ඉඳල හිටලවත් මෙහෙම පිනක් කරමු

dd nalin

Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    ඉඳල හිටලවත් මෙහෙම පිනක් කරමු

    චීවර පඬු පෙවීම

    10419951_10152348178988806_3540208895865745603_n.jpg


    තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදු රජාණන්වහන්සේ ට හෝ උන්වහන්සේගේ ශ්‍රාවක ආර්‍ය මහා සංඝරත්නය වෙත හෝ පූජා කිරීමට චීවරයක් තමන් ටම සකසා ගන්නට හැකි නම් කොයි තරම් අගනේද.. කෙතරම් පිනක් ද..

    චීවර වර්ග දෙපට සිවුර, තනිපට සිවුර, සහස්කඩ, දහස් කඩ ලෙසින් ද, දුඹුරු පාට, තැඹිලි පාට ලෙසින් ද විවිධ වේ.

    පහත ලිපියෙන් දැක්වෙන්නේ සුදු චැලෙන්ජර් රෙදිවලින් මසා ගත් චීවරයක්, මහා සංඝරත්නය අරමුණු කර පූජා කිරීම සඳහා (විශේෂයෙන් ම ආරණ්‍යවාසී ස්වාමීන්වහන්සේලා සඳහා) පඬු පොවා වර්ණ ගන්වා ගන්නා අයුරුයි.

    සැලකියයුතුයි:
    මේ නිකම්ම රෙද්දක් පාට කිරීමක් නෙවෙයි.. මේ ඝෝර, කටුක, භයානක සසර ගමනේ අනන්ත වාරයක් ඉපිද මැරෙමින් දුක් විඳින අසරණ අප, ඉන් මුදවා ගන්නට සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතාවන් පුරා තුන්ලෝකාග්‍ර උතුම් බුද්ධත්වයට පත් වූ සම්මා සම්බුදුරජාණන්වහන්සේට, උන්වහන්සේ දේශනා කල ශ්‍රී සද්ධර්මය අපට කරුණාවෙන් කියාදී සසරින් එතෙර වන මඟ පෙන්වන ආර්‍ය මහා සංඝරත්නයට පූජා කරන්නට සූදානම් කරගත් උතුම් චීවරයක් පඬු පොවන අවස්ථාවයි.
    ඔබ තිසරණ සරණ යන්න; පංච ශීලය සමාදන් වන්න; තෙරුවන් ගුණ වන්දනා කරන්න,
    ඉතාමත් උතුම් පින්කමක් වන මේ සඳහා ආශීර්වාද කරන්නට, සහභාගි වන්නට දෙවි දේවතාවන්ට ආරාධනා කරන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    විනයානුකූලව මසා සකසා ගත් චීවරයක් (සුදු )

    10592844_10152348180153806_8163178100536677757_n.jpg


    පඬු ග්‍රෑම් 200ක් පමණ (දුඹුරු වර්ණයෙන් )
    මේස ලුණු ග්‍රෑම් 150ක් 200ක් පමණ.

    10407556_10152348180458806_4696612258242989656_n.jpg


    කල්දෙරමක්
    ප්ලාස්ටික් බේසමක්
    එළිමහනේ පිරිසිඳු ස්ථානයක සැකසූ ලිපක්.

    10313354_10152348181053806_2428730000036465816_n.jpg


    පඬු පොවන ක්‍රමය:
    පළමුව ප්ලාස්ටික් බේසමට ජලය පුරවා, සකසාගත් චීවරය (සුදු පාට ), එම ජලයේ පෙඟෙන්නට හරින්න

    10458024_10152348181328806_7287619855305486304_n.jpg


    දර ලිපක් සකසා ගන්න.. වායු සැපයීම පහසු වීම පිණිස ලිප සඳහා යොදන ලිප් ගල් මඳක් උස් විය යුතුයි.


    10659408_10152348181728806_3086273752003272337_n.jpg


    10417569_10152348182978806_6980794682563230727_n.jpg


    ලිප මත තැබු කල්දේරමෙහි අඩක් පමණ පිරෙන්නට ජලය පුරවා ගන්න.. (චීවරය දැමූ විට එය සම්පූර්ණයෙන් ම ගිලෙන ප්‍රමානයට ජලය පුරවා ගන්න )

    1924365_10152348182583806_7178267520075673932_n.jpg


    කල්දේරමෙහි ජලය නටන තුරු ලිප දල්වන්න

    1907425_10152348182108806_4312424431311342961_n.jpg


    ජලය නටන අවස්ථාවෙහි පඬු ග්‍රෑම් 200ක් පමණ හා ලුණු ග්‍රෑම් 150-200ක් පමණ එයට දමා ලීයකින් කලතා හොඳින් මිශ්‍ර කරගන්න.

    10653656_10152348185918806_7557739511495057924_n.jpg


    දැන් පෙඟෙන්නට දමා තිබූ තෙත්, සුදු, චීවරය කල්දේරමට දමන්න.

    ලීයෙන් හොඳින් කලතමින් පඬු වර්ණය චීවර රෙද්දට වර්ණ ගන්වන්නට හරින්න

    10590509_10152348186263806_4998411392904371206_n.jpg


    විනාඩි 5ක් පමණ ලීය ආධාරයෙන් සිවුර පඬු පොවන්න

    10659253_10152348186823806_2135790321577171334_n.jpg


    දැන් පරිස්සමින් චීවරය කල්දේරමින් හිස් ප්ලාස්ටික් බේසමට මාරු කරන්න.

    10390091_10152348187063806_1629928351160071441_n.jpg


    අතින් ඇල්ලීමට හැකි පමණට චීවරය වේලුන පසු, රෙදි වැලකට දමා මඳක් ජලය බේරෙන්නට හරින්න.

    1384090_10152348187343806_2516540034508096368_n.jpg


    ජලය බේරුන පසු නැවත කල්දේරමට චීවරය දමා කලතන්න.
    නැවත පෙර පරිදි ප්ලාස්ටිc බේසමටට මාරු කර, ඉන්පසු රෙදි වැලෙහි දමා ජලය බැසයන්නට හරින්න.
    දැන් පිරිසිදු ජලයෙන් චීවරය දෙවරක් පමණ සෝදන්න. (පිරිසිදු ජලයෙන් සේදීමේදී, නැවත නැවත ජලයට පඬු පාට එක් වේ.. ඒ චීවරයේ පාට යනවා නොව.. අමතර පඬු සේදී යනවා පමණි. එනිසා චීවරය පිරිසිඳු ජලයේ දෙවරක් පමණ සේදීම සෑහේ)

    10258456_10152348187608806_204876590461305037_n.jpg


    ජලය ඉවත් කිරීමට දඟර ආකාරයට එය මිරිකන්නට එපා.
    දැන් තද අව්වේ වියලා ගන්න.

    මේ සියලු කටයුතු කරත්දී ඉතා ශ්‍රද්ධාවෙන් ම බුදු ගුණ, සඟ ගුණ මෙනෙහි කරමින් කරන්න

    http://youtu.be/ymABLRMt5vI?list=UURZXEj3HSGaKkXUgT0zhaVg


    උපුටගැනිමකි

    bump ekak wath dala anith ayatath meka pennamu
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    බොහොම පින්, තෙරුවන් සරණයි....

    රෙප් 4+
     
    Last edited:

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    බොහොම පින්, තෙරුවන් සරණයි....

    රෙප් 4+

    බොහෝම පිං සහෝ
    +


    වටිනා ලිපියක් සහෝ, තෙරුවන් සරණයි..!

    බොහොම පිං... තෙරුවන් සරණයි..

    pin pin pin :)

    bohoma pin okkotama:yes::yes:
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    බොහොම පින් බෙදා ගත්තට.

    මම දැක්ක කෙනෙක් Fb එකේ දාල තිබ්බා
    පාඩු පොවන්න නියම වර්ණකය ගන්න නියමම විදිහ ගස් වල පොතු පරිස්සමින් අරගෙන ඒවා වලින් තමා හදා ගන්නේ.
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare

    බොහොම පින් බෙදා ගත්තට.

    මම දැක්ක කෙනෙක් Fb එකේ දාල තිබ්බා
    පාඩු පොවන්න නියම වර්ණකය ගන්න නියමම විදිහ ගස් වල පොතු පරිස්සමින් අරගෙන ඒවා වලින් තමා හදා ගන්නේ.

    තෙරුවන් සරණයි

    bohoma pin:yes::yes:
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    වැඩේනම් හොඳයි. ඒත් කටින චීවරයක් වෙන්නෙ ලබන කෙනා මග ඵල ලබල තියෙනවනම් විතරයි.අද පන්සල් වල එහෙම අය ඉන්නවද කියන එකයි ප්‍රශ්නෙ. එහෙම නැත්නම් ඒක කටින චීවරයක් වෙන්නෙ නෑ. සාමාන්ය්‍ය චීවරයක් පමණයි. කොච්චර බෙර ගහගෙන පෙරහැරවල් වලින් වැඩැම්මුවත් ඔය කියන ආනිසන්ස එකක්වත් ලැබෙන්නෙ නෑ. මොකද චීවරය ලබන්නා පෘතක්ජන භික්ශුවක් වන නිසා. හැබැයි අරිය උත්තමයන් වහන්සේ නමකට පිලිගන්වනවනම් ඒක මහා පින්කමක් වෙනව.