ඉන්දියා ගමන

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    සුපිරි නූල...👍👍

    සිම් ගැනිල්ල ගැන කියනවනං,
    මෙහෙන් ගන්න එයාටෙල් සිම් එහෙට සාමාන්‍ය විදිහට වැඩ. අපේ රටට කතා කරත් සාමාන්‍ය ගාස්තුමයි...
    Huta? ehemada? waruwakma kelawuna SIM eka natuwa. shit

    I said several times to apply on-line. :oo:
    Yes, I remember. I asked agents for that. But nobody agreed.
    ------ Post added on May 22, 2023 at 1:21 PM
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    පුලුවන්නම් රට යද්දි සල්ලි මාරු කිරිල්ලයි. Duty Free බඩු ගැනිල්ලයි ගැන උපදෙසක් දෙන්න.
    ඩියුටි ෆ්‍රී එකේ ගන්න තියන දේවල් වලින් ලාබයක් වෙන්නෙ වොෂින් මැෂින් වලිනුයි ෆ්‍රිජ් වලිනුයි විතරයි අනිත් ඔක්කොම එලියෙ තියන ගාන වගේමයි (සැලකිය යුතු ගානක් අඩු වෙන්නෙ නෑ).
     
    • Like
    Reactions: Honda.putha

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    Ehema ne ban. Owa kiyanneth salli ganna hukannalama tama.
    mama muchn palaweni para kare. eka parak ticket cancel karanna wela lakshayak witara kelawela hitiye.

    ithin mama apply nokara agentsla 5 -6 katama katha kara e - VISA dala denna kiyala.

    mun kiwwema hari yanne na kiyalane. ekekwath baragatte na.

    looks like someone had scared him away :-D
    hmm.
    ------ Post added on May 22, 2023 at 1:24 PM
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,252
    74,640
    113
    mama muchn palaweni para kare. eka parak ticket cancel karanna wela lakshayak witara kelawela hitiye.

    ithin mama apply nokara agentsla 5 -6 katama katha kara e - VISA dala denna kiyala.

    mun kiwwema hari yanne na kiyalane. ekekwath baragatte na.


    hmm.
    ------ Post added on May 22, 2023 at 1:24 PM
    Mama hayleys gana kiyapu eka balapan. Lankawe lokuma agentsla. But gobbama kariyo tikak. un kiyana widiyata canada visa danna giyanam taama documnets hoyanawa.

    hondama dey machan hari link eka hoyagena tamunma apply karana eka.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඩියුටි ෆ්‍රී එකේ ගන්න තියන දේවල් වලින් ලාබයක් වෙන්නෙ වොෂින් මැෂින් වලිනුයි ෆ්‍රිජ් වලිනුයි විතරයි අනිත් ඔක්කොම එලියෙ තියන ගාන වගේමයි (සැලකිය යුතු ගානක් අඩු වෙන්නෙ නෑ).
    මොකටද අප්පා ඩියුටි ෆ්‍රී කියන්නෙ? :lol: :lol: :lol:

    එහෙනම් ඉතින් බෝතල් ඇරෙන්න ඕකෙ ගන්න දෙයක් නෑ.
    යාලුවෙකුට ෆෑන් එකක් ගෙනාවා. දැන් බලද්දි දරස් එකට වඩා 1000යි අඩු. :angry::angry:
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,534
    1
    51,199
    113
    ප*යාගල
    sorry.com
    මෙහෙ කාර්ඩ් සෙන්ටර් එකට කියලා ගියෙ. ඒත් බැන්කු පහක විතර ATM වලින් ට්‍රයි කරත් සල්ලි ගන්න බැරි උනා. හොටෙල් එකේ බිල නම් ගෙවන්න පුලුවන් උනා.
    Master Card da bn?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,856
    8
    35,443
    113
    කලින් මම ත්‍රෙඩ් එකක් දැම්මනෙ ඉන්දියන් වීසා ගැනිල්ල ගැන අහලා. ඒකට ඉතින් වෙච්ච දේ කියලම පටන් ගන්නම්.

    https://elakiri.com/threads/indian-visa-හුට්ටප්පරේ.2103738/#post-28828940

    ප්‍රශ්න 1 - වීසා ගන්න කාපු කට්ට

    ගොඩක් කට්ටිය කියලා තිබ්බෙ bank statement එකකුයි passport එකයි IVS එක ඉස්සරහා කඩේකට දුන්නම කරලා දෙයි කියලා. අපි ඉතින් පවුලම යන හින්දාත් ඉල්ලපු ඩොකියුමන්ට් ටික හදාගත්තු හින්දාත් මමම වීසා අරගන්න බැලුවා. ඉස්සෙලා කාපු කට්ටෙන් පස්සෙ. අවුලක් උනේ නෑ. වැඩේ හරිගියා. එකෙක්ට 10ක් විතර යනවා වීසා ෆී එක.

    1676866877-IVS-6.jpg


    එහෙ ගිහිල්ලා හම්බවෙච්චි ඔක්කොම වගේ එහෙම ඒජන්ට්ලට කියලා වීසා දාගෙන ආපු කට්ටිය. ඒවගේම ඊ-වීසා කට්ටියත් හිටියා. හැබැයි කිව්වෙ එක එක දේවල් අහලා පොඩ්ඩක් රස්තියාදු කරා කියලා එතන බැස්සට පස්සෙ.

    එතන කොහොමත් මාෆියාවක් යන්නෙ. ඇතුලෙ ඉන්න උන් හවසත් ඇප්ලිකේශන් දාලා කොළ අරන් දෙනවා එළියෙ ඉන්න උන්ට. තව පාස්පෝට් 20 ක් විතර බෑග් වලට දාගෙන එළියට එනවා.

    වීසා හම්බුනාට පස්සෙ තිබ්බෙ ටිකට් බුක් කරගන්න. අඟහරුවාදා බදාදා වගේ දවස්වල ටිකට් අඩුයි. තව ට්‍රාන්සිට් ගන්නවා නම් අඩුයි. ඒත් ඒක කට්ටක් හින්දා ඩිරෙක්ට් බුක් කරා.

    මට කලින් මේකෙ එක්කෙනෙක් කිව්වා ( @lodbrok ) skyscanner බලන්න කියලා. එතනින් තමයි බැලුවේ. ඒත් පළවෙනි එක හින්දා බයටම ඩිරෙක්ට් එයාලයින් එකෙන් බුක් කරා. පොඩි ගානයි වැඩි උනේ.

    ප්‍රශ්න 2 - සල්ලි මාරු කිරිල්ල

    මෙහෙ බැංකුවලින් කියපි ඉන්දියන් රුපියල් නෑ කියලා. ඉතින් ඩොලර් ටිකක් ගත්තෙ. එයාර්පෝර්ට් එකෙත් BOC එකේ විතරයි INR තිබ්බෙ. එතනින් 4.20 යි එකක් ඒ මදිවට තව 1.5% කොමිස් එකකුත් ගන්නවා. එතනින් ටිකක් ගත්තා.

    වැඩේ කියන්නෙ ආපහු ඇවිත් මාරු කරද්දි 3.20 ගන්නෙ. එතනම රුපියල් 10,000 කට විතර කෙළවුනා. තව කොළ වගයක් ගත්තෙත් නෑ පෑන් ඉරි කියලා.

    ඩොලර් මාරු කරද්දිත් ගූගල් එකේ බැලුවම පෙන්නුවෙ 81. ළඟ කඩේකින් 84 දෙන්නම් කිව්වම මාරු කළා. ඌත් වෙන තැනකින් මාරු කරන් ආවෙ. බලද්දි 86 දෙන තැනුත් තිබ්බා (USD -> INR).

    මම හිතන්නෙ සල්ලි මාරු කිරිල්ල මම අනාගත්තා.

    ප්‍රශ්න 2 - SIM ගැනිල්ල.

    ඊටපස්සෙ ඉතින් එහෙ ගිහින් ගොඩ බැස්සා. ඒ වෙලාවෙත් දිල්ලි එයාපෝර්ට් එක smog එකකින් වැහිලා. දැක්කම එපා උනා.

    b5c6d1_86b75c3d0b78468fbbc8c9c9a9982d96~mv2.jpg


    එහෙ ඇප් වලින් ටැක්සි බුක් කරන්නයි තව කෝල් ගන්නයි සිම් ගන්න බැලුවේ. උදේ පාන්දර අපි එතනට ගියාට එයාටෙල් උන් සිම් විකුණන්න ගන්නෙ 8.30ට කිව්වා. එතන ඉතින් කට්ට කෑවා 8.30 වෙනකම්.

    ඒ මදිවට සිම් එක ඇක්ටිව් වෙන්නත් පැය 3ක් විතර ගියා. ඉතින් එතකන් ලොස් වෙලා හිටියෙ මැප් එකවත් බලාගන්න බැරුව.

    හොඳ දේවල් 1 - මෙට්‍රො එක.

    මෙට්‍රො එක නම් ප්ලේන් එකටත් වඩා සුපිරියි. ඔක්කොම ඉන්ඩිකේට් කරනවා. හෙන පිරිසිඳුයි. සෙනඟ එච්චර හිටියෙත් නෑ. සමහරවිට ඔෆිස් වෙලාව නෙමෙ හින්දා වෙන්න පුලුවන්.

    139363574_15999541161981n.jpg


    ප්‍රශ්න 3 - ටැක්සි කාරයෝ, කාක්කෝ

    මෙට්‍රො එකෙන් එලියට ආවා විතරයි. හෝටල් හොයාදෙන්න එන උනුයි, ටැක්සි කාරයොයි පුදුම වදයක් දුන්නෙ. උන් එනවා අපේ ට්‍රිප් එක ප්ලෑන් කරන්න. අපිට දෙයක් හිතාගන්න වත් දෙන්න නෑ කියෝනවා කියෝනවා ඉවරයක් නෑ. පුදුම කරුමයක්.

    ඒ මදිවට සිම් ලබ්බ වැඩ කරන්නෙ නැති හින්දා පාර හොයාගන්න විදිහක් නෑ. අන්තිමේදි එකෙක් 150ට හොටෙල් එකට දාන්නම් (පස්සෙ දවසක මම ඉන්දියන් කාරයෙක් විදිහට ගියාම 50) කිව්වා. මූ මගක් ඇවිත් කියනවා හොටෙල් එක තියෙන තැනවත් ඌ දන්නෙ නෑ. අන්තිමේ මතකෙන් යන්න උනේ.

    හොඳ දේවල් 2 - ඇප්

    පැය තුනෙන් පස්සෙ සිම් එක ඇක්ටිව් උනාම ටැක්සි කාරයින්ට මොන ලබ්බක්වත් කරන්න උනේ නෑ. Uber එකයි උන්ගේ OLA කියලා ඇප් එකකුයි තියෙනවා. ඊටපස්සෙ ඉන්දියන් ගානට තමා ට්‍රැවලින්. උන්ට අපි මොන රටේද හොයන්නත් බෑ බෑග් නැතුව යනවානම්.

    250px-Ola_Cabs_logo.svg.png


    හොඳ දේවල් 3 - හොටෙල් එක

    ලංකාවේ කලින් ගිය කට්ටියගෙ රෙකමන්ඩ්විශන් වලින් බුක් කරේ. එතන ආපු ගෙස්ට්ලා බාගෙට බාගයක් සිංහල. හොටෙල් එක නම් අවුලක් නෑ. කෑමත් හොඳයි. තියෙන පැත්ත තමයි අවුල.

    Paharganj කියන්නෙ හොටෙල් වැඩිම තියෙන පැත්තක්. ඒත් ඉතින් පාරවල් වල පුදුම ට්‍රැෆික්. අපිරිසිඳුයි. ඒ වගේම සේෆ්ටි අඩුයි කියලා කියන්නෙ. සවුත් දිල්ලි හොඳයි කියනවා. ඒත් අපිට බුක් කරන්න රූම් තිබ්බෙ නෑ. නැත්නම් පට්ට ගණන්.

    ප්‍රශ්න 4 - අපිරිසිඳුකම

    මුන්ගෙ කෙළ ගැහිල්ලයි හොටු හූරන එකයි ඉවරයක් නෑ. ඒ මදිවට කඩවල කුස්සි තියෙන්නෙත් කාණු උඩ. ස්ට්‍රීට් ෆුඩ් කරත්ත හැම තැනම. ඒත් මැස්සො දූවිලි ජරාව එක්ක බඩ දඟලනවා. උන්ට නම් ගානක් නෑ.

    ඉතින් කෑවෙ හොටෙල් එකෙනුයි, මැක්ඩොනල්ඩ් එකෙනුයි, කේ එෆ් සී එකෙනුයි. එව්වල කෑම ලංකාවෙ මුදලට සාපේක්ශව අඩුයි. චිකන් නගට් කෑලි 20 ම වලින් LKR1200 වෙන්නෙ. බෝතල් වතුරත් උණු කරලා නිවලා බිව්වෙ. ලංකාවෙන් නූඩ්ලස් අරන් ගියා වේලක් දෙකක් ශේප් කරගන්න.

    හොඳ දේවල් 4 - ටජ් මහල්.

    කිලෝමීටර් 500ක් යන්න එන්නම ගියාට බලන්න වටින දෙයක්.

    800px-Taj_Mahal%2C_Agra%2C_India_edit3.jpg


    ප්‍රශ්න 4 - වාහන එලවිල්ල හා ට්‍රැෆික්

    පිස්සු හැදෙනවා. මුන්ගෙ නීතියක් රීතියක් මෙලෝ දෙයක් නෑ. ඉඩ තිබ්බද එතනින් ගියා. පාරෙ අනික් පැත්තෙන් හරි කමක් නෑ. හෙල්මට් දාන්නෙ නෑ.

    91743739-india-delhi-paharganj-main-bazar-street-evening-road-traffic-28-11-2017.jpg


    හැම වාහනේම එකම ලේන් එකේ. ගොන් කරත්තෙයි, බස් එකයි, බයිසිකල් එකයි.

    හෝන් එක උඩ හිටගෙන තමයි එලවන්නෙ. පෙනිච්ච විදිහට මුන් මාර ආත්මාර්ථකාමී. අනිකට අරින්නමයි බලන්නෙ. චුට්ටක් ඉඩ දෙන්නේ නෑ එකෙක්ට.

    අනික් එක තමයි එහෙමයි කියලා හැම පාරම සවුත්තුත් නෑ. සමහර පාරවල් වලට රික්ශෝ දාන්න දෙන්නේ නෑ. එව්වල පිළිවෙලට යනවා මිනිස්සු. ඒ කියන්නෙ ලංකාවට වඩා හොඳ පැතිත් නරක පැතිත් දෙකම තියෙනවා එකම තැන.

    හොඳ දේවල් 5 - බඩු වල ගණන්.

    හෙන අඩුයි. හැබැයි උන් කියන ගානෙන් බාගෙකට ඉල්ලන්න ඕනෙ.

    ප්‍රශ්න 5 - Duty free

    මෙතන තමයි මම නාගත්තු අනිත් තැන. මම කලින් අහලා තිබ්බ විස්තර අනුව එකේ බඩු ගණන් අඩුයි කියලා හිතාගෙන ආවෙ. ඒත් පට්ට ගණන්නෙ චොකලට් එහෙම. ලිකර් විතරයි අඩු බව පේන්නෙ.
    කන්ෆුයුස් වෙලා ආවා ඉතින් ගන්නවාද නැද්ද හිතාගන්න බැරුව.

    ප්‍රශ්න 6 - ඉංග්‍රීසි

    ගොඩක් උන්ට ඉංග්‍රීසි මළ පොතේ අකුරක් බෑ. ටැක්සි කාරයින්ට එහෙම. පෝන් එකෙන් එහෙම කතා කරන්න ගියාම එපා වෙනවා. උන් ටැක්සි දිව්වට තැන් දන්නෙත් නෑ. අපි කියන්න ඕනෙ යන්න ඕනෙ පාර. ඇප් එකේ නම් පෙන්වන නිසා අවුලක් නෑ.

    ප්‍රශ්න 7 - බැංකු කාර්ඩ් ප්‍රශ්න

    මෙහෙ කාර්ඩ් සෙන්ටර් එකට කියලා ගියෙ. ඒත් බැන්කු පහක විතර ATM වලින් ට්‍රයි කරත් සල්ලි ගන්න බැරි උනා. හොටෙල් එකේ බිල නම් ගෙවන්න පුලුවන් උනා.

    මගේ හෑල්ල මෙතනින් අවසානයි. පොටෝ එකක්වත් මගේ නෙමෙයි අහුලලා දැම්මෙ.

    මේ මම දාපු අනික් ත්‍රෙඩ් එක.

    ඉන්දියාවට ගිහින් එන්න විස්තර ටිකක් ඕනෙ.

    ත්‍රෙඩ් දෙකේදීම උදව් කරපු, බම්ප් කරපු ඔක්කොටම ස්තුතියි. ඇත්තටම කරදරයක් නැතුව ගිහින් එන්න එව්වා ගොඩක් උදව් උනා.


    පුලුවන්නම් රට යද්දි සල්ලි මාරු කිරිල්ලයි. Duty Free බඩු ගැනිල්ලයි ගැන උපදෙසක් දෙන්න.

    How was the weather? We will stay one night in Agra, then return to Delhi, stay another night and fly to SriNagar (Jammu/Kashmir area visit) for some 7 nights or so and return to Colombo via Delhi (transit)

    We have arranged a Toyota SUV to pick us from the airport and return us back to the airport after the two nights.
    The airfare was Rs 135,000 per pax or so CMB-DEL-SXR (SriNagar) return. It's more because of the break journey in Delhi.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    awama kiyapan api badu ganna enawa oya paththe
    Visit ekak dannam
    ela

    Master Card da bn?
    VISA බන්. කාර්ඩ් එක දැම්මම හිතාගන්න බෑ කාර්ඩ් එක ඇතුලට ගිහින්ද එළියෙද කියලා. ඒ කියන්නෙ පේන්න තියෙනවා. ඊටපස්සෙ ඉතින් ඔක්කොම විස්තර එබුවට පස්සෙ අන්තිමේ එරර් එනවා.

    ඒ මදිවට ඇතුලෙ සිකුරුටියෙක් ඉන්නවා හැම මැශින් එකක් ළඟම. අපි පරක්කු වෙද්දි ඌ අපිට කල්පනාවෙන් වැඩේ කරගන්න දෙන්නෙ නෑ හැච හැච ගානවා. එක පාරක් එකෙක් කාර්ඩ් එක අතට දීලා මට යන්න කිව්වා.

    පුදුම අන්ෆ්‍රෙන්ඩ්ලි ජාතියක්. හැම එකාම ගහගන්න වගේ කතා කරන්නෙ.
    ------ Post added on May 22, 2023 at 1:47 PM

    How was the weather?
    පට්ට කාෂ්ඨකේ බන්. එහෙට පාන්දර 5 වෙද්දි එලිය වැටෙනවා. ඉර බහින්නෙ 7 ත් පහුවෙලා. සම්පූර්ණෙන් එළිය නැතිවෙද්දි 8ට කිට්ටු වෙනවා.

    අග්‍රා යද්දි නම් එපා වෙලා ගියෙ. උදේ දහය වෙද්දි මෙහෙ 2ට 3ට විතර තියෙන පට්ට අව්ව. නිකම් මන්නාරම් පැත්ත වගේ සම්පූර්ණ තැනිතලාව තැනින් තැන කටු පඳුරු.
    ------ Post added on May 22, 2023 at 1:51 PM
     

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    සුපිරි නූල...👍👍

    සිම් ගැනිල්ල ගැන කියනවනං,
    මෙහෙන් ගන්න එයාටෙල් සිම් එහෙට සාමාන්‍ය විදිහට වැඩ. අපේ රටට කතා කරත් සාමාන්‍ය ගාස්තුමයි...
    Honda.putha Bump.

    Nice, Signal wala awulak nadda bro ethakota? Data wada karnawada
     
    Last edited: