වී ඇත. හිතන්න, මේ දින වල අප ගන්නා තීරණ තව වසර දෙතුන් සීයකින් හරි ආපසු හරවන්නට බැරි වේවි. ඒ විදට ඔබ ද මා ද අපි කඩේ යන දේශපාලකයන් ද මේ රටෙ නොසිටිනු ඇත. අද දවසේ අපේ රට වැරදි තීරණයකට එළඹුනහොත් අපගේ අනාගත පරම්පරාව ඔබට ද මට ද අද දවසේ කළ යුතුව තිබූ දේ නොකළා යැයි දොස් නගනු ඇත.

    main article
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපිට බැරිවෙයිද හබලක් අරන් හබල් ගාල ලංකාව ඉන්දියාවෙන් ඈතට ඈතට අරන් යන්න :oo:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    රටේ තීරණ ගන්න උන්ගේන් 95කට වඩා o/l අසමත්, ඉගනගත්ත උන් රටේ සම්පත් විකුනනවා, කොහොමද අපි ජාතියක් වශයෙන් නැගී හිටින්නෙ
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    කොහෙන් කොහොම ගියත් සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා තමයි. මේ රටෙන් තුරන්වෙලාම යන්නෙත් සිංහලයාම තමයි.:(
     
    Last edited:

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    රටේ තීරණ ගන්න උන්ගේන් 95කට වඩා o/l අසමත්, ඉගනගත්ත උන් රටේ සම්පත් විකුනනවා, කොහොමද අපි ජාතියක් වශයෙන් නැගී හිටින්නෙ
    :yes::yes:

    10482429_321661507988303_7596300433048011349_n.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ඕක දැම්මේ monson කියන UNP ගොබ්බයා මචන් ;)

    :P:P ඌ ඉතින් තනියම සංවර්දන news දාගෙන තමන්ම කොමෙන්ටු දාගෙන බලන එකා වෙච්චි. එයින් තොර ලොවක් නැත..........................
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    indiawe janagahanaya wadi wenakota indiawa thawa prabala wenna barida? api indiawa ekka kalinma giwisumaka hitiyama apita wadi wasi labenne nadda indiawa balawath wenawath ekkama.

    umba kohomada hariyatama kianne janagahanaya wadi wena ekata sapekshawa duppath kamath wadi wenawa kiala?

    lankawa kohomath duppath ratak ne ithin kohomada indiawata lan una kiala eka wadi wenne?

    ඉන්දියාව අතීතයේ දී පවා ගිවිසුම් වල දී අවංකව වැඩ කරපු රටක් නෙමෙයි - mekata thiana sadaka monawada. indiawa da loken mehema wanka widihata wada karapu ekama rata?

    දේශීය ව්‍යවසායකයා සහ ශ්‍රමිකයා ආරක්ෂා කර අදාල ගිවිසුම් වලට එළඹිය යුතුය - umba giwisuma dakkada, umba giwisume karunu gana karapu analysis thianawa nam dapan

    ඉන්දියානු රුපියල් 10000කට අඩුවෙන් හොයන අය සීයට 67ක් ඉන්දියාවේ ඉන්නවා - me aya duppathun kianen mona padanamenda? kohomada duppathun define karanne? dan me duppathun kiana aya lankawe duppathun kiana aya ekka sansandanaya karanne kohomada? mona nirnayaka da ganne?

    GATS මගින් ලබා දීමට නියමිත සියළුම පහසුකම් ලබා දීමට රජයක් ලෙස අපි බැඳි සිටිනවා - vice versa Indiawa bandenne nadda eyala denna ona pahasukam denna?

    ඉන්දියා ETCA ඇතුලු කලාපීය ගිවිසුම් හරහා යම් තරමකට මේ ප්‍රශ්නය කලාපීයව විබධනයට ලක් කරන්න උත්සාහ කරනවා - pahadili madi thawa udaharana tikak denna me gana

    ඉන්දියානු ලාබ ශ්‍රමය අපට ඵලදායීව භාවිතා කළ නොහැකියි කියලා මම කියන් නෑ. හැබැයි ඒකට විදිමත් දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙන්න ඕන. - widimath dakmak naha kianawa nam oyage dakma kianna kohomada meka widimath karanne kiala