අට හැවිරිදි දරුවකුගේ පිටෙහි වර්ධනය වී තිබූ ඉබි කටුවක් වැනි අසාමාන්‍ය සෛල රැසක් ශල්‍ය වෛද්‍යවරු පිරිසක් සිදුකළ ශල්‍යකර්මයකින් පසු ඉවත් කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මෙය සමේ හටගන්නා ඉතා දුර්ලභ රෝගී තත්ත්වයක් බව වෛද්‍යවරු පැවසී ය.
උපතේ දී කුඩා ලපයක් සේ දක්නට ලැබුණු එය ටිකෙන් ටික ඉබි කට්ටක් මෙන් වර්ධනය වී ඇත. මේ නිසාම බොහෝ දෙනකු මේ දරුවා හැඳින්වූයේ ඉබි දරුවා නමිනි. වෛද්‍යවරුන් පවසන්නේ මේ දරුවාගේ සිරුරේ බරින් සියයට 20ක් පමණ මේ අසාමාන්‍ය සෛල ගොනුව විසින් හිමිකැරගෙන තිබූ බවයි.
බි‍්‍රතාන්‍යයේ ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වූ නීල් බුල්ස්ටෘඩ් මහතා විසින් සැත්කම සිදුකර ඇති අතර ඩිඩියර් නම් මේ දරුවාට අනෙක් ළමයි මෙන් ම සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට හැකිවනු ඇති බව වෛද්‍යවරයා පවසයි.
ASIANmirror
Last edited:



