ඉන්දියාව සහ අපි
2022 වෙනකොට ඉන්දියාවේ ජනගහනය චීනය පහු කරනවා. චීනය වගේ තුන් ගුණයක් කුඩා වුන ඉන්දියාව තුල තමයි මේ විශාල ලගනහනය ජීවත් වන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ වැඩි වෙන ජනගහනය තව දුරටත් ඉන්දියාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්දියාවට ලඟින් ඉන්නා රටවලට දැනටමත් මේ ප්රශ්නය පුපුරා ගිහිල්ලා ඉවරයි.
ඉන්දියාවේ ජනගහනයෙන් සීයට 67ක් දැනටමත් ඉන්නේ දුගී භාවයේ. ඒ කිව්වේ වසරකට ඉන්දියානු රුපියල් 10000කට අඩුවෙන් හොයන අය සීයට 67ක් ඉන්දියාවේ ඉන්නවා.
මේ 67% කියන්නේ දුප්පතුන් මිලියන 899 (899,483,513) ක්. ඒ කිව්වේ ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනය වුන මිලියන 20 ඒවා 43 ක් දුප්පතුන් ඉන්දියාවේ ඉන්නවා. පටල ගන්න එපා. අපි සංසන්ඳනය කළේ ඉන්දියානු දුප්පතුන්ගේ ජනගහනය ට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයි. ඉන්දියාවේ සමස්ත ජනගහනය ගණනින් 1,339,751,000කට වැඩියි.
ඉන්දියාවේ සෑම තත්පර 3ක දරුවන් දෙදෙනෙක් පමණ උපදිනවා. (දිනක මිය යන පිරිසගේ අගය අඩු කළ විටද මේ අගය වෙනසක වෙන්නෑ. ඒ කිව්වේ, විනාඩියකට ජනගහනය 40 කින් පමණ වැඩි වෙනවා) තවත් විදියකින් කිව්වොත් ඉන්දියානු දුගී ප්රශ්නය සෑම තත්පරයක දීම ඉහල යමින් සිටිනවා.
මේ ගැටළුවෙන් ඉන්දියාවට භූගෝලීයව ද සංස්කෘතිකව ද ඉතා කිට්ටු ශ්‍රී ලංකාවට දැඩිව බල පෑම් එල්ල කරනවා. ඉන්දියා ETCA ඇතුලු කලාපීය ගිවිසුම් හරහා යම් තරමකට මේ ප්රශ්නය කලාපීයව විබධනයට ලක් කරන්න උත්සාහ කරනවා. අපි රටක් විදියට ඉතාමත දූරදර්ශීයව මේ ප්රශ්නය දිහා නොබැලුවොත්, අපට සිදුවන්නේ ඉන්දියුනු ජන ගහන ප්රශ්නයේ දුග්ගන්නා රාල චරිතයට පන පොවන්නයි.
ඉන්දියානු ලාබ ශ්‍රමය අපට ඵලදායීව භාවිතා කළ නොහැකියි කියලා මම කියන් නෑ. හැබැයි ඒකට විදිමත් දැක්මක් සහිතව ක්‍රියාත්මක වෙන්න ඕන. ඒක නිසයි අපි කියන්නේ අපේ රටෙ ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍යයි කියලා.
ETCA ගිවිසුම එන්නේ GATS (General Agreement on Trade in Services) සම්මුතියට අනුකූලවයි. ඒ කිව්වේ GATS මගින් වෙළඳ සේවා ගිවිසුමක් එළඹුනහොත් ඒ ගිවිසුමේ GATS සම්මූතීන් වල මේ මේ කාරනා අපි පිලිගන්නේ නෑ කියලා විශේෂයෙන් සඳහන් නොකරහොත් GATS මගින් ලබා දීමට නියමිත සියළුම පහසුකම් ලබා දීමට රජයක් ලෙස අපි බැඳි සිටිනවා. ඒ ගිවිසුම එළඹුන කාලයේ ශ්‍රී ලංකා රජය විසින් පනවා තිබූ නීතින් තමයි ගිවිසුම පවතිනා තුරා අපේ රට පිළිපදින්න ඕන. ඒ කිව්වේ අපි ගිවිසුම ගැසුවාට පසුව රජය යම් තීරණයක් අරගෙන ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කලහොත් ඒක අර ගිවිසුම් ප්‍රකාරව සම්බන්ධ වන රාජ්‍යයට හෝ ඒවායේ සේවා ලබා දෙන ආයතන හෝ ඒවායේ සේවකයන්ට ඒවා අදාල වෙන්නේ නෑ.
ඉන්දියාව අතීතයේ දී පවා ගිවිසුම් වල දී අවංකව වැඩ කරපු රටක් නෙමෙයි. හදිසියේ හරි ඉන්දියාව ETCA හෝ වෙනත් ද්වීපාර්ශික සේවා ගිවිසුමක කොන්දේසි කඩ කළහොත් අපට ඒවා නිරාකරණය කරගන්න යන්නට වන්නේ "අන්තර්ජාතික බේරුම් කරන අධිකරනයකටයි." මේ අධිකරණ ක්‍රමවේදය ඉතා මිල අදික ක්‍රියා මාර්ගයකි. ප්‍රායෝගික යතාර්ථය තුල ශ්‍රී ලංකාව වගේ රටවල් වලට මේවා හරහා සාධාරනයක් ඉෂ්ඨ කර ගැනීම සිදු නොවන දෙයක්.
ETCA නෙමෙයි ඕනෑම ගිවිසුමක් ගහන්න ඕනෑම නම් ගැහුවාට කමක් නැත. නමුත් දේශීය ව්‍යවසායකයා සහ ශ්‍රමිකයා ආරක්ෂා කර අදාල ගිවිසුම් වලට එළඹිය යුතුය.
අවසාන වශයෙන්, ඔබ මේ ලිපිය කියවීමට විනාඩි 2ක් පමණ ගත්තානම් මේ වන විට ඔබ ලිපිය කියවීමට ආරම්භ කර මොහොතට වඩා ඉන්දියාවේ ජනගහනය 80කින් පමණ වැඩි වී ඇත. හිතන්න, මේ දින වල අප ගන්නා තීරණ තව වසර දෙතුන් සීයකින් හරි ආපසු හරවන්නට බැරි වේවි. ඒ විදට ඔබ ද මා ද අපි කඩේ යන දේශපාලකයන් ද මේ රටෙ නොසිටිනු ඇත. අද දවසේ අපේ රට වැරදි තීරණයකට එළඹුනහොත් අපගේ අනාගත පරම්පරාව ඔබට ද මට ද අද දවසේ කළ යුතුව තිබූ දේ නොකළා යැයි දොස් නගනු ඇත.
main article

Last edited: