ඉන්දිය ණය ආධාර යටතේ ඩීසල් රැගත් නෞකාවක් ලබන ඉරිදා දිවයිනට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    ඉන්දිය ණය ආධාර යටතේ ගුවන් යානා ඉන්ධන රැගත් නෞකාවක් ඊයේ මෙරටට ළඟාවී තිබෙනවා. ඉන්දීය ණය ආධාර යටතේ ඩීසල් මෙට්ට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාවක් එළඹෙන ඉරිදා පස්වරුවේ දිවයිනට ළඟාවීමට නියමිත බවයි වාර්තා වන්නේ.

    මේ අතර ඩීසල් මෙට්‍ර්ටික් ටොන් 20,000 ක් සහ ගුවන් යානා ඉන්ධන මෙට්ටික් ටොන් 20,000 ක් රැගත් තවත් නෞකාවක් මෙරට මුහුදු සීමාවට පැමිණ තිබෙනවා.

    කෙසේවෙතත් එම නෞකාවේ ඉන්ධන තොග නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ගෙවීම් මෙතෙක් සිදුකර නැහැ. ඒ අනුව දැනට තමන් සතුව පවතින ඩීසල් තොගය සාමාන්‍ය පරිභෝජන තත්ත්වයක් යටතේ ලබන සඳුදා පස්වරුව තෙක් ප්‍රමාණවත් බවයි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ.

    කෙසේවෙතත් ඩීසල් හිඟයක් මතුවීම වැළැක්වීම සඳහා මෙම කාල සීමාව තුළ ජනතාව අනවශ්‍ය ලෙස ඩීසල් රැස්කර තබා ගැනීමෙන් වැලකී සිටීම අවශ්‍ය බවද එම සංස්ථාවේ ප්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

    Neth fm

    http://nethnews.lk/article/93824
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    රටවැසියන් වෙනුවෙන් ඉන්දියා ගිය බැසිල් තෙල් හා ගෑස් පුරෝපු නැවකින් කොලබට එනු ඇත.ප්‍රස්න ඉවරයි
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    දවසට ඩීසල් ටොන් 5ක් ඕනි කියලා අහලා තියෙනවා. දැන් නම් 7ක් වත් ඕනැ ඇති. ටොන් 60000ම ආවත් දවස් දහයක් වත් ඇදගන්න බැරිවෙයි
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,622
    113
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.