..::::|ඉනෝකගේ හොල්මන|::::...

DIGger

Member
May 18, 2016
689
74
0
..::::|ඉනෝකගේ හොල්මන|::::...

some_dead_girl_by_kiyenna-d5eap59.jpg



අපේ ගමේ හිටියා නීල් කියල අයියා කෙනෙක්...දැන් අවුරුදු ගානකට ඉස්සරලා නීල් අයියා මැරුණා..
එයා තමා මට විස්තරේ කීවේ..
මේක උන සමහරක් අයට පිස්සු,සමහරු මැරිලා,සමහරු ගම අතෑරලා ගිහින්.

මේ කතාව පටන් ගන්නෙ 2000හේ විතර (මට මතක හැටියට)..
අපේ ගෙවල් වලට එහායින් තියනවා ඩොක්ට කෑල්ල කියලා හෙන විසාල වත්තක් 4km විතර මහ පාර තියෙන්නෙ ඒ වත්ත මැදින් ඉස්සර ඒ වත්ත මැදින් තනියෙන් යන්නෙ නෑ කට්ටිය...හොරු ඉන්නවා කියලා..ඔය පාරෙ රෑ එනවා ගෙදර යන්න ගාමට් යන අක්කලා වගයක්...ඒ දවස් වල වාහන වල යන්නෙ නෑ පයින් තමා..ඒ අක්කලව එක්ක යන්න මාමා කෙනෙක් එනවා හුලු අත්තක් අරන්...එක දවසක් මේ මාමා එන්න පරක්කු වෙලා ..අක්කලා ටික මාමා මගින් හම්බවෙයිනෙ කියලා.හෙමිහිට වත්ත මැදින් ඇවිත්.කොහොම හරි කට්ටිය කරුවලේම වත්තෙ ඉවර වෙන තැන පේන තෙක් මානේට ඇවිල්ලා....

ඒත් එක පාරටම කොහෙන්දෝ මිනිහෙක් පැනලා මේ කට්ටියගෙ ඇගට..අක්කලා ටික සී සීකඩ දුවලා..කොහොම හරි කට්ටිය දුවල යද්දි අර මාමා ඉස්සරහින් ඇවිල්ලා...කට්ටිය විස්තරේ මාමාට කියලා.මාමා අක්කලා ටික ඉක්මණට ලග ගෙදරකට අරගෙන ගිහිල්ලා,එත් කට්ටිය එතෙන්න ගිහින් බලනකොට එක්කෙනෙක් අඩුයිලු...ඊට පස්සෙ ගමේ අයව කතා කරගෙන මුලු වත්තම පීරලා නැති උන අක්ක හොයන්න..දවස් 5කට පස්සෙ අක්කව හොයාගෙන...හැබැයි මිණිය ,අක්කට දසවද දීලා දූෂණය කරලා තමා මරලා තියෙන්නෙ..(අක්කගෙ නම ඉනෝකා..ගමේ හිටිය ඩිශ්ටි ඩිඩිම් කෑල්ලක්)
ඒ සිද්දියෙන් පස්සෙ කට්ටිය තනියෙන් යන්නෙ නෑ පාරේ,ඒ වගේම හොරුත් අතුරුදහන් වෙලා නිකම්ම...තනියෙන් ගියොත් පිහියක්වත් අරගෙන තමයි ගිහින් තියෙන්නෙ...
කොහොම හරි තුන් මාසේ දානෙත් ඉවර උනාටත් පස්සෙ...තමා සිද්දිය පටන් ගන්නේ...
ඔය ඩොක්ට කෑල්ලේ පාරේ තියනවා මකුන්න ගහක්..මහා පතරංග ගහක්..සිරිසෝම කියලා මාමා කෙනෙක් හිටියා ප්‍රා.සභාවේ වැඩ කරන,මනුස්සය හවස 8ට විතර ඔය මකුන්න ගහ හරියෙන් එද්දි..(පුට් සයිකලෙන් තමා එන්නෙ)ගහ උඩ ලොකු සද්දයක් ඇහිලා..මනුස්සයත් එක පාරටම ගැස්සිලා ගිහින් තියනවා..ඉතිං මේ සිරිසෝම මාමා අතේ තිබුන කෑලි තුනේ ටෝච් එක ගහ උඩට අල්ලලා බලලා..අඩුමතරමෙ වවුලෙක්වත් පේන්න නැතිලු...ඔන්න ඔහෙ මොකක් හරි කියලා..ටෝච් එක off කරලා හද එලියෙන් බයිසිකලේ පදින්න හැදුවා විතරයි...අදුරෙ පේනවලු කවුදෝ ඉන්නවා බයිසිකලේ ඉස්සරහා,ගත්ත ගමන් ටෝච් එක මූන දිහාට ගහන්න හැදුවත් ටෝච් එක පත්තු වෙන් නෑලු..
සිරිසෝම මාමාට කතා කරගන්නවත් බැරුව ගිහිල්ලා එක පාරටම බිම ඇදගෙන වැටිලා..
(නෑ නෑ මැරුණෙ නෑ)

අනිත් දවසෙ උදේ වැඩට යන මිනිස්සු ටිකක් දැකලා එහෙම්මම ඉස්පිරිතාලෙ ගෙනිහින්..ඉස්පිරිතාලේ ගෙනියනකොටත් මිනිහා ගැහෙනවලු නිකන් අයිස් වතුර නෑව්වා වගේ...
මිනිහට පුතෙක් හිටියා චන්දන කියලා..
මිනිහා ටිකක් තදයා..තමන්ගේ තාත්තට මොකද උනේ කියලා හොයාගන්න ඕනෙ උනා මෙයාට.....
තාත්තව එක්කගෙන ආව මිනිස්සුන්ගෙන් අහලා චන්දන ගිහින් තාත්ත වැටිලා හිටියයි කියන තැනට...දගලපු පාරක්වත්,ලේ පාරක්වත් මොනම දෙයක්වත් පැත්ත අහලක තිබිලා නෑ...ඒත් චන්දන දැක්කා ඉර එලියට මොනවා හරි දිලිසෙන දෙයක්...
අහුලගෙන බැලුවම මාල පෙත්තක්ලු...
වෙන මොකුත් හොයා ගන්න බැරි උන එකේ..චන්දන ඒකත් සාක්කුවේ දාගෙන ආයෙත් ඉස්පිරිතාලෙට ගිහින්...ඉස්පිරිතාලෙට යද්දි එහෙ තව විකාරයක්ලු...
චන්දන බලහන්කෝ උබලගෙ තාත්තා කවුද මන්දා ඉනෝකෙක් ගැන කියවනවා බං(ආ ඒ ආවේ නීල්,මට කතාව කියන කෙනා)

මොන ඉනෝකද බං ?
අනේ මන්දා චන්දනයා..උබලගෙ තාත්ත මොකේකට හරි බය වෙලා වගේ බං..
නීලා කවුද බං ඉනෝකා..යමන්කො බලන්න තාත්තා ගාවට..
චන්දනයා මට පේන්නෙ බං තාත්තගෙ හිත ගැස්සිලා...
ඒකත් වෙලා ටිකක් කල් යනකොට ටික ටික ගමේ කට කතා ගියා මකුන්න ගහ යට හොල්මන් තියනවා කියලා...
සිරිසෝම මාමාට පස්සෙ තව දෙතුන් දෙනෙක් බය වෙලා තිබුනා...
ඔක්කොම කියන්නෙ ඉනෝකා කියලා...
ඊට පස්සෙ කට කතාව ගියේ ගාමට් ගිය ඉනෝකගෙ හොල්මන මකුන්න ගහ යට තියනවා කියලා...ගමේ ඉදන් ටවුමට තිබුන එකම පාර තමා ඩොක්ට කෑල්ල මැදින් තිබුන පාර,දැන් ඒ පාරෙන් යන්නෙත් පණ බයේ...(මටත් ටිකක් බයයි වගේ )
ඊට පස්සෙ කට්ටිය ගොන්මන් වෙන්න ඉස්සරලා ගමට එන්න පුරුදු උනා..ගොම්මන් උනාට පස්සෙ ගෙමන් එලියටවත් ගම ඇතුලටවත් ගමේ කවුරුත් යන් නැතිලු...
දැන් ඉතිං ඔහොමත් ටික කාලයක් ගියා..ඉනෝකව අමතක උනා ආයෙත් කාට්ටියට...
හොල්මන් දැකලා බය උන අයත් ඒ වෙද්දි සනීපයි,සිරිසෝම මාමාට ඇරෙන්න..එයාටත් හොදයි ඒත් එයා කතා කරද්දි සමහර වචන වල සද්දෙ එන් නෑ...😕

හද නැති දවසක චන්දන නීල්ගෙ ගෙදර ඉදලා ගෙදර යනගමන් හිටියෙ..
පංසල් බැම්ම පහුවෙනවත් එක්කම චන්දනට වෙනසක් දැනුනලු..එයාගෙ පස්සෙන් කවුරු හරි එනවා වගේ..පිටි පස්ස හැරිලා බැලුවත් මෙලෝ දෙයක් පේන එකක්‍ යෑ...චන්දන අතේ තිබුනෙ පොල් කට්ටකට ගහපු ඉටි පන්දමක් විතරයි..කවුද ? කවුද එන්නෙ ? කියල අහපු චන්දන සද්දයක් නැති හින්දා ආයෙත් ගමන යන්න පටන් ගත්තා...කොහොම හරි ගෙදර ගිහින් කාලා එහෙම නිදා ගන්න ගියාලු...එ දවස් වල කුප්පි ලාම්පුනෙ තිබිල තියෙන්නෙ....
මේ හුලගක්වත් නැති වෙලාවෙ කුප්පි ලාම්පුවෙ දැල්ල 90°ට නැවිලා ඇදෙනවලු ගෙයි දොරකඩ පැත්තට..චන්දනට මහ අමුත්තක් දැනිලා...ඉකමණට ගිහින් ගෙයි දොර වහලා ඇවිත් නිදාගෙන...
පාන්දර ලාවට ඉර එලිය පේන වෙලාවෙ චන්දන ඇහැරිලා තිබුනා,ඒත් එය හිටියෙ ගෙදර ඇද උඩවත්,රෑට ඇදගෙන හිටපු සරම ඇදගෙනවත් නෙවෙයි...චන්දනට පිස්සු වගේලු..චන්දන ඉන්නෙ බැලුම්ගල උඩ(ගමේ තියන පොඩි පර්වතයක්)...කොහොමද යකෝ මං මෙතෙන්ට ආවේ කියලා...ඒත් චන්දන නැගිටින්න හදද්දි දකුණු අත කලිසම් සාක්කුව ඇතුලෙ ඇඹරිලා ගිහිල්ල හිර වෙලා...අත එලියට ගන්න හදද්දි සාක්කුවෙ මොකක් හරි තියෙන බව දැනිලා...
අතට අරං බලද්දි...එදා මකුන්න ගහ යටින් අහුල ගත්ත මාල පෙත්ත...
ඒ වෙලාවෙ තාම කරුවලත් එක්ක..
චන්දට ඉනෝකවයි, චන්දනගෙ තාත්තවයි,හොල්මන් වලට බය වෙච්ච මිනිස්සුයි මතක උනා , මොකද මේ මාල පෙත්ට හොයා ගත්තෙත් ඉනෝකා අතුරුදහන් උන තැන තිබිලනෙ...
චන්දන හොදට වටපිට බල බලා...
ඉකමන් ගමනින් ගලෙන් පල්ලට බහින්න හදද්දි ඇහැ කොනට අමුතුවට දෙයක් පෙනුනලු...හෙමිහිට හැරිල බලද්දි....අදුරුවට පේනවලු ගෑනු කෙනෙක්ව...
චන්දන බය උන පාර සිහිසුන් වෙන්න ගියත් හිතේ හයිය අරගෙන හෙමිට බිම වාඩිවෙලා...
දෙන්නම කිසි හෙලවිල්ලක් නැතුව විනාඩි 5 ක් විතර ඉදලා...
කටහඩ අවදි කරපු චන්දන ගැහෙන හඩෙන් උ..උහ්..බට මොනවද..ඕනෙ කියලා ඇහුවලු...
එක පාරටම ඉනෝකගෙ කියන හොල්මන ඔලුව ඉස්සුවලු..(ඒ උනාට මූණක්නන් පෙනිලා නෑ,කලු පාට අදුරක් විතරයි තිබිලා තියෙන්නෙ)
ඇග කිලිපොලන කටහඩකින් එක පාරටම උබ මට අයිති දෙයක් ලග තියාගෙන ඉන්නවා,මට ඒක දීපන්....
චන්දන ඇහුවලු මේ..මේහ්...මාල පෙත්තද ඔයාගෙද කියලා...

ඔව් යකෝ...අර මූසලයා මාව අල්ලගත්ත දවසෙ මගෙ අම්මට අරගෙන ආව මාලෙ ඕක...ඒක කියලා ටික වෙලාවකින් හොල්මන අඩන්නගත්තලු ( චන්දනට ලගට යන්න හිතුනත් හිතේ සැකේ හින්දා හෙලව්ව්න්නෙවත් නැතුව එහෙම්මම හිටියලු)
හොල්මන ටික වෙලාවකින් කියනවලු...
උබ මට උදව්වක් කරපන්..
මෙච්චර කල් මං උදව් ඉල්ලන්න ගිය හැම එකාම මට බය උනා...
උබවත් මට උදව් කරපන්..
(කියලා කීවලු,දැන් චන්දනගෙ කටෙ කෙල වෂ්ප වෙන සයිස්ලු)
චන්දන වෙවුලන ගමන් කියනවලු මට පුලුවන් දෙයක්නන් කරන්නන් කියලා...
හොල්මන කීවලු හෙට රෑ මකුන්න ගහ ලගට එන්න කියලා...

කකුල් දෙකත් වාරු නැතිව චන්දන බැලුන් ගල පල්ලෙ වැටි වැටී ගෙදර දුවගෙන ගිහින්...
ගිය ගමන් නිදාගෙන අනිත් දවස වෙද්දි චන්දනට සහලෝලා උණ ගැනිලා...අනිත් මිනිස්සු වගේම මූත් ඉනෝකා ගැන කියවනවලු...
ඒත දවස් තුනකින් විතර චන්දනට හොදටම හොද වෙලා...
දැන් චන්දනගෙ හිතේ තියෙන්නෙම මකුන්න ගහ ලගට එන්න කිවෙ මොකටද කියලා...
චන්දනගෙ හිතේ 1000ක් ප්‍රශ්න කැකැරෙනවා..
චන්දන මේක නීල්ට කිවා...
නීල්නන් කීවේ ගමේ අයත් එක්ක කතා කරලා තොවිලයක්වත් කරමු කියලා....

එත් චන්දනගෙ හිත කීවේ මකුන්න ගහ ලගට පලයන් කියලා,
කොහොම හරි ගෙදර අයට නීල්ගෙ ගෙදර යනවා කියලා..,තාත්තගෙ කෑලි තුනේ ටෝච් එකත් අරගෙන චන්දන ගියා කලුවර වැටෙද්දි මකුන්න ගහ ලගට...
පැයක් දෙකක් විතර ගැහෙන හදින් යුතුව බලාගෙන හිටපු චන්දන,එක්වරම ගැස්සි ගියේ..නහයට දැනුනු කුණු ගද නිසයි.චන්දන වටයක් කරැකී හොදින් වටපිට බැලුවා...අදුරු රූපය චන්දනට ඉස්සරහින් ඩොක්ට කෑල්ල ඇතුලට යනවා දැකපු චන්දනත්...පස්සෙන් ගියා..

ජීවිතේ පලවෙනි වතාවට හොල්මනක් පස්සෙන් යන චන්දනගෙ හිතේ බයක් නැතුවම නෙවෙයි...ඒත් මං කීවනෙ චන්දන තදයා කියලා ,
කොහොම හරි කිසි කතා බහක් නැතුවම 2.5km ක් විතර වත්ත ඇතුලට හොල්මන චන්දනව එක්කරගෙන ගියා..

එක තැනක නැවතුන හොල්මන පොඩි පැලක් පැත්තට අත දික කරගෙන ඉන්නවලු...
චන්දන පැල පැත්තට ටෝච් එක ගැහුවා...එක දිරාපත් උනු ජරා වෙච්ච අවුරුද්දකින් විතර පාවිච්චි කරපු නැති පැල් කොටයක්,
ඉනෝකා කියනවා ඔය පැලේ තමා මගේ බෑග් එක තියෙන්නෙ...
තව ටිකකින් මුර කාරයො දෙන්න එනවා මේ පැත්තට බෑග් එක අරගෙන ඉක්මනට පාරට යන්න කියලා,
චන්දනට පැලේ තිබිලා වේයෝ කපු බෑග් එකක් හම්බුනා ඒකත් අරන් එක පිම්මට පාරට ආපු චන්දනට වත්තෙ පැත්තෙන් බල්ලො උඩු බුරන සද්දයක් එක්කම මිනිහෙක්කෑ ගහන සද්දයක් ඇහුනා මොකද උනේ බලන්න යන්න හිතුනත් චන්දන ගල් ගැහී බලාගෙන හිටියෙ ඉනෝකාගෙ හොල්මන් කොහෙන්ද එන්නෙ කියලයි.
මකුන්න ගහ උඩ ඇහුන සද්දෙට උඩ බැලුවත්...හොල්මනක් නොදුටු චන්දනට කටහඩක් පමණක් ඇසුණා...මගෙ බෑග් එක ගෙදරට ගිහින් දෙන්න මගෙ ආසාව එතනින් ඉවරයි...
මට මේ දේ කරපු උන්වත් මං පරලෝකෙට යැව්වා.

හොල්මන් නැතුව ගියා
චන්දන පොල් අහුලන්න වත්තට ගිය වෙලාවක බෑග් එක හම්බුනා කියලා බෑග් එක දුන්නා ඉනෝකගෙ අම්මට..,
ඒත් වත්තෙ මුරකාරයන්ගෙන් එක්කෙනෙක් මැරිලා තිබුනා,අනිත් කෙනා මැරෙන්න පණ ඇද ඇද ඉන්නකොට හොයාගෙන තිබුනා...ඒ මනුස්සයට පිස්සු හැදුනා
චන්දන කියන විදියටන් ඉනෝකගෙ මිනීමරුවො මේ වත්තෙ මුරකාරයෝ වෙන්න ඕන.

ඉස්සුවේ ෆේස්බුකියෙන්
:nerd:


 
Last edited: